Skip to main content

෴සයිටි විසිට් එක ත්‍රිකුණාමලයට ෴



ඕන්න යාළුවනේ දැන් ඉතින් මට ට්කක් විවේකී කාලය වැඩි නිසා මට ලිපි ට්කක් ළඟ ලියන්න පුළුවන් වුනා
ඉතින් ඕන්න මම අලුතින් මගේ විනිවිදලෝකයේ කියවන මගේ යාළුවන්ට මගේ රසවත් මතකයක් ඔබ වෙත
ගෙන ඒමට සිතුවා , ලෝකය අලුත් ඇසකින් දකින්න අපේ මතකයන් බෝහෝ විට ප්‍ර යෝජනවත් වන බැවිනී.
ඉතින් මේ මතකය ලියන්නේ අපේ ක්ෂේත්‍ර චාරිකවක් සම්බන්ධ කරගනීමීනී.ඉතින් ඇත්තට මේ රසවත් මතකයන්
ලියන්නේ මා ඒ ගමන නිම වී පසු දින වේ . එහෙනම් මා සිතනවා මගේ කැමිපස් යාළුවන් මෙන්ම මාගේ විනිවිද යාළුවන්ටද
මේ ලිපියට කැමති වෙයි කියා , එසේ නම් අරඔමු අපේ සයිටි විසිට් එක.
  මුලින්ම කියන්න ඕනි මේ සයිටි විසිටි එක සම්බන්ධව තිබුනේ ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රීමා සමාගමේ අලුතින් සදනු ලබන
ඉදිකිරීමක් සමඟිනී.මේ ගමන යෙදී තිබුනේ සෙනසුරා හා ඉරිදා දිනයන් හි ඉතිං සාමාන්‍ය යෙන් මේ දවස් වල අපේ යාළුවෝ නිවෙස් බලා
පිටත්ව යන දින වේ නමුත් මේ ගමන නිසා බෝහෝ යාළුවෝ නිවෙස් කරා නොගොස් බෝඩිමි වල වී සිටියා ඒ පසු දින යැමට නියමිතව තිබු
ගමනට සුදානම් වීම සඳහාය .හැබැයි ඉතිං ඊට කලින් දින එනම් සිකුරාදා අපේ යාළුවන් වැඩ කටයුතු වගයක් යෙදී තිබුනා ඒ අපේ ගමනට
අවශ්‍ය ආහාරපාන පිලියෙළ කිරීමයි ,එනම් ලුණු සම්බෝල සැදීමටයි .ඉතිං මායි තවත් යාළුවෝ සෙටි එකකුයි අපේ ප්‍රසන්න කොලුවාගේ බෝඩිමට
ගියා ඇත්තට මේ බෝඩිමේ අපේ මැච් එකේ කොල්ලෝ 10 දෙනෙකුගේ නිවහන විය. කොල්ලෝ ඉන්න නිසා කෙල්ලෝ ටික තරමක් බිය සුළු එයට ඇතුල්
වුයේ හි හි දන්නේ නැද්ද ඉතිං කොල්ලෝ ඉන්න තැන් පට්ට ලස්සනයි නේ එකයි කෙල්ලෝ කැමති නැනේ ලස්සනට තියෙන තැන් වලට එකයි හි හි.
ඕන්න ඉතිං මායි මගේ යාළුවෙක් වන චානක කොලුවයි අමායා, අයේෂා කියන මිතුරින් සමඟ ලුණු ට්ක සෝදන වැඩේ පටන් ගත්තා ,පසුව ලුණු පොතු යැවීම තමා
නියමිතව තිබුනේ ඇත්තට ඒ ජොලි වුනත් ඇඩෙන එක තමා අවුල .ඕන්න ඉතිං මායි මගේ මිතුරියන් හා  මිතුරයි අඩඩා ලුණු පොතු ගහනවා ස්වල්ප වේලාවකින් තවත්
මිතුරියන් තිදෙනෙක් පැමිණියා ඒ තුන් කට්ටුව පැමිණිමත් සමඟ වේගෙයෙන් ලුණු පොතු ලෙලි ගැසීම සිදුවිය මොකද ඉතිං කෙල්ලෝ කොහොමත් පොතු ගහන වැඩවලට
දක්ෂයිනේ කොහොම හරි ඕන්න දැන් ඒ වැඩේත් ඉවර වුනා දැන් අපේ මැච් එකේ හිටිය කණ්ඩායම් නායකයා වන තිවංක කොලුවයි මම කියන්නේ තිවා කියලා මනුස්සයයි
චරනයි දැන් ඔහුට කියන්නේ පසා කියලා හි හි මනුස්සයාගේ කාඩි එක ආ කියන්න අමතක වුනා අර චානක කියන පුද්ගලයාගේ කාඩි එක අකුවා ඉතිං මේ ජෝඩුව ඇව්ල්ලා
මුලින් කලේ තිවා කොලුවා ගිටාර් එක බදාගෙන සංගීතය විනාශ කීරීමයි පසා කලේ ඔහේ ඇව්ද ඇව්ද ඉන්න එක . අපි ලුණු සියල්ල ඕන්න පොතු ගැසිම අවසන් කලේ ය.
දැන් නියම්තව තිබුනේ ලුණු කැපීමයි තිවා කොලුවා ගත්තා පිහියක් එමෙන්ම මා ඇතුළු තවත් මිතුරියන් කිහිපදෙනෙක් පිහිත් අරගෙන ලුණු කැපීම ඇරබුවේ ය.ඕන්න දැන් කට්ටය
නාසයෙන් සෙම හලමින් අඩම්න් ලුණු පෙති කපනවා සමහර අය කපන්න පටන් ගත්තාට එකක් කපනවා අඩනවා ට්ක වේලාවක් අයේ ඒ පිහිය වෙන කෙනෙක් අරගෙන ලුණු කපනවා .
මේ අතර පිහි නැති අය පිහි තියෙන අපි ගාවට ඇව්ත් අඩනවා පිහි ඉල්ලා අපේ තිවා කොලුවයි මායි පිහිය කාටවත් දුන්නේ නැ මගේ ගාවට නම් එච්චර ඉල්ලන්න අවේ නැ මොකද මගේ පිහිය
කැපෙන්නේ නැ නේ එකයි තිවා කොලුවා නම් සද්දේ දාලා පිහිය නොදී හිටියා .ඕන්න මේ ලුණු කපන අතර වාරයේ රතුෂ්ක කියලා මා මිතුරයි මගේ මිතුරයක් වන මධුෂාණී  පැමිණියා මොවුන් දෙන්නා
පෙම්වතුන් වේ ඉතිං මධුෂාණි රතුෂ්ක කොලුවාට කතා කරනවා මා දුටුවා ගේ ඇතුළුට. අපි ලුණු කැපීම කලේ මනෝජ් (ප්‍රසන්නගේ බෝඩ්මේ ඉන්න යාළුවෙක් ) බෝඩිමේ ගැරජයේ වේ . ඉතිං නිවස ඇතුළු ගිය
රතුෂ්ක කොලුවා අධික ශබ්දයෙන් කැ ගසම්න් " දිපලා මට පිහියක් "යැයි කැ ගැසීය ඒ වුනත් කව්රැවත් පිහියක් දුන්නේ නැ පවි කොලුවා . මම හිතන්නේ නෝනා මහත්තයා මනුස්සයාට බයින ඇති කිසිම
වැඩක් කරන්නේ නැතුව ඉන්න නිසා ඉතිං මිනිහා ඒ තරහට ගැම්ම අරගෙන ඇව්ත් කැගැසුවේ හි හි .දන්නේ නැ හැබැයි හරියට වුනු පෙම් හබය මම හිතන්නේ නම් අර දේ වෙන්න ඕනි .ඕන්න ඒ අතරේ
ගිහානුයි ,පසයි ලුණු කපනවා හැබැයි ඒ දෙන්නාගේ ලුණු පෙති තව පාරක් පෙති කපන්න පුළුවන් විදිහට තමා කපන්නේ මමත් මුලින් එහෙම තමා කැපුවේ හැබැයි වැඩ්ඩා නිසා වැඩේ අල්ලා ගත්තා හි හි හැබැයි අර ජෝඩුවත්
වැඩේ අල්ලා ගත්තා .ඕන්න ඊට පස්සේ ලුනු කපලා අපි ලුණු ගඳ ගසම්න් බෝඩ්ම් කරා ගියා හැබැයි ඊට කලින් මායි මගේ ප්‍රසන්න කොලුවෝ ට්කයි එකතු වෙලා මැච් එකක් ගැහැව්වා ෆන් එකටත් එක්ක කොහොම හරි මම බෝඩිමට
යනකොට සවස වුනා .
  Maria-Ricky Martin ගීතය වාදනය වුවා පාන්දර 3ට ඒ මාව ඇගත් සිතත් ගිනියම් කරම්න් මක්නිසාදයත් පාන්දර නැගිටිනවා කියන්නේ ඉතිං මහ එපා කරපු වැඩක් නිසාවෙනි . අද තමා දවස අපේ ගමන අරම්භ කරන එමනිසා මම හනිකට
නැගිටලා ගමනට අවශ්‍ය බඩු බාහිරා දිය ලැස්ති කීරීම ඇරබුවා.  මගේ පාන්ට්ර් ඉසුරැ කොලුවා නම් කලින් රැ බඩු බාහිරා දිය ලැස්ති කර නිදාගත්ත නිසා මම මනුස්සයාව කිද්දුවේ නැ අනික මාත් එක්ක ඉන්න අනිත් යාළුවත් හොද සැප නින්දක අනික
මනුස්සයාව ඇහැරැවෝත් හොද සිංහල වචන ට්කක් අහගන්න තිබුනා මක්නිසාදයත් ඒ දින දහවල් ඔවුන්ට විභාග කටයුතු නිසාවෙනි  . මම ඉතින් කම්මැලි කමනේ නැගිටලා පොඩි ෆන් එකක් ගන්න කියලා හිතාගෙන පොඩි මිස්කොල්පාර ක් දැන්මා මගේ බොක්ක වගේ
ඉන්න මනුස්සයාට කොහොම හරි මනුස්සයාව ඇහැරවන්න මට බැරි වුනා ඉතින් අයේ මම තනියම බඩු බාහිරාදිය ලැස්තිකර ඉක්මණට අයේ ඇදට පැන්නා 3.30 විතර එත් අවසානවට ට්ක වේලාවකට පස්සේ ඉසුරැ කොලුවා නැගිට්ටා දැන් ඉතින් නිදාගෙන හමාරයි,
මොකද මනුස්සයා ඇහැරැනාම මාව කුද්දනවානේ හි හි එක හින්දා මම මනුස්සයා සැනසුම සොයා යන තුරැ ඉදලා අයේ ඇදට පැනලා දොයිය ගත්තා .කොහොම හරි ට්ක වේලාවකට පස්සේ මනුස්සයා ආවා මට කිවා දැන් තමුසේ වේලාව කියලා මමත් නිදිමත ගායේ මගේ
සැනසුම සොයා ගියා . ඉතින් පස්සේ මායි ඉසුරැ කොලුවායි දෙන්නා ලැස්තිවෙලා ව්ශ්විද්‍යාලය කරා පිය නැග්ගා.අපේ බෝඩිම පිහිටියේ විශ්ව්ද්‍යාලයේ සිට පයින් ගමන් කළ හැකි දුරකිනී. සමාන්‍ය යෙන් අපිට .තිබුනා රාජකාරියක් ව්ශ්ව්ද්‍යාලය කරා පැමිණෙන විට ඒ ගමන් මගේ
සිට්න අපේ යෙහෙළියන්වත් රැගෙන ඒමට ඉතින් අපේ බෝඩිම අසළ සිටි යෙහෙළියන්ව අපිට ආරක්ෂිතව රැගෙන ඒමට අවශය නොවිය මන්ද ඔවුන්ගේ ජිවිත ආරක්ෂකයින් වන පෙම්වතුන් ඔවුන් රැගෙන එම සඳහා පොරොන්දු වී සිටින බැවිනී. ඕන්න ඉතිං මායි
ඉසුරැයි අපේ ගමන් මගේ ඉදිරියට ගමන් කළා ඉතින් ඔය අතරවාරයේ දී මගේ යාළුවෙක් වන මලිත කොලුවා ඇහැරැවන්න මතක් වුනා මොකද බෝහෝවිට මේ කොලු ගැටයා දොයින බබෙක් ඒ නිසාවෙනි කෙසේ හෝ ඇමතුම් තුනකට විතර පසුව පිලිතුරක් ලැබුනා ඒ
පුද්ගලයා වේලාසනින් නැගිට නිවහල් පවස ලබාදෙන ස්ථානයේ සිටින බවත් ස්වල්ප වේලාවක් යන නිසා ඔහුට බාර දී තිබු රාජකාරීය අපිට කරන ලෙස ඉල්ලීම කරමිනී , ඒ තවත් යෙහෙළියන් තිදෙනෙකු රැගෙන එන ලෙසිනී.ඉතින් මමයි ඉසුරැයි  ඔවුන්ව රැගෙන පැමිණෙන විට
මලිතත් ව්ශ්ව්ද්‍යාලයේ පිටුපස ගේට්ටුවට පැමිණ තිබුනී. ඉතින් ඕන්න අපි සැම ව්ශ්වව්ද්‍යාලයේ බස්රථ නවතා තිබු ස්ථානයට ලඟා වුවා . අපේ ගමන සඳහා බස් රථ 3 සුදානම් කරතිබුනා ඉතින් ඒ බස් රථ තුන එක පෙළට විශ්ව්ද්‍යාලයේ ගේට්ටුව දෙසට හැරී තිබුනා .
මගේ බෝහෝ හිතවත් යාළුවෝ ට්කක් දෙවෙනි බස් රථයට නැග තිබුනා ඉතින් මාත් ඒ බස්රථයටම ගොඩ වුවා අනික එක බස් රථකයකට අපේ ජුනි ලෙක්චස්ලා ගමන් කළා අපේ ගමන සඳහා කථිකාචාර්ය වරැන් හය දෙනෙකු සහභාගීවී සිටියා .ඉතින් අනිත් බස්රථය පෙම්වතුන්
ගෙන් පිරි තිබුනා ඉතින් එතකොටත් ජොලියක් නැනේ හි හි අපේ බස්රථයේ සිට්යේ ඔය දෙකම මැද තනිවුන අය හි හි එක් පෙම්වතුන් ජොඩුවක් පමණී ඒ මා මිතුරැ තරිඳුවා අනික අපේ සිටියේ හි හි ඔවුන් දෙදෙනාද විනෝදයට බර පුද්ගලයෝ එම නිසා ද අපේ බස් රථය ෆුල් ෆන් එකක් විය.
ඕන්න ඉතිං පිටවත්ව යැමට පෙර සියලුම සිසුවියන් එකට එකතුවී අඩුපිරිස් කව්රැන්දැයි සොයා බැලීය මේ කර්තවය සඳහා මා ම්තුරැ ගිහාන් ඇතුළු සිසුන් පිරිසක් පත්කර තිබුනී. අපේ මුළු ගමනම ඉතාමත් සැලසුම් සහ ගත ලෙස අපේ කොල්ලෝ සේට් එක සුදානම් කර තිබුනී ඒ නිසා සැම වැඩකටම
කණ්ඩායම් පත් කරතිබුනී උදාහරණ ලෙස පිරිසිදු කිරීම, කැම සම්බන්ධව , බෙහෙත් කටයුතු සම්බන්ධව ඉතින් මම සිටියේ කැම සම්බන්ධව .ඕන්න එහෙනම් අපි සියල්ලුම අවශ්‍ය වැඩ රාජකාරී ට්ක සුදානම් කරගෙන අපි සියල්ල අපේ ගමන ආරම්භ කලේය .
   අපි අපේ ගමන ආරම්භ කළා  මගේ මතකයේ හැට්යට පෙරවරැ 5.30ට පමණ ඉතින් මමයි මගේ යාළුවා වන මලිත සමඟ බස්රථයේ ඉදිරි ආසනයට වී  විව්ධ දේවල් කතා කරම්න් හිටියා , ඉතින් බස්රථය විශ්ව්ද්‍යාලය පසු කරමින් ට්ක දුරක් ගිය පසු අපේ සංගීත කාමී කොල්ලෝ සෙට් එක සින්දු
ගායනයට අත තැබුවා සමාන්‍ය යෙන් චාරිකාවක මුලික දෙයකී සිංදු කීම . ඉතින්  අපේ හිටියා පට්ට සිංදු කියන සෙට් එකක් ඉතින් මොවුන් ට්ක රැගෙන තිබු බෙරයට තලමින් තාල ඇල්ලීම ඇරබුවේය .ඉතින් මේ දේට අත්වැල් අල්ලන්න අපේ බස්රථයේ සිටිය කෙල්ලෝ සෙට් එක නියමෙට මැච් ව්ය
.ඉතින් ඕන්න කෙල්ලෝ කොල්ලෝ සෙට් එකම සින්දු පලන්න ගත්තේ ය සමහර සිංදු අපේ මැච් එකේ කෙල්ලෝ කොල්ලෝ සෙට් කරමින් කිවේ හි හි ඉතින් කොහොම හරි මමත් සින්දුවලට හැකි පමණ අත්පුඩි වලින් සහය පළ කලයේ පසු දැත වේදනා බරිත වු නිසා මා ශේප් එකේ බස් රථයේ ඉදිරි පසට
ගොස් පොඩ් නින්දකට වැටුනේ ය .වේලාව 8.30 විතර විය සමාන්‍ය යෙන් අපි ආහාර ගන්න වේලාව විය ඉතින් බස්රථයේ සිට්ය කෙල්ලෝ කොල්ලෝ ට්ක මගේ නම කියමින් කැගස්සන්න පටන් ගත්තේ ය මම නින්දෙන් ඇහැරැනා මොකද මේ කැගස්සනේ කියා බලන්න බලනකොට මම ෆුඩ් කණ්ඩායමේ සිට්න
නිසා කැම දෙන වේලාව දැනගන්න ඉතින් හැබැයි මමවත් දැ‍නගෙන හිටියේ නැ කැම දෙන වේලාව පස්සේ අපේ කැම බාර නිලුක කොලුවාට ඇමතුම් ලබාගෙන ඒ පිළිබඳව දැන ගත්තා ඒ සමඟම ට්විටර් අප්ඩේට් එක්ක පැමිණීයා ආහාර 8.30 දෙන බව වේලාවට නැත්තම් කොල්ලෝ කෙල්ලෝ ට්ක මාව කනවා හි හි .
කැම ගින්න අනික් හැම ගින්න වඩා භායනකයිලු නේ .ඕන්න ඉතිං කැම ගැනීම සඳහා නිට්ටබුවේ වතුපිටි අපනයන කලාපයට හැරෙන ස්ථාන අසළ වත්තක් අසළ බස්රථ පෙළ නැවැත්තුවේ අපේ බස්රථය ප්‍රථමයෙන්ම එමස්ථානයට ලඟා වු අතර අනෙක් බස්රථ දෙක ස්වල්පවේලාවකින් පසු එම ස්ථානයට ලඟාවිය . ඉතින් බස් රථය නැවැත්තු විගස අපේ කොල්ලෝ සෙට් එක කලේ
මෙච්චර වෙලා තිබු මහා ගැටලුවට පිලිතුරක් සොයා වත්තේ රැස්ස ගස් අසළ යැමයි . ඉතින් ඔවුන් නැවත පැමිණියේ පොළොවේ සාරවත් බව වැඩි කීරීමට අවශ්‍ය ඛනිජ සම්පත් එක කරමිනී. ගැහැණු ලමයින්ට ඉතින් හිතට ගතට සහනක් ගැනීම එම ස්ථානය සුදුසු නොවුනු බැවින් ඔවුන් මුණ ට්කක් ඇබුල් කරගනීමින් සිටියේ .
පසුව සියල්ල ආහාර අනුභ කොට නැවත චාරිකාව ඇරබුවේය . ඔය අතර වාරයේ දී අර කැම වලට කැගහනවා වගේ මගේ නම කැගසම්න් කාන්තාවෝ ට්ක ඔවුන්ගේ ජීවන බර නිදහස් කරන්න සුදුසු බස්රථයක නවත්තනයැයි කැගසනවා මම හරියට වනිතා කටයුතු බාරව සිටි පවිත්‍ර වනින්ආරච්ච වගේ ඉතිං අයේ මම ඇමතුමක්
ගත්තා අපේ තිවා කොලුවාට පස්සේ මනුස්සයා කියනවා ඔවුන් නම් බස්රථය ඒ සඳහා නවත්වා ඇති බවත් අපටත් ඉදිරියේ ස්ථානයකින් නවත්වන ලෙස , ඉතින් අපේ චාරිකාවේ ගොඩක් බර දැරැ දමිත්‍ර මිතුරිය හිටිය නිසා මම ඇයට කිවා මේ ගැන ඇය කිවා ඉදිරියේ තැන ඇති බව . කෙසේ හෝ අවසානයේ පොල්ගහවෙල කඩයක් අසළ
බස්රථය නැවැත්තුවා ඇත්ත වශයෙන්ම කිවෝත් ඒ අවස්ථාවේ මාද මහා බරකින් සිටියේ .කෙල්ලෝ ට්කට කලින් මම බස්රථයෙන් බැස කඩතුළට දිව ගොස් අවශ්‍ය කරන ස්ථාන ගැන විමසීය .එවිට කඩේ මුදලාලිනෝනා කල දුටු කළ වල ඉහගන්න හිතාගෙන අපේ කඩේටත් සහයෝගයක් දක්වන්නේ නැද්ද කියලා මාගෙන් විමසුනවා
මේ අතර කාන්තාව කැළ පෙළ ගැසී ඉන්නවා හිරෙන් නිදහස් කරන්න සිටිට සිරකරැවන් මෙන් මා දෙස බලා කෙසේ හෝ අවසාන මුදලාලි ලොක්කී කියනවා හා අවුලක් නැ මෙතනයි ඉස්සර හට යන්න කියලා .ඉතින් මම ඇය පෙන්නු මාර්ගයේ අපේ අරමුණ සපුරාගන්න ස්ථානයට ළඟාවිය .මුලින්ම මම කටයුත්ත නිම කර කාන්තාවන් සඳහා
ස්ථානය නිකුත් කලේය හි හි පළමු වතාවට පිරිම්න් ස්ථානකුත් කාන්තාවන් ප්‍ර යෝජනයට ගත්තේ ය .හි හි මොකද ඉන්න සිරකරැවන් ගානට ඒ පිටවීමේ දොරටු ගාන මදි නිසාවෙනී.ඕන්න ඉතින් මම වැඩේ අවසන් කර අපේ ලදුන් ට්ක ග්‍රිස් යකුන්ගෙන් ආරක්ෂා කරන අරමුණින් එම ස්ථානයට වී සිටියේය. හැබැයි කිසියම් යකෙක් ආවත් මට කරන්න
දෙකුත් නැ හි  ඕන්න ට්ක වේලාවකට පස්සේ තවත් බරක් තිබු මගේ ම්තුරැ තරිඳු කොලුවා අවේ ය. මනුස්සයාට ට්කක් කදුවුරෙන් නිදහස් වීමට හදිස්සීවුවත් අනිත් සිරකරැවන් දොරවල් දෙකම භාවිතා කරන නිසාවෙන් ඔහුගේ වාරය එනතුරැ තරම්ක් වේලා සිට්න්න සිදුවිය.අපි ගිය කඩය පාන් නිෂ්පාදනය කරන ස්ථානයක් ද පිහිටියේ ය. ඉතින් අපේ ගමන් මාර්ගයේ
බනිස් නිෂ්පාදනය කරන ස්ථානයක් ද පිහිට්යේය.ඕන්න ඔය අතරේ නිදහස ලැබු මගේ ම්තුරියන් දෙදෙනෙකු ආ මඟ අමතක වී පෙර සදහන් කළ බනිස් නිෂ්පාදනගාරයට ඇතුළු වී පසුව එතනින් එළියට පැමිණියේය. නමුත් පසුව ඔවුන් දෙදෙනා" ඇතුළු වීම තහනම් "කියන ස්ථානයට ඇතුළ් වීමට ද උත්සාහ කලේය. මොවුන් දෙන්නාගේ නම් වනුයේ නෙලු,වරැ වේ හි.
මම හිතන්නේ හිරෙන් නිදහස් වීම නිසා ආ මඟ අමතක වෙන්න ඇති සතුටත් සමඟින් . ඕන්න අවසානයේ සියලුම වනිතාවන් සහ තරිදු හිරෙන් නිදහස ලැබු පසු අපි නැවත බස් රථය වෙත පිය නැඟුවේය. එමෙන්ම මේ අතර ගමන අතරවාරයේදී අක්කී ( මෙයා චමිතා මම කියන්නේ ෆන් එකට එහෙමයි  ),පණ්ඩුක, එදා රැ ඇය (වයන්තී) කියන යාළුවෝ ට්ක මොකැලන්තයෙන් අපේ
ගමනට සෙට් වුනා .
      ඕන්න අපි අපේ දහවල් ආහාරයත් ගෙන අපේ ගමනාන්තවය වන ත්‍රිකුණාමලය නගර වෙත ලඟා විය .ඉතින් ඊළඟට නියමිත තිබුනේ අපේ ගමනේ කොනේෂ්වර්ම් කෝව්ල වන්දනා මාන කීරීම වේ.මායි මගේ යහළුවෝ සෙට් එකත් එක්ක ඕන්න ඉතින් කොනේෂ්වර් වන්දනාමාන කීරීමට පිය නැග්ගා ඉතින් මා මීට පෙර ගොස් ඇති නිසා එහි ඉදිරිපසින් ඇති යකඩ දොරටුව තුළින් යැමට අවශ්‍ය
නොවීය සමහර මා ම්තුරන් ඒ තුළින් පිය නැගුවේය .ඕන්න ඉතින් ඒ ගමනත් අතර වාරයේ දී අපේ රැපේගේ ලණුවක් කැමට මායි ,තිවායි, අසංකයි සිදුවිය ඒ නම් පල්ලමට රෙස් එකක් තැබීම මනුස්සයා තරඟය ඇරඕම සිදුකළත් පසුව ඒ මනුස්සයා කලේ නැවතී සිට අපිට දුවන්න සැලස්සවීමයි ඇත්ත කිවොත් පල්ලමට දුවනවා කියන්නේ ලෙලි යන වැඩක් මක්නිසාදයත් බලයේ සංචරක සියල්ලම
පහළට ඇති නිසා නවතා ගැනීමට අපහසුය තේරැනා ද දන්නේ නැ භෞතික විද්‍යා පාට් එක හි හි.ඕන්න ඉතින් ඒ ලණුවත් කලා මා මුහුදු වෙරළ අසළ පැමිණ මගේ යාළුවෝ ට්ක දෙනා එනතුරැ මඟ බලා සිටියේය . මගේ අනිත් යාළුවෝ සේරම දෙනා මුහුද දෙසට ඇදුනා ස්නානය කීරීම සඳහා . මාත් කට්ටය එන්න වේලා යන නිසා පොඩ්ඩක් මුහුද දෙසට පියමං කළා මොකදැ වෙන්නේ කියලා බලන්න
ඕන්න ඉතින් මම දුටුවා අපේ කථිකාචාර්ය වරැන් හය දෙනාද මුහුදේ යම් දුරකට ගොස් විනෝද වන බව ඉතින් ඔවුන්ද ඔවුන්ගේ අතීතය මතකයන් තුළට යන්න ඇතැයි මට සිතුනා මක්නිසාදයත් ඔවුන් අපහට කථිකාචාර්ය වරැන් වුවත් ඔවුන්ද අප මෙන් කෙළිලොල් වයසේ පසුවන පුද්ගලයින් වන නිසාය මන්ද ඔවුන්ද අප මෙන් සිසුන් ව සිට කථීකාචාර්ය වරැන් වු අය නිසාවෙනී. මමත් පොඩ්ඩක් මුහුදු
රළ පාගන අරමුණින් ගල්වැට්ය අසළ පඩිපෙළ බැස්සේ ය නමුත් මා ම්තුරැ තරිඳුට සිදුවන අතවරය දුටු කළ මා නැවත අදහස වෙනස් ගොඩ ගල් වැට්ය වෙත පියනැගුවේය .ඒ අතවරය නම් මනුස්සයා සෙට් එක උසුලාගෙන මුහුදට දාන්න කරන උත්සාහය මම කොහොමත් ව්නෝදයට බර නොවුනු කෙනෙක් වු නිසා ත් අනිත් දේ මම කොහොමත් මුහුදට කැමති නැ මක්නිසායත් මට මුහුද තුළින් ලැබුනු
අඳුරැ මතකයන් නිසාවෙනී. ඔන්න ඉතින් මම ගල් වැට්ය තුළ පොඩ් සක්මන් පාරක් දැන්මා ලිපියට අවශ්‍ය කරන දේවල් ට්කක් ඇහිද ගන්න අරමුණින් . මා දුටුවා ඇත තනිකඩ ප්‍රේම ලොවේ තනි වු ප්‍රේම්වතුන් යුගල් 2ක් ඔවුන් නම් ප-බු, ම-ප. මා සිතන්නේ ඔවුන් ඒ හැන්දැ යාමේ ඇත හිරැ ගිලා බැසිම දෙස බලමින් ඔවුන් අනාගත් ප්‍රේම ලොව තනනවා වෙන්න ඇති . ඒ ඔවුන් දෙස බලා සිට්න ව්ට මාගේ
නිසදැස් පද මාලාවක් ගලා අවේය . ඉතින් මා කල්පනා කලේ ප්‍රේම්වතුන් ගේ ලෝකයේ හරි අමුතුයි නේද කියා ඔවුන් සිතන්නේ බලන්නේ ලොව දෙස වෙනස් අයුරකින් දෝ කියා. මේ අතර මා කල්පනා ලොව ඉන්න කොට මා ම්තුරැ පණ්ඩු ක කොලුවා පැමිණියා . ඔහු පැමිණ මාගේ අතීත ආදරය සිතුව්ල්ල ගැන විමසමින් මට යම් උපදෙස් මාලාවක් දුන්නා . ඒ අතර ඔහු හා මා පොඩ් චැට් පාරක් දාගෙන සිටියා .
අවසානයේ අපේ සෙට් ඕන්න නැවතත් බස්රථ තුළට ගොඩ වුනි.
  ඉතින් ඕන්න දැන් අපේ ගමනාන්තයේ අවසානයට ළඟාවිය එනම් රැය පහන් කරන ස්ථානයට වේ .සැලසුමට අනුව නැවතීමට අපට තිබුනේ පන්සලක වේ . ඉතින් අපි සියලු දෙනා බස් රථ වලින් බැස පන්සලේ අපිට නියම්ත ස්ථාන ගැන සෙවීමට ගියේ . හැබැයි ඒ ස්ථානය දුටු ක්ෂණයෙන් අපේ සුන්දර ලදුන් ට්කගේ මුණ වල් ට්ක වේලීලා ගියේ ය .මොකද එතන පොඩ්ඩක් එයාලාට සුවපහසු නොමැති නිසාවෙන්න ඇති
එමෙන්ම ඔවුන්ගේ පොදු වැඩ කටයුතු වලට ට්කක් එම ස්ථානය කරදරයක් වන නිසාවෙනි කෙසේ හෝ අපේ කොල්ලෝ ට්ක ඔවුන්ට එම ස්ථානය ආරක්ෂිතව ඉන්න පුළුවන් ව්දිහට සකසා දුනි. ඉතින් දැන් මාත් අද රැ පහන් කරන්න තැනක් සොයා බැලුවා තියෙන ව්දිහට නිදා ගැනීම දුෂ්කර කර්තව්‍යයක් බව පෙනුනී අවසානයේ මා ඇතුළු මගේ ම්තුරන් ට්ක බස්රථයේම නිදාගැනීමට තීරණය කලේ ය . අපිට නැම සඳහා රැ 25ක් ව්යදම්
කර එය සිදු කරගැනීමට සිදුව්ය . ඕන්න ඉතිං එදා රැ නාලා කාලා මා කලින්ම නින්දට ගියේ ය. මා මිතුරැ බසා ,ප්‍රසන්න කොලුවා අනිත් බස්රථය නිදියහන කරගත්තේය . උදැසන දැන ගන්න ලැබුන විදිහට තිවා රාත්‍රීයේ පැමිණ ප්‍රසන්න කොලුවා බස්රථයෙන් පන්න ඇති බවයි මොකද රැ වෙන කොට තිවා වෙනස් ස්වරැපයකට පත් වෙලා එකයි හි හි . ඕන්න ඉතින් පාන්දර 3 ව්තර මම අවදිවෙලා බස්රථයෙන් බැස අවශ්‍ය කටයුතු සියල්ල නිම කරගත්තේය.
අපි සිට් ස්ථානයේ කැළණීයේ වැඩිහිටි නිවාසයකින් ද පැමිණ තිබුනි විනෝදචාරිකවක් සඳහා. ඉතින් ඕන්න අපි සියල්ල උදැසන ආහාර ගෙන එක් එක් ස්ථානවලට ගොස් තම තමාගේ ලෝක වල සැරිසැරැවේය . මම ට්කක් තනියම ඉන්න කැමති නිසා මම පන්සලේ ගැට්ටක් උඩට නැගලා අවට පරිසරයේ සිට්න අපේ ම්තුරන් නිරීක්ෂණය කලේ ගොඩක් අය තම ගැට්ට සෙට් වෙලා බරටම කයිය හි හි ඉතින් මම මගේ කල්පනා ලෝකය සැරීසැරැවා අනික මම
ගොඩක් වේලාවට පාසල් කාලයේ සිටම තනියම ඉන්න පුද්ගලයා නේ හි හි අනික මම කතා කලත් ඒ මොහොතේ වුනත් ඉන්නේ වෙන ලෝකය නේ .අනේ මන්දා ඉතින් .ඕන්න ඔහොම ඉන්න කොට අපේ කණ්ඩායම් නායක මධුෂාන් හා රැපේ අපිට කතා කර කණ්ඩායම් දෙකට බෙදුවේය A/B ලෙස .ඉතින් මගේ බොක්කේ සෙට් එකම බී එකට වැටිලා හිටියා ඉතින් මම මගේ මිතුරිය අසළ ගොස් ඉදගත්තා පොඩ් වැටක් දාගෙන යන්න .අපිට තිබුනේ දෙවනියට
සයිටිඑකට යැමට ඒ නිසා අපිට උදැසන වරැව නැවත මුහුදු වෙරළ නරඔන්න අවසර ලැබුනා ඉතින් මා ඇතුළු සෙට් එක නැවතත් මුහුදු වෙරළ නැරබුවා ඔය අතර වාරයේ දී තවත් අපුරැ සුදුවීමක් සිදුවුනා ඒ අත බලා සාත්තර කියන පුද්ගලයෙක් ගේ පැමිණිමයි . ඉතින් මම මගේ හස්ත සාත්තරයක් ආසා ගැනීමට කල්පනා කළා මොකද මීට පෙර සාත්තරයක් මා අසා නොමැති නිසාවෙනි . මනුස්සයා මට කී බෝහෝ දේ නිවැරදිතාවයක් තිබුනා සමහර දැ නිවැරදී නොවීය .
ඉතින් මට පසුව අපේ යාළුවෝ ගොඩක් අය හස්ත සාත්තර ඇසීම සිදුකලේය. ඉතින් එතනින් පිටත් අප සැම සයිටි විසිට් එක නරඔා නැවත නිවෙස් බලා යන ගමන ඇරබුවේය.
  ආ මට කියන්න අමතක වුනා මා මුහුදේ නාපු නැම ගැන . අපේ සෙට් එක සයිටි විසිට් එක නැරබීමෙන් පසුව තීරණය කර තිබුනේ පාබල් බීච් එකට යැමටයි .මට ඒක අසනකොටත් ඇඟ සීතලයි මොකද නාන්න වන නිසා . ඕන්න ඉතිං මායි චරනයයි තරිදුවයි නැම සඳහා මුහුද දෙසට ගියේ මේ අතර අර ජොඩුව දුවලා ගිහිල්ලා මුහුද පැන්නේ ය නාන්න. මම පැත්තකට වෙලා හිටියා . මම කියලා හිටියේ මම නාන්නේ නැ කියලා. මම මුහුද දෙස බලාගෙන
ඉන්න කොට මම දුටුවා චරනයායි තරිදු කොලුවෝ දෙන්නා වෙරළ පැත්තට මා දෙස අමුතු බැල්මක් හෙළ මින් එන බව මම දැනුනා දෙන්නා එන්නේ මට වැඩේ දෙන්න කියලා මම බල්ලො පන්නවා කියලා හිතලා දිවේ නැත්ත බස්රථ පැත්තට හැබැයි මට ටිකක් දුර යන කොට තේරැනා චරන එක්ක දුවලා වැඩක් නැ කියලා මොකද් මනුස්සයා දුවලා පදක්කම් දින්න කොලඔ කොල්ලෙක් නිසා ඉතින් මම සිරභාරයට යටත් වුනු හොරා වගේ මිනිහා කීව දේට
යටත්වෙලා මුහුදේ නාන්න තීරණ කලා . කොහොම හරි මේ කොල්ලා මා තුන් පාරක්ම වතුරේ එබුවා පිට උඩ තියාගෙන ඉදලා අත අරිනවා යාළුවෝ ව්ශ්වාස කීරිමේ විපාක ලෙස මට සිතුනා අනික මම පණ බයයි මුහුද යටට යන කොට මම හිතුවේ මම මැරැනා තමා කියලා .ඔය අස්සේ අපේ කොල්ලෝ ට්ක ඉන්දියාවේ හෝලි උත්සවයට මුට්ට්ට බිදින්න සාදන ආකාරයේ මිනිස් පඩිපෙළක් සැදීමට උත්සාහ කරනවා . කෙල්ලෝ ට්ක රවුම් හැදිලා කැරකී කැරකී සිටිනවා .
හික් හික් මේ දකින්න මේ දැස පින් කළානේ ඕන්න ඕක තමා මට අමතක වුනු සීන් එක .
       "ට්‍රිප් එකක නිරසම කොටස තමා බන් මේක" මා අසළ සිටි මිතුරැ ගිහාන් ට කිවේය. ඉතින් අපේ බස්රථයේ ඒ මොහොතේ නොනවතින ගීත රැල්ල තිබුනි අපේ කොල්ලෝ කෙල්ලෝ ට්ක දැන් හොදට කලා හිටියේ ඒ හින්දා ඇඟට නියම පණක් තිබුනේ ට්ක වේලාවයි ගියේ මුළු බස්එකේ ම සිට්ය කෙල්ලෝ කොල්ලෝ අත් උස්සන් නටන්න පටන් ගත්තේය. එහෙමත් නැටුවේ නැතිව හිටියේ කිහිප දෙනෙයි මගේ මතකය හැටිය හි හි . ඕන්න දැන් බස් එක තුළ මියුසිකල් ෂෝ
එකක් වගේ සේරමලා ඒක එක ඇක්ෂන් දාගෙන නටනවා . මා ඉතින් පොඩි පොඩ් ආට් පාරවල් ට්කක් දැන්මා .කේසේ අපේ ගමනේ බොහෝ දුර එන තුරැ මේ නොනවතින ගීත රැල්ල සමඟ ඇති නර්තන ය තිබුනේ ය . ඉතින් මාගේ සැලසුමට අනුව මම මොකැලන්තයෙන් බැසීමට නියමිතව තිබුනී. ඉතින් බස් රථයේ සිට් සියලුම යාළුවන් සමුදුනී . මට මතක විදිහම මා ම්තුරයකට දැත දිගුකල විට ඇය දැත දිගු කලේ නැ මම බැලුවා මොකද කියලා බලනකොට එයාගේ දැත ආදරයෙන් වෙලීලා
ඒ හින්දා වෙන්න ඇති අත දෙන්න බැරි වුනේ හික් හික් .ඕන්න ඔය අතරේ මා යාළුවා වන චරන කොලුවා සැලැස්මක් දියත් කරන බව මට දැන ගන්න ලැබුනී . ඒ මට යම් මඩ ගැසීමකටයි . මම ඒ සියල්ලට සුදානම් න් ඕන්න මොකැලන්තයෙන් බැස්සා , බසින කොටම දුන්නේ නැද්ද වතුර පාරක් අපේ මොකැලන්තයේ ගොඩක් යාළුවෝ නැවා මට වැදුනේ අපේ කොරියා ගහපු වතුර පාර විතරයි මොකද මම කලින සුදානම්න් සිටි නිසා හි හි .
ඉතින් මා මගේ ම්තුරන්ගෙන් වෙන්වී මගේ පියා සමඟ නිවස බලා පිටත්ව ගියේ ය. ඉතින් මා බස්රථයෙන් බැසීමට පෙර මා ම්තුරැ අතකට ආබාධයක් ලක් වු අතුෂ්ල කිවා අනිවාර්යෙන් මචං මේ ගැන උබේ බෝල්ග් එකේ ලියන්න කියලා ඉතින් මම හිතනවා ඔහුගේ ඒ ඉල්ලීම මම හැකි පමණීන් ඉටු කළා කියලා .ස්තුතියි.
  ඉතින් මා හිතනවා ඇති මගේ සුන්දර මතකය ඔයාලා සුන්දර මතකයන් මතකයට නඟනු ඇති බවයි . එමෙන්ම මගේ විනිවිද යාළුවන්ට මගේ තවත් සුන්දර මතකයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමී.
මා මේ ලිපියේ කිසිදු පුද්ගලයෙක්ට අපහාස කීරීමට බලාපොරොත්තු නොවුනි කිසිවෙක් හෝ වි ඇත්නම් මා එයට සමාව අයැදීම්.

මගේ හොදම ම්තුරියක් මට හමුවුන ආකාර ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න

ලිපියේ සම්පුර්ණ අයිතිය චේතිය ප්‍රසංග (විනිවිදලෝකය)

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද