Skip to main content

ආත්මා නවකතාවේ තුන්වන කොටස............




මෙතෙක් කතාව
මෙම කතාව තේමිය නැමති තරුණයා දකින සිහිනයක් වටා බැදී පවතී. ඔහු කුඩා කල සිට එකම සිහිනයක් දැකින අතර මෙය තේමියටත් ඔහුගේ මවටත් ගැටලුවක් බවට පත්වේ. අවසානයේදී තේමියගේ මව අගනුවර හැරදමා ඇගේ මිය ගිය සැමියාගේ නිවස පිහිටා ඇති නුවර ප්‍රදේශයට තම එකම දරුවා සමග පැමිණ ගුරුවරියක් ලෙස සේවය කරයි. කාලයත් සමග ඔහු දකින සිහිනය ටිකෙන් ටික මගහැරී ගොස් සාමාන්‍ය දරුවකු බවට පත්වේ. එහෙත් උසස් පෙළද අවසන් වී සරසවි දිවියට ඇතුලතු වීමට සිටින ඔහු එදින රාත්‍රියේ නැවතත් මෙම සිහිනය දකින අතර එයින් ඔහු කැළඹීමකට පත් වේ.

අද එතැන් සිට
අගනුවර දෙසට වේගයෙන් ඇදී ගිය මෝටර් රථය විශ්ව විද්‍යාල භූමියට ඇතුලු වන විට වෙලාව දහයට ආසන්න වෙලා තිබුනා. වැඩි කතා බහකින් තොරව ගතවුනු ගමන අවසන් කරල තේමිය කාර් එකෙන් බහින ගමන් තිලක් දිහා බැලුවා.
මහත්තයා මම කාර් එක මේ හරියෙන් නවත්තගෙන ඉන්නම්. මහත්තය රෙජිස්ට්‍රේසන් වැඩ කරගෙන එන්න. ඕන උනොත් මට කෝල් එකක් ගන්න.
තේමිය සෙමින් සෙමින් ඉදිරියට ගියා. ඇත්තටම මොනතරම් සුන්දර පරිසරයක්ද ඔහුට හිතුනා. එක් පසකින් ‍පේන ක්‍රීඩාංගනය, මග දෙපස තිබුනු ගස් වැල් මොහොතකට ඔහුගෙ හිත පැහැර ගත්තා. අවුරුදු හතර ලස්සන කාලයක් වෙයි තේමියගෙ හිත ඔහුටම කිවුවා. කලබලයෙන් පිරිලා තිබුනු හිත ටිකෙන් ටික සන්සුන් වෙන ආකාරය ඔහුටම දැනුනා. සොබාදහම මොනතරම්නම් මායාවක්ද? සුලු මොහොතකින් ඈට පුලුවන් අපිව ඇගේ වසගයට ගන්න. මේ ලෝකෙ කිසිම මනුෂ්‍යයෙකුට බැරි විදියට ඇය අපිව ඇගේ ලෝකයේ තනි කර ගන්නවා. භාවනාවක් වගේ අපේ කලබල හිත සන්සුන් කරනවා. මම නුවර හිටියත් මට ඔවුන් හුරුපුරුදුයි. ඔහු මග දෙපස පහු කරගෙන ආපු සුන්දරත්වය ඔහුගෙ හිත ඇතුලට ආවා. ඔවුන්ගෙම නෑදෑයො ලග මම ජීවත් වුනේ. පුංචි තණකොල ගහේ ඉදන් මහා නුග රුකක් දක්වා ඔවුන්ගෙ නෑදෑයෝ ඉන්නවා. අපි දිහා බලාගෙන ඉන්නවා. ක්‍රොන්කීට් නගරවල තනි වෙලා ඔවුන් ජීවිතය යදිනවා. සරසවිය මග දෙපස මල් පිරුනු ගස් වැල් බොහෝ දුරක් තේමියගෙ කල්පනාව අරගෙන ගිහින් තිබුනා.

පිටුපසිනු ඇසුනු හඩින් ඔහු ගැස්සුනා. අලුතෙන් නේද? මේ පැත්තෙ ගේට් එකෙන් රෙජිස්ටර් වෙන්න යන්න ඕන. ඔහු තේමියත් එක්ක හිනා වුනා.
ඔව් තේමිය උත්තර දුන්නා.
බය උනාද? ගැස්සුනේ. මම පරණ කෙනෙක් නෙමේ අලුතෙන්. රෙජිස්ටර් වෙන්න ආවෙ. මම තේජාන් හැබැයි හැමෝම කියන්නෙ තේජා කියලා.
මම තේමිය කියලා පෙරලා උත්තර දුන්න තේමියට යාලුවෙක් හම්බ වුන එක ගැන සතුටු හිතුනා.
ඔවුන් කතා කරමින් ප්‍රධාන ශාලාව දෙසට ගියා. නවක සිසුන්ගෙන් මුලු ශාලාවම පිරිලා තිබුනා. තේජාගෙ කියවීමනම් මුලු රෙජිස්ට්‍රේසන් එක පුරාවටම තිබුනා.
තේජාගෙ ගම මීගමුව. ඔහුගෙ පියා ධීවරයෙක්. දුප්පත්කම කියන දේ හොදටම දැනුනු කෙනෙක්. ඒත් ඔහු හැමවෙලාවකම හිනා වෙලා සතුටින් ඉන්නව. ඕනම වෙලාවක තේජාට මොනවාහරි දෙයක් ගැන කතා කරන්න තිබුනා. හැමකෙනෙක්ටම ප්‍රියමනාප චරිතයක් වුනු තේජා ප්‍රශ්න මොනතරම් ආවත් ඒ හැමදේටම උත්තර දුන්නෙ එකම එක හිනාවකින්. උසස් පෙළ ඉවර වෙලා තාත්තත් එක්ක මුහුදු ගියා. මේසන් වැඩ වලට ගියා. ඒත් ඒ හැමදේම කලේ සතුටින්. ඔහුට නංගිලා දෙන්නෙකුත් මල්ලි කෙනෙකුත් හිටියා. ඒ අයට උගන්නන එක අම්මට තාත්තට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමේ කියලා ඔහුට හිතුනෙ. තේජා දුක් වුනේ එයාට කරන්න වැඩක් නැති වුනහමයි. උසස් පෙළ ඉවර උන හැටියෙ රස්සාවක් කරන බලාපොරොත්තුව විතරයි තේජාට තිබුනේ. තේජාගෙ තාත්තා අම්මා උනත් කටින් නොකිව්වත් ඒ තීරණයට සතුටු වුනේ පවුලේ වියදම දරාගන්න බැරි තරම් ඔවුන්ට දැනුනු නිසා. ඒත් ලැබෙන සුලු පඩියට මහා වැඩ කොටසක් ගනිද්දි වැඩකරන තැන් වල ලොක්කන්ගෙන් අසීමිතව බැනුම් අහද්දි ඔවුන්ගෙ හිතේ පීඩනයට පොඩි මිනිස්සුන්ගෙ කර පිටින් යවද්දි මේ මට ගැලපෙන ජීවිතය නෙමේ කියලා තේජාට තේරුනා. කැම්පස් ආවෙ ඒ දරිදුතාවයෙන් ගොඩ එන්න හොදම මග කියලා හිතාගෙන. ආයෙ කිසි කෙනෙකුට යටත් නොවී සුලු වැටුපක් වෙනුවෙන් තවත් මැරි මැරී වැඩ කරන්නෙ නෑ කියලා හිතාගෙන.
නිදහස් ස්වාධීන මනුෂ්‍යයෙක් විදියට මැරුණත් සැපයි කියන එක හැම වෙලාවකම ඔහුගෙ හිත කිව්වා.
තේජාගෙ කතාව අහපු තේමියට හිතුනෙ දුප්පත් කම ගිලගන්න මිනිස්සුන්ව ගොඩට ඇදල ගන්න නිදහස් අධ්‍යාපනය අත දිගු කරගෙන බලා ඉන්නව කියලා. රෙජිස්ට්‍රේසන් එක ඉවර වෙලා ආපහු ගමනෙදි තේමිය මේ අපූරු චරිතය ගැන හිතුවා. තේජාගෙ සිනාමුසු මුහුණයි ආත්ම ශක්තියයි කවදාහරි ඔහුව මේ මහපොළවෙන් ඉහලම තැනකට අරන් යාවි කියලා හිතුනා.
කඩුගන්නාවෙදි තේ බොන්න කාර් එක නතර කලා. තිලක් එක්ක තේ බොන ගමන් සීයගෙ දේශපාලන කතා ගැන තේමියට දැනගන්න පුලුවන් වුනා. ඒත් සමහර තැන් හිතාමතාම තිලක් මග හරින බව ‍දැනුන නිසා තේමිය කතාව ඉක්මනටම වෙන අතකට හැරෙවුවා. ඒ තිලක්ව අපහසුතාවයට පත් කරන්න ඕන නැති නිසා වගේම ඒ පිළිබද ලොකු උනන්දුවක් තේමියට නොතිබුනු නිසා.
ආපසු පිටත් වෙන්න මෝටර් රථයට නැගුනු තේමියට තද සීතලක් දැනුනා. ඔහු තිලක්ට කිවුවම නම් කිවුවෙ අද ඒ තරම් ශීතලක් නැහැ කියලා. කදු අතරින් මෝටර් රථය ඇදිල යන අතරෙ තේමිය ඇස් පියා ගත්තා. සුලු මොහොතකට තේමියට නින්ද යන්න ඇති.
තේමිය ඇහැරෙනකොට ශීතල හොදටම වැඩි වෙලා. අවට පරිසරය ‍නොපෙනෙන තරමට මීදුම වැඩි වෙලා තිබුනා. තේමිය ඉදිරිය බැලුවා. මෝටර් රථයෙ වේගය ගොඩක් වැඩි වෙලා තිබුනා.
තිලක් තිලක්... තේමිය කතා කලත් තිලකගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. තේමිය තිලක්ගෙ උරහිසට අත තිබ්බා. තද සීතලෙන් ඔහුව ගල් වෙලා තිබුනේ. එකපාරටම වාහනය පාරෙන් ඉවත් වුනා.
අන්න වාහනයක් අර පහළ හෙළට වැටුනා. අසල තේ කඩයක හිටපු මැදි වයසෙ කාන්තාවක් කෑ ගැහුවා.
සියලු දෙනාම ඒ දෙසට දිවුවා.
ඊලග කොටසින් හමුවෙමු.

Copyright © 2014. All Rights Reserved.

Story by-J.A Bhagya Jayarathne.

Comments

  1. අපේ බ්ලොග් දර්ශකයට ඔබේ බ්ලොග් එකත් ඇතුල් කරන්න. මෙන්න් ලින්ක් එක

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...