සමාජයට පරිපූර්ණ හෝ සමාජයෙන් පරිපූර්ණ වූ උගත් නැණවත් බුද්ධිමතෙක් තරමට තවමත් මා විසින් පත්ව නොතිබුණද, කෙටි පණ්ඩිත වදනක් කීමට තරම් වූ අල්ප මොලයක් ඔබට තරමටම මටද පවතින බව සිතමි, සංවාදයට රිසි ලෙස විවෘත බවට සැලකීම ඔබට භාරය.
ඇසට පෙනෙන ගැටලු කෙතරම් නම් සමාජය තුල, හා පරිසරය තුල පවතින්නෙද? එලෙස පැවතීයද අයුක්තිය දුටු තැන, අහක බලා යන ඔබවන් මිනිසුන් කෙතරම් මේ බුකිය තුල පවතීද? නමුත් අසාධාරණයට සෘජුව බලපෑම් නොකරණ ඔබ ෆේස් බුකියේ කෙතරම් නම් වීරයෝ වේද? ගැටලුව පවතින්නේ ඔබගේ නොව, ඔබගේම කොන්දේය. ඔබ විසින් ඔබගේ කොන්දට කෙලින් විය නොහැකි ලෙස ඇණයක් ගසාගෙන තිබීමයි.
කිසිම විටෙක නිවැරදි කාරණයකදී අනෙකාට බිය නොවිය යුතු බව ඔබ ඔබේ කොන්දට කිව යුතුය. එවිට එය ශක්තිමත් මුදුන් මුලක් බවට පත් වෙවි, ඔබගේ යුතුකම වන්නේ ප්‍රශ්නයක් පිළිබඳ අනෙකා කතා කරන තුරු බලා නොසිටීමයි. "බඩ දරු මවක් බසයට ගොඩ වූ පසු කිසිවකු ආසනයක් නොදෙන්නේ නම් ඔබ විසින් එය කතා කල යුත්තේ බසයේදී මිස, ගෙදර විත් මෙම බුකියේ නම් නොවන බව මාගේ හැඟීමයි"
ඔබ නිවැරදි ලෙස ඔබව භාවිතා කරද්දී අනෙකා ඔබ වලක්වන්නට උත්සාහ දරාවි. නමුත් යම් දිනෙක ඔබට තවත් එක් අයෙකු හෝ එකතු වේවි, යම් විටෙක එම එකතු වීම මෙම ආත්මයේදී පවා සිදු නොවීමට ඉඩ පුලුවන, නමුත් ඔබ ඔබගේ කොන්දට ඇණ නොගැසීම ප්‍රගුණ කලහොත් මතු ආත්මයේදී හෝ යමෙකු ඔබට එකතු වන බව නම් නොඅනුමානය. එතැන් සිට මෙම සමාජ වටපිටාව වෙනස් වීම ආරම්භ වනු ඇත.
අවශ්‍යය වන්නේ කවුරුන් හෝ ආරම්භයක් සටහන් කිරීම පමණි. සටහන වියැකෙන්නටද අවසර ඇත. නමුත් උත්සහා දැරීමෙන් ඔබගේ කොන්දේ ඇණය නොගැලවුනද, ඔබගේ දරුවාගේ කොන්දට ඇණ ගසා ගැනීම වලකිනු ඇත.
ලිපියේ අයිතිය - ජිනා
Comments
Post a Comment