Skip to main content

මෙි සා විසල් අහසක් යට , අයාලේ ගිය ජීවිතේ . සිහින සාප්පු ව , මායාවි ඇතුළු තවත් නවකතා කෙටි කතා කියවන්න ගොඩවන්න සයිබර් පන්හිදට

http://cyberpanhinda.com/

‘‘තෙනුල ….‘‘
(මෙි සා විසල් අහසක් යට 11 වන කොටස )

‘‘තෙනුල ….‘‘
මනුදි මිස් මා දෙස හැරී මා දෑස් අල්වා ගත්තේ ඈ මත රැදි මා දෑස් ඇගෙන් මුදවා ගන්නටත් මත්තෙන් වාහනය පාරේ පසෙක නවත්වන ගමන්ම ය. අවකාශගත කරන්නට දහස් ගණනක් වදන් මුව තුල වුව ද කිසිවක් කියා ගත නොහැකිව මුව ගොලු ය.
‘‘මට උදවුවක් ඕන ඔයාගෙන්…‘‘
පිළිතුරක් දෙන්නටත් මත්තෙන් මනුදි මිස් තව තවත් වදන් මුදා හරියි..
‘‘ කියන්න… සදරු සර් වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා‘‘
මම නොසිතාම පවසමි. මට ඇයට මිස් කියන්නට ලෝබ ය. එබැවින් මම කිසිත් නොකියා එසේ පිලිතුරු බැන්දෙමි.
‘‘ ආ….. එහෙනම් වැඩක් නෑ.. මං වෙනුවෙන් නෙවෙයි නෙ මේ උදවු කරන්නෙ සදරු සර් වෙනුවෙන්නෙ… වැඩක් නෑ..“
ඇය නෝක්කාඩුවෙන් මෙන් ඉවත බලන්නී ය. මම ඇය දෙස බලාහිදිමි. මට සෝමතිලක ජයමහ ගේ ගීතයක් මතක් විය.
‘‘මහ වරුසාවට පසුව පෙනෙනෙ සද වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි“
රිය අවදිවෙයි. නාවල පාරේ අපි නැවතත් සෙමින් සෙමින් පාවෙයි. මට දුක සිතුණි. ඇය ට කිසිවක් කියන්නට අවැසි මුත් මුව ගොලු ය. මට ඇය සමග ඇත්තේ සදරු සර් සමග ඇති සම්බන්ධතාවය මත බැදුනු බැදීමක් නොවෙන වග ඇයට කෙසේ නම් කියන්නද? සමහර බැදීම් අනිර්වචනීය බව අප කොතෙක් ඇදහුව ද ලෝකය ඒ වග අදහන්නේ නැත. මම මේ සියල්ල සිත පුරා උතුරා ගලද්දී වදන් වී ඒවා ට පිටාර ගලන්නට මුව වාන් දොරටුවට ඉඩ නොදී මුව වසා ගනිමි.
‘‘අනේ… එහෙම නෑ මිස්… මිස් මොකද්ද වෙන්න ඕන කියන්න.. අපි කරන්නම්.. අපිට මිස් මොක ද? සදරු සර් මොක ද?‘‘
මට කියා ගත නොහැකි නමුත් කියා ගත යුතුම වදන් පෙළ ජනා ගේ මුවින් නිකුත් විය. මිත්‍රයා යනු කවරෙක් දැයි අයෙක් මගෙන් විමසා සිටියහොත් මට දෙන්නට ඇති සංකේතය ජනා ය. ඇත්තටම කල්‍යාණ මිත්‍රයා යනු හදවත තේරුම් ගත හැකි මිත්‍රයා යැයි මම එය නිර්වචන කරමි. හදවත කියවන මිත්රයෝ අල්ප ලොවක මට මගේ හඩු ගදත් පුසුඹක් සේ වැළද හදවතට කතා කරන ජනා ගේ මිත්‍රත්තවය මහ මෙරක් බව දැනුනේ මෙවන් මොහොත්වල පමණක් නොව ඌ මා අස සිටින සෑම මොහොතකමය .
‘‘ ඒ වුනාට වැඩක් නෑ ජනා … තෙනුල හරි ආඩම්බරයි නෙ…“
වදන් නෝක්කාඩුවෙනි. බැල්ම ද නෝක්කාඩුවකි. එහෙත් කෙළිබර ය. අප අතර ඇත්තේ ගුරු සිසු පරතරයක් නොවනවා වැනි ය. ඇය ද අප සම වයස් කෙල්ලක මෙන් යැයි හට හැගෙයි. ඒ හැගෙන්නේ මට පමණක් ද? නැතහොත් ඇය සැබැවින්ම එසේ හැසිරෙන්නේ ද? දැන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නට කාලය නොමැත. මුලින් ම ඇගේ නෝක්කාඩුව අවසන් කළ යුතුය.
‘‘අනේ නෑ…. මම ඕන දෙයක් කරල දෙන්නම්… කියන්න …‘‘
මම තෙපලමි. ඇය වෙනුවෙන් ජීවිතයේ බෙහෝ දේවල් කරන්නට හැකි හැගුමක් මා සිතට පැමිණෙයි. එය පිරිමියෙක් ගේ මොරාල් එක දැයි මම නොදනිමි. මගේ මොළය අවදිවෙයි. හදවතට පයින් ඇන බුද්ධිය කතා කරයි. ‘අනුන් ගේ ගෑනුන් ට මොරාල් පෙන්වන්න යන්නෙ නපුංසකයො බං‘‘ මම බුද්ධියේ නින්දාව හදවතින් සමනය කරගමි. එහෙත් ඒ සැබෑවක් ද?
‘‘හොදයි… එහෙනම් මේකයි වෙන්න ඕන…“
ඇය කුමාරයයි කුමාරිකාවයි රහසේම පැනල යන හැටි කියා දෙන ආත්තම්මා කතාවේ අවසන් කොටස රහසින් කියා දෙන්නා සේ පිටුපස හැරී පවසයි. දැන් ජනාගේත් මගේත් ඇස් හතරම පමණක් නොව සවන් ද ඇය සමග ය.
හෙට අපේ සුදු මහත්තයා ගේ … අයියෝ නෑ .. මේ ඔයාල ගේ සදරු සර් ගේ උපන්දිනේ… ඉතින් මට ඕන එයා ට පොඩි බර්ත් ඩේ ගිප්ට් එකක් අරන් දෙන්න.. ඇදුමක් වගේ දෙයක්… ඉතින් බෝයිස්ලට ඇදුම් තෝරන්න දන්නෙ ගෑනු අපිට වැඩිය පිරිමි ඔයාලම නෙ.. පුලුවන් ද ඔය දෙන්නට අපි යන ගමන් කුල ප්ලෑන්ට් එකට දැම්මොත් මට ගිප්ට් එකක් තෝරල දෙන්න“
හිතේ කෝටියක් මල් පිපුණි. දැන් ඇය සමග එකට සාප්පු සවාරියක් යා හැක. හයිබ්‍රිරිඩ් රියේ ෂීට් එක උඩ පෙරලෙන්නට තරම් සතුටු ය. මගේ ආදරය ජනනය කරන වස්තුව සමග නිදහසේ නුගේගොඩ ඇවිද යන්නට මට හැකි ය. මෙය බොළද සතුටක් විය හැකි ය. එහෙත් බැරක් ඔබාමා ට ද බොළදකම දැනෙන වග අපි ක්ෂතියක් සේ බැහැර කරන සමාජයක මම නොබියව ඒ බොළද කමට ප්‍රේම කරමි.
‘‘ නියමයි මිස්… මිස් වැඩේට අල්ල ගත්තෙ නියම ම කෙනා තමයි. අපේ තෙනුවට පුලුවන් නියමෙට ඇදුම් තෝරන්න.. අනික මිස් තෙනුල එක්ක ඇදුම් ටික තෝරගන්න කල් මටත් නුගේගොඩ ටවුන් එකේ වැඩක් තියේ ඒක කරගන එන්නම් ටක් ගාලා.“
කල්‍යාන මිත්‍රයාය යනු මිත්‍රයා ගේ ලව් එකට කොක්ක නොදාන්නා ය. මට ජනා ගේ හඩු ගද ශරීරයට උනුසුම් හාදු ටොන් ගානක් දෙන්නට තරම් සිතෙයි. සිය මිත්‍රයාට මාතෘ සාධකය සපිරි ආදරය ජනනය කරන වස්තුව සමග නුගේගොඩ අහස යට පාවෙන්නට ඉඩදී තට්ට තනියම චාටර් කන ජනා ගේ මිත්‍ර සන්තානයට මම හිත යටින් කෙල කෝටියක් ප්‍රශංසාවෝ පිදුවෙමි.
මේ සා විසල් අහසක් යට නවකතා සේරම කතා සෙට් එකම කියවන්න තවත් නවකතා කියවන්න ගොඩවන්න මගේ අලුත් අඩවියට ...
http://cyberpanhinda.com/

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...