Skip to main content

අනේ අපි නම් නැ ඕවාට ............






http://i.kinja-img.com/gawker-media/image/upload/s--FshBNh5h--/c_fit,fl_progressive,q_80,w_636/19b4p6yadno62jpg.jpg


 "නුගතුන් අතර ඉතාමත්ම නරක නුගතා වන්නේ දේශපාලනිකව නුගත් මිනිසායි. ඔහුට කිසිත් නොඇසෙයි . ඔහු කිසිත් නොපවසයි . ඔහු කිසිදු දේශපාලනික
සන්දර්භයක කොටස් කරැවෙකු නොවෙයි . බෝංචි ඇටයක මිලත් , මාළුවෙකුගේ මිලත් .. සියල්ලේ මිල තීරණය වන්නේ දේශපාලනික තීන්දු තීරණ මතම වන බව ඔහු නොදනියි.
දේශපාලනික නුගත් මිනිසා කෙනෙක් මුග්ධ වේද කියන්නේ නම් , මට දේශපාලනේ පෙන්නන්න බැ කියයි . ආඩම්බරයෙන් යුතුව."


  කාලයකට පසු නිවසේ නිසංසල පරිසරය තුළ රෝගී සිරුරත් ගැන සිතමින් මෙවර ගෝ සඟරාවේ පිටු අතර මගේ ඇස් යවන කල ඇස් ගැටුනේය . මේ දේ දුටු විට මටම
මාගේ මුග්ධ බව පසක් විය . මා වටා කවිරැවත් නොසිටී නිසා මට බාහිර සිනහවක් නො ඇසුනේ නමුත් බුද්ධිය මට හිනා වන බව මට වැටහුනේය. මගේ ලිපි විනිවිද ලෝකයට යන
එන මිතුරන්  වෙනුවෙන් පොඩි ලිපියක් නැවත ගෙන ඒමට මා සිතුවා එමෙන්ම මාගේ ජිවිතේ සතුටු අවස්ථාවන් කිහිපයක් මේ ගෙවී ගිය නැවත ගත නොහැකි කාලය තුළ සිදුවුනී.
ඒ ගැන පසුවට කතා කරන්න ඉතිරි කරමින් මා අද ලිවිමට බලාපොරොත්තුවන ලිපියට හැරෙමි. මා මුලින් ගත් ආරම්භ වාක්‍යයට මේ ලිපිය ගැලපේද නොවේද යන වග තවම මා ගලපමින්
සිටි නමුත් එහි යම් වු සම්බන්ධය ඇතැයි මා සිතමී.
  අද මෙරට සමාජය තුළ මිනිසුන් විවිධ කොටස් වීම නිසාම මිනිසුන් ආත්මාර්ථකාමී පිරිසක් බවට පත්වී තිබේද? ඒය තරැණ ,මහළු , කුඩා දරැවන් පාසල් දරැවන් යන භේදයකින් තොරව ඔබද
මා ද පත්වී තිබේ ඇයි ඒ ඇයි මිනිසුන් අනිත් අය ගැන නොසිතන්නේ . ඒ ඔවුන්ට දැනුමක් නොමැති නිසා අනිත් අය ගැන සීතිමට නැතහොත් ඒ ඔවුන් උපන් හැටි ද ?
මෙන් මේ කරැණූ දෙක තවම මා කල්පනා කරයි . ඇයි අපිට කෙනෙක්ට කරදයක් වුනා ඔහු වෙනුවෙන් නැගි සිටින්න නොහැක්කේ . මෙන්න මේ අද සරසවිය තුළ මෙන්ම රට තුළ තිබෙන නිසා වෙන්
පාලකයන් තමන්ගේ අරමුණු කිසිදු හැල හැප්පීමකින් තොරව ගමන් ගනී. මා සරසවිය සිටින සිසුවෙක් නිසා වෙන් මට ඒ දේ හොදින්ම දැනුනී. සරසවිය අපි හැමෝම යන්නේ උපාධියක් අරගෙන රස්සාවක්
කරන්න ඒ අතර සමහර සිසුන් විවිධ වු ඉල්ලීමී වෙනුවෙන් හඩ නගයි . මා මෙහිදී කියන්නේ දේශපාලන අතකොලු වු සිසුන් නොව සැබැ සරසවි අයිතින් වෙනුවෙන් හඩ නගන්න ගැන වේ. ඒ විට ඒ හඩ නගන
සිසුන් හඩ නඟන්නේ මුළු සරසවියේම 4000+ පමණ වු සිසුන් වෙනුවෙනී. ඒ ඔහුන් හඩ නගන්නේ ඔහුන්ගේ ....... කැසිල්ලකට නැ ඒ දිනා ගන්න දේවල් හැමෝම භුක්තී වීදී
මේ සේ හඩ නගන ලමුන්ට අනිත් වුන් කියයි ආ උන් යුනියන් කාරයෝ ඔය දේශපාලන වැඩ අපි ඕවාට නැ කියා. ඉතින් ඒ හඩ නගන සිසුන් ඔහුන්ගේ ඇක ද පැත්තක දමමින් කතා කරයි . හොදට ඇක දාන වුන්
පස්සේ අර දිනා ගත්ත ඒවා භුක්ති වීදී සිනහ වී. උදාහරණ මේ දිනවල මහපොළ වෙනුවෙන් හඩ නැගීම එකට සමහර පිරිස් යන්නේ නැ අපි ඕවාට නැ කියා නමුත් වුන්ම මහපොළ හම්බුනා හොදට කකා බී ඉදී .ඒ
දේ දිනා ගන්න උත්සාහ දැරැ කිසිවෙක් ගැන වුන්ට කැක්කුමක් නැ . මෙන්න මේ දේ තමා අද වී ඇත්තේ . එමෙන්ම තවත් දෙයක් ඒ සිසුන් යම් හෙයකින් පන්ති තහනමකට ලක්වුවා කියමු ඒ පාලකයින්ට සාධාරණ ලෙස
පෙනෙ අසාධාරණ දේ වෙනුවෙන් නැගී සිටිමට , මෙහිදී ඔහුන් වෙනුවෙන් එක් සිසුවෙක් නැගී සීටී අර මා පෙර පැවසු පිරිස්සෙන් නැ එත් හඩ නගන්නේ ඔහුන් වගේම අයෙක් ඉතින් අර සිසුන් තනී වේ . එමෙන්ම කලකීරේ නමුත්
හැමෝම ඔහුන් ගැන සිතයි නම් සරසවිය හෝ වේ රජයේ පාලකයින්ට ඔහුන්ගේ කැමැත්තට අනුව හැසීරීය හැකිද?
  නමුත් අප ද මිනිස්සු අපට හිතන්න ඇත අවස්ථාවක් හදවතක් ඇති අය ඇයි තව කෙනෙක් වෙනුවෙන් හඩ නගන්න හිත දෙන්නේ නැත්තේ එමෙන්ම ඔය දාන ඇක සමගින්ම සරසවිය තුළ සිදුවන්නේ මොනවා ද යන වග දැන ගැනීම
සරසවි සිසුන් වශයෙන් අපගේ වගකීමකී.ඒ හඩ නගන පිරිස් නොමැති වුවහොත් ඔබලාගේ ඔය සරසවිය තුළ විදින බොහෝ දේ අද නොමැති වේ. හිතන්න දේශපාලනය නොව සරසවිය සිසුවෙකුගේ වගකීමක් ලෙස ඉටුවිය යුතුකම් වේ.
මෙරට බලගතුව සංගමය වෛද්‍ය සංගමය වේ හේතුව ඔවුන්ගේ ඉල්ලීමි කිසිදු පැකීලීමකින් තොරව රජය කීරීමට පෙළබේ ඒ ඔවුන්ගේ එකමුතු කම නිසාවෙනී . මේ නිසා ඔබද මා ද සරසවිය ගිය පලියට කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න
ධෛර්යක් තෙත් හිතක් ඇති කරගන්න. මේ දේ මා බැච් එක්ක තුළද දකී අනේ වුන් කැමති දේවල් කරගනී බන් අපිට මොකද ? හැබැයි මේ දේ දෙපැත්තක් ඇත ඒ බැචි එකේ හැමෝම කැමති වී දෙයක් කළ යුතුයි එමෙන්ම එය තව පිරිසක අතකොළුවක්
වනවා නම් මම වුවද පුද්ගලිකව එයට විරැද්ධය පායි . මෙරට රටේ මිනිසුන්ද හැමෝම එකාවන් රට ගැන හිතනවා නම් මෙරට පාලකයින්ගේ බොහෝ හැසීරිමි විධිමත් පාලනයකට නතු කළ හැක. කුඩු ගෙනවා රටේ තරැණ පිරිස නොමග යවන්න ඒ මන්ද
කුඩු ගැහුවා නිදා ගත්තා රටේ පාලනය ගැන සොයන පිරිස නැ එමෙන්ම ජංගමය දුන්නා පාසල් සිසුන්ගේ දැතට ඇති වෙන්න කාමුක ලෝකයට හා ලවි කරපල්ලා බුද්ධිය හීන කරගන්න කියා . මේ රට ඉතා මත් ඉක්මණීන් ආශ්චර්ය මත් වෙනවා කාම ඇතිරිල්ලක්
මත . ඇයි පාලකයින් මෙසේ කරන්නේ ????? ඇයි අප නිහඩ සිටින්නේ ? මා දකින්නේ මා වෙනුවෙන් පුද්ගලයින් සීටීද අපට භයක් නැතුව කතා කළ හැක නමුත් අප තනියම අප දුර්වල වේ . තවද ඇමෝනියා ගඟට දාන කොට ඒ ගමේ වුන් කැ ගැසුවා
එතකොට පාලකයින් කිවා අයේ කැගහන වුන් රජ ද්‍රෝහින් ලෙස හිරේ දාන බව ... එතකොට අනිත් ගම් වල ඉන්න අප ඇයි ඔවුන් වෙනුවෙන් හඩ නැගුවේ නැත්තේ අප ඒ රටේ මිනිස්සු නෙවේද ? ඔවුන් ලංකීක යෝ නොමේද ? ඇයි ?????
හිතන්න අපිත් අන් අය ගැන හිතා එක්වන්ව අසාධාරණ දේ සාධාරණය නොකර ඒ වෙනුවෙන් එක් වෙමු එයට අපි දන්න දෙයක් නැ කියන දේ නොවේ පිලිතුර...


ඉතින් මගේ සතුටු දේවල් ආරංචි දෙක තමා .. මා සරසවියට ගොස් දෙවන වසර මේ ගෙවෙන්නේ ඉතින් සරසවියේ පළමු වතාවට මා ඇතුළු අන් අය ගැන හිතන එකාවගේ ඉන්න පිරිසක් අර්ථවත් සඟරාවක් ආරම්භ කළා එමෙන්ම එය නිර්මාණශීලී සිසුන්ට මහත් වු

අත් වැළක් අනාගතයේ වේ යැයි අප සිතනවා .  තවද ලංකාවේ ප්‍රථම ඕන්ලයින් නවකතා කෙටි කතා මුහුණූ පොතේ පිටුවක් මා විසින් ආරම්භ කළා එය සතියේ දින හතරට නවකතා හතක් ප්‍රකාශවේ.

ස්තුතියි නැවත විනිවිද ලෝකයෙන් හමුවෙමු.


අයිතිය- චේ


https://www.facebook.com/onlinenovels

http://fbonlinenovels.blogspot.com/  සයිබර් පන්හිද නවකතා කෙටි කතා අලුත් විදිහට කියවමු ...

Comments

  1. අකුරු කළු පාට කරන්න.. මං වයසයි..

    හපොයි වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න.

    සෙටින්ස් - කමෙන්ට් - රිම්ව් වර්ඩ් වෙරිපිකේෂන් - නෝ..

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලනවා පළමු ඔබට වු අපහසුතාවයට මා හැකි උපරිම උත්සාහ දරනවා මා ඒ දේ ඉවත් කරන්න මා හිතනවා මට ඒ පිළිබඳ දැනුමක් නොමැති බව නමුත් මා උත්සාහ කරනවා .
      ස්තුතියි ලිපියට අදහසක් පළ කීරමට ඔබට එය මහත් ශක්තියක් මා හට

      Delete
  2. ඇත්තට ම සතුටුයි... වෙන මොකටවත් නෙමෙයි තාමත් කැම්පස් වල පොද්දෝ ඉන්නවා කියලා දැනෙන්න දුන්නට...... ඇත්තට ම අපිත් ඒ කාලේ අපේ කොටස කරා. කදුලු ගෑස් කෑවා. බැටන් පොලු පාරවල් කෑවා.. ඒක ඒ වෙලාවේ අපේ යුතුකම වුණ නිසා කළා. තාමත් සබරෙ ඉස්සරහින් යන වෙලාවට අට්ටාලේ දැක්කා ම බැහැලා කතා කරන්න හිතෙනවා. ඒ තරම් ඒ දේවල් ඇගට දැනෙනවා.

    ලිපියට ස්තූතියි. ගමන දිගට ම කරගෙන යන්න. අපේ සුභ පැතුම්.

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. ඒක කමෙන්ට් කරන අයට පහසුයි... ඒකට සෙටින්ග්ස් වලට ගිහින් කමෙන්ට්ස් වල අයින් කරලා දාන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා අනිවා සරසවියෙන් ඉවත් වන තුරැ මාගේ ජීවිතේ මෙහි දිග හැරෙනු ඇත . මොරටු සරසවිය කලා කාමී වනු ඇත .

      Delete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...