Skip to main content

ආත්මා නවකතාවේ - පළමු කොටස ...........

 Photo: ආත්මා (Part 1)
ආයෙමත් මම තනි වෙලා. 
තේමිය තමන්ටම කියා ගත්තා. සේරම ඉවර වෙලා කියල හිතුවත් කිසිම දෙයක් ඉවර වෙලා නෑ කියල ඔහුගෙ හිත කිව්වා. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුටම ඇහෙන්න ගත්තා.
පාලු රාත්‍රියෙ නිහඩතාවය බිදිමින් නැගෙන රළ ගැටෙන හඩ ටික‍ වෙලාවක් යනකොට තේමියට පැහැදිලිව ඇහෙන්න ගත්තා.
මම.. මම ඇස් තද කරලා පියා ගන්න ඕන..
ඔහු ඔහුටම කියා ගත්තා. විනාඩි දෙක තුනක් ගත වුනා. එ‍් වුනත් දිගටම ඇහුනෙ අර රළ බිදෙන හඩ විතරයි. ආයෙමත් ඇස් ඇරියා.
හරි කමක් නෑ. ආයෙමත් මම හුරු පුරුදු හීනෙම අතරමං වෙලා. ඇයි මම බය වෙන්නෙ.. මොනවටද? මම පොඩි ළමෙක් නෙමෙයිනෙ තවත්. අනික මම මොනවටද බය වෙන්නෙ. මේක හීනයක් විතරයි.  තව ටිකකින් මාව ඇහැරෙයි. අම්මත් ඉදී.
ටික ටික ඔහු හිත හදාගත්ත. පරණ ඒ වුනත් හොදින් උණුසුම තියෙන සයනයක ඔහු හිටියා. තේමියගෙ ඇස් මුලු කාමරය දිහාම විමසිල්ලෙන් යොමු වුනා. මුලින්ම ඔහුගෙ ඇස ගැටුනෙ විශාල අල්මාරියක්. ඊට පස්සෙ දකුණු පැත්තට වෙන්න තිබුනු ජනේලය. පියන් දෙකම වහල තිබුනු ජනේලය දිහා ටික වෙලාවක් ඔහු බලාගෙන හිටියා. තවත් මොහොතක‍ට පස්සෙ ආයෙමත් කාමරය දිහා බලන්න ගත්තා. ඒක මුහුදු වෙරළක ඡායරූපයක්. කාමරයෙ වම් පැත්තට වෙන්න තිබුනු බිත්තියෙ එක කොනක එල්ලලා තිබුනු මේ සිතුවම දිහ ඔහු පුදුමයෙන් වගේ බලාගෙන හිටියෙ. කිසියම් හුරුපුරුදු බවක් තේමියට දැනුනා. ඒත් ඒ මොකක්ද කියන එක ඔහුට හිතාගන්න බැරි වුනා. ඒත් නොපැහිදිලි මතක වගයක් ඔහුගේ මනසේ ඇදෙන්න ගත්තා. ඒ ගැන තව තවත් හිතන්න ගත්තත් ඔහුට තේරුම් ගන්න බැරි වුනා. ඒ ගැන තවත් හිතන්න හිතන්න වුනේ නිකම්ම මනස වෙහෙසෙන එක. ටික වෙලාවකින් ඔලුව රිදෙනවා වගේ දැනුන නිසා තේමිය හිතන එක අත ඇරලා දැම්මා. 
අද එළියට ගිහින් බලනවා. මම තවත් බය වෙන්නෙ නෑ.
ඔහු දොර ලගට ගියා. අගුල අතින් ඇල්ලුවත් දොර අරින්න තරම් ශක්තියක් තිබුනෙ නෑ. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුට හොදින් දැනුනා. අදහස අත් ඇරල ඇද උඩ ආයෙමත් ඉදගෙන හිටපු ඔහු ජනෙලය ලගට ගියා. ජනෙල් පියන් ටිකෙන් ටික ඇරපු ඔහු හදවත ගැහෙන වේගය ආයෙමත් ටික ටික සන්සුන් වෙන්න ගත්ත.
මේ තරම් ලස්සන දර්ශනයක්. ඔහු ඔහුටම මුමුන ගත්තා. පුර හද පායල සද එළිය ජනෙල් පියන් අතරින් ගලාගෙන ඇවිත් ඔහුව සිප ගත්ත. ඈත මුහුදු වෙරළ, සද එළිය වැටිලා දිලිසෙන මුහුදු ජලය ගල්කුලු වල හැපිල බිදෙන හැටි,තේමිය වශීවෙලා වෙලා වගේ ජනේලයෙන් එහා මැවිලා තියෙන සුන්දරත්වය දිහා බලාගෙන හිටියා.
හ්ම්ම්... ඔව් ඔව් අද ඉතින් පෝයනෙ.
තේමියගෙ ඇගේ සිසිල් සුළගක් ඇවිත් දැවටුනා. 
මුහුදු සුළග සද එ‍ළිය කොහෙද මේ අපූරු තැන. මම ඉන්නෙ හීනෙක. ඒත් මට හිතන්න පුලුවන්. හරියට ඇත්ත වගේමයි. අනික එකම හීනෙ. අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් මම මේ හීනය දකිනවා. 
මීට අවුරුදු 5කට විතර කලින් ඒ කියන්නෙ මම සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙනකම්ම මේ හීනෙ දැක්කා. කවුදෝ මා එක්ක කතා කරනවා වගේ දැනුනත් මට ඇත්තටම ඒ කටහඩ කියන දේ තේරුම් ගන්න බැරි වුනා. 
ඒ ගැන මතක් වෙනවා එක්කම තේමියගෙ මුලු ඇගම සීතල වෙනව වගේ දැනුනා. ඒ දවස් වලනම් තේමිය කලේ ඇස් දෙක තද කරල පියාගෙන කන් දෙකත් අත් දෙකෙන්ම වහගෙන හිටපු එක. මුල්ම දවස් වල එයා මේ එකම හීනෙ දකින්න ගත්තම එයාට බය හිතුනා. ටික දවසකින් පුංචි තේමිය අම්මා ලග නිදා ගන්න ගත්තා. ඒත් මාසෙකට හතර පස් වතාවක්ම මේ හීනෙම දකින්න ගත්තා. ඒත් එයා බය නොවුනෙ ඇහැරෙන හැම වෙලාවකම අම්මා එයා ලග හිටපු නිසා.
ඉතින් එයාගෙ අම්මා වුනු සරෝජා මහානාම දහඩියත් දාගෙන ඇ‍හැරෙන, ගොඩක් වෙලාවට කිසිම කතා බහක් නැතුව දවස තිස්සෙම කල්පනා කර කර ඉන්න පුතා ගැන ගොඩක් බය වුනා. තවත් එයාට තේමිය දකින හීනය ගැන තේරුම් ගන්න බැරි වුනා. මාසයක් විතර බලලා එයා තේමියව ප්‍රසිද්ධ මානසික වෛද්‍ය වරයෙක් වන මිස්ටර් ගජේන්ද්‍ර ලගට එක්කගෙන ගියා. ‍මිස්ටර් ගජේන්ද්‍ර කිව්වෙ තේමියට කිසිම රෝගයක් තියෙන බව එයාගේ පරීක්ෂණ වලින් හෙලි නොවන බවයි. 
ඒ වුනත් මේ සිහිනය තේමියගෙ ජීවිතෙත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියන එක මටත් තේරුම් ගන්න අමාරුයි මිසිස් මහානාම. සමරහ දේවල් තියෙනව වෛද්‍ය විද්‍යාවටත් තේරුම් ගන්න බැරි. එකම හීනෙ හැමවෙලාවකම පේන එක සමහරවිට....
සමහරවිට කිව්වෙ ඩොක්ට, 
මම කිව්වෙ පුනර්භවය වගේ.. ඒ කියන්නෙ ‍මේ වගෙ සිද්ධි ලෝකෙ පුරා වාර්තා වෙලා තියෙනව.
ඔයා කියන්නෙ මගේ පුතා පෙර ආත්මය ගැන සිහින දකිනවා කියලද? ඒත් මම අහලා තියෙන්නෙ පෙර ආත්මය ගැන කියනව මිසක් හීන දකිනව කියල නෙමේනෙ.
මිසිස් මහානාම ඒක පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුලුවන්. කෙනෙක් පෙර ආත්මය ගැන කියනකොට තවත් කෙනෙක්‍ට ඒ ගැන මතක නැති වුනත් ගැඹුරු නින්දෙදි සිහිනයක් විදියට දකින්න පුලුවන්.
මොනදේ වුනත් මට මගෙ පුතාව නැති කර ගන්න බෑ. එයා අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්නව කතා බහ කරන්නෙ නෑ කාත් එක්කවත්. මට බයයි ‍තේමිය මට ඉන්න එකම දරුවා.
මට තේරෙනවා මිසිස් මහානාම. ඒ තරම් බයවෙන්න තරම් දෙයක් මටනම් පේන්නෙ නෑ. එයා සිහිනයක් දකිනව. එකම දේ. ඉතින් තේමිය බයවෙලා ඉන්නෙ. එයාව තනි කරන්න එපා. හැමවෙලේම එයත් එකක් කතා කරන්න. හරියට යාලුවෙක් වගේ එයාව ඇහුම්කන් දෙන්න. ‍ඩේ කෙයා(ර්) එකක එයාව තනියම දාල යන එකනම් මට අනුමත කරන්න බෑ. මොකද මේ වගෙ තත්වයක එයාට හොදටම ආදරේ තමා ඕන. 
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරියක් වුනු සරෝජා ගෙදර ඇවිත් කල්පනා කරන්න ගත්තා.
 ‍මම මොකද කරන්නෙ ප්‍රසාද්වත් හිටියනම්. 
ඇයගෙ ඇස් වලට කදුලු ඉනුවා. 
දේශපාලනය .දේශපාලනය ප්‍රසාද්ව බිලි ගත්තා. එයා යුක්තිය මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ගිහින් ජීවිතේ නැති කරගත්තා. ඒ අපිවත් පන පිටින් මරලා. 
තේමියට මාස තුනක් වෙන්නත් කලින්ම නන්නාදුනන තුවක්කුකාරයෙක්ගෙන් වෙඩි කාලා මැරුනු ප්‍රසාද් ගැන ඇයට ආපු තරහ‍ යටපත් කරගෙන ආව වේදනාවට ඇගේ ඇස් වල කදුලු පිරුනා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදි ‍ප්‍රසාද් එක්ක සරෝජා ඇති කරගත්ත සම්බන්ධයට අගනුවර ප්‍රසිද්ධ දේශපාලකයෙක් වුනු සරෝජගෙ තාත්තා කවදාවත්ම කැමති වුනේ නෑ. ගොඩක් බාධක මැද රැකගෙන හිතුවක්කාර විවාහයකින් කෙලවර වුනු සම්බන්ධය එහෙන් පිටින්ම විනාශ වුනේ ප්‍රසාද්ගෙ දේශපාලන වැඩ නිසානෙ කියල ඇය‍ට හිතුනා. නැත්නම් අදත් එයා ජීවත් වෙයි. 
එහෙනම් මට මේ තරම් දුකක් නෑනේ. 
නුවර ප්‍රසාද්ගෙ දුප්පත් අම්මා තාත්තා එක්ක සරෝජා තේමියත් එක්ක තනි වුනා. ඇය කොළඹ විදපු සැප පහසුකම් එකක් නුවර ජීවිතයට හුරු වෙන එක ඒ තරම් ලේසි වුනේ නෑ.
මොනතරම් තද ගතිගුණ තිබුනු මනුස්සයෙක් වුනත් සරෝජගේ තාත්තට අම්මත් නැතිව හැදුනු සරෝජා දුක් විදිනව බලන් ඉන්න බැරි වුනා. එයාව තේමියත් එක්ක කොළඹට ගෙන්න ගත්තා. ප්‍රසාද්ගෙ දෙමවුපියො ඒ ගැන විරුද්ධ නොවුනත් ඇයත් මුනුපුරත් ඈත් වුනු වේදනාව ඔවුන්ට හොදටම දැනුනා. මිස්ටර් මහේන්ද්‍ර ඒ කියන්නෙ සරෝජගෙ තාත්තාගෙ බලයත් එක්ක ඇයට කොළඹ ප්‍රසිද්ධ පාසලක‍ට ගුරු පත්වීම ලැබුනා.
ඒත් එක්ක ඇගේ හිතේ වේදනාවත් ටික ටික අඩු වුනා. අද වෙනකම්ම ඇය ඒ ඒකාකාරී ජීවිතයට හුරු වෙලා හිටියා.  මහා විශාල ගෙදරක ඇයත් මෙහෙකරුවොත් තේමියත් ජීවත් වුනා.
‍සාරෝජගෙ අම්මා හිටියෙ එංගලන්තෙ ඇය දන්න කාලෙ ඉදන්. ඒ ඇගේ විදේශික සැමියත් එක්ක.
තාත්තත් අම්මගෙ වෙන් වුනාට පස්සෙ තමන්ටත් වඩා අවුරුදු 15ක් විතර බාල වුනු දෙවන බිරිදත් එක්ක වෙනම ගෙදරක හිටියෙ. සරෝජා කුඩා කාලෙ ඉදන්ම ගත කරපු හොස්ටල් ජීවිතය නිසා දැන් ගත කරන ජීවිතේ වෙනසක්දැනුනෙත් නෑ. එකම වෙනස තිබුනෙ ප්‍රසාද් එක්ක ගත කරපු ඒ කෙටි කාලයේ විතරයි. 
ඒත් දැන් තේමියගෙ තත්වයත් එක්ක එයාට තීරණයක් ගන්න වෙලා. ඇය කල්පනා කලා. බොහෝ වෙලාවක් කල්පනා කරපු ඇය තීරණයක් අරගෙන වගේ සෝපාවෙන් නැගිට්ටා. ඇය තීරණය කලේ නුවර යන්න. 
එතකොට ප්‍රසාද්ගෙ අම්මත් තාත්තත් ඉන්න නිසා තේමියට තනි කමක් දැනෙන එකක් නෑ. මාසෙකින් විතර ඇය නුවර පාසලකට මාරුවක් හදාගෙන තේමියත්, ඇගේ තනි නොතනියට හිටපු සේවිකාව සුනීතත් එක්ක නුවර ආවා. තේමිය එයාගෙ සීයත් කිරි අම්මත් එක්ක ‍ගතකරනකොට කලින්ට වඩා කතා කරන බවත්, සතුටින් ඉන්න බවත් සරෝජා තේරුම් ගත්තා. හීන පේන එකනම් නතර නොවුනත් තේමිය ඇහැරෙන හැම වෙලාවකම ඇය ලග හිටියා. ඒ සිහින දකින එක ඇරෙන්න තේමිය ‍සාමාන්‍ය ප්‍රීතිමත් දරුවෙක් විදියට හිටපු නිසා සරෝජගෙ හිතේ තිබුනු බය ටික ටික අඩු වෙලා ගියා. සාමාන්‍ය පෙළ කරන වයසට එනකොට තේමියට එකම සිහිනට පේන එකත් නතර වුනු නිසා ඇයටත් ඒ ගැන අමතක වෙලා හැම කෙනෙක්ම සාමාන්‍ය ජීවිතයකට හුරු වුනා.                                                                                                            (මගේ පළවෙනි නවකතාවේ පළවෙනි කොටස)

ආයෙමත් මම තනි වෙලා.
තේමිය තමන්ටම කියා ගත්තා. සේරම ඉවර වෙලා කියල හිතුවත් කිසිම දෙයක් ඉවර වෙලා නෑ කියල ඔහුගෙ හිත කිව්වා. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුටම ඇහෙන්න ගත්තා.
පාලු රාත්‍රියෙ නිහඩතාවය බිදිමින් නැගෙන රළ ගැටෙන හඩ ටික‍ වෙලාවක් යනකොට තේමියට පැහැදිලිව ඇහෙන්න ගත්තා.
මම.. මම ඇස් තද කරලා පියා ගන්න ඕන..
ඔහු ඔහුටම කියා ගත්තා. විනාඩි දෙක තුනක් ගත වුනා. එ‍් වුනත් දිගටම ඇහුනෙ අර රළ බිදෙන හඩ විතරයි. ආයෙමත් ඇස් ඇරියා.
හරි කමක් නෑ. ආයෙමත් මම හුරු පුරුදු හීනෙම අතරමං වෙලා. ඇයි මම බය වෙන්නෙ.. මොනවටද? මම පොඩි ළමෙක් නෙමෙයිනෙ තවත්. අනික මම මොනවටද බය වෙන්නෙ. මේක හීනයක් විතරයි. තව ටිකකින් මාව ඇහැරෙයි. අම්මත් ඉදී.
ටික ටික ඔහු හිත හදාගත්ත. පරණ ඒ වුනත් හොදින් උණුසුම තියෙන සයනයක ඔහු හිටියා. තේමියගෙ ඇස් මුලු කාමරය දිහාම විමසිල්ලෙන් යොමු වුනා. මුලින්ම ඔහුගෙ ඇස ගැටුනෙ විශාල අල්මාරියක්. ඊට පස්සෙ දකුණු පැත්තට වෙන්න තිබුනු ජනේලය. පියන් දෙකම වහල තිබුනු ජනේලය දිහා ටික වෙලාවක් ඔහු බලාගෙන හිටියා. තවත් මොහොතක‍ට පස්සෙ ආයෙමත් කාමරය දිහා බලන්න ගත්තා. ඒක මුහුදු වෙරළක ඡායරූපයක්. කාමරයෙ වම් පැත්තට වෙන්න තිබුනු බිත්තියෙ එක කොනක එල්ලලා තිබුනු මේ සිතුවම දිහ ඔහු පුදුමයෙන් වගේ බලාගෙන හිටියෙ. කිසියම් හුරුපුරුදු බවක් තේමියට දැනුනා. ඒත් ඒ මොකක්ද කියන එක ඔහුට හිතාගන්න බැරි වුනා. ඒත් නොපැහිදිලි මතක වගයක් ඔහුගේ මනසේ ඇදෙන්න ගත්තා. ඒ ගැන තව තවත් හිතන්න ගත්තත් ඔහුට තේරුම් ගන්න බැරි වුනා. ඒ ගැන තවත් හිතන්න හිතන්න වුනේ නිකම්ම මනස වෙහෙසෙන එක. ටික වෙලාවකින් ඔලුව රිදෙනවා වගේ දැනුන නිසා තේමිය හිතන එක අත ඇරලා දැම්මා.
අද එළියට ගිහින් බලනවා. මම තවත් බය වෙන්නෙ නෑ.
ඔහු දොර ලගට ගියා. අගුල අතින් ඇල්ලුවත් දොර අරින්න තරම් ශක්තියක් තිබුනෙ නෑ. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුට හොදින් දැනුනා. අදහස අත් ඇරල ඇද උඩ ආයෙමත් ඉදගෙන හිටපු ඔහු ජනෙලය ලගට ගියා. ජනෙල් පියන් ටිකෙන් ටික ඇරපු ඔහු හදවත ගැහෙන වේගය ආයෙමත් ටික ටික සන්සුන් වෙන්න ගත්ත.
මේ තරම් ලස්සන දර්ශනයක්. ඔහු ඔහුටම මුමුන ගත්තා. පුර හද පායල සද එළිය ජනෙල් පියන් අතරින් ගලාගෙන ඇවිත් ඔහුව සිප ගත්ත. ඈත මුහුදු වෙරළ, සද එළිය වැටිලා දිලිසෙන මුහුදු ජලය ගල්කුලු වල හැපිල බිදෙන හැටි,තේමිය වශීවෙලා වෙලා වගේ ජනේලයෙන් එහා මැවිලා තියෙන සුන්දරත්වය දිහා බලාගෙන හිටියා.
හ්ම්ම්... ඔව් ඔව් අද ඉතින් පෝයනෙ.
තේමියගෙ ඇගේ සිසිල් සුළගක් ඇවිත් දැවටුනා.
මුහුදු සුළග සද එ‍ළිය කොහෙද මේ අපූරු තැන. මම ඉන්නෙ හීනෙක. ඒත් මට හිතන්න පුලුවන්. හරියට ඇත්ත වගේමයි. අනික එකම හීනෙ. අවුරුදු ගානකට පස්සෙ ආයෙමත් මම මේ හීනය දකිනවා.
මීට අවුරුදු 5කට විතර කලින් ඒ කියන්නෙ මම සාමාන්‍ය පෙළ කරන කාලෙ වෙනකම්ම මේ හීනෙ දැක්කා. කවුදෝ මා එක්ක කතා කරනවා වගේ දැනුනත් මට ඇත්තටම ඒ කටහඩ කියන දේ තේරුම් ගන්න බැරි වුනා.
ඒ ගැන මතක් වෙනවා එක්කම තේමියගෙ මුලු ඇගම සීතල වෙනව වගේ දැනුනා. ඒ දවස් වලනම් තේමිය කලේ ඇස් දෙක තද කරල පියාගෙන කන් දෙකත් අත් දෙකෙන්ම වහගෙන හිටපු එක. මුල්ම දවස් වල එයා මේ එකම හීනෙ දකින්න ගත්තම එයාට බය හිතුනා. ටික දවසකින් පුංචි තේමිය අම්මා ලග නිදා ගන්න ගත්තා. ඒත් මාසෙකට හතර පස් වතාවක්ම මේ හීනෙම දකින්න ගත්තා. ඒත් එයා බය නොවුනෙ ඇහැරෙන හැම වෙලාවකම අම්මා එයා ලග හිටපු නිසා.
ඉතින් එයාගෙ අම්මා වුනු සරෝජා මහානාම දහඩියත් දාගෙන ඇ‍හැරෙන, ගොඩක් වෙලාවට කිසිම කතා බහක් නැතුව දවස තිස්සෙම කල්පනා කර කර ඉන්න පුතා ගැන ගොඩක් බය වුනා. තවත් එයාට තේමිය දකින හීනය ගැන තේරුම් ගන්න බැරි වුනා. මාසයක් විතර බලලා එයා තේමියව ප්‍රසිද්ධ මානසික වෛද්‍ය වරයෙක් වන මිස්ටර් ගජේන්ද්‍ර ලගට එක්කගෙන ගියා. ‍මිස්ටර් ගජේන්ද්‍ර කිව්වෙ තේමියට කිසිම රෝගයක් තියෙන බව එයාගේ පරීක්ෂණ වලින් හෙලි නොවන බවයි.
ඒ වුනත් මේ සිහිනය තේමියගෙ ජීවිතෙත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියන එක මටත් තේරුම් ගන්න අමාරුයි මිසිස් මහානාම. සමරහ දේවල් තියෙනව වෛද්‍ය විද්‍යාවටත් තේරුම් ගන්න බැරි. එකම හීනෙ හැමවෙලාවකම පේන එක සමහරවිට....
සමහරවිට කිව්වෙ ඩොක්ට,
මම කිව්වෙ පුනර්භවය වගේ.. ඒ කියන්නෙ ‍මේ වගෙ සිද්ධි ලෝකෙ පුරා වාර්තා වෙලා තියෙනව.
ඔයා කියන්නෙ මගේ පුතා පෙර ආත්මය ගැන සිහින දකිනවා කියලද? ඒත් මම අහලා තියෙන්නෙ පෙර ආත්මය ගැන කියනව මිසක් හීන දකිනව කියල නෙමේනෙ.
මිසිස් මහානාම ඒක පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුලුවන්. කෙනෙක් පෙර ආත්මය ගැන කියනකොට තවත් කෙනෙක්‍ට ඒ ගැන මතක නැති වුනත් ගැඹුරු නින්දෙදි සිහිනයක් විදියට දකින්න පුලුවන්.
මොනදේ වුනත් මට මගෙ පුතාව නැති කර ගන්න බෑ. එයා අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්නව කතා බහ කරන්නෙ නෑ කාත් එක්කවත්. මට බයයි ‍තේමිය මට ඉන්න එකම දරුවා.
මට තේරෙනවා මිසිස් මහානාම. ඒ තරම් බයවෙන්න තරම් දෙයක් මටනම් පේන්නෙ නෑ. එයා සිහිනයක් දකිනව. එකම දේ. ඉතින් තේමිය බයවෙලා ඉන්නෙ. එයාව තනි කරන්න එපා. හැමවෙලේම එයත් එකක් කතා කරන්න. හරියට යාලුවෙක් වගේ එයාව ඇහුම්කන් දෙන්න. ‍ඩේ කෙයා(ර්) එකක එයාව තනියම දාල යන එකනම් මට අනුමත කරන්න බෑ. මොකද මේ වගෙ තත්වයක එයාට හොදටම ආදරේ තමා ඕන.
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරියක් වුනු සරෝජා ගෙදර ඇවිත් කල්පනා කරන්න ගත්තා.
‍මම මොකද කරන්නෙ ප්‍රසාද්වත් හිටියනම්.
ඇයගෙ ඇස් වලට කදුලු ඉනුවා.
දේශපාලනය .දේශපාලනය ප්‍රසාද්ව බිලි ගත්තා. එයා යුක්තිය මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ගිහින් ජීවිතේ නැති කරගත්තා. ඒ අපිවත් පන පිටින් මරලා.
තේමියට මාස තුනක් වෙන්නත් කලින්ම නන්නාදුනන තුවක්කුකාරයෙක්ගෙන් වෙඩි කාලා මැරුනු ප්‍රසාද් ගැන ඇයට ආපු තරහ‍ යටපත් කරගෙන ආව වේදනාවට ඇගේ ඇස් වල කදුලු පිරුනා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදි ‍ප්‍රසාද් එක්ක සරෝජා ඇති කරගත්ත සම්බන්ධයට අගනුවර ප්‍රසිද්ධ දේශපාලකයෙක් වුනු සරෝජගෙ තාත්තා කවදාවත්ම කැමති වුනේ නෑ. ගොඩක් බාධක මැද රැකගෙන හිතුවක්කාර විවාහයකින් කෙලවර වුනු සම්බන්ධය එහෙන් පිටින්ම විනාශ වුනේ ප්‍රසාද්ගෙ දේශපාලන වැඩ නිසානෙ කියල ඇය‍ට හිතුනා. නැත්නම් අදත් එයා ජීවත් වෙයි.
එහෙනම් මට මේ තරම් දුකක් නෑනේ.
නුවර ප්‍රසාද්ගෙ දුප්පත් අම්මා තාත්තා එක්ක සරෝජා තේමියත් එක්ක තනි වුනා. ඇය කොළඹ විදපු සැප පහසුකම් එකක් නුවර ජීවිතයට හුරු වෙන එක ඒ තරම් ලේසි වුනේ නෑ.
මොනතරම් තද ගතිගුණ තිබුනු මනුස්සයෙක් වුනත් සරෝජගේ තාත්තට අම්මත් නැතිව හැදුනු සරෝජා දුක් විදිනව බලන් ඉන්න බැරි වුනා. එයාව තේමියත් එක්ක කොළඹට ගෙන්න ගත්තා. ප්‍රසාද්ගෙ දෙමවුපියො ඒ ගැන විරුද්ධ නොවුනත් ඇයත් මුනුපුරත් ඈත් වුනු වේදනාව ඔවුන්ට හොදටම දැනුනා. මිස්ටර් මහේන්ද්‍ර ඒ කියන්නෙ සරෝජගෙ තාත්තාගෙ බලයත් එක්ක ඇයට කොළඹ ප්‍රසිද්ධ පාසලක‍ට ගුරු පත්වීම ලැබුනා.
ඒත් එක්ක ඇගේ හිතේ වේදනාවත් ටික ටික අඩු වුනා. අද වෙනකම්ම ඇය ඒ ඒකාකාරී ජීවිතයට හුරු වෙලා හිටියා. මහා විශාල ගෙදරක ඇයත් මෙහෙකරුවොත් තේමියත් ජීවත් වුනා.
‍සාරෝජගෙ අම්මා හිටියෙ එංගලන්තෙ ඇය දන්න කාලෙ ඉදන්. ඒ ඇගේ විදේශික සැමියත් එක්ක.
තාත්තත් අම්මගෙ වෙන් වුනාට පස්සෙ තමන්ටත් වඩා අවුරුදු 15ක් විතර බාල වුනු දෙවන බිරිදත් එක්ක වෙනම ගෙදරක හිටියෙ. සරෝජා කුඩා කාලෙ ඉදන්ම ගත කරපු හොස්ටල් ජීවිතය නිසා දැන් ගත කරන ජීවිතේ වෙනසක්දැනුනෙත් නෑ. එකම වෙනස තිබුනෙ ප්‍රසාද් එක්ක ගත කරපු ඒ කෙටි කාලයේ විතරයි.
ඒත් දැන් තේමියගෙ තත්වයත් එක්ක එයාට තීරණයක් ගන්න වෙලා. ඇය කල්පනා කලා. බොහෝ වෙලාවක් කල්පනා කරපු ඇය තීරණයක් අරගෙන වගේ සෝපාවෙන් නැගිට්ටා. ඇය තීරණය කලේ නුවර යන්න.
එතකොට ප්‍රසාද්ගෙ අම්මත් තාත්තත් ඉන්න නිසා තේමියට තනි කමක් දැනෙන එකක් නෑ. මාසෙකින් විතර ඇය නුවර පාසලකට මාරුවක් හදාගෙන තේමියත්, ඇගේ තනි නොතනියට හිටපු සේවිකාව සුනීතත් එක්ක නුවර ආවා. තේමිය එයාගෙ සීයත් කිරි අම්මත් එක්ක ‍ගතකරනකොට කලින්ට වඩා කතා කරන බවත්, සතුටින් ඉන්න බවත් සරෝජා තේරුම් ගත්තා. හීන පේන එකනම් නතර නොවුනත් තේමිය ඇහැරෙන හැම වෙලාවකම ඇය ලග හිටියා. ඒ සිහින දකින එක ඇරෙන්න තේමිය ‍සාමාන්‍ය ප්‍රීතිමත් දරුවෙක් විදියට හිටපු නිසා සරෝජගෙ හිතේ තිබුනු බය ටික ටික අඩු වෙලා ගියා. සාමාන්‍ය පෙළ කරන වයසට එනකොට තේමියට එකම සිහිනට පේන එකත් නතර වුනු නිසා ඇයටත් ඒ ගැන අමතක වෙලා හැම කෙනෙක්ම සාමාන්‍ය ජීවිතයකට හුරු වුනා. 


 ඉතිරි කොටස ලඟදීම බලාපොරොත්තු වන්න .

ආත්මා නවකතාවේ අයිතිකරැ වන්නේ ජේ.ඒ භාග්‍යා ජයරත්න වේ .
කර්තෘ අයිතිය සුරකින්න.ස්තුතියි

Comments

  1. කතාව හොදයි වගේ.. බලමුකෝ එහෙනම් ඉතුරු ටිකත් කියවලම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා බලාපොරොත්තුවෙන් සිටින්න විනිවිද ලෝකය සමඟ ස්තුතියි අදහසක් පලකීරීමට

      Delete

Post a Comment

Popular posts from this blog

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින්
පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා
කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා
නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට
කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත්
කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා
.
හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ
ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ට්‍රැක් …

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි 
-චේතිය-
සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත
-චේ-
වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ
 -චේ-
කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ?
-චේ-
කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී . 
-චේතිය-
සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී 
නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට
-චේ-
අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න .
-චේතිය-
කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ?
-චේතිය-
ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම .
-චේතිය-
කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි.
-චේතිය-
අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුවත් අපිටත් දිනක කරදයක් පැමිණි ව්ට හෝ ගැටලු මත…

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා.

campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්..

තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි.. යාලුව…