Skip to main content

wachana.lk

 

ජීවිතය විදින මිනිසුන් එකතු කරනු ලැබෙයි

ක්ෂණික දියුණුව සමග අන්තර්ජාල භාවිතය  ක්‍රමයෙන් ලාංකේය පුද්ගල ජීවිත තුළ වැඩි ඉඩක් ලබාගෙන ඇත. බොහෝමයක් දෙනා අත ස්මාට් පෝන් ය. පේස්බුක් ගිණුම් ය. බ්ලොග් ය. වෙබ් ය. නේක විද සමාජ මාධ්‍ය භාවිතාවන් ය. ගෝලීයකරණය සමග ලෝකය විශ්ව ගම්මානයක් වෙද්දි තව දුරටත් දූපත් වාසීන් ව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබද තීරණයකට මිනිසුන් පැමිණිය යුතු දවස උදා වූයේ මීට කාලයකට පෙර ය. එහෙත් බවුතික ය දියුණු වුවද මනසින් නොදියුණු ව වසන තාක් ඒ් දූපත් මානසිකත්වය නම් නොබිදෙනු ඇත.

ඉතින් අප ඉන් මිදෙන්නට කුමක් කළ යුතු ද?

දියුණු මනසක් නිර්මාණය වන්නට නම් සාහිත්‍ය කලා ආදියෙන් පෝෂිත වීම අත්‍යවශ්‍ය ය. සාහිත්‍ය නිර්මාණ, සිනමා, නාට්‍ය, ආදි නේක විද කලාවන් රසවින්දනය මෙන් ම ජීවිතය විදිනු උදෙසා පරිසරයට ළෙංගතුවීම ද අත්‍යවශය යැයි අප පමණක් නොව ලොව බොහෝ දෙනා දන්නා කරුණකි. එපමණක් නොව ලෝකය පිළිබද අවබෝධය ද ඒ් අතරෙහි වැදගත් වෙයි.

ඉතින් මේ සියල්ල අප කොයින්  ලබන්න ද?

නේක විධ සාහිත්‍ය කලාවන්ගේ තොරතුරු ද නින්දා ප්‍රශංසා වෙනුවට මධ්‍යස්ත විමසුම් ද අවැසි කාල වකවානුවක ත්‍රස්තවාදී විචාර නොවන විචාර ද පළ කරන වෙබ් අවකාශයක ඉඩ  තනා  ගන්නට අපට අවශ්‍ය විය. දෙස් විදෙස් සාහිත්‍ය නිර්මාණ සොයා  ගෙන කියවන්නට කවුලුවක් විවර කර දෙන තැනක් සැකසීමට අපට අවශ්‍ය විය. එකිනෙකා ගේ හෘදය සංවේදී සිතුවිලි පිළිබද කතා කරන්නට ද ඒ්වා බෙදා හදා ගන්නට අවකාශයක් අපට අවශ්‍ය විය. ඉදහිටක හෝ සිර වී සිටින ජීවිතවලින් මිදී සොබා දහමේ සුන්දර තැන් සොයා සවාරියක් යන්නට පාර පෙන්වන්නට අපට අවශ්‍ය විය. මේ අවශ්‍යතාවන් එකිනෙක නොගැලපෙනවා යැයි අයෙක් ට සිතුන ද එසේ නැත. මේ මනුෂ්‍ය ජීවිතවල වින්දන කලාපයන් ය.

ඉතින් ඒ් සියල්ල උදෙසා අපි  වචන අවකාශය තැනුවෙමු.

මේ සියලු අවශ්‍යතාවන්ට පිළිතුරක් වශයෙන් අපි වචන නමින්

සම්පුර්ණ වචන කියවන්න ගොඩවන්න ,

වචන.lk වෙත



Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................