Skip to main content

මායාවී - 2වන කොටස













2 වන කොටස..

තාත්තගෙන් ගලවපු රුපියල් සීය මාරු කරගත්තොත් ඉතුරු සල්ලිත් මාරු වෙලාම යන ලෝබ කමට බස් එකේ එල්ලෙනවා වෙනුවට කකුල් වලට වැඳගෙන හංදිය කරා පයින්ම යන ගමනට බැස්ස. මේ වෙලාවට කාක්කෝ ඇරෙන්න මිනිස්සු එච්චරම නැත්තේ සේරෝමල ජිවිත සටනට බැහැල නිසා වෙන්න ඇති.. " මට තමයි බරපතලක් නැත්තේ" මංම හිතුව. ඒත් ඉතින් මට වඩා රස්තියාදුකාරයෝ කොච්චරද.. "ඒත් ඒ රස්තියාදුකාරයෝ මිස රස්තියදුකාරියෝ නෙවේනේ" ඕන් ඉතින් යටි හිතට පණ ඇවිත්...

කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හා සමාන ජිවිතයක් ගෙව්වට ඒක වැරදි කියන එක මං කරන කියන දේවල් වැරදි කියන එක මට නොතේරෙනවා නෙවේ.
ඒත් මේ සම්මතයි කියන කොටුවෙන් ටිකක් පැනලා ගිහින් ජිවිතේ විඳලා බලන්න මට මාර ආසාවක් තියෙන්නේ...

අනං මනං ලදරන් හිත හිතා හන්දියටම ඇවිත් මං පොලාට මෙසේජ් එකක් දැම්මා.

විනාඩි දහයක් විතර ගෙවෙද්දී ඔන්න පොලා එනවා ගාට ගාට... අනේ හැබෑට මුනුත් කොල්ලොනේ.. ඉබ්බෙක් උනත් ඔයිට වඩා හයියෙන් එයි...

"මායා මචී... යන්ද තැඹිලි ගෙඩියක් ගහන්න"

"ඇයි මොකෝ උඹට?

"නෑ බං ඊයේ දාපු ඩ්‍රින්ක් එකට ඔළුව බරයි වගේ බං තාම"

"ඉඳකින් තොපි වගේ සෙම යක්කු... යකෝ මාත් උඹලත් එක්කම නේ බං බිව්වේ"... මං ඇහුවේ පොලාගේ ඔලුවට ටොක්කක් අනින ගමන්මයි..

"උඹ ඉතින් බේබද්දෙක්ට වඩා හොඳට බොනවනේ බං"

" අනේ මේ නිකා හිටපන් බං"

පොලයි මමයි සුනිල් අයියගේ වලේ කඩේට බැස්සා. අපි හැමදාම සෙට් වෙන්නේ සුනිල් අයියගේ කඩේට තමයි. මුලදී මුලදී මගේ සිගරට් බීමට එරෙහිව උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත් කරපු සුනිල් අයියා දැන් නිකන් හිලෑ කරපු සතෙක් ගානට සද්දයක් නැතුව ඉන්නවා.

සුනිල් අයියට කියල තැඹිලි ගෙඩියක් කපා ගත්තු මායි පොලයි පැත්තක ඉඳගෙන කතාවක් දාගෙන හිටිය. ටිකකින් පොලා ඔලුවෙන් මට මොනාද පෙන්නන්න පටන් ගත්ත.

"කියන ලබ්බක් සිංහලෙන් කියහන් කෝ" මං පොලාට දෙස් දෙද්දී කටේ තියන් හිටපු බටේ අත ඇරපු පොලා "බලපන් කවුද එන්නේ කියල" අත දික්කලා.

"නවීන්.."

සෙනග අස්සෙන් අපේ පැත්තට එන නවීන් දැකල මං අහක බැලුවා.

"මායා.."

"මොකද" මං ටිකක් සද්දෙට ඇහුව..

"පොලා බලපන්කො මෙයාගේ ගණන්"

"ඇත්තනේ බං උඹ දැන් සති දෙකක් තිස්සේ අතුරුදහන් නේ"

" නෑ බං මං පොඩි බිස්නස් එකකට සෙට් උනා" කියපු නවීන් මගේ කරට අතක් දැම්මා.

නවීන් කියන්නේ අවුරුදු හතරක් තිස්සේ මගේ ආදරේ... එයා ගෙවන්නේ අමුතු ජිවිතයක්... කවදාවත් හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි නොකරපු නවීන්ව කන්ටැක්ට් කරගන්න තිබ්බ එකම මාර්ගේ ගෙදර ලෑන්ඩ්ෆෝන් එක විතරයි. ගෙදරත් නොහිටියොත් එයාව අල්ල ගන්න බැහැ ලොවෙත්. නවීන් හිටියෙත් අලව්වේ.. ගෙවල් දන්නවා උනත් ළඟ පාත නැති නිසා යන්නේ කලාතුරකින්. ඊට අමතරව නවීන්ට තිබුන නවත්ත ගන්න බැරි නරක පුරුද්දක්... නවීන් හිටියේ කුඩු වලට ඇබ්බැහි වෙලා... ඒකෙන් එයාව කොච්චර ගලවගන්න හැදුවත් බැරි වග තේරුණා. ඒත් නවීන් අත ඇරලා දාන්න මට තවමත් බැහැ.

"මොනාද කල්පනා කරන්නේ?"

"පැකට් එක මතක් වෙලාද මෙහෙ ආවේ?" මං නවීන්ගේ මූණ දිහා විපරමෙන් බැලුවා. ලාවට රතු පාට වෙලා බාගෙට පියවෙන්න හදන ඇහි පිල්ලම් වලින් නවීන්ගේ වෙනස මං අඳුන ගත්ත.

"නෑ නෑ සුදූ... ඔයාව මතක් වෙලා ආවේ"

"මේ නවීන්.. ඔයාගේ ඔය බණ වෙන කාට හරි කියන්න... අවුරුදු හතරක් තිස්සේ ඔය බණ මං අහල තියෙනවා කණ් බෙර බහිනකල්"

මං නවීන්ගේ අත ගසල පොලා ළඟ ඉඳගෙන උගේ උඩ සාක්කුවෙන් සිගරට් එක අරන් පත්තු කළා.

"නවියා .. සිරාවටම උඹට ඕක නවත්ත ගන්න බැරිද බන්? බලපන් උඹ උඹේ ජීවිතෙයි මේකිගේ ජීවිතෙයි දෙකම කාලකන්ණි කරගන්න නේ හදන්නේ"

නවීන් කතාවක් නැතුවම ඇවිත් අපිට ඉස්සර තිබුණු ලී පෙට්ටිය උඩ ඉඳගත්ත. මාත් බිම බලාගෙනම දුම් උගුරු තුන හතරක් ඇරිය. ටිකකින් පොලාගේ අතට සිගරට් බාගේ දෙද්දී ඌ මට නවීන්ව ඇහෙන් පෙන්නුවා. ලී පෙට්ටියේ උඩ ඉඳගෙන හිටපු නවීන් කිර කිරා ඉන්නවා දැකපු මට සසරම කළකිරුණ.

"නවියා ... මොකෝ බං කරන්නේ අද?" පොලා ඇහුවේ මගේ හිත තේරිලා වගේ...

"අමිලලගේ ගෙදර අදිමුද? නවීන් ඇහුවේ මගෙන්.

"පොලා උඹත් යමන්.."

"හා යමන්කෝ එහෙනම්..." පොලයි මායි නවීනුයි එක පෙලට බස් හෝල්ට් එක පැත්තට වැටුන.

අයිතිය කර්තෘ සතුවේ උපුටා ගැනීම තහනම්.

Comments

Popular posts from this blog

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින්
පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා
කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා
නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට
කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත්
කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා
.
හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ
ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ට්‍රැක් …

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි 
-චේතිය-
සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත
-චේ-
වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ
 -චේ-
කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ?
-චේ-
කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී . 
-චේතිය-
සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී 
නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට
-චේ-
අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න .
-චේතිය-
කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ?
-චේතිය-
ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම .
-චේතිය-
කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි.
-චේතිය-
අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුවත් අපිටත් දිනක කරදයක් පැමිණි ව්ට හෝ ගැටලු මත…

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා.

campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්..

තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි.. යාලුව…