Skip to main content

Posts

Showing posts from May, 2014

ආත්මා නවකතාවේ තුන්වන කොටස............

මෙතෙක් කතාව
මෙම කතාව තේමිය නැමති තරුණයා දකින සිහිනයක් වටා බැදී පවතී. ඔහු කුඩා කල සිට එකම සිහිනයක් දැකින අතර මෙය තේමියටත් ඔහුගේ මවටත් ගැටලුවක් බවට පත්වේ. අවසානයේදී තේමියගේ මව අගනුවර හැරදමා ඇගේ මිය ගිය සැමියාගේ නිවස පිහිටා ඇති නුවර ප්‍රදේශයට තම එකම දරුවා සමග පැමිණ ගුරුවරියක් ලෙස සේවය කරයි. කාලයත් සමග ඔහු දකින සිහිනය ටිකෙන් ටික මගහැරී ගොස් සාමාන්‍ය දරුවකු බවට පත්වේ. එහෙත් උසස් පෙළද අවසන් වී සරසවි දිවියට ඇතුලතු වීමට සිටින ඔහු එදින රාත්‍රියේ නැවතත් මෙම සිහිනය දකින අතර එයින් ඔහු කැළඹීමකට පත් වේ.

අද එතැන් සිට
අගනුවර දෙසට වේගයෙන් ඇදී ගිය මෝටර් රථය විශ්ව විද්‍යාල භූමියට ඇතුලු වන විට වෙලාව දහයට ආසන්න වෙලා තිබුනා. වැඩි කතා බහකින් තොරව ගතවුනු ගමන අවසන් කරල තේමිය කාර් එකෙන් බහින ගමන් තිලක් දිහා බැලුවා.
මහත්තයා මම කාර් එක මේ හරියෙන් නවත්තගෙන ඉන්නම්. මහත්තය රෙජිස්ට්‍රේසන් වැඩ කරගෙන එන්න. ඕන උනොත් මට කෝල් එකක් ගන්න.
තේමිය සෙමින් සෙමින් ඉදිරියට ගියා. ඇත්තටම මොනතරම් සුන්දර පරිසරයක්ද ඔහුට හිතුනා. එක් පසකින් ‍පේන ක්‍රීඩාංගනය, මග දෙපස තිබුනු ගස් වැල් මොහොතකට ඔහුගෙ හිත පැහැර ගත්තා. අවුරුදු හතර ලස්සන කාලයක…

ආත්මා නවකතාවේ දෙවන කොටස.....තේමිය උසස් පෙළත් ඉවරලා...

කාල‍යත් ගතවෙලා ගිහින් දැන් තේමිය උසස් පෙළත් ඉවර කරල සරසවියට යන්න ඔන්න මෙන්න කියල හිටියෙ. අද තමා තේමියට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න තිබුනු දවස. සරෝජා උදේම ඇහැරුනා ඒ පාන්දර දෙකට විතර. තේමියගෙ කාමරට එබිල බලපු ඇය දැක්කෙ තේමිය තද නින්දේ ඉන්න හැටි. ඉතින් ඇය ටික වෙලාවක් තමන්ගෙ පුතා දිහා බලාගෙන ඉදලා කුස්සියට ගියෙ කල්පනාවෙන් බර වෙලා. ඒ වෙනකොටත් සුනීතා කුස්සියට ඇවිත් හිටියා.
සුනීතා දැන්මම ඇහැරුනාද?
ඔවු නෝනා මට හරියකට නින්ද ගියෙ නෑ. පුංචි මහත්තයා ඕවගේ දුරක් යනවමනේ.
මටත් එහෙම තමා. කො තාත්තා වගේමනෙ කියන දෙයක් අහන ළමයෙක් කියලයෑ. මගේ මනාපයක් නෑ විශ්වවිද්‍යාලෙ යන එක ගැන. මට ප්‍රසාද්ව නැති වෙලා ඉවරයි. මට මගෙ පුතාවත් නැති කර ගන්න බෑනෙ සුනීතා.
සුනීතටත් ඇත්තටම බය තිබුනත් තවත් ගිනි ගන්න හිතකට පිදුරු දාන්නෙ මොකටද කියල හිතල
ඒත් නෝනා දැන් ඒවගේ කරදර නෑනේ. දැන් හැමදේම හොදයි කියනවනෙ. අනික එහෙ මහේන්ද්‍ර ලොකු මහත්තයත් ඉන්නවනෙ. පොඩි මහත්තයට පන වගේ ආදරේනෙ. එක අතකට බය වෙන්නෙ මොකටද නෝනා.
හ්ම්ම්... සුසුමක් පිට කලා මිසක් සරෝජා කිසිම දෙයක් ඒකට කිවුවෙ නෑ.
ඇයටත් හිතට හයියක් වුනේ ඇගේ තාත්තා තේමිය ගැන බලයි කියන එක.
නෝනා තේ හදන්නද? …