2 වන කොටස.. තාත්තගෙන් ගලවපු රුපියල් සීය මාරු කරගත්තොත් ඉතුරු සල්ලිත් මාරු වෙලාම යන ලෝබ කමට බස් එකේ එල්ලෙනවා වෙනුවට කකුල් වලට වැඳගෙන හංදිය කරා පයින්ම යන ගමනට බැස්ස. මේ වෙලාවට කාක්කෝ ඇරෙන්න මිනිස්සු එච්චරම නැත්තේ සේරෝමල ජිවිත සටනට බැහැල නිසා වෙන්න ඇති.. " මට තමයි බරපතලක් නැත්තේ" මංම හිතුව. ඒත් ඉතින් මට වඩා රස්තියාදුකාරයෝ කොච්චරද.. "ඒත් ඒ රස්තියාදුකාරයෝ මිස රස්තියදුකාරියෝ නෙවේනේ" ඕන් ඉතින් යටි හිතට පණ ඇවිත්... කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හා සමාන ජිවිතයක් ගෙව්වට ඒක වැරදි කියන එක මං කරන කියන දේවල් වැරදි කියන එක මට නොතේරෙනවා නෙවේ. ඒත් මේ සම්මතයි කියන කොටුවෙන් ටිකක් පැනලා ගිහින් ජිවිතේ විඳලා බලන්න මට මාර ආසාවක් තියෙන්නේ... අනං මනං ලදරන් හිත හිතා හන්දියටම ඇවිත් මං පොලාට මෙසේජ් එකක් දැම්මා. විනාඩි දහයක් විතර ගෙවෙද්දී ඔන්න පොලා එනවා ගාට ගාට... අනේ හැබෑට මුනුත් කොල්ලොනේ.. ඉබ්බෙක් උනත් ඔයිට වඩා හයියෙන් එයි... "මායා මචී... යන්ද තැඹිලි ගෙඩියක් ගහන්න" "ඇයි මොකෝ උඹට? "නෑ බං ඊයේ දාපු ඩ්‍රින්ක් එකට ඔළුව බරයි වගේ බං තාම" "ඉඳක...
ජීවීතය අලුත් ඇසකින් දකිමු .