Skip to main content

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො



ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා.

campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්..

තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි.. යාලුවො කරගන්න කලින් පරිස්සම් විය යුතු කට්ටියක්... මොවුන් යාලුවන් බවට පත් වී කාලයක් ගිය පසු මෙවන්නවුන් පිලිඹද තේරුම් ගියහොත් අති මහත් පිලිකුලක් ඇතිවෙන එක නවත්තන්න බෑ,, ඔබට ඔවුන්ගේ මූනවත් බලන්න බැරි තරමට පිලිකුල් වෙයි..

මේ අතර ඔබේ ඕනම දේකට ඉන්න අපි කියන විදිහට බොක්කෙන් යාලුවොත් ඉන්නවා.. ඔවුන් අතරේ පොඩි පොඩි අඩදබර ඇති වුවත් කවදාවත් කලින් සදහන් කල පිරිස් වගේ නෑ ඔබේ ඕනෙම ප්‍රශ්ණයකට සහෝදරයෙක් සහෝදරියක් වගේ ඔබේ ලගින් ඉදියි.. යාලුවන් ආශ්‍රය කරන විට මේවා ගැන හොදින්ම අවදානය යොමුකල යුතුයි,, නැත්තන් රැවටීමකට මුලාවකට පත්වීමක් වෙන්න පුලුවන්. ඔබ යාලුවන් බොහෝ විශ්වාස කරනව නන් ඒ ගැන විශේශයෙන් සැලකිලිමත් විය යුතුයි මොකද එවන් පුද්ගලයන්ට කැත වැඩ කරල මුකුත් නොකල වගේ ඉන්නත් සමහර යාලුවන් යැයි කියන පිරිස් දක්ෂයි.. campas එකක් කියන්නේ මේ හැමදේකම කැඩපතක් වගෙයි.. අද්දැකීම් ලැබෙන්න ලැබෙන්න මිනිස් ගති පිලිඹ්ද වඩ වඩා හොදින් අවබෝධ වෙනව,,,

අයිතිය - නුවන් මධුෂංඛ (බාවා)

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................