Skip to main content

උප සංස්කෘතිය හා පාසල් මානසිකත්වය - SPLENDOUR OF YOUTH




කැම්පස් එකට ඉස්සෙල්ලම පය තියනකොටම අපේ ඔලුවට එන දෙයක් තමයි රැග් එක කියන්නෙ.. මොකද දැනට වසර කීපයකට ඉස්සෙල්ලා අපි කැම්පස් එද්දි මාර ආතල් වලින් පිරුණු, විවිදාකාරයේ අංග වලින් සමන්විත වූ, ලස්සන, විශේෂයෙන් ම කැම්පස් වලටම පමනක් අනන්ය වූ උප සංස්කෘතියක් විදිහට අපි මේ හඳුන්වන රැග් පැවතුනා.. නමුත් පසුකාලීනව ඇති වූ යම් යම් සිදුවීම් මත දැන් දැන් මේවා විශ්වවිද්යාල වලින් ඈත් වෙමින් පැවතෙනවා..

බොහෝ විට පැමිණි විගසම මුලු BATCH එකේ හැමෝගෙම නම් ගම් විස්තර දැනගත යුතුයි. ජ්යෙෂ්ඨ සිසුන් අහන වෙලාවට ඒවා පැවසීම අනිවාර්ය වේ..පුද්ගලන් දැන හඳුනා ගැනීම ඉක්මනට ඔවුන් සමග ඩීල් වීම ඉක්මනින් යම් තැනකට අනුවර්තනය වීම වැනි ගුණාංග මේ තුලින් ප්රගුණ කරවනවා...විෂේශම දේ තමයි පාවා නොදීම හා සැමටම එකා මෙන් සිටීමේ අවෂ්යතාවය පැහැදිලි කර වීම.. සියලු දෙනාම එකම වෙලාවට එකම කැන්ටීන් එකෙන් ආහාර ගැනීම.. පෝලිමේ එකට ගමන් කිරීම.. විනීත ඇඳුම් ඇඳීම ( ගැහැණු ලමයි වලලු කර දක්වා දිගු සාය ඇඳීම ) කොල්ලොන්ට නන් අත් කොට කමිසය ,යටකල දිග කලිසම ,කලු සපත්තු එක්කරන්නේ අමුතුම හැඟීමකි…. සියලු දෙනාම ඉදිරියේ ගීත ගායනය, යම් යම් ඉදිරිපත් කිරීම්.. මෙවන් තමන් කරපු දේවල් මතක් වෙද්දී කොතන කොහොම හිටියත් පසු කාලීනව උනත් මුවගට සිනාවක් නැගෙන එක නම් අරුමයක් නෙමේ.. මේ මතකයන් එපමණ සුන්දරයි.. කැම්පස් පැමිණෙන සියලු සිසුන්ට අනුවර්ත නාමයක් තිබීම අත්යවශ්ය කාරණාවක් මල් සමයේ අවසාන් භාගය වනවිට තමන් විසින් කරන ලද ආතල් වැඩ සලකා බලා ජ්යෙෂ්ට සිසුවෙක් විසින් යම් යම් වචන වලින් යුතු අන්වර්ත නාම ලබා දීම සිදුකරයි.. නිදාන කතාවක්, රඟ දැක්වීමකින් සමන්විත්ග වන මෙය සැමදෙනාම ඉදිරියේ ඉදිරිපත් කිරීම අතිශය විනොදකාමි කටයුත්තක්..මේ මල් සමය මාස කීපයක් පැවතුනද අවසානයේ night එකකින් හා පට්ට ගඳ bucket එකකින් අවසන් වේ.. ගඳ bucket සෑදීමේ ප්රවීනයෝ ඕනෑම batch එකක සිටියි.. කවුරුන් කොහොම කෙසේ කිව්වත් එදිනට සියලු දෙනා ජ්යෙෂ්ඨ නවක භේදයකින් තොරව එකා මෙන් එක්ව විනෝද වෙයි.. මේ දිනයෙන් පසුව නවක සිසුන් විශ්ව විද්යාලයේ කොටස් කරුවන් බවට පත්වේ..

මේ සම්බන්දයෙන් එකිනෙකාට විවිදාකර මත පවතිනව සමහරු මෙ දේ තදින්ම අවශ්ය බව කියද්දී තවත් සමහරු අනවශ්ය බව කියනව නමුත් මා දකින මගෙ මතය නම් පැමිනෙන නවක සිසුන් විශ්වවීද්යාල ස්ංස්කෘතියට හුරු වීමට නම් සීමාවක් ඇතුව මෙවැනි දෙයක් පැවතීම අත්යාවශ්යයි. මන්ද යත් උසස් පෙල නම් වූ අතිශය තරඟකාරී විභාගයක් අවසන්ව, තරඟකාරි එමෙන්ම පීඩිත වූ වෙහෙසකර මනසකින් යුත් සිසුන් පිරිසක් තමයි විශ්වවිද්යාල වලට එන්නේ. ඔවුන් එකිනෙකා පිලිඹදව සිතීම පරාර්ථය උදෙසා කැපවීම කිසිසේත් බලපොරොත්තු විය නොහැකියි.. එක් එක් පීඨ දෙපාර්තමේන්තු අනාදිමත් කාලය්ක් තිස්සේ රැගෙන පැමිණි functions ඉදිරියටත් රැගෙන යාමට නම් මෙවැනි උප සංස්කෘතීන් පැවතිය යුතුයි.. ජීවිතයේ සුන්දරම කාල සීමාවක් වන මේ විෂ්වවිද්යාල කාලය තුල මතක් වන කරුණු අතරේ, මේ සුන්දරත්වය, නවක සිසුන් වෂයෙන් දැන් පැමිණෙන සිසුන්ට අහිමි වී ගොස් තිබෙනව..දැන් දැන් කැම්පස් එක තවත් එක් පාසැලක් පමණක් වී තිබෙනව..
සංවාදයට විවෘතයි

සටහන : නුවන් 



Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...