Skip to main content

සරසවියෙන් ගොඩ යමු .... හන්තානෙට පායන සඳ.....

http://farm2.static.flickr.com/1373/4727361259_84506c9c36_o.jpg



 අනේ අපොෆි මදැයි කොලා කිවා නේ ද? පට්ට කාලෙකට පස්සේ ඕන්න එහෙනම් යුනිකෝඩ් වලට අත තියන්න පොඩි ටයිමි එකක් මට සෙට් වුනා . මේ දවස්වල ඉතින් ලොකු වැඩකට සැලැසුම් ගහන නිසා කලබල කාරී මේ කොලාගේ සිත. කොලා කිවේ මගේ සරසවි හදුනා ගැනීමේ නාමය වේ . ඕන්න එහෙනම් අද  ගෙන එන්නේ  විනිවිද ලෝකය තුළින් මම දවසක් පත්තර කැල්ලක් දැක්කාම තිබුන ලිපියක් ඇසුරැ කරගනිම්නී. ඒ ලිපියේ අයිතිකරැ වන තිලීණී කෞශල්‍යා මහත්මියට මතක් කරමින්  ලිපිය ලියන්නයි මේ කොලාගේ සුදානම ඕන්න එහෙනම්.

 "හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න " මම හිතනවා කටිටිය මගේ පලමු ආරම්භක ගෝලයෙන්ම අයිඩියා එකක් ගන්න පුළුවන් වුනා කියලා . මේ කියන්න යන්නේ ඔබ මා දන්නා සරසවි ආල කතා ගැනයි . ඉතින් මේ ලිපිය ට්කක් අමුතු ස්වරැපයකින් ඉදිරිපත් කරන්න මම පොඩි කෝන කික් එකකට ට්‍රයි පාරක් දානවා . බලන්නකො කටිටිය ඒක ගෝලයක් වේදැයි කියා. සරසවිය යනු උප සංස්කෘති වලින් සැදුනු සංස්කෘතිකී. ඉතින් මේ උපසංස්කෘතිය තුළ සරසවිය උප සංස්කෘතිය යනු ඒ  සංස්කෘතිය තුළින් ජීවය ලබන සුපිරි සංස්කෘතියකී. මට සරසවිය ආපු දවස්වල අපේ ඉහළ අයියලා කියනවා හරියට උප සංස්කෘතිය කියලා වචන යක් අනේ මන්දා ඉතින් ඔය වචන එයාලා දැන ගෙන හෝ නොදැන කිවා ද කියලා .

 ඉතින් රට සැම දිශාවකින් පාහේ සරසවියට සිසු සිසුවියන් පැමිණෙනු ඇත . එම නිසා මොවුන්ගෙන් සමහර සිසුන් හට තම ගම් පළාත්වලින් පෙම්වතුන් සිටිනු ඇත. නමුත් බෝහෝ දුරට වනුයේ කාලයත් සමඟින් ඒ ආදර කතා වලට තුන් වෙනි පාර්ශ්වයක් සරසවි භුමිය තුළින් මතු වී ඒ ආල කතාවට තිත තැබීමයි. ඉතින් මුලින් කියමු කෝ බෝහෝ විට සරසවිය භාවිතාවන අමුතු භාෂාවක් ඇත මේ භාෂාව තුළ සරසවි පෙම්වතුන් හැදුන්වීමට කොක්ක කියන වාක්‍යයක් භාවිතා කරනු ඇත . මේ අනුව මේ පෙම්වතුන් වන පිරිස ප්‍රධාන ලෙස වර්ග කිහිපයක් ලෙස දැක්විය හැක.

    1.  බත් කොක්ක - තරැණීයගේ හෝ තරැණයාගේ බත් මුලට වග කියන්න හිතාගෙන කොක්ක ගහන පිරිස්.
    2. නෝට් කොක්ක - තරැණියගේ ලස්සන අත් අකුරින් ලියවුනු නෝට් ට්ක ගන්න ගහන කොක්ක.
    3. ආතල් කොක්ක -
   4. ලැම්බට් කොක්ක- වයසින් වැඩිමල් තරැණීයක් හෝ තරැණයෙක් පෙම්වතිය හෝ පෙම්වතා කර ගැනීම.
   5 . සිරා කොක්ක - සිරා ලවි කරන පොරවල්  දුර හීන මවාගෙන ආදර කතාවල පෙළබෙන පිරිස්.


ඉතින් මේ ආකාරයේ ආදර කතා සරසවිය තුළ අලංකාර ලෙස දැකිය හැක. සරසවිය තුළ සිටින්නෙක් ලෙස මෙය මා හට සුපිරියට දැනෙනවා ඇත . දැනෙනවා කිවා වැරදියට තේරැමි ගනී ද දන්නේ නැ.
 හරි අපි දැන් යමු සරසවිය තුළින් තරැණියක් දාගැනීමට අනුගමනය කරන ක්‍රියා පිලීවෙත් ගැන .

1. සරසවියට පැමිණී තරැණීයට පෙම්වතෙක් සීටිනම් ,

 මේ වගේ අවස්ථාවක සරසවි තරැණයා ඉතාමත් සුක්ෂම ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුවේ . එහෙම තරැණීයක් තම පෙම්වතිය කරගන්න නම් තරැණයා මුලින්ම කරන්නේ  ඒ ගැණු ළමයත් එක්ක
හිතවත් වෙන එක . ඒක සමාන්‍ය හිතවත් කමට එහා ගියපු බැඳීමකී. ගැනු ළමයාගේ දුක සැප බෙදාගන්න හිතවත්ම පිරිමි යාළුවා වෙන එක තමා මුලින්ම කරන්නේ . ඔය අතරවාරයේදී ගැණූ ළමයා එයාගේ
පෙම්වතා අතර ඇතිවන පොඩි පොඩි නොහොද නෝක්කාඩු සරසවියේ හිතවතා ඉදිරියේ දිග අරින්න දෙපාරක් හිතන්නේ නැ . කාලයක් ගැණූ ළමයා ආශ්‍රය කළාම ගැණූ ළමයා බලාපොරොත්තු වෙන්නේ මොනවාගේ
පෙම්වතෙක් ද යන වග සරසවි පෙම්වතාට දැන ගන්න පුළුවන් . ඉතින් අර සරසවි පෙම්වතා කරනුයේ ඇය බලාපොරොත්තුවන පරිදි පෙම්වතෙක් බව ඇයට හේත්තු ගැන්වීමට උත්සාහ කීරීමයි . ඇයගේ පෙම්වතා හා සිදුවන ගැටුම් වලදී ඇය සැනසිමට මේ සරසවි පෙම්වතා නොපෙළී ඉදිරිපත් වේ . මේ ආකාරයට ඇයගේ සිත ආක්‍රමණය කරන්නේ ද ඇයට නොදැනෙන පරිදිය.ඇයගේ සරසවි ආරක්ෂයා කියලා ඔහු බව පෙන්වීමට ඔහු වැඩ කැලි දානු ඇත නෝට් හොයලා දීම වැනි දැවලින්ද මේ අනුව තරැණීයට ගමේ තරැණයාට වඩා 100 දහස් ගුණයක් සරසවි මිතුරා හොද යැයි හැගේ . මේබදු වේලාවක සරසවි මිතුරා තම යෝජනාව ඉදිරිපත් කරැණු ඇත. මේ වන විටත් ඔහු ගමේ පෙම්වතාවට වඩා ලකුණු ගොඩක් තම නම ඉදිරියෙන් දාගෙන ඇති නිසා ඇයගේ කැමැත්ත ඇයට ලැබෙනු ඇත. හැබැයි මෙතන දී කල්පනා කළ යුත්තේ ඒ සරසවි පෙම්වතා කළ දේ නිවැරදි ද කියා තවත් පිරිමියෙකු ගේ ආදර කතා තිත තැබීම නොවේද  කියා .


2. සරසවිය පැමිණී තරැණීය පෙම්වතෙක් නොමැති නම් ,


 මේ වැඩේ නම් ගොඩක් අවශ්‍ය වන්නේ තරැණිය ආ තිබෙන සමීමත හැඳුනුම්කම විතරයි . ඉතින් ලෙක්චස්වලට යන ගමන් තමන්ගේ හිත ගත්තු තරැණීයත් එක්ක සමීප සම්බන්ධයක් හදාගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි .පළමු වසරේ බැචලා බැචිලා එකතු වෙලා යන හන්තානේදීම පෙම්වත් සිහින සපුර ගන්න සරසවි තරැණයන්ට පුළුවන්. සරසවි තරැණියන්ට තියෙන ඉල්ලුම එන අය අතරින් හිතට දැනෙන කෙනා තෝරා ගන්න විතරයි. හැබැයි තරැණීයගේ හිත ගත්ම තරැණයා වෙන්න නම් තරැණයන්ට
සැහෙන වැඩකොටසක් කරන්න තියෙනවා. නෝට්ස් හොයලා දෙන්න තරැණීයට ගැන හොයලා බලන්න . හොස්ටල් නැ.ත්තම් බෝඩ්ම් හොයලා දෙන්න ලෙක්චස් ඉවර වෙලා හොස්ටල් ඇරලවන්න වගෙ දහසකුත් එකක් දේවල් තරැණයෙක්ට තරැණීයකගේ හිත දිනාගන්න
කරන්න සිද්ධ වෙනවා .

3. පහළ බැච් එකෙන් තරැණියක් නම් ,


 මේ වගේ අවස්ථා වකදී තරැණයා යොදා ගන්නේ රැග් සීසන් එකයි එනම් ඔහු රැග් සීන් එක කාලයේ ද ී තම හිත දිනා ගත් තරැණීය ගැන තම මිතුරන්ට පවසනු ඇත. ඉතින් ඇයව තම මිතුරන් විසින් රැග් කීරීමකට එසේ නැත්තම් වාත කීරීමේදී තරැණයා වීරයාගේ චරිතයට  පණ පොවම්න් තම මිතුරන් දූෂ්ටයා ස්ථානයට දමා කටයුතු කරනු ඇත. ඉතින් නංගි බය වෙන්න එපා මම එක්ක ඉන්න කොට කවුරැවත් රැග් කරන්නේ නැ කියන වදනින් ඇයගේ සරසවි ආරක්ෂයා ඔහු යැයි ඇයට හැගෙන්න අරිනවා . ඇයගේ පවුල් පසුබිම එහෙම හොයාගෙන තමා බලාපොරොත්තු වෙන විදිහේ තරැණියක් නම් ඇයට යෝජනාව ඉදිරිපත් කරැනු ඇත . ඉතින් අයියාගේ ඒ යෝජනාව පිළීගන්න නංගි අයියාට මම කැමති යැයි දෙවරක් නොසිතා කියනු ඇත.

http://imglf0.ph.126.net/p5EZEJqhYnpoIxAXpAMfwQ==/6597195110984139726.jpg

කෙසේ හෝ වේ මේ සරසවි ජිවිතය සීමා වනුයේ වසර 3ත් 4ත් කාල සීමාවකට වේ . ඉතින් සරසවියේ අවසන් වසර ලඟාවන විට තම දෙමාපියන් තම දියණීයට සහකරැවෙක් සොයනු ඇත. මක්නිසාදයක් ඒ වන විට ඇයට වයස 25 පමණ වන නිසාවෙනී.ඉතින් තම දියණීය රැකියාවක්  තිබෙන තරැණයෙක් සොයනු ඇත . මේ අවස්ථා වේදී සරසවි පෙම්වතා ගැටලු කාරී තත්වයකට මුහුණ දීමට සිදුවේ . එමෙන්ම සරසවිය කාලය මෙන් ඔවුන්ට හැම විටම මුණ ගැසීමට නොහැකි වනු ඇත. මේ නිසා ඔවුන්ගේ ආදර කතාව ගැටලු කාරී තත්වයකට මුහුණ දෙනු ඇත. මේ වගේ දේවල් එක්ක සරසවියෙදී හැම දෙයක් ගැනම හොයලා බලපු සුන්දර ‍ආදරණීය ගනුදෙනුවක ජීවත් වුණූ සරසවි පෙම්වතුන්ගේ ආදරය විවාහයකින් කෙළවර ගන්න ලැබෙන්නේ බෝහෝ කලාතුරකින් වේ. තරැණයා සහ තරැණීයගේ ලෝකවල දුරස්ථ භාවය කාලය , සමාජය ,සම්බන්ධතා ,බලාපොරොත්තු මත වෙනස් වෙද්දී සරසවි පෙම්වතුන් 90% ඒ කියන්නේ වැඩි පිරිසක් සරසවිය ප්‍රේමය මතකයක් කරගෙන ජීවත් වෙන්න.ප්‍රේමය විවාහය තෙක් රැගෙන යන්න සිහින දැකපු බොහොම ආදරණීය මතකයන් සරසවියේ හැම බිම අඟලකම තාම විසිරිලා තියෙනවා .

එදා සරසවියේ  දී ආදරණීය හැඟිමි ගුළි කරගත් හිත් කී දාහක් අ දෙතැනකට වෙලා හුස්ම ගන්නවාද ? එත් නිමාවක් නැ . තාම සරසවිය තුළ අලුත් හිත් දහස් ගාණක් ආදරණීය හැඟීම් අහුලනවා .

ඉතින් මම අද ගෙනාපු ලිපිය සරසවි ආලය අවසන් වෙනවා උත්සාහ කරලා බලලා ඉහත දක්වන ලද ක්‍රම වැඩේ හරි ගියේ නැත්තම් අපි වග කියනු නොලැබේ.

රැදි සිටින්න විනිවිද ලෝකය සමගින්ම ...

ලිපිය සැකසීම - චේතිය ප්‍රසංග

Comments

  1. Sarasavi premaya aurudu 4 kin ivara venava kiyana eka nam boru.... godak velavata ahema venne ne... kalaturakin tama ahema venne....

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට නම් මමත් සීයට සීයක් එකඟයි... මගේ බිරිඳයි මමයි එකම බැච් එකේ.. මගේ නෑනා සහ මස්සිනාත් එකම කැම්පස් එකේ.. මස්සිනා හෙට අනිද්දා මැරි කරන්න යන්නෙත් එහෙමමයි. මගේ බැච් එකේ ගහපු හැම කොක්කක් ම බැන්දා... මං දැනුවත් ව ඇණ වුනේ 10 ‍% තරම් පොඩි ප්‍රමාණයක් විතරයි. ඔය අවුරුද්දකින් දෙකකින් ඇණ කරනවා කියන්නේ අලුතෙන් එන ගැහැණු ළමයින් ගෙන තමන්ගේ කොකු බේරගන්න සීනියර් ගැහැණු ළමයින් ම තමයි. ඒ නිසා එය කතාවක් විතරයි බැලුවාම...

      කොහොම වුණත් ඔබ විසින් ලියන මේ බ්ලොගයට නම් ඉතින් ස්තූති කරන්න වටිනවා. විශේෂයන් ම කැම්පස් ජීවිතේ ආයෙම අලුතෙන් මතක් වෙනවා. ජීවිතේ ලස්සනම කාලය. ඇත්තමයි.

      පුළුවන් නම් කමෙන්ට් මොඩරේෂන් අයින් කරන්න. ඒක කමෙන්ට් කරන අයට බාධාවක්...

      Delete
  2. ස්තුතියි ඔබට අදහසක් පළකීරීමට අනිවා මම එය අයින් කරන්න උත්සාහ කරන්නම්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...