Skip to main content

Posts

Showing posts from December, 2014

තාරුණ්‍ය ප්‍රේම තනුවේ වෙනස්ම විදිහේ තනුව අත්විදින්න (මීදුමි සිහිනේ ගීතය)

මෙි සා විසල් අහසක් යට , අයාලේ ගිය ජීවිතේ . සිහින සාප්පු ව , මායාවි ඇතුළු තවත් නවකතා කෙටි කතා කියවන්න ගොඩවන්න සයිබර් පන්හිදට

http://cyberpanhinda.com/

‘‘තෙනුල ….‘‘ (මෙි සා විසල් අහසක් යට 11 වන කොටස ) ‘‘තෙනුල ….‘‘ මනුදි මිස් මා දෙස හැරී මා දෑස් අල්වා ගත්තේ ඈ මත රැදි මා දෑස් ඇගෙන් මුදවා ගන්නටත් මත්තෙන් වාහනය පාරේ පසෙක නවත්වන ගමන්ම ය. අවකාශගත කරන්නට දහස් ගණනක් වදන් මුව තුල වුව ද කිසිවක් කියා ගත නොහැකිව මුව ගොලු ය. ‘‘මට උදවුවක් ඕන ඔයාගෙන්…‘‘
පිළිතුරක් දෙන්නටත් මත්තෙන් මනුදි මිස් තව තවත් වදන් මුදා හරියි.. ‘‘ කියන්න… සදරු සර් වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා‘‘ මම නොසිතාම පවසමි. මට ඇයට මිස් කියන්නට ලෝබ ය. එබැවින් මම කිසිත් නොකියා එසේ පිලිතුරු බැන්දෙමි. ‘‘ ආ….. එහෙනම් වැඩක් නෑ.. මං වෙනුවෙන් නෙවෙයි නෙ මේ උදවු කරන්නෙ සදරු සර් වෙනුවෙන්නෙ… වැඩක් නෑ..“
ඇය නෝක්කාඩුවෙන් මෙන් ඉවත බලන්නී ය. මම ඇය දෙස බලාහිදිමි. මට සෝමතිලක ජයමහ ගේ ගීතයක් මතක් විය. ‘‘මහ වරුසාවට පසුව පෙනෙනෙ සද වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි“ රිය අවදිවෙයි. නාවල පාරේ අපි නැවතත් සෙමින් සෙමින් පාවෙයි. මට දුක සිතුණි. ඇය ට කිසිවක් කියන්නට අවැසි මුත් මුව ගොලු ය. මට ඇය සමග ඇත්තේ සදරු සර් සමග ඇති සම්බන්ධතාවය මත බැදුනු බැදීමක් නොවෙන වග …

සයිබර් පන්හිඳ අඩවියක් වෙයි ..