Skip to main content

Posts

Showing posts from November, 2020

රාජාලියන් එක්ක පියාඹන්න ඕනේ නම්, තාරාවෝ එක්ක පීනන එක නතර කරන්න

  @තිළිණ ගාල්ලගේ අපි හැමෝගෙම ජීවිත හැමදාම එකම විදිහට හෙමීට ගලාගෙන යන්නේ නෑ. පුංච් හරි හැල හැප්පීමක් නැත්නම් ජීවිතේ කියන දේ දැනෙන්නෙත් නෑ. අපි වටේ ඉන්න දෙනෝ දාහක් අතරේ ඇත්තටම අපේ කියලා තෝරාගන්න පුළුවන් මිනිස්සු කව්ද කියලා අදුනගන්න නම් අපි වැටෙන්න ඕනේ. අපිට ‍ රිදෙන්නේ ඕනේ. ඒ වෙලාවට කීදෙනෙක් ළඟ ඉදීවිද? බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා "කිසි කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අසීමිතව වග කියන්නේ නෑ" කියලා. ඇත්ත නේ. කතාවට මොන තරම් දේවල් ලස්සන කරලා කිව්වත් තව කෙනෙක් එක්ක අපිට යන්න පුළුවන් දුර සීමාවක් තියෙනවා. අපි විරහව කියලා කියන්නේ ඒ සීමාව ඉවර වෙන තැනට. වෛර බඳින්න, පලිගන්න, මඩ ගහන්න පටන් ගන්නේ එතැනදී. එහෙම නොවී සීමාව ඉවර වෙන තැනුත්.... කියවන්න සම්පුර්ණ වචන ගොඩවන්න : https://wachana.lk/others/others/3/

විකසිත වන්නට පෙර නෙළූ ‘‘සිස්ටමික් ඇස් අග’’ මල් පොකුර

@ ජයසිරි අලවත්ත 2016 වසරේ දී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් මෙහෙයවනු ලැබූ වැඩමුළුවකට සහභාගිවීමේ අවස්ථාව උදා විය. එම වැඩමුළුවේ දී 2025 වසර වන විට හෝ යුද හමුදාවක් නොමැති ලංකාවක් බිහි වෙන්නේ නම් ඒ සඳහා කැමති අය එක් පසෙකටත් අකමැති අය අනෙක් පසටත් වන ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පැවසුවේ ය. වැඩමුළුවට සහභාගි වූ 28ක් හෝ 30ත් පමණ වන පිරිස අතුරෙන් ‘යුද හමුදාවක් අනවශ් ‍ යය ය’ යන අදහසට පක්ෂපාති වූයේ මා ඇතුළු සිවුදෙනෙක් පමණි. ඒ අතර නදී වාසලමුදලි සහ කුමාරි කුමාරගමගේ සිටි බව මතකයේ රැඳී තිබේ. අනෙක් පුද්ගලයා කවුද යන්න අමතක ය. එදින මට හැඟුණේ පීඩිතයන් වන අපි පීඩනයට කෙතරම් ළැදියාවක් දක්වන්නේ ද යන්න ය. ඉහත සිදුවීම සටහන් කරන්නට සිත් වූයේ ... කියවන්න සම්පුර්ණ වචන ගොඩවන්න : https://wachana.lk/revbooks/rb/17/

කාල සරන්නී ලගදීම

 

wachana.lk

  ජීවිතය විදින මිනිසුන් එකතු කරනු ලැබෙයි ක්ෂණික දියුණුව සමග අන්තර්ජාල භාවිතය    ක්‍රමයෙන් ලාංකේය පුද්ගල ජීවිත තුළ වැඩි ඉඩක් ලබාගෙන ඇත. බොහෝමයක් දෙනා අත ස්මාට් පෝන් ය. පේස්බුක් ගිණුම් ය. බ්ලොග් ය. වෙබ් ය. නේක විද සමාජ මාධ්‍ය භාවිතාවන් ය. ගෝලීයකරණය සමග ලෝකය විශ්ව ගම්මානයක් වෙද්දි තව දුරටත් දූපත් වාසීන් ව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබද තීරණයකට මිනිසුන් පැමිණිය යුතු දවස උදා වූයේ මීට කාලයකට පෙර ය. එහෙත් බවුතික ය දියුණු වුවද මනසින් නොදියුණු ව වසන තාක් ඒ් දූපත් මානසිකත්වය නම් නොබිදෙනු ඇත. ඉතින් අප ඉන් මිදෙන්නට කුමක් කළ යුතු ද? දියුණු මනසක් නිර්මාණය වන්නට නම් සාහිත්‍ය කලා ආදියෙන් පෝෂිත වීම අත්‍යවශ්‍ය ය. සාහිත්‍ය නිර්මාණ, සිනමා, නාට්‍ය, ආදි නේක විද  කලාවන් රසවින්දනය මෙන් ම ජීවිතය විදිනු උදෙසා පරිසරයට ළෙංගතුවීම ද අත්‍යවශය යැයි අප පමණක් නොව ලොව බොහෝ දෙනා දන්නා කරුණකි. එපමණක් නොව ලෝකය පිළිබද අවබෝධය ද ඒ් අතරෙහි වැදගත් වෙයි. ඉතින් මේ සියල්ල අප කොයින්    ලබන්න ද? නේක විධ සාහිත්‍ය කලාවන්ගේ තොරතුරු ද නින්දා ප්‍රශංසා වෙනුවට මධ්‍යස්ත විමසුම් ද අවැසි කාල වකවානුවක ත්‍රස්තවාදී විචාර නොවන විචාර ද පළ කරන වෙබ