කැම්පස් එකට ඉස්සෙල්ලම පය තියනකොටම අපේ ඔලුවට එන දෙයක් තමයි රැග් එක කියන්නෙ.. මොකද දැනට වසර කීපයකට ඉස්සෙල්ලා අපි කැම්පස් එද්දි මාර ආතල් වලින් පිරුණු, විවිදාකාරයේ අංග වලින් සමන්විත වූ, ලස්සන, විශේෂයෙන් ම කැම්පස් වලටම පමනක් අනන්ය වූ උප සංස්කෘතියක් විදිහට අපි මේ හඳුන්වන රැග් පැවතුනා.. නමුත් පසුකාලීනව ඇති වූ යම් යම් සිදුවීම් මත දැන් දැන් මේවා විශ්වවිද්යාල වලින් ඈත් වෙමින් පැවතෙනවා..
බොහෝ විට පැමිණි විගසම මුලු BATCH එකේ හැමෝගෙම නම් ගම් විස්තර දැනගත යුතුයි. ජ්යෙෂ්ඨ සිසුන් අහන වෙලාවට ඒවා පැවසීම අනිවාර්ය වේ..පුද්ගලන් දැන හඳුනා ගැනීම ඉක්මනට ඔවුන් සමග ඩීල් වීම ඉක්මනින් යම් තැනකට අනුවර්තනය වීම වැනි ගුණාංග මේ තුලින් ප්රගුණ කරවනවා...විෂේශම දේ තමයි පාවා නොදීම හා සැමටම එකා මෙන් සිටීමේ අවෂ්යතාවය පැහැදිලි කර වීම.. සියලු දෙනාම එකම වෙලාවට එකම කැන්ටීන් එකෙන් ආහාර ගැනීම.. පෝලිමේ එකට ගමන් කිරීම.. විනීත ඇඳුම් ඇඳීම ( ගැහැණු ලමයි වලලු කර දක්වා දිගු සාය ඇඳීම ) කොල්ලොන්ට නන් අත් කොට කමිසය ,යටකල දිග කලිසම ,කලු සපත්තු එක්කරන්නේ අමුතුම හැඟීමකි…. සියලු දෙනාම ඉදිරියේ ගීත ගායනය, යම් යම් ඉදිරිපත් කිරීම්.. මෙවන් තමන් කරපු දේවල් මතක් වෙද්දී කොතන කොහොම හිටියත් පසු කාලීනව උනත් මුවගට සිනාවක් නැගෙන එක නම් අරුමයක් නෙමේ.. මේ මතකයන් එපමණ සුන්දරයි.. කැම්පස් පැමිණෙන සියලු සිසුන්ට අනුවර්ත නාමයක් තිබීම අත්යවශ්ය කාරණාවක් මල් සමයේ අවසාන් භාගය වනවිට තමන් විසින් කරන ලද ආතල් වැඩ සලකා බලා ජ්යෙෂ්ට සිසුවෙක් විසින් යම් යම් වචන වලින් යුතු අන්වර්ත නාම ලබා දීම සිදුකරයි.. නිදාන කතාවක්, රඟ දැක්වීමකින් සමන්විත්ග වන මෙය සැමදෙනාම ඉදිරියේ ඉදිරිපත් කිරීම අතිශය විනොදකාමි කටයුත්තක්..මේ මල් සමය මාස කීපයක් පැවතුනද අවසානයේ night එකකින් හා පට්ට ගඳ bucket එකකින් අවසන් වේ.. ගඳ bucket සෑදීමේ ප්රවීනයෝ ඕනෑම batch එකක සිටියි.. කවුරුන් කොහොම කෙසේ කිව්වත් එදිනට සියලු දෙනා ජ්යෙෂ්ඨ නවක භේදයකින් තොරව එකා මෙන් එක්ව විනෝද වෙයි.. මේ දිනයෙන් පසුව නවක සිසුන් විශ්ව විද්යාලයේ කොටස් කරුවන් බවට පත්වේ..
මේ සම්බන්දයෙන් එකිනෙකාට විවිදාකර මත පවතිනව සමහරු මෙ දේ තදින්ම අවශ්ය බව කියද්දී තවත් සමහරු අනවශ්ය බව කියනව නමුත් මා දකින මගෙ මතය නම් පැමිනෙන නවක සිසුන් විශ්වවීද්යාල ස්ංස්කෘතියට හුරු වීමට නම් සීමාවක් ඇතුව මෙවැනි දෙයක් පැවතීම අත්යාවශ්යයි. මන්ද යත් උසස් පෙල නම් වූ අතිශය තරඟකාරී විභාගයක් අවසන්ව, තරඟකාරි එමෙන්ම පීඩිත වූ වෙහෙසකර මනසකින් යුත් සිසුන් පිරිසක් තමයි විශ්වවිද්යාල වලට එන්නේ. ඔවුන් එකිනෙකා පිලිඹදව සිතීම පරාර්ථය උදෙසා කැපවීම කිසිසේත් බලපොරොත්තු විය නොහැකියි.. එක් එක් පීඨ දෙපාර්තමේන්තු අනාදිමත් කාලය්ක් තිස්සේ රැගෙන පැමිණි functions ඉදිරියටත් රැගෙන යාමට නම් මෙවැනි උප සංස්කෘතීන් පැවතිය යුතුයි.. ජීවිතයේ සුන්දරම කාල සීමාවක් වන මේ විෂ්වවිද්යාල කාලය තුල මතක් වන කරුණු අතරේ, මේ සුන්දරත්වය, නවක සිසුන් වෂයෙන් දැන් පැමිණෙන සිසුන්ට අහිමි වී ගොස් තිබෙනව..දැන් දැන් කැම්පස් එක තවත් එක් පාසැලක් පමණක් වී තිබෙනව..
සංවාදයට විවෘතයි
සටහන : නුවන්
Comments
Post a Comment