Skip to main content

අරමුණු අමතක කළ ආදරයක් ... - කෙටිකතාවක් (සයිබර් පන්හිදෙන්)

හැකි නම් අදහසක් පළ කර යන්න එය කර්තෘ වෙනුවෙන් ධෛර්යක් වේ.




 
අරමුණු අමතක කළ ආදරයක් ...

මල් සුවඳක් දැනුන නිසා මම ඉක්මනට ඇස් ඇරලා බැලුවා. මම සූදානම් උනේ ඉක්මනට එතනට යන්නයි.ඒත් මට දැනුනෙ ලොකු අප්‍රානික බවක්. ඒ නිසා මම එහෙමම වැතිරිලා ටිකක් වෙලා කල්පනා කලා.
ටිකක් වෙලා යද්දි මට මතක් උනා පසු උන දේ ගැන. මම බැලුවා එයා ඉඳගෙන හිටිය තැන. එයා එතන නැහැ.ඒ වෙලාවෙ එයාගෙ අතේ තිබුන පොඩි පොතෙන් ඉරී වැටුන කොළයක් විතරක් එතන තිබුනා. මට නිකමට වගේ හිතෙනවා අර කවිය ඒ කොළේ ඇති කියලා.
මට මතක් වෙනවා මම එයා ළඟට ඇදිලා ගිය විදිය.

* * * * * * * * * * * * *

දවසක් මම රොන් හොයන්න පියඹාගෙන යද්දි මම දැක්කා එයා මෙතන පොතක් කියවනවා. මම ආවෙ වෙන දෙයකට උනත් මම එයා ළඟට ගිහින් කතා කලා. එයා හරි අහිංසක විදියට මාත් එක්කලා කතා කලා.

"ඔයා මොනාද මෙතන කරන්නේ...?"
"මම පාඩම් කරනවා මී මැස්සෝ..."

මට හිනා ගියේ ඉබේටම.

"මොකද මී මැස්සෝ හිනා වෙන්නේ...?"
"මම මී මැස්සෙක් නෙවෙයි, මී මැස්සියක්. ඔයා දන්නේ නැද්ද මල් වල රොන් ගන්න එන්නේ මී මැස්සියෝ බව...?"
"මට අමතක උනා පුංචි මී මැස්සියේ ඒක."

එයා එහෙම කීවෙ හිනාවෙවී. මම ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. ඉඳලා තවත් ටිකක් ළඟට ගියා.

"මම ආසයි ඔයත් එක්කලා කතා කරන්න. මම ඔයාගෙ පොත උඩින් ඉඳ ගන්නද...?"
"එන්න එන්න, මෙතනින් ඉඳ ගන්න"

මම ඉක්මනට පියඹාගෙන ගිහින් එයාගෙ අතේ තිබුන පොත උඩ ඉඳ ගත්තා. එයා හිනා වෙවී මම කරන දේ බලාගෙන හිටියා. හරි බරි ගැහිලා ඉඳගෙන මම කතාව පටන් ගත්තා.

"ඔයාගෙ නම මොකක්ද...?"
"ඔයා කොහොමද දන්නේ මට නමක් තියෙන බව...?"
"මට ඇහිලා තියෙනවා ඔයාලට එක එක නම් කියනවා. ඉතින් මට හිතුනා ඔයාටත් නමක් ඇති කියලා, ඒ නිසයි ඇයුවේ."
"ඔව් මී මැස්සියේ, මටත් නමක් තියෙනවා."
"මොකක්ද ඒ...?"
"මගෙ නම රංජිත්."
"රංජිත්........."

මම හිනාවෙවී ආයිත් එයා ගෙ නම කීවා.

"ඔව් මී මැස්සියේ, මම රංජිත්. ඔයා කවුද..."
"මට නමක් නැහැ රංජිත්. මම මී මැස්සියක්."

මම හිනාවෙවී කීවා. එයත් හිනා උනා.

එදා මම ගොඩාක් රෑ වෙනකල්ම රංජිත් එක්කලා හිටියා. එයා පොත කීයෙව්වා. මම එයාගෙ කමිස අත උඩ වාඩි වෙලා එයාගෙ මූණ දිහාවෙ බලාගෙන හිටියා. කලුවර වැටීගෙන එද්දි රංජිත් ගියා, එයා ඉන්න තැනට.

ඒත් ඒ වෙලාව වෙද්දි මට මගේ මී වදයට එන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.කලුවර නිසා මට යන්න පෙනුනේ නැහැ. ඊටත් වඩා මම එක පැණි බිංදුවක්වත් ඒ වෙලාව වෙද්දි හොයාගෙන තිබුනෙ නැහැ. ඒ නිසාම මම එහෙමම හිටියා.

* * * * * * * * * * * * *

ඊට පස්සේ මම කිසිම දවසක ආයිත් ආපහු මගේ මී වදයට ගියේ නැහැ. හැමදාම රංජිත් දකින්න ආශාවෙන් එතන හිටියා. රංජිත් හැමදාම පොතක් අරගෙන එතනට ආවා. මම එයාගේ අත උඩ ඉඳගෙන හිටියා.

සමහර දවසට එයා මගෙ තටු අල්ලලා එහාට මෙහාට කරලා බැලුවා. සමහර දවසට මගෙ දිහා හරිම උවමනාවකින් බලාගෙන හිටියා. එයා මගේ තටු ඇදලා බලන එක මට වේදනාවක් උනත් මම ඒ හැම එකක්ම විඳ ගත්තේ ලොකු ආශාවකින්, ආදරයකින්.

දවසක් රංජිත් එයස්ගෙ පොතෙන් කොළයක් ගත්තා.

"මී මැස්සියේ..."
"ඇයි රංජිත්...?"
"මම ඔයා ගැන පුංචි කවියක් ලිව්වා..."

මම ටිකක් හිනා උනා, ඒත් ලොකු සතුටකින්. ආදරයකින්.

"මේ තියෙන්නේ ඒක."

රංජිත් ඒ කොළේ මගෙ ළඟින් තිබ්බා.

"ඔයා ලිව්වට මට කියවන්න දන්නේ නැහැනේ, ඔයාම කියවන්න."

මම එහෙම කිව්වම රංජිත් ඒක මට ඇහෙන්න කියෙව්වා. දැන්නම් මට ඒක සම්පූර්ණයෙන්ම මතක නැහැ. මේ සාරාංශය.

මලක් සහ මී මැස්සෙක් අතරෙ ආදරෞයක් ගැනයි ඒකේ තිබුනේ. මලකින් රොන් ගන්න එන් මී මැස්සා පෙම්වතා ලෙසත්, මල පෙම්වතිය ලෙසත්, හිතන කවියෝ ඒ ගැන වර්ණනා කරනවලු. ඒ කවිය ඉවර කරලා තිබුනේ මෙහෙමයි.

"එහෙත්.......
මල්වල රොන් ගන්න එන්නේ
මී මැස්සන් නොව,
මී මැස්සියන් ය.
ඉඳින්.........
එය කෙසේ සිදුවෙද්ද.........?"

ඇත්තටම මලකට රොන් ගන්න එන්නේ මී මැස්සියෝ නිසා ඇයට පෙම්වතෙක් වෙන්න බැහැ. ඇය මී මැස්සියක් නම් ඇයත් පෙම්වතියක් විය යුතුම්යි නේද...?

මමත් මී මැස්සියක්, ඒනිසා මමත් පෙම්වතියක් විය යුතුයි කියලා මට හිතුනා. මම පෙම්වතිය වෙන වෙලාවෙදි රංජිත් පෙම්වතා වෙනවා නම් ගොඩක් හොඳයි කියලත් මට හිතුනා.

මම රංජිත්ට ආදරය කලා. මම දන්නේ නැහැ රංජිත් මට ආදරය කලාද කියලා. ඒත්......... අපි ආශ්‍රය කලා.

මට ඒ කාලෙ මගෙ අනිත් අරමුණු හැම එකක්ම අමතක වෙලා ගියා. මට මතක තිබුන එකම දේ මම රංජිත්ට ආදරය කළ බව විතරමයි. මම ආශාවෙන් රංජිත්ට ලං වෙලා එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා. මට ආශා හිතුනා මගේ සිනිඳු අත්තටු වලින් එයාගෙ මූණ පිරිමදින්න. ඒත් මම එහෙම කලේ නැහැ.

* * * * * * * * * * * * *

අද හවසත් රංජිත් ආවාම මම එයාගේ ළඟට ගියා.

"මී මැස්සියේ..."
"ඇයි රංජිත්...?"
"මම මීට පස්සේ මෙහෙ එන්නේ නැහැ මී මැස්සියේ."
"ඇයි ඒ...?"
"ඔයා දන්නවද, මම ඉගෙන ගන්න ළමයෙක්. මම ගොඩාක් සත්තු ගැන ඉගෙන ගන්නවා."
".................."
"මම මේ දවස්වල ගොඩාක් ඉගෙන ගත්තේ මී මැස්සෝ ගැන. මට ඉගෙන ගන්න ඔයා ගොඩාක් උදව් කලා මී මැස්සියේ. එකට ඔයාට ගොඩාක් ස්තූතියි. මම දැන් මෙහෙන් යනවා."

මට හිතා ගන්නවත් බැරි උනා මේ මොකද උනේ කියලා. මම රංජිත්ට ආදරේ කලා, එයා මගෙන් ඉගෙන ගත්තා.

කමක් නැහැ. මම හිත හදා ගන්න උත්සාහ කලා. මගේ ආදරේ නිසා එයා මොනා හරි ඉගෙන ගත්තනේ, මම එහෙම හිතුවා.

* * * * * * * * * * * * *

මී මැස්සියෝ කියන්නේ ආදර්ස්‍යට උරුමකම් කියන අය නෙවෙයි. මී වදයක උනත් අපට ආදරය කරන්න අවසර නැහැ. ඒ තත්වය අමතක කරලා තමයි මම ආදරේ කලේ. මම මෙතනට ආ අරමුණ අමතක කරලයි මම ආදරේ කලේ.

මම රංජිත් ගේ මූණ දිහා බලාගෙන හිනා උනා ආදරයෙන්.

"ඉතින් මී මැස්සියේ, මම ගිහින් එන්නම්."
"හොඳයි රංජිත්."

තවත් එක සැරයක් මාව අතට අරගෙන මූණ ළඟටම ගත්ත රංජිත්, ළඟ තිබුන ගහක කොළයක් උඩින් මාව තියලා මගෙ දිහාවෙ බලාගෙන හිටියා. මම එයාගෙ දිහාවෙ බලාගෙන හිටියා.

ටික වෙලාවකින් එයා ගියා. මම එයා නොපෙනෙන තරම් දුරට යනකල්ම බලාගෙන හිටියා. ඊට පස්සේ මට ලොකු අප්‍රානික බවක් දැනුනා. එතන එයාගෙ පොතෙන් වැටුන කොළයක් තිබුනා.

අනෝමා ජානකී මිහිඳුකුලසූරිය.

උපුටා ගැනීම තහනම් කර්තෘ සතුව අයිතිය තිබේ

Comments

  1. මං කලිනුත් කිව්වා. මේ සුදු බැක්ග්‍රවුන්ඩ් එකේ ලයිට් කලර් අකුරු කියවන එක මහ වදයක්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින්
පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා
කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා
නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට
කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත්
කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා
.
හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ
ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ට්‍රැක් …

මගේ කියමන් !!!!!!!!!!!

කෙනෙකුගේ සිත සංකීර්ණ සංඛ්‍යාවල තාත්ත්ව්ක කොටස + අතාත්තව්ක කොටස වගෙයි 
-චේතිය-
සොදුරැ වේදිකාව මත නතර වුනු මාගේ සොදුරැ හදවත
-චේ-
වෙන් වී ගිය ඒ සදාකල් සිතු ම්තුරැ කම සදාකල් සිතේ සක්මන් කේරේ
 -චේ-
කෙනෙකු අප හැර යන්නේ අපේ සිතවළ දුක රඳවා ද නැත්තම් අපගේ සිත් දුකින් පුරවන්න සිතාද ?
-චේ-
කලා කාමී ආලය ඇත අන් සැම ආලයකම රසය. නැත නීතී නැත රහස් ඇත්තේ ආලය පමණී . 
-චේතිය-
සිත අයෙක් සොරා ගනී - ඒ සිත තවකෙක් සොරා ගනී 
නැවත ඒ සිත මා ගනී- නමුදු අයිතිය ඒ සිත වෙන අයෙකුට
-චේ-
අතීතය දුක්බරයි නමුදු ඒ අතීතය වේවා වර්තමානයේ ආදරයට ආදරය කරන්න .
-චේතිය-
කෙනෙකු ගැන සිතේ ආදරයක් තිබුනත් ඔහු හෝ ඇය හා කතා කීරීමට හෝ ඇය ලබා ගැනීමට නොහැකි නම් ඒ තරම් ශෝකන්ත දිවියක් තවත් තිබේද ?
-චේතිය-
ඔබට මට වැරදිමට හේතුවක් ව්ය හැක කෙනෙකු හෝ සැමවෝම හදවතින් ව්ශ්වාස කර සියල්ල ඔහු හෝ ඇය හෝ ඔවුන් සමඟ පැවසීම .
-චේතිය-
කෙනෙකු අප මඟ හැරයන්න උත්සාහ කරයිද ඒ ඔහු හෝ ඇය තුළ අප ගැන ඇති අකමැත්ත හෝ අප ගැන ඇති බිය විය හැක. එබඳු පුද්ගලයින් නොසලකා හැරීම එයට අපට ගත හැකි හොදම විසදුමයි.
-චේතිය-
අපි බෝහෝ දේ ජිවිතේ දේවල් විහිළුවක් සේ සැලකුවත් අපිටත් දිනක කරදයක් පැමිණි ව්ට හෝ ගැටලු මත…

SPLENDOUR OF YOUTH -බොක්කෙන් යාලුවෝ සහ නමට යාලුවො

ගෙදර පරිසරයෙන් මිදුනම අපිට හම්බෙන්නේ යලුවෝ.. යලුවෝ හින්ද ගොඩක් පුද්ගලයන් යහමගට මෙන්ම නොමගට යොමුවන්නත් පුලුවන් ඒත් මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නම් නෙමෙයි..අපි යාලුවො කියල හිතගෙන ඉන්න ගොඩක් පුද්ගලයෝ සැබෑවටම යාලුවෝද කියල ප්‍රශ්නයක් තියෙනවා.

campus එකක් ගත්තොත් විවිදාකාර පුද්ගලයන් අපිට හමුවෙනව,, ඇත්තම කියනව නන් රටේ හතර වටින් විවිද අදහස් තියෙන විවිද ගති ලක්ෂණ වලින් යුතු පුද්ගලයන් ඇවිත් කෙටි කාලයකින් යාලුවෝ වෙලා ඉන්නවා.ඔය අතර ලෝකේ කාලා වතුර බීපු එවුනුත් ඉන්නවා. ඒ වගේ මිනිස්සු අදුරගන්න සෑහෙන කාලයක් යනවා.. සමහර වෙලවට අවුරුද්දක් දෙකක් තුනක් එහෙමත් නැත්තන් ජීවිත කාලෙම ගියත් බෑ..ඔවුන්ට කතාවෙන් දක්ෂ ලෙස අනුන්ව රවට්ටන්න පුලුවන්.. දාගෙන ඉන්න හොද වෙස් මූනු ගැලවෙන්න කාලයක් ගතවෙනවා.. එවන් මිනිසුන්ව තෙරුම් ගන්න අවශ්‍යයි..යාලුවන් ඇතිකර ගෑනීමට ප්‍රතමයෙන් එවන් මිනිසුන්ව අදුරගත. හැකි නම් ඔහු දක්ෂයෙක්..

තව කට්ටියක් ඉන්නව උඩින් හොද මූන පෙන්නගෙන දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු,, තමන්ගේ උවමනාවන් කරගන්න හදන්නෙ හීන් සීරුවට.. කාගෙවත් මූනට මුකුත් කියන්නේ නෑ.. කලින් කිව්ව පිරිස වගේම ඔවුනුත් පට්ට කපටියි.. යාලුව…