බෙනී මිලර් සහ අගුටුම්ට්ටා කෙටිකතාව - http://cyberpanhinda.com/

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා
ඒකමත් එක කාලෙක පිටිසර ගමක් තිබුනා කැළයකින් වටවෙලා.මේ කැලය තමයි පිලිප් රජතුමාගේ ප්‍රියතම දඩබිම වුනේ.මේ කැලය හරිම ගූප්තයි.එහි බෝහෝම බලවත් මායාකාරයින් ඉන්නවා කියලා ගැමියෝ විශ්වාස කරා.
මේ කියන ගමේ තිබුනේ එකම එක තිරිගු මෝලක් විතරයි. ඒක අයිතිකාර හැරල්ඩ් මීලර් ආඩම්බරකාරයෙක් පුරසාරම්කාරයෙක්. කැලේ මැද ඉදලා ගලා ගෙන ලස්සන දොල පාර අසල තමයි ඔහුගේ තිරිගු මෝලයි ලෑලි වලින් හදපු පුංචි නිවසයි හදාගෙන හිටියේ.මුලු ගමටම ඉන්න රූමත්ම තරුණිය තමයි ‍බෙනී මිලර්. එයා තමයි හැරල්ඩ් මිලර්ගේ එකම දියනිය.එයා හරිම අවංක ළමයෙක් වගේම නුවනක්කාරයි.
සුපුරුදු පරිදි වෙස්වලාගෙන කැලයේ මුව දඩයමේ ගිය රජතුමා වෙහස නිවාගන්න හැරල්ඩ්ගේ තිරිගු මෝලට ආවා.හැරල්ඩ් බොහොම සතුටෙන් තිරිගු මෝලේ වැඩ කරනවා දැකලා මෙහෙම ඇහුවා
මේච්චර අසීරු වැඩක් මහන්සි නැතිව සතුටෙන් කරන කෙනෙක් දැක්කේ අදයි,යාලුවා ඔයාගේ රහස මට දැනගන්න පුලුවන්ද
මගේ දුව නිසා තමයි මං සතුටෙන් කාලය ගෙවෙන්නේ.මට සල්ලි වලින් දුකක් නැහැ, මගේ දුව ලගින් ඉන්නකම්.සැබෑ තාත්තා කෙනෙක් විදිහට හැරල්ඩ් කියාගෙන කියාගෙන ගියා.
යාලුවා,මගේ දුව තමයි මේ ගමටම ඉන්න රූමතිය,එයා රෑ අහසේ පායපු හද වගේ ලස්සනයි.ඇගේ ලස්සනට පිදුරුත් රත්තරං පාට වෙනවා.එයා රෙදි වියන්න කොච්චර දක්ෂද දන්නවාද. පිදුරු වලින් විව්වත් එයා වියන රෙදි රත්තරං පාටයි..
මෙන්න මේ වගේ පුරසාරම් ටිකකුත් එයාගේ කටින් කියවුනා.
කියවන්න සම්පුර්ණ කෙටිකතාව - http://wp.me/p5sk2F-dS

Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට----- ගීත විචාරය













Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට----- ගීත විචාරය
ලොව පවතින්නේ යාමි ඊමි මතය.. මහැදුරැ සරචිචන්ද්‍රයන් සිය මළවුන් ගේ අවුරැදු දා නවකතාවෙහි ඒ බව දක්වා ඇත්තේ මෙපරිද්දෙනි.
'' තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකට ද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්.. යාම හොදය ගොස් ඊම ද හොද ය. ලොව ඇත්තේ යාම් ඊම ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය.
( මළවුන් ගේ අවරැදු දා පිටු අංක - 137‍/ 138 )

මේ වෙන්වීමක සැබැ යථාර්ථයයි.. නමුත් අප මෙවැනි වෙන්වීම් කොපමණකට නම් සංසාරය පුරාවට කදුලු සලා ඇත් ද, කොපමණ නම් වේදනාවෙන් උමතු වී ඇත් ද? මානව ජීවිතයේ ඇති කටුකම අත් දැකීම වෙන් වීම යැයි හැගෙන්නේ එවැනි විටකය. වරක් බුදුන් වහන්සේ අප සංසාරය පුරාවට ප්‍රියයන් අහිමි වීම හේතුවෙන් හඩා ඇති කදුලු සතර මහ මුහුදේ පැන් වලටත් වඩා වැඩි බැව් ප්‍රකාශ කර අනමතග්ගපරියාය සුත්‍රය මගින් දේශනා කර ඇත්තේ මෙපරිද්දෙනි...
චතුසු සමුද්දේසු ජලං පරිත්තකං
තතෝ බහුං අස්සුජලං අනප්පකං
දුක්ඛේන ඵුට්ටස්ස නරස්ස සෝචනා
කිං කාරණා සම්ම තුවං පමජ්ජසි

සැබෑවකි ලොව සෑම හමුවීමක් සමගම වෙන්වීමක සේයාවක් රැදී ඇත... ආදරණීය බැදීමිවල දී මෙකී වෙන්වීම බොහෝ කටුකය .. අප කිසිදාක එවැනි වෙන්වීමක් පතන්නේ ද නොමැත... ප්‍රේමය වැනි බැදීමක් අවසන් වන්නේ කටුක වෙන් වීමකින් නමි ඒ වෙන් වීමට මුහුණ දෙන්නෝ කොතරමි නමි විදවනවා ඇත්දැයි යන්න දන්නේ එවැනිම වේදනාවකට සැබෑ ජීවිතයේ මුහුණ දුන්නෝ පමණකි... සරසවි ගීත සාහිත්‍යයේ එක් තැනෙක බොහෝ අය නොඇසූ ගීයක රැදුණු එකී වෙිදනාත්මක සමු ගැන්මකට මා බොහෝ කලක සිට පෙමි බදිමි.. එදා සුනිල් සරත් පෙරේරා නමි අද්විතීය නිර්මාණකරැවා ගේ පදබැදුමක් ලෙසින් බිහිවන මෙය සැබැවින්ම වියෝගය නමි මනෝභාවයෙහි වෙිදනාව මෙන්ම පරාජිත බවක වෙිදනාව ද අද ද මා හට පසක් කරති...
කියවන්න සම්පුර්ණ විචාරය -http://wp.me/p5sk2F-6X

දැසට කදුළුක් එන මැටිටි කෙටිකතාව



“මැට්ටි අද එන්නේ නැද්ද ...” පවන් මහ හයියෙන් කෑ ගහනවා.මේ උදේ පාන්දර මොන මල වදයක්ද මන්දා.මේ මෝඩයට යන මගුලක මං නැතුව යන්න බැයිද දන්නෑ.හිතින් බැන බැනම මම ඇහැරියා.
“ඉන්නවා මං එන්නම්.මං එනකන් කන්නේ එහෙම නෑ හරිද පෙරේතයා...”
“හුහු මං කනවා.ඔහේ එනකන් මං මොකට ඉන්නද....”
“එහෙනම් කා ගන්නවා බුරුවා ...”
මේ උදේ පාන්දර මගෙ ඇගේ ලේ පුච්චනවට මේ බුරුවගේ දත් ටිකම හැලියන්....
දඩි බිඩි ගාලා ලැහැස්ති වෙලා මං campus එකට දිව්වෙ හොදටම පරක්කු වෙලා හින්දා...මං faculty එක පැත්තට යනකොට ඒක ඉස්සරහ බෙන්ච් එකට වෙලා පවන් මග බලන් ඉන්නවා...මට ඒ වෙලාවෙ නම් පව් කියලත් හිතුනා.
“මෝඩි....”කෑම එකත් දික් කරන් පවන් හිනා වෙවී ඉන්නවා...
“ඔයා කෑවද....????”
“නෑ මැට්ටි..ඔයා කාලා මටත් බාගයක් දෙනවා ”
ඇත්තටම මට පවන් ගැන ගොඩක් දුක හිතුනා.මං පවන්ගේ කෙල්ලත් නොවී එයා මං වෙනුවෙන් කරන දේවල්....හොදම යාළුවෝ කියන්නෙ ඒක තමා.
අපි දෙන්නම ලෙක්චර් hall එකට ගිහින් ඒකෙ පිටි පස්සෙම කොනකින් වාඩි උනා.ලෙක්චර්ස් තියෙන වෙලාවට නම් පවන් ගේ කට වැහිලා...ඒ වෙලාවට මං කථා කලොත් මටත් ටොක්කක් ඇනලා අහන් ඉන්න කියනවා..
ඇත්තම කිව්වොත් පවන් ලස්සන කොල්ලා.campus එකේ මගෙ හොදම යාළුවා.ගතිගුණ අතිනුත් මාරම හොදයි.හැබැයි පුදුමෙ කියන්නේ තාම කෙල්ලෙක් නෑ...ඒ පිස්සාට කොහොමත් කෙල්ලෙක් හොයා ගන්නත් වෙන්නෙ නෑ මාත් එක්ක ඉන්නකම්... හැම වැඩකදි ම මගේ හෙවනැල්ල වගේ පස්සෙන් ඉන්නේ පවන් තමා...අපි යාළුවො උනේ මහ පුදුම විදියට..dress code කාලෙ පටන් ගත්ත යාළු කම සැහෙන්න දුර ගිහින් අපිට අපි නැතුව ඉන්න බැරි තරම් වෙලා දැන්...
“නිදි මතයි පවන්.....”මං නිදි මත බේරෙන ඇස් දෙක පවන් දිහාට හරවන් කිවා..
“මුණේ වතුර ටිකක් ගාගෙන පාඩම අහන් ඉන්න...”
“හ්ම්ම්ම්ම් ”
මං ඇස් ඇරන් ඉන්න හැදුවට කොහොමවත් ඉන්න බෑනෙ...කරන්නම දෙයක් නැති තැන මං පුටුවට ඔළුව ගහ ගත්තා..දෙයියනේ කියලා ඇස් දෙක පියාගෙන ආවා විතරයි කවුදෝ අත කෙනිත්තුවා මට තරු පේන්නම...ඔළුව උස්සලා බලනකොට අර පවන් කියන බුරුවා මොකුත් උනේ නැති ගානට මැඩම් දිහා බලන් ඉන්නවා...මටත් කේන්තිය වැඩි කමට පවන් ගෙත් අත හයියෙන් කොනිත්තලා පාඩම අහන් ඉන්න පටන් ගත්තා.ඒ කොනිත්තපු කොනිත්තිල්ලට මොන නිදි මතක්ද..නිදි මත කොහේ ගියාද දන්නෑ.
ලෙක්චර් එක ඉවර වෙලා අපි දවල්ට කන්න යනකොට තමයි මං දැක්කේ පවන්ගේ අත තුවාල වෙලා තියෙනවා.
“මොකද මැට්ටෝ මේ ...”
“මෝඩියක් මාව කෙනිත්තුවනේ ”
“අනේ මං තුවාල කරන්න හිතුවෙ නෑ.sorry පවන් ...”පවන් ගෙ අතේ තුවාලෙ දැක්කම නම් මට මං ගැනම කේන්තියක් ආවා...එච්චර දෙයක් වෙලත් මේ මැට්ටා මට නිකමට වත් කිවේ නෑනේ..අනේ පව් 
පවන් මගෙන් ගුටි කන තරමට අම්මා තාත්තාගෙන් ගෙන් වත් ගුටි කාලා නැතුව ඇති..ඒත් එයා නෙවෙයි ඒ ගැන වචනයක් වත් කියන්නේ..පවන් ගැන මගේ හිතේ තියෙන්නේ යාලුවෙක් ගැන තියෙන හැගීමට වඩා ගොඩක් ලොකු හැගීමක්.ඒක කොයි වගේ හැගිමක්ද කියලා කියන්න නම් මට තේරෙන්නෙ නෑ.එයාගෙ පොඩි වචනයක් උනත් ඇති මගේ හිත රිදෙන්න.එහෙම දවසට පැත්තකට වෙලා මූඩ් ගහන් ඉන්න එක තමා මගෙ පුරුද්ද.පවන් මගෙන් ඈත් උන දවසට කොහොම ඉන්නද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ..
“මොනාද මෝඩි කල්පනා කරන්නෙ ...” මගෙ bag එකෙන් ඇදලා පවන් ඇහුවා..
“මැට්ටෙක් ගැන ”
“හ්ම්”
ඒ පාර පවන් ලොකු කල්පනාවක....හා හුවක් නෑ.මේ මනුස්සයට මොනා උනාද ඒ පාර..
“මොකද උනේ ....”පවන්ගේ අතින් ඇදලා මං ඇහුවා.
“මොකුත් නෑ..අද මං ටිකක් කලින් යන්න ඕන..මං යනවා එහෙනම් ”
ඒ පාර මෙයා යන්න හදනවා..හා යන්නැතෑ..මටත් මොකෝ...මල සමයන්....
පවනුත් campus එකේ නැති එකේ මාත් ඉදලා වැඩක් නැති නිසා මාත් ගෙදර ආවා.ගෙදර ආවට පස්සෙත් වෙනදා වගේ පවන් ගෙන් message එකක්වත් නෑ.යසට හිටපු මේ මනුස්සටය මක් උනාද මන්දා.මටත් නිකන් හිතට හරි නෑ වගේ..මං ඉතින් මොකුත් කලෙත් නෑනේ.කමක් නෑ කෝකටත් කියලා මං පවන්ට ගත්තා call එකක්.
“මොකද මැට්ටෝ උනේ...ගාල කඩා ගත්ත හරකා වගෙ දිව්වේ ???”
“මොකුත් නෑ ”
“නැත්තෙ මොකෝ ...මේ හලෝ ඔයාගෙ පොඩි වෙනසක් උනත් හොදට තේරෙනවා හරිද ...”
“ඒක හින්දා වෙන්නැති එක එක අය ගැන කල්පනා කරන්නෙ .....”
“ආ...ඒකද මේ....ඔයාට නම් පිස්සු අප්පා...මං ඒක විහිලුවට කිවේ ..මෙයා ඒක serious අරන්නෙ...”
“කව්ද දන්නෙ ඉතින්..මෝඩි ”
අනේ ඇත්තට මෙහෙමත් මැට්ටෙක් නම්....
ඇත්තටම පවන්ගේ හිතේ මං ගැන තියෙන්නෙ මොන විදියෙ හැගීමක්ද කියලා කියන්න මට තේරෙන්නෑ..ඒක යාළු කමට එහා ගිය දෙයක්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ.
පවන් ගැන හිතන හැම වෙලාවකම මට දැනෙන හැගීම විස්තර කරන්න මට වචන නෑ.මට කවදාවත් ඒ හැගීම වෙන කව්රු ගැනවත් දැනිලා නෑ...එයා මගෙ ළගින් ඉන්න හැම වෙලාවකම මට දැනෙන්නේ මං තනි වෙලා නෑ වගේ හැගීමක්...ඒත් කවදාවත් මං එයාට ඒක දැන ගන්න නම් තියලා නෑ..කියන්න බෑනේ ඔය මැට්ටා මොනා කියයිද කියලා...කටත් හොද නැති එකේ මාව බයිට් කලොත් එහෙම....
“මැට්ටි ඔයාට කියන්න බඩ්ඩක් තියේ....”
“ඒ මොකක්ද ඒ ”
“ලස්සන කෙල්ලෙක් ඉන්නවා හලෝ ගොඩාක් අහිංසක කෙනෙක් ...” පවන් කියපු දෙයින්නම් මගෙ හිත ටිකක් ගැස්සුනා..කව්රු ගැනද දන්නෑ මේ කියන්නෙ..
“මොකක්....ආ හිතක් වත් පහල වෙලාද ...”
“හිත පහල වෙලානම් ටිකක් දවස්...අහන්න බයයි හලෝ...එයා අකමැති උනොත් එහෙම.....”
“ඇයි අකමැති වෙන්නේ
“කියන්න බෑනේ ඉතින්..එයා වෙන කාට හරි කැමතිද දන්නේ නෑනේ ....”
“ඒ කියන්නෙ එයාට කොල්ලෙක් නෑ ”
“නෑ නේන්නම්....”
“කව්ද හලෝ කෙනා කියනවකො ”
“බෑ බෑ ඒක දැන්ම කියන්න බෑ....”
“මං දන්න කෙනෙක්ද..අපේ batch එකේද ...කියනවකො වදේ ”
“ඒවා දැන්ම කියන්න බෑ ඉතින් ..මං ඔයාට ඉතින් අනිවා කියන්නම්..ඔයා ඉතින් මගෙ බුදු ෆිට් එකනෙ මෝඩි ”
“අනේ තියා ගන්නවා මහ ලොකු කෙල්ල ”
ඇත්තටම පවන්ගේ මේ කතාව අහපු වෙලේ ඉදන් මං කල්පනා කලේ ඒ ගැනමයි..එයා කව්රු ගැනද මේ කියන්නෙ...මගෙ හිතට ටිකක් විතර අවුල් එක්ක...ඒ එක්කම පොඩි බලාපොරොත්තුවක චායවකුත් මගෙ හිතේ පැත්තකින් මතු වේගන ආවා...එයා මං ගැනද දන්නෙ නෑ මේ කියන්නෙ..එයා කියන සමහර දේවල් මටත් ගැලපෙනවා...ඒ උනාට......කෝකටත් කියලා එයා ගැන තව විස්තර අහලා දැන ගන්න ඕනා...
පවන් හම්බ වෙන හැම වෙලාවකම මං try කලේ පවන්ගේ හිත ගිය කෙනා ගැන දැන ගන්නමයි..ඒත් පවන් වටෙන් වටෙන් කීවාට හරියට ඒ කෙනා ගැන කිවේ නෑ....
“මොනාද හලෝ අදවත් කියනවකො අර කෙනා ගැන...”
“එයා ගොඩාක් අහිංසක මෝඩ කෙල්ලෙක්...ගොඩාක් ලස්සන නෑ..ඒ උනාට cute..ආදරෙ හිතෙනවා හුගක්...හරි ආඩම්බරයි එයා...වැඩිය කොල්ලො එක්ක කතා නෑ..එක්කෙනෙක් දෙන්නෙක් එක්ක විතරයි කතා කරන්නෙ...”
“නම කියනවකො අනේ ”
“නම කියන්න බෑ දැන්ම..මං වෙලාව ආවම කියන්නම්කො ”
“ඔන්නෑ ඔයා...”කෙල්ල ගැන අගේ කරනවා මිසක් මට කියන්නෙත් නෑ එයා..හිතට පොඩි දුකකුත් ආවා...එයා මේ කියන්නෙ මං ගැනම වෙන්න ඕන..එකනෙ මෙච්චර අගේ කරන්නෙ...මගේ හිත මට කියන්න ගත්තා..ඇත්තටම මේ වෙනකොට පවන් ගැන මගෙ හිතේ ආදරයක් තියෙනවා කියලා මටම දැනිලා තිබුනා..ඒත් එයාම කියනකන් මං සද්ද නැතුව හිටියා..
“අනේ අදවත් කියනවකො මැට්ටෝ ”හැමදාම වගෙ එදත් මං පවන් ගෙන් ඇහුවෙ එයාගෙ කටින්ම අහ ගන්න.
“හ්ම්ම්ම්ම්ම්..දැන ගන්නම ඕනද.....”
“ඕන නිසා තමා අහන්නේ...”
“ඔයා හිතන්නෙ වත් නැති කෙනෙක් ”
“අනේ අගේ නොකර කියනවකො ...”
“හරි හරි කියන්නම් ”
පවන්ගෙ කටින්ම එයා මට කැමතියි කියන එක අහ ගන්න මට තිබුනෙ පුදුම හදිස්සියක්...මං ගොඩාක් ආසාවෙන් පවන් දිහා බලන් හිටියෙ.
“ඔයා ගොඩක්ම හොදට දන්න කෙනෙක් ”
“ඉතින් කියනවකෝ .......”
“සිතාරි ”
මගේ මුළු හිතම එක තැනක නතර උනා වගෙ මට දැනුනා..ඒත් වෙනසක් නැතුවම ඉස්සෙල්ලා වගේම පවන් දිහා බලාගෙන හිටියා මම...මං නුබට ආදරය කල තරම්....නුබට නොදැනුන හැටි එය.....

මේ කෙටිකතාව ලබාදුන් චේතනා සොයුරියට අපගේ ප්‍රණාමය මෙන්ම මෙහි අයිතිය ඇය සතුවේ . උපුටා ගැනීම සපුරා තහනම් වේ .ස්තුතියි.

තවත් හිතට දැනෙන  කෙටිකතා කියවන්න ආසයි නම්  http://cyberpanhinda.com/ ගොඩවන්න

ආත්ම ගරුත්වය උල තැබීම ..

ගොඩකාලයකට පස්සේ ගෙවල් පැත්තේ පොඩි රවුමක් දාලා එන්න මේ නිවාඩු කාලේ හමිබුනා ඉතින් මේ ගමනේදී මගේ හොදම මිතුරියක් මට හමිබුනා . ගොඩකාලෙකට
පස්සේ සෙට් වුන නිසා පොඩි චැටක් දාන්න මට හැකි වුනා . සමාන්‍යයෙන් අපි දෙන්නා සෙට් වුනා ලොකු සීරියස් චැටකට බහින්නේ කාලාතුරකීනී. ඉතින් මේ පාර අමුතුම
විදිහේ චැටකට අපි දෙන්නා සෙට්වුනා . මොකද කියනවා නම් පාසල් සමයේ අපේ මිතුරියගේ ඕපදුපයක් කතාකරන්න ගොසීනී. සමාන්‍ය යෙන් සමාජයේ තියෙන මතයක්
තමයි කෙල්ලෝ කොල්ලෝ හරි කැමති සල්ලී තියෙන කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට . ඉතින් මේ මාතෘකාවට අපි සෙට් වුනේ මගේ මිතුරිය කිවා නේ ඔයා දන්නේ නැද්ද
අනේ එයා ඔය කෙල්ල යාළුවේලා තියෙන්නේ අර කොල්ලාට සල්ලීත් තියෙනවා අනික මීටරේ නේ වැඩ ටික කරගන්න අනේ . පස්සේ ඕක ඒ කොල්ලාට බුටි එක තියෙනවා නේ.

ඉතින් මට මේ මාතෘකාව යටතේ අපි දෙන්නා පැය ගාණනක චැටක් ගියේය. අද මෙන්ම පුරාතනයේ තියෙන දෙයක් තමයි සල්ලීකාරයාට තැනක් තියෙන කියන මතය. මම කැම්පස්
අපුවාම දැක්ක එක දෙයක් තමයි බෝහෝ කෙල්ලෝ කොල්ලන්ට ආදර සම්බන්ධතා තිබිලාම නැ කැම්පස් එනකම් නමුත් ට්කක් කල්යනකොට ඕන්න ඒ අයට කොල්ලෝ කෙල්ලෝ ඉන්න බව
දැන ගන්න ලැබේනවා .ඇයි ඔවුන් මුලින් එහෙම කලේ . ඔවුන් සරසවියට පැමිණ විගස අමුතුම සිතුවිලිවලින් පිරුණු නැවුම සිනහ වලට තම සිතුමි පැතුමි නොදැනීම ඇදී යයි මේ නිසාම ඔවුන්
ඒ සංසන්දය කරන්නේ ගෙවල් පැත්තේ කෙල්ලට හෝ කොල්ලට වඩා මේ කොල්ලා පට්ට නේ අනික සල්ලී තියෙනවා පට්ට මීටරනේ කියලා . ඉතින් ඔවුන් කරන්නේ ඒ පැරණි ආදරයට තිත තියලා
අලුතින් ලියන ආදරකට පණ දෙන්න පෙළබෙන එකනේ . කෙල්ලෝ කරන තව දෙයක් තමයි සල්ලී තියෙනවා නම් මීටරව කම් ඒ කොල්ලාට හේත්තුවක් දාන්න ටයි කරන එක එක්කෝ හැම වේලේම
ඒ කොල්ලා එක්ක ඉන්න උත්සාහ කරන එක ඒ ඇයි ? ඇය කරන්නේ රඟපැමක් නේ ද තව දෙයක් තවත් සමහර කෙල්ලෝ අයියලා එක්ක යාළුවේනවා එක්කෝ වාසි බලාගෙන මොකද පස්සේ බුටි පාරක් තියන්න
පුළුවන්නේ කියලා . හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ මගේ මතය හොදේ සැබැ ආදර කතාද මේ අතර තියෙන බව මතක තියාගන්න . මෙසේ යාළුවෙන කෙල්ලෝ කරන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය හා සිතුවිලි
වලට උල තැබීමක් නේ ඇයි තමන් තවකෙනෙක් රවටින් වාසි ලබමින් ලබාගන්නා සතුට . මට නම් ඒ දේ කිසිම සතුටක් නෙමේ පෙන්නේ ඒ පුද්ගලයාගේ තියෙන නැතිච්ච කම කියලා කිවොත් හරි . කවදා හෝ දිනක
විවාහයට පත් වුනත් තමන් අතීතයේ කරන ලද දේවල් සිහිවෙන කොට සතුටින් ඉන්නවා නම් ඒ මිනිහා මැරිලා උපදින්න ඕනි මගේ මතය හැටියට නම් . කාන්තවගෙ පතිවත යනු ඇයගේ ආභරණයක් වේ කෙනෙකුගේ සිත් සතන්
සනසමින් ලබන්නා වු වාසියේ ඇති ලාභය කුමක්ද ඔබටම නොදැනී ඔබේ වටිනාකම අඩුවෙන බවයි නේද ? කොල්ලෙක් වුනාම කෙල්ලෙක්ගේ විහිළුවක් වෙන දේ මම නම් දකින්නේ .... විදිහට විහිළු කීරීමයි විහීළුවකට ගැනීමයි දෙකක් වේ .
පුද්ගලයෙක් ලෙස කාටවත් කඩේ යන්නවා කියන්නේ මොක්දද ඇති වැදගැම්ම නේද ?

මම කිව මේ සේරම මගේ මත පමණයි මේ සියලු අදහස් භාර ගැනීම ඔබලා සතුයි .
-චේතිය ප්‍රසංග-


http://cyberpanhinda.com/ මෙන්න  සයිටි එකක් මම කරන ගොඩවේලා බලන්නකෝ මම කියනවාට එක පාරක් . 

අපේ ගමන ශ්‍රී පාද ස්ථානයට ගිය ..(පළමු කොටස )

http://elakolla.com/news_images/www.elakolla.com__2014050824603943085.jpg




ඕන්න එහෙනමි කටිටියට කියන්න යන්නේ අලුත් අවුරැද්දේ මගේ අලුත්ම ජිවන චාරිකාවයි . මුලින්ම කියන්න ඕනි අපේගමනාත්තයවුයේ ශි්ු පාදස්ථානයයි. අපේ නාඩේ වුයේ කොල්ලෝ  9 දෙනකි. කොලා(මම),බිත්තා ,ලන්නා  මුන්නා පසා ජිකා වකයා අඩියා පනාටුව යි.මොවුන්ගෙන් මෙම ගමන ගොස් තිබුනේපනාටුව , වකයා ,මුන්නා පමණි. පොල්ගහවේලින සෙටි වුනේ අපි 3යි . ඕඔින්න එහෙනමි මම 9.15 වෙන කොට පොල්ගහ‍වෙිලට ලන්නාලා සමගින්සෙටි වුනා.මේ අතර බිත්තා අපිත් එක්ක ටික වේලාවකට පස්සේ එක් විය . දැන් අපේ රැලේ අනිත් කටිටය එන කාලය කන්න අපිට සිදුවිය මෙි නිසාම අපේ බිත්තා ගත්තතරැණයා පුවත්පතේ පිටු අතර අපේ ඇස් යැවු‍ෙිය. ඕන්න ඔය අතර බිත්තාට රයිස් බොලේ ඊයේ රැ කාපු බත් එකඇක්විවි වෙිලා මෙි නිසා මමයි බිත්තායි ගියා ඇක්ටිවි එක නවත්තන්න කෙනෙක් සෙයාගෙ පොල්ගහවේල ටවුම පැත්තට ගියා ඩයල් එකක් අපිට ලයිට කණුතුනකටය පස්සේ හමුවුන ඕන්න ඔය අතර බිත්තාගේෆෝන් කටිට රින් වෙින්න පටන් ගත්තා .වරෙන් යකෝ ටේන් එක ඇවිල්ලා තියෙන්‍ නේ ඉක්මටන වර අනේ අපොයි !!කෝචිචිය එක්පස් එකක් දැන් ඉතින් මදැයි කොලා දුවපන්කෝ මට අයෙත් කෝචිචියමිස්වෙයි කියලා හිතුනා මෙි දෙවෙනි පාර මට හාටි එක දඩබඩ ගානවා දුවපන්කෝ කොලා මමයි බිත්තායි උසේන් බෝලටියු  අසාවෝ පාවේල් වගේ දුවන් ගත්තා අපි කෝචිචිය ඉස්සරහින්පැන්නේහ නැද්දවේලාවට මේක ලියන‍වේලවෙත් හාටි එක ගැහනෙවා මගේ අනේ අමිමෝ !! එ් වුනත් එක පටිට ආතල්මතක් වෙනකොටත්. දැන් අපේ නඩය හරි එත් එක බටිටෙක් අඩුයි ඒ වකයා මිනිහා අපිට රඔුක්කනදි සෙටිවෙන්නවා කියලා ලන්නාට ඇමතුමකින් දැනුමි දුන්නා අනේ ඒ වුනාත් වකයා රඔුක්කනට ලගා වෙනකොට මිනිහා බස් එකලු අනේ අපොයි දැන් ඉතින් වුට තියෙන්නේ පෙරාදණියෙන් අපිත් එක්ක සෙටි වෙන්නයි.අනේබන් ඔයලියන එක නවත්තලා මේ ලස්සන බලපන් මට බිත්තා සද්දේ දැමිමා ඇත්ත්ට මගේ ජිවිතේපලමු වතාව ටැබි එකෙන් සිංහල කොටන  ඇප් එක ටයිකරමින්මේ ලිපිය ලිවෙිය.ඇත්තටම පටිටයි දැන් මම කැමතිමෙන්ම මගේ මතකයන් දැන් හැමවේලේම පුළුවන් මමහිතනවාඒ දේ මගේ බොල්ග් කලාවටමහත් රැකුලක් කියලා.මෙි ගමන මම ලියන්නෙත් මේ කෝචිචයේ යන ගමන හිහි. වේලාව 11.33යි අපි නුවරට ආවා. දැන් වෙිලාව 12.24හි ඔින්න දැන් අපේ වැටක් නැති කටක් ඇති අපේ වකයා සෙටිවුනා පේරාදේණියේදි ඔින්න දැන්නඩය හරි.දැන්අපි ටික ඔින්න පොඩි පොටි එකට සෙටිවනා චැටක් දාගෙන යන්න.දැන් වේලාව 8.33 අපේ ගමනේ දෙවැනි බාගයට ලගාවිය ඒඅපි ශිු පාදස්ථානයට පිටත්වෙන්න බස්රථයට නැග්ගා.ඉතින් මේ බස් එකට නගින්න කලින් අපේ ගමනේ තවත් රස බර සිදුවිමි සිදුවිය.
අපි හැටන් වලට ලගාවුයේ 2 විතර මතකයේ හැටියට පස්සේ අපේ කටිටියට දවල්ට කන්න අවශ්‍යනිසාම හැටන් ස්ටේෂන් එකේදී දවල්ට කැම ගත්තා . හැටන් සිතල මේවන විට අපේ සිරැරවල් සෙමින් වෙිලා ගන්නා බව මට තේරැමි ගියා .මෙි අතර අපේ ගමන පටන් ගන්න සිටියේ සැලසුම අනුව රාතිු යාමෙි මෙි නිසාම අපේ සෙටි එක හැටන් සිරි නරඔන්න තිරණයකට  පැමිණියේය. අ‍ඩෝ සංජිව ඉන්නේ මෙහෙ‍ේ නේද පනාටුව කැගැහුවෙිය.එහෙනමි අපි වුන්ගේ දිහා යමු යැයි කටිටිය තීරණයකට අවෙිය. විනාඩි 20 යිලුු බන් වුන් දිහාට මෙි අතර පනාටුවා කතාකරලා සංජිවට කිවෙිය.එහෙනමි ඉතින් යමු මමත් මගේ කඩහඩ එක් කලේය.ඔින්න දැන් නඩය කොළඹ පැත්තට කෝචිචි පාර දිගේ ඇවිදින්න ගත්තේය .මේ අතර අපේ වකයා යාළුවාට බිත්තාගේ ලෙඩෙම මිනිහාටත් සෙටි වෙලා දැන් මිනාහටත් වැඩෙිට අවශය ඩයල් එක සොයා අපි හැටන් පිරන්නවිය ගමන මදකට  නවතා.දැන් එකට අවශය ඩයල් එකත් හොයගෙන අපි සංජිවගේ ගෙදරට ලගා විය. අපිට ඇවිදින්න මෙි ලග තැනක් නැද්ද මචෝ  .ආසංජිව යනු දමිල අපේ මිතුරෙක් ඔවුන්ගේ ජිවිත වල තිබෙන එ දුෂකර භාවය අපට ඒ අඩක් නිමවුන් කොන්කිට් මාවත් සාක්ෂි දැරැවෙිය. මෙි  පැත්තේ ටනල් එකක් නමි තියෙනවා.කැමති නමි බලන්න යමු !හරි එහෙනමි ඉතින් එක බලන්නයමු කටිටය  කිවේය. මෙි අතර මැද ඩයල් සෙටි වුන කටිටය  තම නිදහස සොයා සංජිවගේ  ගෙදර පිරමින් සිටියේය.දුරින් මිටර 200ක් වුනු මෙය සුදුදාගේ කාලය නිම වුවකි. ගිනි මැල තුනක් රැපියල් 45කට මිලදි ගත්ත අප  එ බිමගෙය නැරඔිමට ගියෙමු.තම විශ්වවිද්‍යාල අධ්‍යාන  නිදහසේ හඩ බිංගෙය තුළ රැවි දෙන්නට විය.ඒ හුහු හඩේ තිබු නිදහස මමගේ හදවතට දැනුනි.අඩියා ගෙනාපු අලුවා ටික අපේ බඩවල් ටිකට ගියේ බිංගේ අවසන් කොට ලග තිබුනු සිල් පර කොටන් වල අපේ ගිය කතා අතර.දැන් ඉතින් හැටන් විහාරයද වන්දනා මාන කොට අප සැම නල්ලතනී යට නැග ගමනාත්තයට පිටත්විය.වේලව 9.13 ලිපිය ලියනකොටත් කටිටය සේරම නිදි ලන්නා පමණක් ගීත ලෝකයේ තනිවේලා.

දෙවන කොටස ලඟදීම අප්පේ දැන් කකුළ දෙක තවම රිදෙනවා .. 

සිංහලට පරිවර්තනය කරමු සේරම .. සිංහල සබි ෆයිල් අපිම හදාගමු ... Sinhala subtitle

හැමෝටම එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා . මේ ලියන්න 2015 වසරේ පළමු ලිපියයි මගේ විනිවිද ලෝකයට යන මගේ යාළුවන්ට. ඇත්තට මම ජීවිතේ ගොඩක් සතුටු වුනු අවුරුද්දක 1 වෙනිදා කියන්න ඔිනි . හේතුව තමයි අපේ භාෂාවට දැන් ඉංග්‍රීසි ලිපි කෙලින්ම පරිවර්තනය කරන්න පුළුවන් වීම ගැන. මොකද ලෝකයේ වඩාත්ම වටිනා ලිපි ඉංග්‍රිසී භාෂාවෙන් ලියවිලා තිබීමයි . එවුන්ත් විටක ඉංග්‍රීසී නිසා ඒ ලිපි කෙනෙකුට කියවන්න නොහැකිවන්න පුළුවන් . නමුත් දැන් ඒ ගැටලුව තවදුරටත් ගැටලුවක් නොවන නිසාවෙනි. මනුෂ්‍යයාට සියල්ල පහසුවක් කීරීමට වෙර දරන ගුගුල් ආයතනයේ ගුගුල් පරිවර්තන උපාංගයට දැන් සිංහල භාෂාවත් ඇතුළත් කර තීබීමයි. ඉතින් මම යාළුවන්ටත් කියන්න දැන් ඔබට දැනුම ලබා ගැනීමට භාෂාව තවදුරටත් ගැටලුවක් නොවන බවයි. ඒ වුනත් ඉතින් ඉන්ටනේට් නම් ඔිනි හි හි.



ඒ වගේම දැන් ඔබේ සිංහලින් ලියන ලිපි වුවත් දැන් ගැටලුවක් නැතිව ඔිනිම භාෂාවකට හැරවීමට හැකි වීමයි මම හිතනවා ඒ දේ මහත් වටිනවා ඇති අප සැමට.

ඉතින් මම හිතුවා මේ සමඟ පොඩි දෙයක් කියලා දෙන්න කටිටියට ඒ අපි කොහොමද තනියම ඉංග්‍රිසී හෝ වෙනත් භාෂාවක සබ් ෆයිල් එකක් අපේ භාෂාවට හරවා ගන්නේ කෙසේද කියලා ඉතින් මම මට හැකි පරිදි සරලව කියලා දෙන්න උත්සාහ කරනවා.

මුලින්ම අපිට මේ සඳහා
1. Subtite edit  - download link  http://www.nikse.dk/subtitleedit/
2 ඊට පස්සේ ඔයාට තියෙන්නේ සබ් ෆයිල් එක ඕපන් කරගන්න නෝට් පැඩි එකෙන් . එතකොට ඔයාට වේලාව පරතර එක්ක  පහත විදිහ්‍යට පෙනෙයි .


දැන් ඕකේ තියෙන සේරම ටික ctrl+A යොදාගෙන හරි කොහොමරි සේරම ටික කොපි කරගන්න ඊඨ පස්සේ මේ සේරම ටික ගුගුල් පරිවර්තකයට දාන්න පස්සේ එකේ සිංහල පරිවර්තනය ලබා ගන්න සැළකිලිමත් වෙන්න මේකෙන් ගොඩක් දුරට ලයින් 400 වගේ එකපාර පුළුවන් යාළුවනේ . ඉතින් ලයින් 1000 වගේ තියෙන කොට ටිකක් බුද්ධිය භාවිතා කරලා සේරම ලයින් ට්ක පරිවර්තනය කරගන්න . දැන් අපි ලයින් සේරම ටික word document එකට දාගත්තා කියමු කෝ මොකද ලයින් සේරම එකට දාගන්න වඩි වලින් පුළුවන් මම නමි ඒක ලෙසියි 400 එකපාර දාගත්තා පස්සේ ඉතුරැ ටික දානවා නැත්තම් පැටලෙනවානේ .

දැන් ඉතින් අපි බාගත කරගෙන ස්ථාපනය කළ මෘදුකාංගයෙන් වැඩක් ගන්න වේලාවයි කරන්න තියෙන්නේ එකේ file - import plain text කියන විදානයට යන්න දැන් පසුවට රැපේ තියෙන විදිහට වඩි එකේ තියෙන එවා පෙස්ට් කරන්න . දැන් ඕකේ ඔබන්න දැන් සබි ෆයිල් එක හරි කරන්න තියෙන්නේ දැන් එක save කරන්න ඔයා කැමති නමකින් වැඩේ ඉවරයි සබ් එක සුදානම් දැන් . ස්තුතියි





මම හිතනවා වැදගත් වෙන්න ඇති කියලා .
-චේතිය ප්‍රසංග-


තාරුණ්‍ය ප්‍රේම තනුවේ වෙනස්ම විදිහේ තනුව අත්විදින්න (මීදුමි සිහිනේ ගීතය)