Skip to main content

SPLENDOUR OF YOUTH-ආදරය සහ බිදවැටීම්




අපේ තරුණ ජීවිත ගැන කල්පනා කරල බලද්දි යොවුන් ආදරය කියන topic එක මාර වැදගත් නේ,, ඉතින් මේ පාර ලිපිය ඒ ගැන ලියන්න හිතුනා.. ආදරය සම්පුර්නයෙන්ම ගොඩනැගෙනේ සිහින ලෝක මත කියල 1 සහ 2 ලිපි වලින් අපි කතාකරා මතක ඇති.. අද ජීවත් වන සමහරු ආදර සම්බන්දයක් බිද වැටීම හෝ සිතේ ඇති කෙනා නොලැබීම යන කාරණා වලදී හැසිරෙන ආකරයන් විවිද ස්වරූප ගන්නව.. එක එක්කෙනාගේ මනසේ ස්වභාවය ඔවුන් ගෙ හසිරීම් වලින් පිලිඹිබු වෙනවා. ඒ පිලිබද සාකච්චාවට හා දැනගැනීමට ඔබ කැමති ඇති..

සාමන්යෙන් පුද්ගලයන් විවිදාකරයි.. ආදරය කියන අතිමහත් සන්වේදී හැගීම හා ඒ පිලිඹ්දව වූ සිහින ලෝක බිදවැටීම් දරගැනීම, පුද්ගලයගෙන් පුද්ගලයා අනුගමනය කරන ක්‍රම වෙනස් වෙනවා,, එත් එවගෙන් මේ පීඩනය අඩු වෙනවද කියන එක නන් විශේෂයෙන් හොයන්න ඕනෙ දෙයක්,, සමහරු කරන්නේ හොදටම බොන්න පටන් ගන්න එක.. විනාසය ආරම්භ වෙන්නෙ මත්ද්‍රව්‍ය මූලික උනාම.. ඇත්තම කියනව නන් මෙවගෙන් මුකුත් සහනයක් ලැබෙන්නෙ නෑ.. දෙවෙනුවට තමන්ගේ වැදගත්ම අරමුණු වලට තමන් විසින්ම පහර ගහගන්නව.. ඉගෙනගන්න කෙනෙක් නන් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන කුසලතා අඩාල කරගන්නව.. ඉදිරියට එමින් සිටින තරුණ ජීවිතය අවුරුද්දකින් දෙකකින් අඩාල වෙනව.. ක්‍රීඩකයෙක් නන් ක්‍රීඩාව, රැකියාවක් කරන කෙනෙක් නන් රැකියාව, මේ තමාගෙ ප්‍රධාන අරමුණු පහලට වැටෙනවා. හිතෙන්නේ මේ කිසි දෙයක් වැඩක් නැති ගානට ,, මෙ වගේ දෙයක් උන ගමන් සමහර පුද්ගලයන් සම්පූර්ණයෙන් backward වෙනවා..ඉහත සදහන් කල පුද්ගලයන් කාලයක් මේ වගේ සිටියත් කාලයත් සමගම සාමන්‍ය තත්වයට ලගාවෙනවා.. එත් එතකොට ජීවිතේ වසර ගානක් පස්සට ගිහින් තියෙන්න පුලුවන් ,,

තවත් පිරිසක් ඉන්නව කවදාවත් කෙනෙක් ගැන ගොඩනගපු සිහින ලෝකය බිදවට්ටගන්නෙ නැ.. අහිමි වීම් දැන දැනත් ඒ සිහින ලෝකෙම ජීවත් වෙනව,, ඔවුන් තමාගේ අධ්‍යපනය හෝ තමාගේ ප්‍රධාන ඉලක්ක අඩාල කරගන්නෙ නෑ.. ඔවුන් අහිමි වූ සිහින ලොකේ මනසින් ජීවත් වෙනව.. ලස්සනට ආදරය කරන දෙන්නෙක් දිහ බලල ඒව තමාගේ සිහින ලෝකෙට ආදේශ කරගෙන ඒකෙන් මානසිකව ව්‍යාජ සතුටක් ලබනව.. මේ වගෙ මානසිකත්ව තියෙන තරුණ තරුණියො නිවැරදි මග පෙන්වීමක් නොලැබුනොත්,, අර මුලින් පැවසූ අහිමි උනු තමා ආදරය කල කෙන නැවත තමාගෙ සිහින ලොකෙට ගන්න හිතන්, ඒක පන මෙන් ආරක්ශා කරනවා.. භයානක තත්වය උදාවෙන්නෙ මින් පසුවයි මන්ද යත් ඒ ලබාගැනීම සදහා ජීවිතයක් නැතිකරන්න උනත් මින් සමහරු සූදනම්.. නැත්තන් කරන්නේ ජීව්ත කාලෙම තකඩව ඉන්න උත්සහ කරන එකයි.. ඉන් ඔහුට හෝ ඇයට සිදුවන්නේ, සිදුකරගන්නේ අසාධාරණයක්,, එ ගැන කලින් ලිපියක සදහන් කරා..

අනිත් කට්ටිය නන් මෝඩ තකතීරු විදියට සිය දිවි නසා ගන්නවා.. ජීවිත්ය කියන්නේ කවදාවත් විදවිය යුතු දෙයක් නොව ලස්සනට විදිය යුතු දෙයක්.. හැල හැප්පිම් භාදක නැත්තන් මේකෙ කිසි ආතල් එකක් නෑ.. පස්සට මතක් කරල හිනවෙන්න තියෙන්නෙ තමා කරපු හොද වැඩයි මේ වගෙ විවිදාකරව එකතු වූ අද්දැකීම් ටිකයි විතරයි..ආදරය සම්බන්ද ගොඩක් පරණ අද්දැකීම් ඇත්නම් ඒව මතක් කර බලන්න.. ඔබට බඩපැලෙන්න හිනා යාවි,, ඉතින් මුලින් සදහන් කට්ටියට කියන්න තියෙන්නෙ ආදරය බිදවැටීම යනු අවසානය නොවේ,, සිදුවීම වූ කාලය පහු වූ පසු එය මතක් වෙද්දි ඔබට මාර ආතල් එකක් දැනෙයි, අන්තිමට කියන්න තියෙන්නෙ ඊලග කෑල්ල තවත් රසවත් කියල තමයි..

තවත් ලිපියකින් හමුවෙමු.



අයිතිය  :- නුවන් ( බාවා )

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................