Skip to main content

මායාවී නවකතාවක් ... පළමු කොටස ..

 



 01 - කොටස

"මායා, නැගිටිනවකෝ ළමයෝ... එකොළහත් පහුවෙලා... තවමත් නිදි... තාත්තල දුවල සේරෝම එකයි...."

"අනේ අපොයි උදේම පටන්ගත්තනේ මෙයාගේ ටකේ... " කටින් කියන්න බැරි තැන හිතින් එහෙම හිත හිතම ඔලුවේ හිටන් පොරවන් හිටපු රෙද්ද අයින් කළා මම. ඇස් දෙක ගිණිකන වැටෙන ගානට වැටුණු ඉර එළියටත් හිතින් බැන බැන මං නාන කාමරේ පැත්තට ගියේ සිගරට් එකත් අරගෙනමයි. ගෙදරට හොරෙන් සිගරට් බොන්න පටන් අරන් කාලයක් ගතවෙලා තිබුන. ඒත් දැන් ඒ තරම් ගෙදරට බයවෙන්න හේතුවක් මට පෙන්නේ නැහැ.

"මොකද්ද ළමයෝ ඔය නාන කාමරෙන් එන සිගරට් ගඳ? තාත්තත් ගෙදර නෑ. ඔය ළමය සිගරට් බොනවද?

" නෑ මං කුඩු ගහනවා... ඇයි අවුල්ද? ඔයා මගේ අම්ම නෙවෙයි... කුඩම්මනේ? ඒනිසා හැමේකටම ඇඟිලි ගහන්න එපා හරි?

" හරි හොඳයිනේ යකෝ ගෑණු ළමයෙක්ගේ කතාවයි වැඩ කරන විධියයි..."

"අනේ මේ..." කියාගෙන මං කාමරේට ආවා. ඔව් ... ඒ මගේ කුඩම්මා... මගේම අම්ම මාව දාල යද්දී මට අවුරුදු හතරයි. මාව හදාගත්තේ ආච්චි. ආච්චිගේ මරණෙන් පස්සේ මං තාත්තයි කුඩම්මයි ලඟට ඇවිත් තවම සති කීපයයි. මං හැදුනේ කාගේවත් යටතේ නෙවෙයි.. ඒ නිසා සමාජයේ සම්මතයි කියල තිබ්බ ගැහැණු විසින් නොකළ යුතු කියල තිබ්බ හුඟක් තැන් වලින් පැනල ගිය කෙනෙක් මං..

"අදත් එළියට යන්නද හදන්නේ? තාත්ත ඇහුවේ කාමරේට එන ගමන්...

"ඔව්, යන්නත් ඕනේ" මං උත්තර දුන්නේ තාත්තගේ මූණ දිහා නොබලාම.

"මායා.. ඊයේ එද්දිත් රෑ දහයත් පහුවෙලා. මං මීට කලිනුත් කිව්වා. මේක අපේ තැනක් නෙවෙයි. අනික උඹ ගෑනු ළමයෙක්. මට රටට ලෝකෙට මූණ දෙන්න ඉඩ තියපන්"

සුපුරුදු දෝස් මුරේ...

"හරි හරි තාත්තේ... අද නම් අට වෙනකොට ගෙට එනවාමයි... ඕන් කිව්වොත් කිව්වා ඈ.."

"උඹ හැදෙන විදිය... ඔය යන තාලේ එච්චර හොඳ නෑ"

"තාත්තේ රුපියල් සීයක් විතර ගන්න නැතිවෙයිද අතේ?"

"පර්ස් එකේ ඇති... හැබැයි සීයයි" කියාගෙන තාත්ත ගියා.

ඊයේ ඇඳපු ඩෙනිමම අදත් ගහමු කියල හිතාගෙන සුපුරුදු රවුම යන්න මමත් ලෑස්ති උනා...

කෝකටත් හන්දියට යන්න කලින් පොලාට කෝල් එකක් දීලම යනේක හොඳයි වගේ. ඌ හිටියේ නැත්තන් ආපහු එන්නයි වෙන්නේ. අනික උන්ගේ අම්මා දැක්කොත් ඉඳල ඉවරයි. පොලා... මගේ අවංක කොලු නඩේ එකෙක්...

කීප සැරයක්ම රින්ග් වෙච්චි පොලාගේ ෆෝන් එක අන්තිමේ ආන්සර් කළා

"හෙලෝ ...මචං පොලා... උඹ ගෙදරද? "

"මායා මචං තාම ඇඳේ බං"

"මං මේ රවුමක් දාන්න එන්න බං හැදුවේ... තාත්තගෙයි අපේ ටකරමෙයි දොස්මුරේ අහන් ඉන්න බෑ බං."

"හෙහ්... එහෙමත් සීන් කෝන් එකක්ද ..එහෙනම් වර.. ගේ ගාවට එන්න එපා. අපේ අම්ම දැක්කොත් තෝව කම්බස් කරයි.."
" එළ... මං ඇවිත් කෝල් කරන්නම් බොට... තිබ්බ එහෙනම් ඈ"

එළිබහින නැකතට තාත්තටයි ටකරමටයි හොරෙන් මං දකුණු කකුල තිබ්බ.

ලබන සතියේ හමුවෙමු ..

කතාවේ අයිතිය - කර්තෘ
උපුටා ගැනීම තහනම් .

Comments

  1. හ්ම්... අමුතු පටන් ගැන්මක්...
    ලියන්නකො ඉතුරු ටිකත්කියවන්න එන්නංකො...
    ජයවේවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................