Skip to main content

දැසට කදුළුක් එන මැටිටි කෙටිකතාව



“මැට්ටි අද එන්නේ නැද්ද ...” පවන් මහ හයියෙන් කෑ ගහනවා.මේ උදේ පාන්දර මොන මල වදයක්ද මන්දා.මේ මෝඩයට යන මගුලක මං නැතුව යන්න බැයිද දන්නෑ.හිතින් බැන බැනම මම ඇහැරියා.
“ඉන්නවා මං එන්නම්.මං එනකන් කන්නේ එහෙම නෑ හරිද පෙරේතයා...”
“හුහු මං කනවා.ඔහේ එනකන් මං මොකට ඉන්නද....”
“එහෙනම් කා ගන්නවා බුරුවා ...”
මේ උදේ පාන්දර මගෙ ඇගේ ලේ පුච්චනවට මේ බුරුවගේ දත් ටිකම හැලියන්....
දඩි බිඩි ගාලා ලැහැස්ති වෙලා මං campus එකට දිව්වෙ හොදටම පරක්කු වෙලා හින්දා...මං faculty එක පැත්තට යනකොට ඒක ඉස්සරහ බෙන්ච් එකට වෙලා පවන් මග බලන් ඉන්නවා...මට ඒ වෙලාවෙ නම් පව් කියලත් හිතුනා.
“මෝඩි....”කෑම එකත් දික් කරන් පවන් හිනා වෙවී ඉන්නවා...
“ඔයා කෑවද....????”
“නෑ මැට්ටි..ඔයා කාලා මටත් බාගයක් දෙනවා ”
ඇත්තටම මට පවන් ගැන ගොඩක් දුක හිතුනා.මං පවන්ගේ කෙල්ලත් නොවී එයා මං වෙනුවෙන් කරන දේවල්....හොදම යාළුවෝ කියන්නෙ ඒක තමා.
අපි දෙන්නම ලෙක්චර් hall එකට ගිහින් ඒකෙ පිටි පස්සෙම කොනකින් වාඩි උනා.ලෙක්චර්ස් තියෙන වෙලාවට නම් පවන් ගේ කට වැහිලා...ඒ වෙලාවට මං කථා කලොත් මටත් ටොක්කක් ඇනලා අහන් ඉන්න කියනවා..
ඇත්තම කිව්වොත් පවන් ලස්සන කොල්ලා.campus එකේ මගෙ හොදම යාළුවා.ගතිගුණ අතිනුත් මාරම හොදයි.හැබැයි පුදුමෙ කියන්නේ තාම කෙල්ලෙක් නෑ...ඒ පිස්සාට කොහොමත් කෙල්ලෙක් හොයා ගන්නත් වෙන්නෙ නෑ මාත් එක්ක ඉන්නකම්... හැම වැඩකදි ම මගේ හෙවනැල්ල වගේ පස්සෙන් ඉන්නේ පවන් තමා...අපි යාළුවො උනේ මහ පුදුම විදියට..dress code කාලෙ පටන් ගත්ත යාළු කම සැහෙන්න දුර ගිහින් අපිට අපි නැතුව ඉන්න බැරි තරම් වෙලා දැන්...
“නිදි මතයි පවන්.....”මං නිදි මත බේරෙන ඇස් දෙක පවන් දිහාට හරවන් කිවා..
“මුණේ වතුර ටිකක් ගාගෙන පාඩම අහන් ඉන්න...”
“හ්ම්ම්ම්ම් ”
මං ඇස් ඇරන් ඉන්න හැදුවට කොහොමවත් ඉන්න බෑනෙ...කරන්නම දෙයක් නැති තැන මං පුටුවට ඔළුව ගහ ගත්තා..දෙයියනේ කියලා ඇස් දෙක පියාගෙන ආවා විතරයි කවුදෝ අත කෙනිත්තුවා මට තරු පේන්නම...ඔළුව උස්සලා බලනකොට අර පවන් කියන බුරුවා මොකුත් උනේ නැති ගානට මැඩම් දිහා බලන් ඉන්නවා...මටත් කේන්තිය වැඩි කමට පවන් ගෙත් අත හයියෙන් කොනිත්තලා පාඩම අහන් ඉන්න පටන් ගත්තා.ඒ කොනිත්තපු කොනිත්තිල්ලට මොන නිදි මතක්ද..නිදි මත කොහේ ගියාද දන්නෑ.
ලෙක්චර් එක ඉවර වෙලා අපි දවල්ට කන්න යනකොට තමයි මං දැක්කේ පවන්ගේ අත තුවාල වෙලා තියෙනවා.
“මොකද මැට්ටෝ මේ ...”
“මෝඩියක් මාව කෙනිත්තුවනේ ”
“අනේ මං තුවාල කරන්න හිතුවෙ නෑ.sorry පවන් ...”පවන් ගෙ අතේ තුවාලෙ දැක්කම නම් මට මං ගැනම කේන්තියක් ආවා...එච්චර දෙයක් වෙලත් මේ මැට්ටා මට නිකමට වත් කිවේ නෑනේ..අනේ පව් 
පවන් මගෙන් ගුටි කන තරමට අම්මා තාත්තාගෙන් ගෙන් වත් ගුටි කාලා නැතුව ඇති..ඒත් එයා නෙවෙයි ඒ ගැන වචනයක් වත් කියන්නේ..පවන් ගැන මගේ හිතේ තියෙන්නේ යාලුවෙක් ගැන තියෙන හැගීමට වඩා ගොඩක් ලොකු හැගීමක්.ඒක කොයි වගේ හැගිමක්ද කියලා කියන්න නම් මට තේරෙන්නෙ නෑ.එයාගෙ පොඩි වචනයක් උනත් ඇති මගේ හිත රිදෙන්න.එහෙම දවසට පැත්තකට වෙලා මූඩ් ගහන් ඉන්න එක තමා මගෙ පුරුද්ද.පවන් මගෙන් ඈත් උන දවසට කොහොම ඉන්නද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ..
“මොනාද මෝඩි කල්පනා කරන්නෙ ...” මගෙ bag එකෙන් ඇදලා පවන් ඇහුවා..
“මැට්ටෙක් ගැන ”
“හ්ම්”
ඒ පාර පවන් ලොකු කල්පනාවක....හා හුවක් නෑ.මේ මනුස්සයට මොනා උනාද ඒ පාර..
“මොකද උනේ ....”පවන්ගේ අතින් ඇදලා මං ඇහුවා.
“මොකුත් නෑ..අද මං ටිකක් කලින් යන්න ඕන..මං යනවා එහෙනම් ”
ඒ පාර මෙයා යන්න හදනවා..හා යන්නැතෑ..මටත් මොකෝ...මල සමයන්....
පවනුත් campus එකේ නැති එකේ මාත් ඉදලා වැඩක් නැති නිසා මාත් ගෙදර ආවා.ගෙදර ආවට පස්සෙත් වෙනදා වගේ පවන් ගෙන් message එකක්වත් නෑ.යසට හිටපු මේ මනුස්සටය මක් උනාද මන්දා.මටත් නිකන් හිතට හරි නෑ වගේ..මං ඉතින් මොකුත් කලෙත් නෑනේ.කමක් නෑ කෝකටත් කියලා මං පවන්ට ගත්තා call එකක්.
“මොකද මැට්ටෝ උනේ...ගාල කඩා ගත්ත හරකා වගෙ දිව්වේ ???”
“මොකුත් නෑ ”
“නැත්තෙ මොකෝ ...මේ හලෝ ඔයාගෙ පොඩි වෙනසක් උනත් හොදට තේරෙනවා හරිද ...”
“ඒක හින්දා වෙන්නැති එක එක අය ගැන කල්පනා කරන්නෙ .....”
“ආ...ඒකද මේ....ඔයාට නම් පිස්සු අප්පා...මං ඒක විහිලුවට කිවේ ..මෙයා ඒක serious අරන්නෙ...”
“කව්ද දන්නෙ ඉතින්..මෝඩි ”
අනේ ඇත්තට මෙහෙමත් මැට්ටෙක් නම්....
ඇත්තටම පවන්ගේ හිතේ මං ගැන තියෙන්නෙ මොන විදියෙ හැගීමක්ද කියලා කියන්න මට තේරෙන්නෑ..ඒක යාළු කමට එහා ගිය දෙයක්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ.
පවන් ගැන හිතන හැම වෙලාවකම මට දැනෙන හැගීම විස්තර කරන්න මට වචන නෑ.මට කවදාවත් ඒ හැගීම වෙන කව්රු ගැනවත් දැනිලා නෑ...එයා මගෙ ළගින් ඉන්න හැම වෙලාවකම මට දැනෙන්නේ මං තනි වෙලා නෑ වගේ හැගීමක්...ඒත් කවදාවත් මං එයාට ඒක දැන ගන්න නම් තියලා නෑ..කියන්න බෑනේ ඔය මැට්ටා මොනා කියයිද කියලා...කටත් හොද නැති එකේ මාව බයිට් කලොත් එහෙම....
“මැට්ටි ඔයාට කියන්න බඩ්ඩක් තියේ....”
“ඒ මොකක්ද ඒ ”
“ලස්සන කෙල්ලෙක් ඉන්නවා හලෝ ගොඩාක් අහිංසක කෙනෙක් ...” පවන් කියපු දෙයින්නම් මගෙ හිත ටිකක් ගැස්සුනා..කව්රු ගැනද දන්නෑ මේ කියන්නෙ..
“මොකක්....ආ හිතක් වත් පහල වෙලාද ...”
“හිත පහල වෙලානම් ටිකක් දවස්...අහන්න බයයි හලෝ...එයා අකමැති උනොත් එහෙම.....”
“ඇයි අකමැති වෙන්නේ
“කියන්න බෑනේ ඉතින්..එයා වෙන කාට හරි කැමතිද දන්නේ නෑනේ ....”
“ඒ කියන්නෙ එයාට කොල්ලෙක් නෑ ”
“නෑ නේන්නම්....”
“කව්ද හලෝ කෙනා කියනවකො ”
“බෑ බෑ ඒක දැන්ම කියන්න බෑ....”
“මං දන්න කෙනෙක්ද..අපේ batch එකේද ...කියනවකො වදේ ”
“ඒවා දැන්ම කියන්න බෑ ඉතින් ..මං ඔයාට ඉතින් අනිවා කියන්නම්..ඔයා ඉතින් මගෙ බුදු ෆිට් එකනෙ මෝඩි ”
“අනේ තියා ගන්නවා මහ ලොකු කෙල්ල ”
ඇත්තටම පවන්ගේ මේ කතාව අහපු වෙලේ ඉදන් මං කල්පනා කලේ ඒ ගැනමයි..එයා කව්රු ගැනද මේ කියන්නෙ...මගෙ හිතට ටිකක් විතර අවුල් එක්ක...ඒ එක්කම පොඩි බලාපොරොත්තුවක චායවකුත් මගෙ හිතේ පැත්තකින් මතු වේගන ආවා...එයා මං ගැනද දන්නෙ නෑ මේ කියන්නෙ..එයා කියන සමහර දේවල් මටත් ගැලපෙනවා...ඒ උනාට......කෝකටත් කියලා එයා ගැන තව විස්තර අහලා දැන ගන්න ඕනා...
පවන් හම්බ වෙන හැම වෙලාවකම මං try කලේ පවන්ගේ හිත ගිය කෙනා ගැන දැන ගන්නමයි..ඒත් පවන් වටෙන් වටෙන් කීවාට හරියට ඒ කෙනා ගැන කිවේ නෑ....
“මොනාද හලෝ අදවත් කියනවකො අර කෙනා ගැන...”
“එයා ගොඩාක් අහිංසක මෝඩ කෙල්ලෙක්...ගොඩාක් ලස්සන නෑ..ඒ උනාට cute..ආදරෙ හිතෙනවා හුගක්...හරි ආඩම්බරයි එයා...වැඩිය කොල්ලො එක්ක කතා නෑ..එක්කෙනෙක් දෙන්නෙක් එක්ක විතරයි කතා කරන්නෙ...”
“නම කියනවකො අනේ ”
“නම කියන්න බෑ දැන්ම..මං වෙලාව ආවම කියන්නම්කො ”
“ඔන්නෑ ඔයා...”කෙල්ල ගැන අගේ කරනවා මිසක් මට කියන්නෙත් නෑ එයා..හිතට පොඩි දුකකුත් ආවා...එයා මේ කියන්නෙ මං ගැනම වෙන්න ඕන..එකනෙ මෙච්චර අගේ කරන්නෙ...මගේ හිත මට කියන්න ගත්තා..ඇත්තටම මේ වෙනකොට පවන් ගැන මගෙ හිතේ ආදරයක් තියෙනවා කියලා මටම දැනිලා තිබුනා..ඒත් එයාම කියනකන් මං සද්ද නැතුව හිටියා..
“අනේ අදවත් කියනවකො මැට්ටෝ ”හැමදාම වගෙ එදත් මං පවන් ගෙන් ඇහුවෙ එයාගෙ කටින්ම අහ ගන්න.
“හ්ම්ම්ම්ම්ම්..දැන ගන්නම ඕනද.....”
“ඕන නිසා තමා අහන්නේ...”
“ඔයා හිතන්නෙ වත් නැති කෙනෙක් ”
“අනේ අගේ නොකර කියනවකො ...”
“හරි හරි කියන්නම් ”
පවන්ගෙ කටින්ම එයා මට කැමතියි කියන එක අහ ගන්න මට තිබුනෙ පුදුම හදිස්සියක්...මං ගොඩාක් ආසාවෙන් පවන් දිහා බලන් හිටියෙ.
“ඔයා ගොඩක්ම හොදට දන්න කෙනෙක් ”
“ඉතින් කියනවකෝ .......”
“සිතාරි ”
මගේ මුළු හිතම එක තැනක නතර උනා වගෙ මට දැනුනා..ඒත් වෙනසක් නැතුවම ඉස්සෙල්ලා වගේම පවන් දිහා බලාගෙන හිටියා මම...මං නුබට ආදරය කල තරම්....නුබට නොදැනුන හැටි එය.....

මේ කෙටිකතාව ලබාදුන් චේතනා සොයුරියට අපගේ ප්‍රණාමය මෙන්ම මෙහි අයිතිය ඇය සතුවේ . උපුටා ගැනීම සපුරා තහනම් වේ .ස්තුතියි.

තවත් හිතට දැනෙන  කෙටිකතා කියවන්න ආසයි නම්  http://cyberpanhinda.com/ ගොඩවන්න

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...