Skip to main content

ආත්මා නවකතාවේ දෙවන කොටස.....තේමිය උසස් පෙළත් ඉවරලා...


කාල‍යත් ගතවෙලා ගිහින් දැන් තේමිය උසස් පෙළත් ඉවර කරල සරසවියට යන්න ඔන්න මෙන්න කියල හිටියෙ. අද තමා තේමියට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න තිබුනු දවස. සරෝජා උදේම ඇහැරුනා ඒ පාන්දර දෙකට විතර. තේමියගෙ කාමරට එබිල බලපු ඇය දැක්කෙ තේමිය තද නින්දේ ඉන්න හැටි. ඉතින් ඇය ටික වෙලාවක් තමන්ගෙ පුතා දිහා බලාගෙන ඉදලා කුස්සියට ගියෙ කල්පනාවෙන් බර වෙලා. ඒ වෙනකොටත් සුනීතා කුස්සියට ඇවිත් හිටියා.
සුනීතා දැන්මම ඇහැරුනාද?
ඔවු නෝනා මට හරියකට නින්ද ගියෙ නෑ. පුංචි මහත්තයා ඕවගේ දුරක් යනවමනේ.
මටත් එහෙම තමා. කො තාත්තා වගේමනෙ කියන දෙයක් අහන ළමයෙක් කියලයෑ. මගේ මනාපයක් නෑ විශ්වවිද්‍යාලෙ යන එක ගැන. මට ප්‍රසාද්ව නැති වෙලා ඉවරයි. මට මගෙ පුතාවත් නැති කර ගන්න බෑනෙ සුනීතා.
සුනීතටත් ඇත්තටම බය තිබුනත් තවත් ගිනි ගන්න හිතකට පිදුරු දාන්නෙ මොකටද කියල හිතල
ඒත් නෝනා දැන් ඒවගේ කරදර නෑනේ. දැන් හැමදේම හොදයි කියනවනෙ. අනික එහෙ මහේන්ද්‍ර ලොකු මහත්තයත් ඉන්නවනෙ. පොඩි මහත්තයට පන වගේ ආදරේනෙ. එක අතකට බය වෙන්නෙ මොකටද නෝනා.
හ්ම්ම්... සුසුමක් පිට කලා මිසක් සරෝජා කිසිම දෙයක් ඒකට කිවුවෙ නෑ.
ඇයටත් හිතට හයියක් වුනේ ඇගේ තාත්තා තේමිය ගැන බලයි කියන එක.
නෝනා තේ හදන්නද? නිහඩතාවය බිදිමින් ආයෙමත් සුනීතා ප්‍රශ්න කලා.
ඔවු හදන්න. සේරම ඊයෙ රෑ ලෑස්ති කරල තියන නිසා දැන්ම පුතා ඇහැරවන්න ඕන නෑ. අපිට විතරක් තේ හදන්න. කිරි එක පස්සෙ හදමු. තාත්තා එහෙන් වාහනයක් එවනව කිවුවනෙ. කෝ පුතා මම එනවට කැමති නෑනෙ. ලොකු වෙනවට වඩා ළමයි පුංචි වෙලාම ඉන්නවනම් නේද සුනීතා.
හිනාවක් එක්කම සුනීතා පිළිතුරු දුන්නා. කොහොමත් අදම එනවනෙ නෝනා. අද ස්කෝලෙ යන්නෙ නැද්ද නෝනා.
නෑ අද නිවාඩු දැම්මා, හිත එකලාසියක් තියෙන්න එපැයි උගන්නන්නත්. පැයක් විතර කතාවෙන් ගත වුනා.
දැන්නම් සුනීතා වාහනෙත් එයි. ලෑස්ති වෙන්නත් ඹ්නනෙ මම පුතාව ඇහැරවන්නම්.
ඔව් නෝනා අද වැස්සටත් එක්ක හොදට නින්ද ගිහින් ඇති.
වැස්ස අද වැස්සද? එහෙම අහන ගමන්ම ඇය තේමියගෙ කාමරය‍ට ගියා. ඇහැරවන්න කියල ගියත් තේමිය ඇද උඩ ඉදගෙන හිටියා. ඇය තේමියගෙ මූණ දිහා හොදට බැලුවා. ‍තේමියගෙ නලල දෙපසින් හොදටම දහඩිය දාල තිබුනා.
ඇයි පුතේ ආයෙමත්....
තේමිය ගැස්සිලා වගේ අම්මගෙ මූණ දිහා බැලුවා.
ආ අම්මා නැගිට්ටද?
මම නැගිටල ගොඩක් වෙලා පුතේ. කලින් බලනකොට පුතා නිදි. ඒකයි දැන් ඇහැරවන්න ආවෙ. ඇයි පුතේ දාඩිය දාලා. එහෙම අහන ගමන් තේමියගෙ ඇස් දිහා විමසිල්ලෙන් බැලුවා.
අද රස්නෙයිනෙ අම්මෙ ඒකයි. ඇදගන්නත් ඕන.
එහෙමද, ඇය එහෙම ඇහුවත් තේමිය කිවුවෙ බොරු කියල ඇයට තේරුනා. අනික අද වැස්ස දවසක්. සීතලට ජර්සියකුත් ඇදගෙන හිටපු සරෝජට අද රස්නෙයි කියල දැනුනෙත් නෑ.
ඒත් තේමිය මේවගෙ වැස්ස දවස් වලට දහඩියත් දාගෙන ඇහැරෙන්නෙ අර හැමදාම දකින හීනෙ නිසා බව දැනගෙන හිටිය.
ඒත් ඒ ගැන අහන්න යනකොට ආව වාහන ශබ්දය නිසා ඇයගෙ කතාව නැවතුනා.
සරෝජා වාහනයෙ ආව රියදුරාට සාලයට කතා කරලා තේමියගෙ කාමරයට ගියහම තේමිය නාන කාමරයට ගිහින් තිබුනා. තේමියගෙ මැදපු ඇදුම් ටික ඇද උඩින් තියලා ඇය ආපහු කුස්සියට ගියා. බත් ඉදිලා වෑංජන කිහිපයකුත් සුනීත අතින් පිලියෙල වෙමින් තිබුනා. තේ එකකුත් පිළියල කරල ඒක සුනීතා අතේ තිලක් කියන මිස්ටර් මහේන්ද්‍රගෙ හිතවත්ම සේවකය වගේම රියදුරාට යැවුවා. ඒ වගේම ඇයත් සාලයට ගිහින් කොළඹ දේශපාලන කටයුතු ගැන කතා කලා.
තේමිය කාමරයට වෙලා ඇදුම් ඇන්දෙ හිතේ දෙගිඩියාවෙන්. ඒ අද පාන්දර දැකපු හීනය නිසා. ගොඩ කාලයකට පස්සේ ඇයි ආයෙමත් අර හීනය දැක්කෙ. ඔහුගෙ හිතට වද දුන්නා. තේමිය කොන්‍ඩය පීරන අතරතුර අත්තම්මා කාමරයට ආවා.
අත්තම්මා කොයිවෙලාවෙද ඇහැරුනේ.
දැන් තමා මගෙ පුතේ. පුතා ලෑස්තිත් වුනාද? අනේ ඔයතරම් දුරක පුතා තනියම යන්නෙ කොහොමද?
අද රෙජිස්ටර් වෙන්නනෙ අත්තම්මෙ යන්නෙ. ඉතින් අනික මම අදම එනවනෙ. තිලක් මාමත් ඉන්න එකේ අත්තම්මා මම කොහොමද තනියම වෙන්නෙ.
ඒත් ඇය ඇත්තටම දුකෙන් වගේ කියල තේරුන නිසා තේමිය අත්තමව අත් දෙකෙන්ම තුරුලු කර ගත්තා.
අනේ මේ කොල්ලනම් ප්‍රසාද් පුතා වගේමයි. අත්තම්මට එහෙම හිතුනා. දැන් ඇති පුතේ. බොරු හුරතලේ. එනකොට පුතා කැළණි පන්සලුත් ගිහින් එන්න.
හා අත්තම්මේ... කෝ ඉතින් අද එනකොට කන්න අඹ මාලුවක් හදලා තියන්න. අත්තම්මා රසට උයනවනෙ. මට ආවම අත්තම්මගෙ අතින්ම කවන්න ඕන හොදද.
ඊයෙ කිව්වනම් මම අද උදේ හදල දෙනවනෙ පුතේ...
ඒත් එක්කම වගේ සරෝජා කාමරයට ආව.
අම්මා තේ බිව්වද? පුතා ලෑස්ති නේද? දැන්ම ගියොත් හොදයි නේද පුතේ. උදේ දළදා මාළිගාවෙ පූජාවටත් ඉදල ආශිර්වාද අරගෙනම යන්න පුලුවන්.
ඔව් අම්මෙ එහෙනම් යන්කො කියල තේමිය කාමරයෙන් එලියට ආව. තේමියගෙ පිටුපසින් සරෝජත් අත්තම්මත් සාලයට ආවා.
සාලයේ ඉදගෙන හිටපු තිලක් එක්ක හිනා වුනු තේමිය,
මාමා ඇවිත් ගොඩක් වෙලාද කියලා සිනාමුසු මුහුණින්ම ඇහුවා.
දැන් ටිකක් වෙලා පුංචි මහත්තයා කියලා තිලක් හිනාවුනා.
තමන් වගේ පහල මට්ටමේ සේවකයෙකුටත් මාමා කියලා කතා කරල කට පුරා හිනා වෙන තේමිය ගැන තිලක්ට ඇති වුනේ පැහැදීමක්.
සීයටත් අත්තම්මටත් අම්මටත් ඒ වගෙම සුනීතටත් වැදලා තේමිය ගෙදරින් පිට වෙන්න යන වෙලාවෙ අම්මා අඩන හැටි දැකල තේමිය කිව්වෙ මම අද එනවනෙ අම්මෙ මම යන්නම යන්න යනදාට අම්මට කොයිතරම් දුක හිතෙයිද අද ඔහොම අඩනවනම් කියලා.
අනේ පුතේ මේ මොනවද කියන කතා.
නෑ අම්මා මම කිව්වෙ මම එහෙ නවතින්න යන දාට.
යන්න හදන වෙලාවෙ තමා තේමිය දැක්කෙ ඔරලෝසුව බැදගන්න අමතක වෙලා කියලා. ආපසු කාමරයට ගිය තේමිය ඔරලෝසුව අතේ බැදගන්නකොට ඔලුව රිදෙනව වගේ දැනුනු නිසා නලල දෙපස අතින් තෙරපන ගමන් අසල තිබුනු පුටුවෙන් ඉද ගත්තා. ඔහුට නොපැහිදිලි හඩක් ඇසෙන්න ගත්තා. හරියට අවට අදුරු වෙනවා වගේ ඔහුට දැනුනා.
කෝ තේමිය පුතා තාම නෑනෙ. අත්තම්මා කිවුවා.
මම බලන්නම් අම්මෙ කියලා සරෝජා තේමියගෙ කාමර‍යට ගියා.
තේමියට කවුදෝ අතින් අල්ලනව වගේ දැනුනා. ඒ එක්කම පුතේ කියන හඩ ඇහුනා. තේමියට අපහැදිලි හඩ ඇහෙන්නෙ නැතුව ගියා. ඇස් ඇරපු තේමියට පෙනුනෙ තමා ඉදිරියෙ ඉන්න අම්මා.
අම්මා...
පුතේ ඇයි නලලෙ අත තියාගෙන. ආයෙමත් පුතාට අසනීපද?
තේමියට ඇත්ත කියල අම්මව බය කරන්න ඕන නෑ කියලා හිතුනා.
නෑ අම්මා ඔලුව ටිකක් රිදෙනවා වගේ. ‍ඒකයි. පාන්දර ඇහැරුන නිසා හෙම්බිරිස්සාව අදින්නද මන්ද?
පැනඩෝල් දෙකක් දීල තේමියගෙ ඔලුව අතගාපු සරෝජා ටික වෙලාවක් තමන්ගෙ පුතා දිහා බලාගෙන හිටියා.
දරුවො මම කැමති නෑ ඔයා අපෙන් ඈත් වෙනවට. එතකොට පුතාට කරදරක් උනත් මම කොහොමද බලන්නේ.
අයියෝ අම්මෙ මට මොනව වෙන්නද? ඇයි අම්මා ඔය තරම් බය වෙන්නෙ. අපි කාටවත් කරදරයක් කරන්නෙ නැත්නම් අපිටත් කරදරයක් වෙන්නෙ නෑනෙ අම්මෙ.
නෑ පුතේ ඒක ඇත්ත නෙමේ. කොයිතරම් හොදින් හිටියත් අවංකව හිටියත් ඒ හොදම ඒ අවංකකමම අපේ ජීවිත බිලි ගන්න පුලුවන්. අපි ජීවත් වෙන්න නම් කරදර වලින් ඈතට යන්න ඕන ඒවා මග අරින්න ඕන. හදවතින් නැතුව මොලෙන් තීරණ ගන්න ඕන.
මම හිතන්නෙ අම්මා කරදර ප්‍රශ්න අපි මග ඇරල ගියොත්නම් ඒවා හැමදාම අපේ පස්සෙන්ම එයි. ඒත් අපි ඒ කරදර එක්ක සටන් කරල, ඒවා පරාජය කරලා, ප්‍රශ්න වල‍ට විසදුම් හොයාගෙන ගියොත් අපිට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙයි.
කාර් එකට නැගල යන තේමිය දිහා කන්ද පහලින් මීදුම අතරෙ නොපෙනී යනකම්ම ගෙදර අය බලාගෙන හිටියා.
අද හරියට මීදුම පොද වැස්සත් එක්ක. සේරම ආපහු ගේ ඇතුලට ආවත් තේමියගෙ සීයා මහානාම ස්තොප්පුවෙ තිබුනු හාන්සි පුටුවට බර වුනා.
නුවරින් ඈත් වෙද්දි තේමිය කල්පනා කලේ සිහිනය ගැනත් පස්සෙ ඇහුනු කටහඩ ගැනත්. තේමිය කවදාවත්ම සිහිනෙන් ඇරෙන්න ඇත්තටම ඒ කටහඩ අහල තිබුනෙ නෑ. ඒත් අද ඇත්ටම ඇහුනා. සමහර විට මම ඒ ගැන හිතනවා වැඩී. නිකන් මවා ගන්න දේවල්.
හ්ම්ම්... ඔහු සුසුමක් පිට කලා.

අයිතිය- ජේ.ඒ . භාග්‍යා ජයරත්න

Comments

  1. බ්ලොග් එක අපේ දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද