Skip to main content

Posts

Showing posts from August, 2013

Meson Player හරිම පහසුයි දැන් සින්දු අහන්න කිබෝඩ් එකෙන් සේරම පාලනය කරමු

අපි හැමෝම ආසයිනේ සිංදු අහන්න පරිඝනකයෙන් ඉතින් මම දැන් ඔයාලාට කියන්නේ අලුත් මිඩියා ප්ලයර් එකක් මේ මෘදුකාංගය හරි පහසුයි පාලනය කරන්න අපේ කිබෝඩ් එකෙන් සියලුම දේවල් කල හැක  අනික එක කිලක් කරන්න අවශ්‍ය නැ ඒ කිස් වැඩ කරන්න මම භාවිතා කරපු පහසු එකක් තමා මේක . මම කියන්නේ ඔයාලටත් භාවිතා කරල බලන්න කියලා . අනික මේක නිදහස් මෘදුකාංගයකි . ( size 6MB) Here are the hotkeys used to control Meson Player NumPad 5 - stop/play NumPad 0 - pause/resume NumPad 4 - previous track NumPad 6 - next track NumPad 8 - volume up NumPad 2 - volume down NumPad 7 - jump to previous folder NumPad 9 - jump to next folder NumPad 1 - system volume down NumPad 3 - system volume up Multimedia keys on supported keyboards also work. If you have a multimedia keyboard, you can use the media keys and no need to memorize the Numpad hotkeys . අවසනයේ කියන්න අවශ්‍යයි ඔයාට මෙයට අවශ්‍ය ගීතය මේකෙන් විවෘත කරගන්න ඒ ගැන මම හිතනවා දන්නවා ඇති කියලා යාළුවෝ ස්තුතියි Meson Player හරිම පහසුයි දැන් සින්දු අහන්න කිබෝඩ් එකෙන්

ඇතිවත් නැතුවත් බැරි ඊරිසියාව

මා මේ ලිපිය ලියුමට පෙළඕ වීමට හේතුවක් වුයේ මේ සමයේ මා ගත කරන්නේ මිනිසුන් අධ්‍යයනයට සුදුසු තෝ තැනක් වු විශ්වව්ද්‍යාලය නම් භුම්යේ සිට්න බැවිනි. මා ප්‍රියතම විනෝදංශයක් වු නිසාවෙන් මිනිසෙකුගේ පිටතින් දකිනා වු ස්වරැප වෙනස් වීම ඔහුව අධ්‍යයන කීරීම තුළින් ලබන වු දැනුම නිසාවෙන් මා මේ සමයේ එය පුළුල් ලෙස  සිදුකලේය එසේ සිට්න විට මා අත්දැකපු දෙයක් නිසාවෙන් මා හට මේ ලිපිය ලිව්මට ප්‍රබල බලයක් සැපයුවේය එබැවින් එවැ නි මනෝ පරිසරයක තුළ සිටියදී මේ ලිපිය නොලීවීම විශාල හානියක් මා හට සිතුනී. සත්‍ය වශයෙන්ම මට විටක සිතුනා මේ ලොව ඊරිෂා්‍යාව මතද ගොඩ නැඟී ඇද්දේ කියා ,ඊරිෂා්‍යාව යනු මනස තුළ හටගන්නා තවත් ච්ත්ත පීඩනයේ එක් ප්‍රතිඵලයකි එනම් තවත් එක් මනෝ සිතුවිල්ලකී විටක මෙය විවිධ හේතුන් මත ගොඩනැඟිය හැක මා සිතන පරිදි මා මෙන්ම මේ ලොව සිටින සියලුම මනෝ සිතුව්ලි හට ගන්නා සත්‍යවයින් තුළ මෙම ඊරිෂ්‍යාව හට ගන්නවා ඇත .සත්‍ය ලෙස ඇයි ද මේ ඊරිෂා්‍යාව හටගන්නේ මනුෂ්‍යයා සැමවිටම කුමක් හෝ දෙයක් දිනුමට මොලොව ජිවත්වේ මා සිතන පරිදි මා වැරදී නම් ඔබ කල්පනා කර බලන්න කුමක් සඳහා ද ඔබ ජීවත් වන්නේ කියා ?එම නිසා දෝ ඔවුන් හැමවිටම කෙනෙක් ට හෝ සාපෙක

නැවුම් අඔ ලැසී

ඔන්න යාළුවන් මගෙන් අලුත් ලිපි පෙළක් I am a guy yet i can cook and love මුලින්ම කිව යුත්තේ ඉතාමත් සරලව ඉක්මණින් පිළියෙළ කරගත හැකි ලැසී වීදුරැවක්  සඳහා විවිධ රස වර්ග භාවිතා කළ හැකි බවයි එනමි අඔ රසැති ස්ට්‍රෝබෙරි රසැති ලැසී වීදුරැවක් ඔබට අභිමත පරිදි සකසාගත හැකි වේ . අවශ්‍ය ද්‍රව්‍ය සාමාන්‍ය අඩු මේද යෝගට් කෝප්ප කාලක් නැවුම් ලෙස මිරිකා ගත් දෙහි යුෂ හැඳි බාගයක් තලා පොඩි කරගත් නැවුම් අඔ පල්ප කොප්ප භාගයක් ශීත ජලය කෝප්ප තුනෙන් එකක් ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනී හෝ පැණි මේස හැඳි එකක් හෝ දෙකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ අයිස් කැට 10 පමණ අඔ ගෙඩිය ලෙලි ඇර කුඩා කැබලි කපා ගන්න එය පල්පයක් බවට අතින් පොඩි කරගන්න එසේම ඉස්මද අපගේ යා නොදී අඔ පල්පයේම තබාගන්න . ඔබගේ බ්ලේඩරයට යෝගට් අඔ පල්ප වතුර සීනී හෝ පැණි දෙහි යුෂ යන සියල්ල දමා විනාඩි දෙකක් තුනක් බිලේඩි කරන්න . දැන් අයිස් කැට සියල්ලමද බිලේඩරය තුළට එක් කොට පෙණ නගින තුරැ නැවතත් බිලේඩ් කරන්න . එසේම නැතිනම් ඔබගේ අඔ ලැසී එක තුළට අයිස් කැට එකතු කර පිළිගැන්වීම ඔබගේ කැමැත්ත නමි ඔබට එසේ කළ හැකියි . අයිස් කැට ලැසී එක සමගින් බ්ලෙන්ඩ් නොකර නිකම්ම අයිස් කැට ලැසී එ

බ්‍රවෝ (නායකත්ව පුහුණුවේ ළයිෆ් එක)

මම සමාන්‍යයෙන් ජිවත් වන්නේ මගේ අතීත මතකයන් මතක් කරමින් ඉන්නේ .ඉතිං මට මේ ළඟදී අපුරැ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වුනා ඒ නායකත්ව පුහුණුව යටතේය ඉතිං එකෙන් මට ගොඩක් රසවත් මතකයන් ටිකක් මගේ මතකගොනුවට එකතු වුනා ඉතිං මම හිතුවා ඒ මතකවලින් රසවත් මතකයන ් වලින් එකක් bravo සේටි එකත් එක්ක බෙදා ගන්න . මේ සිද්ධිය සිදුවුනේ bravo නමි කණ්ඩායමේ නලියන කොල්ලෝ ටික ඉන්න බිලටි එකේ මේ වුනේ හරියටම අපි මේ කඳවුරට ඇවිල්ලා හරියටම දවස් දෙකක් විතර ගියාට පස්සේ අපිව බාරව සිටියේ ලාන්ස් කොප්රල් පියදාස නම් කොල්ලාය මෙයා ටිකක් සැරයි ඉතිං මේ හුන්නැහේ කීවා අපිට තුන් වෙනි දවසේ හරියටම උදේ 5 වෙද්දී ලැස්තිවෙලා ඉන්න කියලා, මම ඉතිං ටිකක් බයයි බැනුම් අහන්න ඉතිං මම කල්පනා කළා උදේන්ම 3 ට විතර ඇහැරිලා නාලා මගේ අනිත් වැඩත් කරගෙන ලැස්තිවෙන්න. මොකද 42කට එකපාර නාන්න බැනේ .මම මගේ අදෝනා දෙන alarm එක තුනට තිමිබා ,එත් ඉතිං සැරින් සැරේ මම ඇහැරෙනවා අර පියදාසයාගේ කට මතක් වෙලාම . කොහෙම හරි මම ඔන්න තුනට ඇහැරුනා මොලො යකෙක් ඇහැරිලා නැ සමහර අය නින්දෙනුත් මල් කඩනවා තවත් අය උඩුබුරනවා වගේ ගොරොනවා මමත් ඉතිං එහෙම උදෙන් ඇහැරෙන කෙනෙක් නොමේ නමුත් අර මනුස්සයා

ස්ත්‍රී මායම් හැටන් 20 ක්

1නෙතඟ බැල්ම 2 ඇස් කරකැවීම 3 ඇස් හරවා බැලීම 4ඇස් අඩක් වසා බැලීම 5සුසුම් ලෑම 6 යමක් සිප ගැනීම 7 තොලින් තොල පැටලවීම 8 දිව නැටවීම 9තොල් පිට පෙරලා සීනාසීම 10 දිව විකා පෙන්වීම 11 දිව දික්කිරීම 12 බොරැ කැස්ස 13 පැලැදී ආභරණ පෙන්වීම 14 පයින් බිම ඉරි ඇදිම 15 දෙපා බර කොට ගස්සා යාම 16 අඟ පසඟ පෙනෙන සේ සිටීම 17 දුව ගොස් ගෙට රිංගීම 18දොර කවුඑවලින් බැලීම 19 දරැවන් සමඟ බොරැ සුරතල් කිරිම 20 ක්ලාන්ත ගතියක් පෑම

ආදර ගණිතය

ඇගේ දෙකොපුල්

මේ ව්ශේෂාංගය මා අලුතින් එක් කලේ මා විසින් ලියන ලද නිසදැස් ඔබත් සමඟ බෙදා ගැනිමටයි ඔබත් කැමති නම්   මේ පෙජ් එකට ලයික් එකක් දාන්න යාළුවනේ මගේ නිසදැස් වලට http://www.facebook.com/ magapoems

බඩුවක් ?

සාමාන්‍ය යෙන් බඩුවක් යන වචනය අපි එදිනෙදා වස්තුන් හදුන්වා දීමට යොදා ගන්නවා නමුදු ඔබ වැඩිහිටියෙක් නම් මේ වචනය භාවිතා වන්නේ කුමකටද යන්න ඔබ දන්නවා ඇති .ඇත්තටම මේ වචනය අපගේ නුතන අපභාෂාවට එකතු  වුනේ කෙසේද ? ගැහැණියක් "බඩුවක්" ලෙසින්  හැදින්වීමට ඇයි වර්තමාන පිරිමියා පෙළබුනේ ? ඇත්තටම අතීතයේ අබිසරැ ලියන් හැදීන්වීමට මෙම බඩුව යන පදය භාවිත වනු දැකිය හැකියි . කොසේ හෝ මෙම වචනය එතැන් සිට වඩා පුළුල් වපසරියක් දක්වා ව්‍යාප්ත වු අතර ඉන්පසුව එක් පිරිමියෙකුට වඩා පතනා ගැහැනිය බඩුව වශයෙන් එතැනින් සිය එතැනින් සිය එක් ප්‍රේම සම්න්ධයකට වඩා වැඩි ගණනක් පැවැත්තු ගැහැනිය බඩුවක් ලෙසත් හැදීන්වීම ආරම්භ වුණි කෙසේ නමුත් වර්තමානයේදී ඕනැම සමාජ මට්ටමකට ඕනැම කුලකයකට අයත් කාන්තාව හැදීන්වීම දක්වා පුළුල් අර්ථකථනයකට මෙම පදය පර්යාය වී තිබේ . ගැහැනියක් මෙසේ හැදින්වීමට පෙළබෙන පිරිමියාගේ දේශපාලනික වුවමනාකම් සහ මානසික තත්තව සම්බන්ධයෙන් කථාබහ කීරීම වටී. බෝහෝවිට අභිසාරිකාවක සමගින් පිරිම්යෙක් පවත්වන අතිශයින්ම වාණිජ සේවා මුදල් ගනුදෙනුවක් වන ලිංගික සබඳතාවක් වන ලිංගික සබඳතාවයකඳී සබඳතාවක දී ගැහැනිය බඩුව ලෙසින් හැදින්වීම ඇරබ

අපායේ තවත් දොරටුවක් හමුවෙයි

ග්‍රීක සහ රෝමන් දේවකතාවල එන අපායේ දොරටුව සොයාගැනීමට තමන්ට හැකි වු බව පසුගියදා ඉතාලි ජාතික පුරාවිදඥයකු වන ෆ්‍රැන්සිකෝ දී අන්ද්‍රියා ප්‍රකාශයට පත් කළා .ඉතාලියේ සලෙන්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන අන්දියා ක ියන පරිදි මේ දොරටුව හමුවී ඇත්තේ තුර්කි රාජ්‍ය යේ නිරිතදිග ප්‍රදේශයෙන් අතීත රෝම අධිරාජ්‍ය යට අයත් හිරාපොලිස් නමැති මේ නිරිතදිග තුර්කිය නගරය අද හදුන්වන්නේ පටුක්කේල් යනුවෙන් . මේ ප්‍රදේශයේ උණුදිය උල්පත් කිහිපයක් ප්‍රතිසංස්කරණය කීරීමට යැමේදී මේ අපා දොරටුව හමුවී තිබෙනවා මේ දොරටුව පැරණි රෝමන්වරැන් සකස් කර ඇත්තේ පියගැට පෙළක් සහ කුඩා වෘත්තාකාර ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් හැටියටයි . එහි පසෙක දොරටුවක් තිබෙනවා ඒ දොරටුවෙන් නිමක් නොපෙනෙන බිමි ගෙයකට ඇතුළු විය හැකියි . දොරටුවෙන් විෂ වායු වර්ග පිටවෙනවා . ක්‍රි පු 64/ 63 කාලයේදී ස්ට්‍රැබෝ නමැති ග්‍රීක භු විද්‍යාඥයා මේ දොරටුව ගැන ලියු ලේඛන අදටත් තිබෙනවා .("මේ දොරටුව වෘෂ්ප සහ වායු වර්ගවලින් වැසී තිබේ. ඒ තුළින් බිමිගෙය ඇතුළත දැකීම ඉතා දුෂ්කරය ") ගුහාවේ කට අසලට යන සතුන් ක්ෂීණිකව මැරී වැටෙන බවත් ඒ අසලින් පියාබා ගිය කුරැල්ලකු මැරී වැටෙන හ

කට්ට් පනිමු !!!!!!!!

ඕන්න එහෙනම් තවමත් රසවත් මතකයක් මතක් කරගමු .කාලයක් තිබුනා අපේ M-1 පංතියේ කොල්ලෝ වෙලාසනින් නිවස්කරා යන වකවානුවක් මේ සඳහා බෝහෝ විට හොඳ පලපුරැද්ද ක් තියෙන්න ඕනේ එ වගේ බයත් නැතිවෙන්න ඕනේ .මෙහෙම යන්න හේතුව තමා  බොහෝ විට ගුරැවරැ නොපැමිණිමයි ඉතිං ඇත්තට ඉස්කොලේ ඉදලා වැඩකුත් නෑ ඉස්කොලෙන් පනින එකේ බලද්දී වැරැද්දකුත් නෑ නේද?, ඕන්න එහෙම පනින දවසක් පැමිණියා යටිසිතේ පනින්න සිතා ඉන්න වුන්ට දැන් ඉතිං එදාට මාර කඩිකුල්ප්පු මෙයාල බොහෝ විට මේ ක්‍රියාන්විතයට බහින්නේ එක්කෝ 1,2 ප්‍රිරියෙඩි වලින් පස ්සේ හෝ විවේක කාලය අතරතුරයි ,ඒ වගේ පනින්න අයට බොහෝ විට හවස වැඩ නැතිවෙන්න ඕනේ නැද්දම් මේ අය යන්නේ නෑ , දන් නැද්ද ඉතිං අපේ අයගේ හවස වැඩ .එදා පනින්න සේටි එකේ තීරණය වුනේ 1,2 පිරියෙඩි වලින් පස්සේ පාසලෙන් නික්මීමටයි ,මේ සේටි එකේ මගේ පොලිමේ අයිනේ ඉන්න (පොලිමේ ඉන්නේ තුන්දෙනයි) මාගේ මිත්‍රයා අමිතා ද හිටියා මනුස්සයාට අපි හැමෝම ආදරේට කියන්නේ HAs කියලා තව නම් තියෙනවා ඒවා ඉතිං බනිxxx,xxx, වගේ ඒවා , ආ කියන්න අමතක වුනා නේ මේ අතරේ ජිවකයාත් හිටියා . මේ ක්‍රියන්විතයට ප්‍රදාන වශයෙන් බාධකය වන්නේ අපේ පිxx සර් මොකද මෙයා පනින්න යද්දී දැක්

ඩිජිටල් සිනමාකරණය

මේකේදී මම කතා කරන්නේ  ඩිජිටල් සිනමාකලාව ගැනයි. ඩිජිටල් සිනමාකලාව ප්‍රධාන වශයෙන් යොදාගන්නේ චලනවන පින්තුර හා ඩිජිටල් පින්තුර ග්‍රහණය කරගැනීමටයි.මෙහිදි දත්ත ගබඩා කිරිමට දෘඩතැටි ,flash මතකයන් හා විඩියෝ පට භාව්තා කරයි.වර්තමානයේදී බටහිර සිනමාව අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් ඩිජිටල් තාක්ෂණය යොදාගනී.ප්‍රධාන වශයෙන් මෙම ඩිජිටල් සිනමාකලාවට වැදගත් වන නිෂ්පාදන නිර්මාණයේදී ARRI,Panavision,Red, Silicon imaging වැනි සමාගම් ඉදිරියෙන් සිටී. සමාන්‍යයෙන් ප්‍රචාරණයට භාවිතා කරන උපකරණ නිර්මාණයේදී sony,panasonic වැනි සමාගමි ඉදිරියෙන් සිටී. මෙම ඩිජිටල් සිනමාකලාවට පිලිගැනිමක් ප්‍රථමවතාවට ලැබීමක් ලෙස සැලකියහැක්කේ 2009 slumdog millionarie ච්ත්‍රපටයට ඔස්කාර් සම්මානයක් ලැබීමයි,ඒ best cinematography නිර්මාණය ලෙසයි. දැන් අපි බලමු මෙහිදී යොදාගන්නා තාක්ෂණය පිලිබඳව බිඳක්, මෙම ඩිජිටල් සිනමාකලාවේදී ප්‍රධාන වශයෙන් යොදාගන්නා ප්‍රතිග්‍රහණ සංවේදක වනුයේ CMOS හා COD කියනා සංවේදකයි. මෙහි CMOS යනු Complentary metal-oxide-semiconductor වේ එමෙන්ම COD යනු Charge-couple device යන්නයි මේවා පිළිබඳ වැඩිදුර පසුවට කතාකරමු

පාසල් මතකයන් !!!!!!!!!!!

අපි හැමෝම 2007 o/l ලියලා 2008 ගණිත අංශයෙන් A/L ලියන්න කියලා හාපුරා කියලා ඕන්න ඉතිං ගියා හැබැයි ඉතිං ඊට කලින් පංති වෙන්කරන්න ඕනෙනේ ඉතිං ඒක කලේ අපේ ආදරණීය බු... සර් මෙයා ගැන ඉතිං කියන්න අවශ්‍ය වෙන්නෑ අපිට , ඕන්න ඔහොම වෙලා මම වැටුනා M1 පංතියට  ,ඉතිං මේ සිද්ධිය වුනේ මීට දවස් දෙකකට පස්සේ ද කොහෙ ද මම හිටියේ පංතියේ අන්තිම පොලිමේ මට එහා පැත්තේ කසුන් ද අනික් පැත්තේ ධනුර ධනුර කියන්නේ සමාන්‍යයෙන් වලි නැති අහිංසක පොරක් මෙයාට ඉස්සර හා හිටියේ ඉද්දමල්ගොඩ මනුස්සයා ටිකක් සැරයි වලින නම් මෙයා ... ඉතිං එදා උදේ පලවෙනි පිරයෙට් ගියා මෙ දෙන්නා මොකද්දෝ වලියක් ඇදගත්තා මට හරියට කාරණේ මතක නෑ ඉතිං ඉද්දයා ගහන්න පටන් ගත්තා ධනුරයා ටික වේලාවක් ඉවසන් ඉදලා මෙන්න මෙහෙම කිව්වා 'මම දැන් ඉස්සර ධනුර නෙමේ ' කියලා ගැහැවේ නේ ද? ඉද්දයාට මේ අතර අපේ පංති භාර ව්ජේකොන් සර් ඇවිත් දෙන්නාට එන්න කිව්වා ධනුරයයි ඉද්දයයි මුණ පුම්මන් සර් ගාවට ගියා මම නම් දෙන්නාට සොරි තමා කියලා නමුත් සර් කලේ වෙන දෙයක් දෙන්නාටම එකිනෙකා ගෙන් සමාව ගන්න කියලා බදාගන්න හෝ අතට අත දෙන්න කිව්වා දෙන්නා එක කලා පංතියේ සේරම ඉතිං.......වුනා මේ සිද්ධියෙන් පස්සේ

කැම්පස් ජිවිතේ

මාගේ මිතුර ගොඩ කාලයකින් මම මගේ කැමිපස් ලයිෆ් එක ගැන ලියන්නේ ඉතිං බොහෝ වැඩ කටයුතු නිසා මට මගේ කැම්පස් ජිවිතේ ඔබලා සමඟ බේදා ගන්න බැරි වුනා කොහොම හරි ඉතිං මට වේලාවක් ලැබුනා ලියන්න ඉතිං මම ඕන්න මගේ කතාව ලියන්න පටන් ගන්නම් ම්තුරේ අද මගේ කැම ්පස් ජිවිතේ සුපුරැදු පරිදි 7ට විතර පටන් ගත්තා උදෙන්ම නැගිටලා ලැස්තිවේලා කැම්පස් එකට බස් එකෙන් ආවා මම 7ට කිවේ මම කැම්පස් එකට ඇතුල් වුන වේලායත් එක්කයි හි හි ඉතිං උදෙන්ම මගේ බන්ඩිගෙඩිය පුරවා ගන්න ඕනේ නිසා මම වළ කැන්ටින් එක පැත්තට කුඩේත් එල්ලන් වේගයෙන් ඇව්ද්දා මොක නැත්තම් මාගලක් තරම් දිගු පෝළිමේ ඉන්න වෙන නිසා කොහොම හරි මම ගිය වේලාවේ එච්චර පෝළිම නැ ඉතිං මම කන්න ඕනේ කැම ට්ක ගත්තා මේ දවස් ට්ක මගේ බන්ඩි ගෙඩිය‍ පොඩිඩක් අවුල් නිසා මම පොඩි මාලු බනිසයක් කාලා මගේ බඩේ කැ ගැහිල්ල නැවැත්තුව ඊට පස්සේ නැවතත් ලෙක්ච රැම් එක පැත්තට හනිකට මම මගේ පය වේගවත් කාලා කොහොම හරි ඕන්න ඉතිං ලෙක්චස් රැම් එකට ආවා උදෙන්ම මැච් එකේ සෙට් ටික ඇව්ල්ලා හිට්යා ඉතිං හැමෝටම සුභ උදැසනක් කියලා මම මගේ ආසනයක් තෝරගෙන අසුන්ගත්තා කොහොම හරි උදේ වරැවේ සාමාන්‍ය විදිහට ගෙව්ලා ගියා ඕන්න ට්කෙන් ට්ක කැම කන වේ

මගේ ඇසින් මෙරට සිනමාව…

මම අද ලිවීමට බලාපොරොත්තු වන්නේ ලාංකීක සිනමාව පිළිබඳව මා දකින්නා වු ඇසින් මට සිතුනා වු දේවල් පිළිබඳව වේ .වර්තමානයේදී ඇත්තටම මෙරටට සිනමා කර්මාන්තයක් ඇතැයි කියා ද විටක මට සිතේ මන්දයත් දැන් බිහිවෙන්නා වු සිනමා නිර්මාණ ප්‍රමාණය හා  ඒවායේ ගුණාත්මක භාවය සැළකීමේදීය . දැන් බිහිවන සිනමා නිර්මාණයන්ගෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකි යම් හෝ වටිනා අදහසක් ප්‍රේක්ෂකයාන්ගේ බුද්ධියට කතාකරනු ඇත්තේ අනෙක් සියලුම නිර්මාණයන් ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකයා කියන ස්ථානයෙන් පහලට ඇද දමනු ඇත . ඇයි මෙසේ ආසියවේ ආශ්චර්ය වීමට යන්නා වු රටට වන්නේ , මට හැඟෙන පරිදි නමි විටක සංස්කෘතියේ ඇති වැට මායිම් ද ,තාක්ෂණික දැනුමේ හිඟ බව ද ,ප්‍රමිතියකින්තොර රංගන ශිල්පින් මෙම කර්මාන්තයේ සැරිසැරිම ද එහෙමත් නැත්තම් මුදල් හිඟකම වියහැක .නමුත් මා මෙහෙදී සඳහන් නොකළ තවත් විශාල හේතුන් ඔබට මට වඩා සිතෙනු ඇත.ඒ කෙසේ වුවත් අද අපේ රටට උසස් යැයි කිවහැකි සිනමා කර්මාන්තයක් නොපවතී .අද මෙරටට තුළ වැඩි වශයෙන් බිහිවන්නේ විනෝදකාමී වාණිජ පරමාර්ථය ඔස්සේ නිර්මාණයවන සිනමා නිර්මාණවේ .නමුත් මෙම කාණ්ඩයට අයත් නිර්මාණ වලත් තිබ්ය යුතු යම් ලක්ෂණයන් මේවා තුළ තිබේ ද  යන්න ගැටලුවක

Gangnam style ඇත්ත කතාව

gangnam style තවත් එක් ජනප්‍රිය යෙදු විකාරැපි ගීතයක් ලෙස පෙනුණත් එහි අරැත් තුළ  දිවෙන ගැඔුරැ සමාජ විචාරාත්මක පණිවුඩයකි ,gangnam style එකට නටන සහ එම නැටුම රසවිඳින පිරිස දැන සිටීමට යමිතාක් දුරකට යුතු කරැණක් වේව්. එහි හාසම්‍ය රංගනයට සහ කිසිවක් නොතේරෙන මෙන්ම විසුළුකාරී හඩකින් නොතේරෙන මෙන්ම විසුළුකාරී හඬකින් පිටත ලෝකයට සිනහා උපදවන ප්‍රධානම හතුරා වන උතුරැ කොරියාව තුළ ක්‍රියාත්මක සමාජවාදී ක්‍රමය මඟහැර යම්න් ධනවාදී ක්‍රියාවලියක යැපෙන දකුණු කොරියාව , ඒ මතින් දැඩිලෙස දියුණුවට මඟ සලකාගත් සහ එමඟින් බොහෝ දුරගිය රාජ්‍යයකි මීට පරම්පරා දෙකකට පෙර ප්‍රධාන කොට කෘෂිකර්මාන්තයෙන් යැපුණු දකුණු කොරියාව වර්තමානයේදී කාර්මික ආර්ථිකයකට මුල්තැන දී කටයුතු කිරිමට එම දියුණුව පහදයි.  දකුණු කොරියාව යනු සෞභාග්‍යය නම් gangnam යනු පුන්කලයකි 2010 වසර වනවිට දකුණු කොරියාව ඩොලර් බිලියන 84 ක් එනම් 7%ක්  gangnam තුල පවතී මෙම ගැවසෙන ධනය සමඟ gangnam වැසියන් අධිපරිභෝජනවාදී ජිවන රටාවක් අනුටමනයට හුරැව ඇති අතර psy විසින් gangnam style  නිර්මාණය කරන්නේ මෙම තත්වය සහ gangnam ප්‍රදේශය යන දෙකම මුල් කරගෙනයි. විඩියෝව ආරම්භයේද

Dolby Digital කියන්නේ මොකද්ද ?

මම අද ලියන්න බලාපොරොත්තු වෙනවා Dolby Digital ගැන තොරතුරු කිහිපයක්. මෙහි ඇති සමහර වචන මම ඒ ආකාරයටම යොදාගෙන හේතුව සමහර වචන, සිංහල වචන වලට පෙරළීමේදී නොගැලපීම් ඇතිවන බැවින් මම පුළුවන් තරම් ඔබට තේරුම් ගැනීමට හැකි වන පරිදි ලිවීමට උත්සාහ කල නිසයි. එහෙනම් පටන් ගමු. Dolby Digital කියන්නේ  Dolby පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලද ශ්‍රවණ සංකෝචනය කිරීම පිළිබඳ තාක්ෂණයකි. මෙයට පටන් ගැනීමේදී Dolby Stereo Digital යන නම  යොදා ගත්තේය. ඒ 1994 වසර වනතුරු වේ. Dolby Digital තාක්ෂණය මුල් කාලයේ එක් කළේ 35MM සිනමා මුද්‍රණයන්ටය. නමුත් වර්තමානයේ මෙම තාක්ෂණය HDTV (High-definition television) ප්‍රචාරණයටත් DVD, Blu-ray තැටි වලට හා ක්‍රීඩා පාලන පුවරැවලටත් යොදාගනී. පළමු වරට Dolby Digital තාක්ෂණය සිනමා නිර්මාණයකට යොදා ගත්තේ 1992 දී තිරගතවු Batman Returns නම් සිනමා නිර්මාණයට වේ. අතීතයේ මෙම තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය වු නාද පථ 35MM සිනමා මුද්‍රණයන්ට ඇතුළත් කරන අයුරු ටිකක් තේරුම් ගනිමු. අනුගාමිකව සිදුවන දත්ත කුටිටි ස්ථානගත කරනවා රූප රාමු සහ සිදුරු කරන ලද කුහර තීරු අතර මැද්දට, මේ නිසා නාද පථය ඇත්තේ සිනමා නිර්ම