Skip to main content

ඔවුන් එකිනෙකා දකින විට මොනවා සිතේද ?



  ඕන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරැද්දක් වේවා කියනවා .ඉතින් ලැබුවා වු අලුත් අවුරැද්දේ ඕන්න අලුත්ම ලිපියකින් ඔබ සැම හමුවටයි මා මේ සැරසෙන්නේ. ගෙවී ගිය අලුත් අවුරැද්දේ ව්ව්ධ මාතෘකා යටතේ ඔබ හමුවට මා
පැම්ණියේය. ඉතින් ඒ ලියු ලිපි බෝහෝ ව්ට මාගේ සිතුවිලි ඔස්සේ ව්ශ්ලේෂණය කොට ලියුවේ. ඉතින් ඒ මාර්ගයෙන්ම ගොස් තරමක පරීක්ෂණාත්මක ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමටයි මේ අලුත් අවුරැද්දේ මා තීඍණය කලේ.
මේ ලිපිය තරමක් විට සාර්ථක විය හැක විටක අසාර්ථක විය හැක එය රඳා පවතින්නේ කියවන ඔබ මතය.අප සැවෝම ජීවිතයේ විව්ධ වර්ගයේ ආදරයන් පහස විදී ඒ එක් එක් ආදරයන් විවිධාකාරයි .මේ ආදර සොදුරියක් හා සොදුරෙක්
අතර ආදරය විශේෂයි. ඉතින් එසේ සොදුරියක් හෝ සොදුරක් සොයා ගැනීමේදී පියවර වන්නේ ඔහුගේ හෝ  ඇගේ කැමැත්ත අයැදීම වේ. ඉතින් මෙසේ අයාචනාවන් සියල්ල සාර්ථක නොවේ .එනම් ව්ටක ඇය හෝ ඔහු ඒ අයැදීම
ප්‍රතික්ෂේප කොට "අපි යාළුවෝ වගේ ඉමු " කියා ප්‍රකාශ කර ඒ අයැදීම ඉවත් වේ .ඉතින් එදින් පසු ඔවුන් එකිනෙකා දීවියේ මුණ ගැසේ ඒ අවස්ථාවල මොවුන් යාළුවෝ වගේ හැසීරෙනවා ද? නැද්ද? කොයි වගේ හැඟීම් ද ඔවුන්ගේ
සිත් වලට දැනෙන්නේ  මෙන්න මේ දේ මගේ මෙවර ලිපියට වස්තු බීජය විය . බෝහෝ ව්ට මේ දේ ව්ශ්වව්ද්‍යාල භුමීයට කදිමට ගැලපෙන මාතෘකාවක් වේ මේ නිසාම එයට සුදුසුම තැනින් මගේ පරීක්ෂණයට අවශ්‍ය නිදර්ශක සපයා ගත්තේය.
මේ සඳහා මගේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලබා ගන්නට හැකී විය.එමෙන්ම මේ සඳහා මා එක් පුද්ගලයෙක් හා මාස 7කට ආසන්න කාලයක් කතා නොකර ඒ පුද්ගලයාගේ හැසීරීම්ද නිරීක්ෂණ කොට දත්ත ලබාගත්තේය.
 ඉතිං ඒ දත්ත මත මට හැකි පමණ විශ්ලේෂණය කොට නිගමන වලට එළඕමට මා උත්සාහ කලේය.එසේ නම් ආරම්භ කරමු මාගේ ලිපිය.

ඉතින් සත්‍ය ලෙස ගත් කළ කෙනෙකු ගැන බෝහෝ සේ ආදර සිතුව්ල්ලක් ඇති කරගෙන සිට්න කල ඇය හෝ ඔහු අකමැත්ත කියු ව්ට ඒ පුද්ගලයා ගැන තිබු බලාපොරොත්තු බිඳුනු ව්ට ඔහු හෝ ඇය නැවත හමුවෙන කොට කුමන සිතුව්ලී හට ගනීද?
ඉතිං මෙබඳු සිදු විමක් පසුව බෝහෝ ව්ට ඒ සඳහා භාජනය වු පුද්ගලයන් කරනුයේ එකිනෙක මඟ හැර සිට්මටයි මුල් දිනයන් හී දී මෙය වැඩි වශයෙන් සිදුකීරීමට පෙළබේ.ඒ ඇයි ඔවුන් ඒ දේට යොමුවන්නේ ?මගේ අත්දැකීමෙන් හා මගේ පරීක්ෂණාත්මක
දත්ත තුලින් ඔහුට හෝ ඇයට  සිතෙනුයේ ඔහු හෝ ඇය කල ක්‍රියාව නැවත නැවත මතකයට නැඟෙන බවයි.එමෙන්ම ඒ තුළින් ඒ අතීතය ස්මරණය වන නිසාම නැවතත් ඒ ආදර සිතුව්ල්ල අළු යට ඇති ගිනිපුපුළු සේ ඇව්ස්සේන බවය.මෙහි  බෝහෝ ව්ට වැඩි
වශයෙන් දැනෙනුයේ එම සිතුව්ල්ල මුලින් ම ප්‍රකාශ කළ තැන්ත්තාට වේ .මෙයට මට ලැබුනු එක දත්තක මෙසේ සඳහන් විය" මට නම් ගාණක් නැ !එත් ඉතිං ඒක කියපු එයාට අවුල ඇති කියලා ". මේ නිසා ඔවුන් ඒ සිතුව්ල්ල තම සිතට හොරා ද යටවත් කර ගැනීමට මේ ප්‍රයන්තයේ
යෙදෙන බවයි මට හැඟෙන්නේ.සිත යනු ආකල්ප ගටලමින් සැමව්ටම විවිධ අලුත් දේ නිර්මාණව වන ස්ථානයක් වේ.ඉතින් ඒ සිතේ ඇතිවන්නා වු කලබලකාරී භාවය සංසුන් කීරීමට ගන්නා වු මුග්ධ ව්‍යායාමයක් වේ.
තවත් දෙයක් වනුයේ ඔවුන් සමහර ව්ටක ඒ පුද්ගලයා දුටු විට පිළිකුල් භාවයක් ද ඇතිවන බවයි. මේ දේ නිසාදෝ මඟහැරීමට යොමුවේ.තවද කතා බහ කීරීමද අඩු කරයි.
 මාගේ අනිත් පැතිකඩ වුයේ ඔහු හෝ ඇය ම්තුරින් සමඟ කතා බහ කරන ව්ට  ඔහුට හෝ ඇයට දැනෙන දේ කුමක්ද කියා. එහීදී මට ලැබුනා තොරතුරැ මත නම් ව්ශ්ලේෂණ කල ව්ට දැනගන්න ලැබුනේද එහි එතරම් ව්ශාල බලපෑමක් සිතට නොමැති බවයි.නමුත් ඔහුට ඒ පුද්ගලයින් හා
සිටින විට ඔහු හෝ ඇය හා කතා බහ කීරීමට යම් අකමැති භාවයක් පෙන්නුම් කරන බවයි. එනම් මඟ හැර යාමටයි උත්සාහ කරන්නේ මේ සේ  මා අධ්‍යයනය කළ ඒ මිතුරිය ප්‍රබල ලෙස යොදාගන්නා බවයි. මා සිතන්නේ මෙයට ද ඒ දේ බලපාන බවයි .
  බෝහෝ  ව්ට අප අයෙකුට කැමැත්ත ඇසීමට යොමුවීමට පෙර ඒ පුද්ගලයින් බෝහෝ ලඟින් ඇසුරැ කල ම්තුරැ ලෙස සිටින පුද්ගලයින් වේ .නමුත් පෙර සඳහන් කළ ඉල්ලීමෙන් පසුව ඒ යහළුකම ම්තුරැකම පවතී ද යන්නයි මාගේ අනෙක් ව්ශ්ලේෂණ පොයින්ට් එක වුයේ ,
බෝහෝ දෙනාගේ මතය වුයේ ඒ දේ නොපවතීන බවයි ම්තුරැකම පැවතුන ද ඒ පෙර පිහිටි යහළු කම නැතහොත් පෙර දකින ව්ට ඇතිවන  ඒ ස්වරැපයෙන් ඔහු හෝ ඇයව නොදකින බවයි.මේ නිසාම සමහර ව්ටක ඔවුන් ව්රසක වීමද සිදුව්ය හැක. ඒ පෙර සිතුව්ල්ල නිසාම ව්ය හැක .එනම්
ඒ යෝජනාව නිසාවෙනී. ඒ පුද්ගයෙක් හෝ මට පැවසු වදනක් වුයේ "ඔය දේ වෙන්න කලින් ඒ දේ කියන්න කලින් හිතන්න තිබුනා කියලා" මේ එබඳු පුද්ගලයෙකුගේ මුවින් පිටවු වදනකී. එමෙන්ම තවත් සමහර ම්තුරන් පැවසුවේ ඒ පෙර තිබුන මිතුරැකම පවතින බවයි . නමුත් ඔවුන් හා කතා
කීරීමෙන්ද දැන ගන්න ලැබුනේ එය එසේම නොවන බවයි .
 ඉන්පසුව මා යොමුවුයේ එසේ ම්තුරැකම නොමැති නම් වෛරයක් ද ඇත්තේ ද කියා පරීක්ෂණවටයි. එ හීදි මට දැන ගන්න ලැබුනේ එය වෛරයක් නොවන බවයි. එනම් ඔහු හෝ ඇය යම් කරදරයකදී ඔවු නොවුන් උදව් උපකාර කරන්නා වු බවයි.සත්‍ය වශයෙන් මනුෂ්‍ය වු කල මනුස්ස කම පැවතීම අනිවාර්ය
අංගයක්වේ.එමෙන්ම ඔහුන් එය දකින්නේ සාමාන්‍ය මනුස්සයෙක් කරදරයකට මුහුණු දෙයකට ප්‍රති උපකාර කිරීමක් ලෙස වේ.
 ඉතින් අවසානයේ මා ලබා ගත් නිගමනය වුයේ කෙනෙකුගේ කැමැත්ත ඇසීමෙන් පසුව ඔහු හෝ ඇය හා කතා බහ කීරීඹ බෝහෝ ව්ට  අඩුකීරීමට යොමුවන බවයි.එමෙන්ම ඔවුන් කතාබහ කලද පෙර සීටී ස්වභාවයෙන් කතාබහ කීරීමේ සිතුව්ල්ල හට නොගනී. තවද ඔවුන් එකිනෙකා හැමවිටම මඟහැර යැමට උත්සාහ
කරනුයේ ඒ ඔවුන්ගේ ඒ ඇති වු පෙර සිතුවිලි යටපත් කර ගැනීම තුළින් එයින්  සිත මුදවා ගැනීමටයි. මෙහි බෝහෝ නිගමන වලට මා යොදාගත්තේ මා අධ්‍යයනය කළ මිතුරිය හා මාගේ මිතුරියන් ම්තුරැන්ගේ තොරතුරැ වේ .තවද මගේ අත්දැකීමි හා මගේ සිතුවිලී ද මෙයට යොදා ගත්තේය. මගේ ප්‍රයත්නය කොතරම් දුරට
සාර්ථක වී ඇද්ද කියා මා නොදනී. ඉතින් මට මේ සඳහා සහය වු සැමටම මගේ ස්තුතිය පුද කර සිටිම් .

මේ ඇත්තේ මා විසින් පරීක්ෂණයට යොදාගත් ප්‍රශ්නාවලිය හා එයට ලැබුන මිතුරියකින් ලැබුන පිලිතුරැද ඇතුළත් වේ.

1.ඔබට ඔහුව දුටු ව්ට හැඟෙන්නේ කුමක්ද ?
අපහසුවක් කලබලකාරී හැඟීමක් මුල් දවස් වල තිබුනා පසුව හරියනවා

2.ඔහු ගැන ම්තුරෙක් ලෙස සිතේද නැත්තම් තරහා කාරයෙක් ලෙසද හැඟෙන්නේ?
තරහක් නැ නමුත් වෙනදා වගේ හොද යාළුකමක් නැ

3.ඔහු නැවත වරක් ඇසුවු හොත් හොද යැයි ද සිතේ ?
නැ
4.ඔබ ඒ පුද්ගලයා හා ව්වෘතව කතා කරන්න පුළුවන් යැයි හැගේද ?
නැ
5.ඔබේ අන් ම්තුරන් හා කතා බහ කරන ව්ට ඔබට සිතට දැනෙන්නේ කුමක්ද?
අනිත් අයවත් පරිස්සමට ඇසුරැ කරන්න ඕනි කියලා හිතෙනවා ලිමිට් තියාගෙන

6.නැවත ඔබ හා ම්තුරෙක් ලෙස සිට්ය පෙර ම්තුරා ලෙස දැනේද නොදැනේ ද?
නොදැනේ

7.නැවත ඔහු ගැන කෙනෙකු ඔබට පවසන ව්ට ඔබේ සිතට දැනෙන්නේ කුමක්ද?
හිස්බවක්

8.ඔහු යම් හෙයකින් කරදරයකට පත් වුවහොත් උපකාර කීරීමට සිතේද ?
අපෝ ඔව්

ස්තුතියි අලුත් අවුරැද්දේ තවත් ලිපියකින් නැවත හමුවෙමු .

අයිතිය : චේතිය ප්‍රසංග

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...