Skip to main content

Posts

Showing posts from December, 2014

තාරුණ්‍ය ප්‍රේම තනුවේ වෙනස්ම විදිහේ තනුව අත්විදින්න (මීදුමි සිහිනේ ගීතය)

මෙි සා විසල් අහසක් යට , අයාලේ ගිය ජීවිතේ . සිහින සාප්පු ව , මායාවි ඇතුළු තවත් නවකතා කෙටි කතා කියවන්න ගොඩවන්න සයිබර් පන්හිදට

http://cyberpanhinda.com/ ‘‘තෙනුල ….‘‘ (මෙි සා විසල් අහසක් යට 11 වන කොටස ) ‘‘තෙනුල ….‘‘ මනුදි මිස් මා දෙස හැරී මා දෑස් අල්වා ගත්තේ ඈ මත රැදි මා දෑස් ඇගෙන් මුදවා ගන්නටත් මත්තෙන් වාහනය පාරේ පසෙක නවත්වන ගමන්ම ය. අවකාශගත කරන්නට දහස් ගණනක් වදන් මුව තුල වුව ද කිසිවක් කියා ගත නොහැකිව මුව ගොලු ය. ‘‘මට උදවුවක් ඕන ඔයාගෙන්…‘‘ පිළිතුරක් දෙන්නටත් මත්තෙන් මනුදි මිස් තව තවත් වදන් මුදා හරියි.. ‘‘ කියන්න… සදරු සර් වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා‘‘ මම නොසිතාම පවසමි. මට ඇයට මිස් කියන්නට ලෝබ ය. එබැවින් මම කිසිත් නොකියා එසේ පිලිතුරු බැන්දෙමි. ‘‘ ආ….. එහෙනම් වැඩක් නෑ.. මං වෙනුවෙන් නෙවෙයි නෙ මේ උදවු කරන්නෙ සදරු සර් වෙනුවෙන්නෙ… වැඩක් නෑ..“ ඇය නෝක්කාඩුවෙන් මෙන් ඉවත බලන්නී ය. මම ඇය දෙස බලාහිදිමි. මට සෝමතිලක ජයමහ ගේ ගීතයක් මතක් විය. ‘‘මහ වරුසාවට පසුව පෙනෙනෙ සද වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි“ රිය අවදිවෙයි. නාවල පාරේ අපි නැවතත් සෙමින් සෙමින් පාවෙයි. මට දුක සිතුණි. ඇය ට කිසිවක් කියන්නට අවැසි මුත් මුව ගොලු ය. මට ඇය සමග ඇත්තේ සදරු සර් සමග ඇති සම්බන්ධතාවය මත

සයිබර් පන්හිඳ අඩවියක් වෙයි ..

එක්වෙන්න අප සමගින්.. සයිබර් අවකාශයේ හමුවන මිනිසුන්ට ආදරයෙන් ජීවිතය කියාදෙන සුන්දර නවාතැන්පොල... ජීවිතය කියන්නේ හරි අමුතු ම කලාවක්. හැමෝට ම මේ කලාවේ ජිවත් වෙන්ට පුළුවන්. හැබැයි ඔවුන් මේ කලාව තේරුමක් අර ගන්න විදියට තමයි විශාරද නිපුන් කියන තත්වය ට පත් වෙන්නේ. මේ කලාව අයිති අපිට විතරක් නෙමේ. සතා සිව්පාවටත් මේ අමුතුම කලාව අයිතියි. නමුත්, උසස් කියන මානසිකත්වයෙන් අපි මේ කලාව රහ කරන්නේ කොහොමද, අලුත් විදියට හිතන ගමන් ධාර්මිකව කලාවේ පතුල හොයන්නේ කොහොමද? දාර්ශනිකත්වයෙන් එහාට ගිය ෆැන්ටසියක් අරගෙන අපි සයිබර් අවකාශයේ අලුත් ජිවිතයක් හදන්නයි මේ උත්සාහය. අපි ජිවිත කලාව නැවුම් විදිහකට හොයමු. සයිබර් පන්හිඳත් එක්ක එන්න . මේ පාරෙන් අපි ජිවිතේ අලුත් අරුතක් දකිමු. සයිබර් පන්හිදත් සමගින් එක්වන්න ඔබත්... යොමු කරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com වෙත.