Skip to main content

මායාවී - 2වන කොටස













2 වන කොටස..

තාත්තගෙන් ගලවපු රුපියල් සීය මාරු කරගත්තොත් ඉතුරු සල්ලිත් මාරු වෙලාම යන ලෝබ කමට බස් එකේ එල්ලෙනවා වෙනුවට කකුල් වලට වැඳගෙන හංදිය කරා පයින්ම යන ගමනට බැස්ස. මේ වෙලාවට කාක්කෝ ඇරෙන්න මිනිස්සු එච්චරම නැත්තේ සේරෝමල ජිවිත සටනට බැහැල නිසා වෙන්න ඇති.. " මට තමයි බරපතලක් නැත්තේ" මංම හිතුව. ඒත් ඉතින් මට වඩා රස්තියාදුකාරයෝ කොච්චරද.. "ඒත් ඒ රස්තියාදුකාරයෝ මිස රස්තියදුකාරියෝ නෙවේනේ" ඕන් ඉතින් යටි හිතට පණ ඇවිත්...

කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හා සමාන ජිවිතයක් ගෙව්වට ඒක වැරදි කියන එක මං කරන කියන දේවල් වැරදි කියන එක මට නොතේරෙනවා නෙවේ.
ඒත් මේ සම්මතයි කියන කොටුවෙන් ටිකක් පැනලා ගිහින් ජිවිතේ විඳලා බලන්න මට මාර ආසාවක් තියෙන්නේ...

අනං මනං ලදරන් හිත හිතා හන්දියටම ඇවිත් මං පොලාට මෙසේජ් එකක් දැම්මා.

විනාඩි දහයක් විතර ගෙවෙද්දී ඔන්න පොලා එනවා ගාට ගාට... අනේ හැබෑට මුනුත් කොල්ලොනේ.. ඉබ්බෙක් උනත් ඔයිට වඩා හයියෙන් එයි...

"මායා මචී... යන්ද තැඹිලි ගෙඩියක් ගහන්න"

"ඇයි මොකෝ උඹට?

"නෑ බං ඊයේ දාපු ඩ්‍රින්ක් එකට ඔළුව බරයි වගේ බං තාම"

"ඉඳකින් තොපි වගේ සෙම යක්කු... යකෝ මාත් උඹලත් එක්කම නේ බං බිව්වේ"... මං ඇහුවේ පොලාගේ ඔලුවට ටොක්කක් අනින ගමන්මයි..

"උඹ ඉතින් බේබද්දෙක්ට වඩා හොඳට බොනවනේ බං"

" අනේ මේ නිකා හිටපන් බං"

පොලයි මමයි සුනිල් අයියගේ වලේ කඩේට බැස්සා. අපි හැමදාම සෙට් වෙන්නේ සුනිල් අයියගේ කඩේට තමයි. මුලදී මුලදී මගේ සිගරට් බීමට එරෙහිව උද්ගෝෂණ ව්‍යාපාරයක් දියත් කරපු සුනිල් අයියා දැන් නිකන් හිලෑ කරපු සතෙක් ගානට සද්දයක් නැතුව ඉන්නවා.

සුනිල් අයියට කියල තැඹිලි ගෙඩියක් කපා ගත්තු මායි පොලයි පැත්තක ඉඳගෙන කතාවක් දාගෙන හිටිය. ටිකකින් පොලා ඔලුවෙන් මට මොනාද පෙන්නන්න පටන් ගත්ත.

"කියන ලබ්බක් සිංහලෙන් කියහන් කෝ" මං පොලාට දෙස් දෙද්දී කටේ තියන් හිටපු බටේ අත ඇරපු පොලා "බලපන් කවුද එන්නේ කියල" අත දික්කලා.

"නවීන්.."

සෙනග අස්සෙන් අපේ පැත්තට එන නවීන් දැකල මං අහක බැලුවා.

"මායා.."

"මොකද" මං ටිකක් සද්දෙට ඇහුව..

"පොලා බලපන්කො මෙයාගේ ගණන්"

"ඇත්තනේ බං උඹ දැන් සති දෙකක් තිස්සේ අතුරුදහන් නේ"

" නෑ බං මං පොඩි බිස්නස් එකකට සෙට් උනා" කියපු නවීන් මගේ කරට අතක් දැම්මා.

නවීන් කියන්නේ අවුරුදු හතරක් තිස්සේ මගේ ආදරේ... එයා ගෙවන්නේ අමුතු ජිවිතයක්... කවදාවත් හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි නොකරපු නවීන්ව කන්ටැක්ට් කරගන්න තිබ්බ එකම මාර්ගේ ගෙදර ලෑන්ඩ්ෆෝන් එක විතරයි. ගෙදරත් නොහිටියොත් එයාව අල්ල ගන්න බැහැ ලොවෙත්. නවීන් හිටියෙත් අලව්වේ.. ගෙවල් දන්නවා උනත් ළඟ පාත නැති නිසා යන්නේ කලාතුරකින්. ඊට අමතරව නවීන්ට තිබුන නවත්ත ගන්න බැරි නරක පුරුද්දක්... නවීන් හිටියේ කුඩු වලට ඇබ්බැහි වෙලා... ඒකෙන් එයාව කොච්චර ගලවගන්න හැදුවත් බැරි වග තේරුණා. ඒත් නවීන් අත ඇරලා දාන්න මට තවමත් බැහැ.

"මොනාද කල්පනා කරන්නේ?"

"පැකට් එක මතක් වෙලාද මෙහෙ ආවේ?" මං නවීන්ගේ මූණ දිහා විපරමෙන් බැලුවා. ලාවට රතු පාට වෙලා බාගෙට පියවෙන්න හදන ඇහි පිල්ලම් වලින් නවීන්ගේ වෙනස මං අඳුන ගත්ත.

"නෑ නෑ සුදූ... ඔයාව මතක් වෙලා ආවේ"

"මේ නවීන්.. ඔයාගේ ඔය බණ වෙන කාට හරි කියන්න... අවුරුදු හතරක් තිස්සේ ඔය බණ මං අහල තියෙනවා කණ් බෙර බහිනකල්"

මං නවීන්ගේ අත ගසල පොලා ළඟ ඉඳගෙන උගේ උඩ සාක්කුවෙන් සිගරට් එක අරන් පත්තු කළා.

"නවියා .. සිරාවටම උඹට ඕක නවත්ත ගන්න බැරිද බන්? බලපන් උඹ උඹේ ජීවිතෙයි මේකිගේ ජීවිතෙයි දෙකම කාලකන්ණි කරගන්න නේ හදන්නේ"

නවීන් කතාවක් නැතුවම ඇවිත් අපිට ඉස්සර තිබුණු ලී පෙට්ටිය උඩ ඉඳගත්ත. මාත් බිම බලාගෙනම දුම් උගුරු තුන හතරක් ඇරිය. ටිකකින් පොලාගේ අතට සිගරට් බාගේ දෙද්දී ඌ මට නවීන්ව ඇහෙන් පෙන්නුවා. ලී පෙට්ටියේ උඩ ඉඳගෙන හිටපු නවීන් කිර කිරා ඉන්නවා දැකපු මට සසරම කළකිරුණ.

"නවියා ... මොකෝ බං කරන්නේ අද?" පොලා ඇහුවේ මගේ හිත තේරිලා වගේ...

"අමිලලගේ ගෙදර අදිමුද? නවීන් ඇහුවේ මගෙන්.

"පොලා උඹත් යමන්.."

"හා යමන්කෝ එහෙනම්..." පොලයි මායි නවීනුයි එක පෙලට බස් හෝල්ට් එක පැත්තට වැටුන.

අයිතිය කර්තෘ සතුවේ උපුටා ගැනීම තහනම්.

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...