Skip to main content

අරමුණු අමතක කළ ආදරයක් ... - කෙටිකතාවක් (සයිබර් පන්හිදෙන්)

හැකි නම් අදහසක් පළ කර යන්න එය කර්තෘ වෙනුවෙන් ධෛර්යක් වේ.




 
අරමුණු අමතක කළ ආදරයක් ...

මල් සුවඳක් දැනුන නිසා මම ඉක්මනට ඇස් ඇරලා බැලුවා. මම සූදානම් උනේ ඉක්මනට එතනට යන්නයි.ඒත් මට දැනුනෙ ලොකු අප්‍රානික බවක්. ඒ නිසා මම එහෙමම වැතිරිලා ටිකක් වෙලා කල්පනා කලා.
ටිකක් වෙලා යද්දි මට මතක් උනා පසු උන දේ ගැන. මම බැලුවා එයා ඉඳගෙන හිටිය තැන. එයා එතන නැහැ.ඒ වෙලාවෙ එයාගෙ අතේ තිබුන පොඩි පොතෙන් ඉරී වැටුන කොළයක් විතරක් එතන තිබුනා. මට නිකමට වගේ හිතෙනවා අර කවිය ඒ කොළේ ඇති කියලා.
මට මතක් වෙනවා මම එයා ළඟට ඇදිලා ගිය විදිය.

* * * * * * * * * * * * *

දවසක් මම රොන් හොයන්න පියඹාගෙන යද්දි මම දැක්කා එයා මෙතන පොතක් කියවනවා. මම ආවෙ වෙන දෙයකට උනත් මම එයා ළඟට ගිහින් කතා කලා. එයා හරි අහිංසක විදියට මාත් එක්කලා කතා කලා.

"ඔයා මොනාද මෙතන කරන්නේ...?"
"මම පාඩම් කරනවා මී මැස්සෝ..."

මට හිනා ගියේ ඉබේටම.

"මොකද මී මැස්සෝ හිනා වෙන්නේ...?"
"මම මී මැස්සෙක් නෙවෙයි, මී මැස්සියක්. ඔයා දන්නේ නැද්ද මල් වල රොන් ගන්න එන්නේ මී මැස්සියෝ බව...?"
"මට අමතක උනා පුංචි මී මැස්සියේ ඒක."

එයා එහෙම කීවෙ හිනාවෙවී. මම ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. ඉඳලා තවත් ටිකක් ළඟට ගියා.

"මම ආසයි ඔයත් එක්කලා කතා කරන්න. මම ඔයාගෙ පොත උඩින් ඉඳ ගන්නද...?"
"එන්න එන්න, මෙතනින් ඉඳ ගන්න"

මම ඉක්මනට පියඹාගෙන ගිහින් එයාගෙ අතේ තිබුන පොත උඩ ඉඳ ගත්තා. එයා හිනා වෙවී මම කරන දේ බලාගෙන හිටියා. හරි බරි ගැහිලා ඉඳගෙන මම කතාව පටන් ගත්තා.

"ඔයාගෙ නම මොකක්ද...?"
"ඔයා කොහොමද දන්නේ මට නමක් තියෙන බව...?"
"මට ඇහිලා තියෙනවා ඔයාලට එක එක නම් කියනවා. ඉතින් මට හිතුනා ඔයාටත් නමක් ඇති කියලා, ඒ නිසයි ඇයුවේ."
"ඔව් මී මැස්සියේ, මටත් නමක් තියෙනවා."
"මොකක්ද ඒ...?"
"මගෙ නම රංජිත්."
"රංජිත්........."

මම හිනාවෙවී ආයිත් එයා ගෙ නම කීවා.

"ඔව් මී මැස්සියේ, මම රංජිත්. ඔයා කවුද..."
"මට නමක් නැහැ රංජිත්. මම මී මැස්සියක්."

මම හිනාවෙවී කීවා. එයත් හිනා උනා.

එදා මම ගොඩාක් රෑ වෙනකල්ම රංජිත් එක්කලා හිටියා. එයා පොත කීයෙව්වා. මම එයාගෙ කමිස අත උඩ වාඩි වෙලා එයාගෙ මූණ දිහාවෙ බලාගෙන හිටියා. කලුවර වැටීගෙන එද්දි රංජිත් ගියා, එයා ඉන්න තැනට.

ඒත් ඒ වෙලාව වෙද්දි මට මගේ මී වදයට එන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.කලුවර නිසා මට යන්න පෙනුනේ නැහැ. ඊටත් වඩා මම එක පැණි බිංදුවක්වත් ඒ වෙලාව වෙද්දි හොයාගෙන තිබුනෙ නැහැ. ඒ නිසාම මම එහෙමම හිටියා.

* * * * * * * * * * * * *

ඊට පස්සේ මම කිසිම දවසක ආයිත් ආපහු මගේ මී වදයට ගියේ නැහැ. හැමදාම රංජිත් දකින්න ආශාවෙන් එතන හිටියා. රංජිත් හැමදාම පොතක් අරගෙන එතනට ආවා. මම එයාගේ අත උඩ ඉඳගෙන හිටියා.

සමහර දවසට එයා මගෙ තටු අල්ලලා එහාට මෙහාට කරලා බැලුවා. සමහර දවසට මගෙ දිහා හරිම උවමනාවකින් බලාගෙන හිටියා. එයා මගේ තටු ඇදලා බලන එක මට වේදනාවක් උනත් මම ඒ හැම එකක්ම විඳ ගත්තේ ලොකු ආශාවකින්, ආදරයකින්.

දවසක් රංජිත් එයස්ගෙ පොතෙන් කොළයක් ගත්තා.

"මී මැස්සියේ..."
"ඇයි රංජිත්...?"
"මම ඔයා ගැන පුංචි කවියක් ලිව්වා..."

මම ටිකක් හිනා උනා, ඒත් ලොකු සතුටකින්. ආදරයකින්.

"මේ තියෙන්නේ ඒක."

රංජිත් ඒ කොළේ මගෙ ළඟින් තිබ්බා.

"ඔයා ලිව්වට මට කියවන්න දන්නේ නැහැනේ, ඔයාම කියවන්න."

මම එහෙම කිව්වම රංජිත් ඒක මට ඇහෙන්න කියෙව්වා. දැන්නම් මට ඒක සම්පූර්ණයෙන්ම මතක නැහැ. මේ සාරාංශය.

මලක් සහ මී මැස්සෙක් අතරෙ ආදරෞයක් ගැනයි ඒකේ තිබුනේ. මලකින් රොන් ගන්න එන් මී මැස්සා පෙම්වතා ලෙසත්, මල පෙම්වතිය ලෙසත්, හිතන කවියෝ ඒ ගැන වර්ණනා කරනවලු. ඒ කවිය ඉවර කරලා තිබුනේ මෙහෙමයි.

"එහෙත්.......
මල්වල රොන් ගන්න එන්නේ
මී මැස්සන් නොව,
මී මැස්සියන් ය.
ඉඳින්.........
එය කෙසේ සිදුවෙද්ද.........?"

ඇත්තටම මලකට රොන් ගන්න එන්නේ මී මැස්සියෝ නිසා ඇයට පෙම්වතෙක් වෙන්න බැහැ. ඇය මී මැස්සියක් නම් ඇයත් පෙම්වතියක් විය යුතුම්යි නේද...?

මමත් මී මැස්සියක්, ඒනිසා මමත් පෙම්වතියක් විය යුතුයි කියලා මට හිතුනා. මම පෙම්වතිය වෙන වෙලාවෙදි රංජිත් පෙම්වතා වෙනවා නම් ගොඩක් හොඳයි කියලත් මට හිතුනා.

මම රංජිත්ට ආදරය කලා. මම දන්නේ නැහැ රංජිත් මට ආදරය කලාද කියලා. ඒත්......... අපි ආශ්‍රය කලා.

මට ඒ කාලෙ මගෙ අනිත් අරමුණු හැම එකක්ම අමතක වෙලා ගියා. මට මතක තිබුන එකම දේ මම රංජිත්ට ආදරය කළ බව විතරමයි. මම ආශාවෙන් රංජිත්ට ලං වෙලා එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා. මට ආශා හිතුනා මගේ සිනිඳු අත්තටු වලින් එයාගෙ මූණ පිරිමදින්න. ඒත් මම එහෙම කලේ නැහැ.

* * * * * * * * * * * * *

අද හවසත් රංජිත් ආවාම මම එයාගේ ළඟට ගියා.

"මී මැස්සියේ..."
"ඇයි රංජිත්...?"
"මම මීට පස්සේ මෙහෙ එන්නේ නැහැ මී මැස්සියේ."
"ඇයි ඒ...?"
"ඔයා දන්නවද, මම ඉගෙන ගන්න ළමයෙක්. මම ගොඩාක් සත්තු ගැන ඉගෙන ගන්නවා."
".................."
"මම මේ දවස්වල ගොඩාක් ඉගෙන ගත්තේ මී මැස්සෝ ගැන. මට ඉගෙන ගන්න ඔයා ගොඩාක් උදව් කලා මී මැස්සියේ. එකට ඔයාට ගොඩාක් ස්තූතියි. මම දැන් මෙහෙන් යනවා."

මට හිතා ගන්නවත් බැරි උනා මේ මොකද උනේ කියලා. මම රංජිත්ට ආදරේ කලා, එයා මගෙන් ඉගෙන ගත්තා.

කමක් නැහැ. මම හිත හදා ගන්න උත්සාහ කලා. මගේ ආදරේ නිසා එයා මොනා හරි ඉගෙන ගත්තනේ, මම එහෙම හිතුවා.

* * * * * * * * * * * * *

මී මැස්සියෝ කියන්නේ ආදර්ස්‍යට උරුමකම් කියන අය නෙවෙයි. මී වදයක උනත් අපට ආදරය කරන්න අවසර නැහැ. ඒ තත්වය අමතක කරලා තමයි මම ආදරේ කලේ. මම මෙතනට ආ අරමුණ අමතක කරලයි මම ආදරේ කලේ.

මම රංජිත් ගේ මූණ දිහා බලාගෙන හිනා උනා ආදරයෙන්.

"ඉතින් මී මැස්සියේ, මම ගිහින් එන්නම්."
"හොඳයි රංජිත්."

තවත් එක සැරයක් මාව අතට අරගෙන මූණ ළඟටම ගත්ත රංජිත්, ළඟ තිබුන ගහක කොළයක් උඩින් මාව තියලා මගෙ දිහාවෙ බලාගෙන හිටියා. මම එයාගෙ දිහාවෙ බලාගෙන හිටියා.

ටික වෙලාවකින් එයා ගියා. මම එයා නොපෙනෙන තරම් දුරට යනකල්ම බලාගෙන හිටියා. ඊට පස්සේ මට ලොකු අප්‍රානික බවක් දැනුනා. එතන එයාගෙ පොතෙන් වැටුන කොළයක් තිබුනා.

අනෝමා ජානකී මිහිඳුකුලසූරිය.

උපුටා ගැනීම තහනම් කර්තෘ සතුව අයිතිය තිබේ

Comments

  1. මං කලිනුත් කිව්වා. මේ සුදු බැක්ග්‍රවුන්ඩ් එකේ ලයිට් කලර් අකුරු කියවන එක මහ වදයක්..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...