Skip to main content

ගහක මල් පිපිලා............


 http://www.hickerphoto.com/images/1024/spring_flower_t2519.jpg

ගහක මල් පිපිලා පවුලේ ඉපදෙන්නේ කීවෙනි දරුවාද යන්න මත පුද්ගලයන්ගේ ජීවිත තිරණය වන බවක් ඔබට කිව්වොත් ඔබ පුදුම වනු ඇත.. මන්ද සාමාන්‍යයෙන් පවුලක පලමු දරුවාට දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය නෙමේ පවුලේ බාලයාට ලැබෙන්නෙ, මැද හමුවන දරුවන්ට ලැබෙන ආදරය ඊට වෙනස්.. පලමු දරුවගෙන් පසු දෙවන දරුවා ලැබීමෙදි පලමු දරුවාට ලැබෙන ආදරය රැකවරණය දෙමවුපියන්ට නොදැණීම වෙනස් වෙනවා.. මෙය දරුවාට දැනෙන දෙයක් වුනොත් මේ මානසිකත්වය සමග සමාජයට එන දරුවන්ගේ හැසිරීම් විවිද ස්වරූප ගන්නවා. හැබැයි මේ කියන්න යන්නේ නන් ඊට ලඟින් යන වෙන කතාවක්. ජීවිතයේ කුඩා කල ඇතිවන යම් යම් බලපෑම් මත පුද්ගලයෙකුගේ යොවුන් විය හැසිරීම් තිරණය වන බව ඔබ දන්නවාද.. සැබවින්ම සමලිංගිකත්වය යනු කුමක්ද? පුද්ගලයන් සමලිංගික ඇසුරට යොමු වන්නේ ඇයි කියල මොහොතක් හිතල බැලුවාද? බොහෝ සමලිංගික ඇසුරට යොමු වූවන්ගෙන් ගැහැණු පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම මවගේ ආදරය අහිමි වූවන් වන අතර පිරිමි පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම පියාගේ ආදරය අහිමි වූවන් බව ඔබ දන්නවාද? හිතන්න ගැහැණු දරුවෙකුට කුඩා කල තම මව අහිමි වුනා කියලා (මිය යෑමෙන් හෝ වෙනත් අයුරකින්) ඇය තරුණ වියට එලඹෙන විට තමාට අහිමි වූ මවගේ ආදරය සෙනෙහස වෙනත් ගැහැණු කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනවා..එවන් විටක බොහෝ විට සිදුවන්නේ ඇය සමලිංගික ඇසුරකට යොමු වීමයී. බොහෝ පිරිසක් මේ මනෝ භාවය පාලනය කරගන්නා අතර අතලොස්සක පිරිසක් සමලිංගික ඇසුරට යොමුවේ. පිරිමි පාර්ශවයට ද මෙය එසේම වුවත් ගැහැණු පාර්ශවයට තරම්ම බලපෑමක් ඇතිවන්නේ නෑ.. ලංකාවේ සමලිංගික විවාහ තහනම් වුවත් සමලිංගික විවාහ නීතිගත කර ඇති රටවල් ඕන තරම් තියෙනවා, නමුත් සමලිංගික හැසිරීම යනු අපේ සමාජයේ අසම්මතයක්. වර්තමානයේ සමලිංගික ඇසුර යනු සමාජයේ පිලිකුලට ලක්වීමට හේතුවක් වුවත් , මේ අස්වාභාවික හැසිරීමේ ඇතුලින් පවතින අභ්‍යන්තරය පිලිඹද විමසා බැලීමත් වැදගත් කියල හිතුණා,, අතිශය මානසික කාරණාවක් වන මෙය කුඩා කල ඇතිවන බලපෑම්, පවුල් ප්‍රශ්න මත ඉස්මතු වෙන්නක්. ඒ වගේම දෙමවුපියන්ටද දරුවන් පිලිඹද මීට වඩා අවදානයක් යොමුකල යුතු බවක් මෙයින් පෙනී යනව.. කුඩා කාලයේ දරුවන්ට ලැබිය යුතු ආදරය රැකවරණය නිවැරදිව ලැබිය යුතුයි. එසේ නොවුනහොත් ඔවුන් තරුණ වියට එලඹෙත්ම මෙවන් අසම්මත සම්බන්ධතා වලට යොමු වීම වැලැක්විය නොහැකි කාරණාවක් වෙනවා.

 සටහන : නුවන් මධුෂංක

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................