Skip to main content

Posts

ආත්මා නවකතාවේ තුන්වන කොටස............

මෙතෙක් කතාව මෙම කතාව තේමිය නැමති තරුණයා දකින සිහිනයක් වටා බැදී පවතී. ඔහු කුඩා කල සිට එකම සිහිනයක් දැකින අතර මෙය තේමියටත් ඔහුගේ මවටත් ගැටලුවක් බවට පත්වේ. අවසානයේදී තේමියගේ මව අගනුවර හැරදමා ඇගේ මිය ගිය සැමියාගේ නිවස පිහිටා ඇති නුවර ප්‍රදේශයට තම එකම දරුවා සමග පැමිණ ගුරුවරියක් ලෙස සේවය කරයි. කාලයත් සමග ඔහු දකින සිහිනය ටිකෙන් ටික මගහැරී ගොස් සාමාන්‍ය දරුවකු බවට පත්වේ. එහෙත් උසස් පෙළද අවසන් වී සරසවි දිවියට ඇතුලතු වීමට සිටින ඔහු එදින රාත්‍රියේ නැවතත් මෙම සිහිනය දකින අතර එයින් ඔහු කැළඹීමකට පත් වේ. අද එතැන් සිට අගනුවර දෙසට වේගයෙන් ඇදී ගිය මෝටර් රථය විශ්ව විද්‍යාල භූමියට ඇතුලු වන විට වෙලාව දහයට ආසන්න වෙලා තිබුනා. වැඩි කතා බහකින් තොරව ගතවුනු ගමන අවසන් කරල තේමිය කාර් එකෙන් බහින ගමන් තිලක් දිහා බැලුවා. මහත්තයා මම කාර් එක මේ හරියෙන් නවත්තගෙන ඉන්නම්. මහත්තය රෙජිස්ට්‍රේසන් වැඩ කරගෙන එන්න. ඕන උනොත් මට කෝල් එකක් ගන්න. තේමිය සෙමින් සෙමින් ඉදිරියට ගියා. ඇත්තටම මොනතරම් සුන්දර පරිසරයක්ද ඔහුට හිතුනා. එක් පසකින් ‍පේන ක්‍රීඩාංගනය, මග දෙපස තිබුනු ගස් වැල් මොහොතකට ඔහුගෙ හිත පැහැර ගත්තා. අවුරුදු හතර ලස්ස...

ආත්මා නවකතාවේ දෙවන කොටස.....තේමිය උසස් පෙළත් ඉවරලා...

කාල‍යත් ගතවෙලා ගිහින් දැන් තේමිය උසස් පෙළත් ඉවර කරල සරසවියට යන්න ඔන්න මෙන්න කියල හිටියෙ. අද තමා තේමියට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න තිබුනු දවස. සරෝජා උදේම ඇහැරුනා ඒ පාන්දර දෙකට විතර. තේමියගෙ කාමරට එබිල බලපු ඇය දැක්කෙ තේමිය තද නින්දේ ඉන්න හැටි. ඉතින් ඇය ටික වෙලාවක් තමන්ගෙ පුතා දිහා බලාගෙන ඉදලා කුස්සියට ගියෙ කල්පනාවෙන් බර වෙලා. ඒ වෙනකොටත් සුනීතා කුස්සියට ඇවිත් හිටියා. සුනීතා දැන්මම ඇහැරුනාද? ඔවු නෝනා මට හරියකට නින්ද ගියෙ නෑ. පුංචි මහත්තයා ඕවගේ දුරක් යනවමනේ. මටත් එහෙම තමා. කො තාත්තා වගේමනෙ කියන දෙයක් අහන ළමයෙක් කියලයෑ. මගේ මනාපයක් නෑ විශ්වවිද්‍යාලෙ යන එක ගැන. මට ප්‍රසාද්ව නැති වෙලා ඉවරයි. මට මගෙ පුතාවත් නැති කර ගන්න බෑනෙ සුනීතා. සුනීතටත් ඇත්තටම බය තිබුනත් තවත් ගිනි ගන්න හිතකට පිදුරු දාන්නෙ මොකටද කියල හිතල ඒත් නෝනා දැන් ඒවගේ කරදර නෑනේ. දැන් හැමදේම හොදයි කියනවනෙ. අනික එහෙ මහේන්ද්‍ර ලොකු මහත්තයත් ඉන්නවනෙ. පොඩි මහත්තයට පන වගේ ආදරේනෙ. එක අතකට බය වෙන්නෙ මොකටද නෝනා. හ්ම්ම්... සුසුමක් පිට කලා මිසක් සරෝජා කිසිම දෙයක් ඒකට කිවුවෙ නෑ. ඇයටත් හිතට හයියක් වුනේ ඇගේ තාත්තා තේමිය ගැන බලයි කියන එක. නෝනා තේ...

Pitbull ft. GRL - Wild Wild Love සිංහල උපසිරැසින් .....

  බාගත කරගන්න සිංහල උපසිරැසි

ආත්මා නවකතාවේ - පළමු කොටස ...........

  ආයෙමත් මම තනි වෙලා. තේමිය තමන්ටම කියා ගත්තා. සේරම ඉවර වෙලා කියල හිතුවත් කිසිම දෙයක් ඉවර වෙලා නෑ කියල ඔහුගෙ හිත කිව්වා. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුටම ඇහෙන්න ගත්තා. පාලු රාත්‍රියෙ නිහඩතාවය බිදිමින් නැගෙන රළ ගැටෙන හඩ ටික‍ වෙලාවක් යනකොට තේමියට පැහැදිලිව ඇහෙන්න ගත්තා. මම.. මම ඇස් තද කරලා පියා ගන්න ඕන.. ඔහු ඔහුටම කියා ගත්තා. විනාඩි දෙක තුනක් ගත වුනා. එ‍් වුනත් දිගටම ඇහුනෙ අර රළ බිදෙන හඩ විතරයි. ආයෙමත් ඇස් ඇරියා. හරි කමක් නෑ. ආයෙමත් මම හුරු පුරුදු හීනෙම අතරමං වෙලා. ඇයි මම බය වෙන්නෙ.. මොනවටද? මම පොඩි ළමෙක් නෙමෙයිනෙ තවත්. අනික මම මොනවටද බය වෙන්නෙ. මේක හීනයක් විතරයි. තව ටිකකින් මාව ඇහැරෙයි. අම්මත් ඉදී. ටික ටික ඔහු හිත හදාගත්ත. පරණ ඒ වුනත් හොදින් උණුසුම තියෙන සයනයක ඔහු හිටියා. තේමියගෙ ඇස් මුලු කාමරය දිහාම විමසිල්ලෙන් යොමු වුනා. මුලින්ම ඔහුගෙ ඇස ගැටුනෙ විශාල අල්මාරියක්. ඊට පස්සෙ දකුණු පැත්තට වෙන්න තිබුනු ජනේලය. පියන් දෙකම වහල තිබුනු ජනේලය දිහා ටික වෙලාවක් ඔහු බලාගෙන හිටියා. තවත් මොහොතක‍ට පස්සෙ ආයෙමත් කාමරය දිහා බලන්න ගත්තා. ඒක මුහුදු වෙරළක ඡායරූපයක්. කාමරයෙ වම් පැත්තට වෙන්...

මං ඇත්තටම බේබද්දෙක්.......... ආශිකී රඟපැවෙත් හොඳටම බීලා..... අහෝ දුකක් අපි ගැන

  ඉතිං මේ දවස් වල කැම්පස් එකේ නිවාඩු නිසා පොඩ්ඩක් ගෙදරට වේලා විවේකීව වුන්නා .ඒ වගේම කටිටියට ලැබුවා වු අලුත් අවුරැද්ද කිරි පැණි ඉතිරැනු අලුත් අවුරැද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා විනිවිද ලෝකය තුළින් . ඒ වුනාට මට නම් මහ හොද අවුරැද්දක් නැති වුනා මේ පාර මොකද හිතුවේ නැති විදිහට අසනීපයක් කඩා පාත් වුනානේ ලෙඩ ඇදට වැටෙන විදිහට ඉතින් ඒ නිසා සැළසුම් ගොඩක් වතුරට ගහගෙන ගියා . එහෙනම් අද ලිපිය දෙසට අපි හැරෙමුකෝ අද මගේ ලිපිය සබැඳි වන්නේ ඉරිදා පත්තර කැල්ලකට වේ .මම මේ ඉරිදා පත්තර කැල්ලක් මෙසේ උඩ තියෙනවා දැක්කා මම එච්චර පත්තර කියවීමට ප්‍රිය නොකරන කෙනෙක් සමාන්‍යයෙන් සඟරා කීය විමට තමා මගේ ඇල්ම තියෙන්නේ ඒ මන්දැ මා නොදනී. කෙසේ හෝ මේ පත්තර කැල්ල දුටුවා මගේ හිතට අවේ කෙන්තියක් ඒ මේ ලිපිය ලියපු කෙනා ගැන මෙන්ම මේ රටේ මාධ්‍යයට වෙලා තියෙන දේ ගැන යි.                                   මං ඇත්තටම බේබද්දෙක්       ...

සාලයේ සැතපීමට සුදානම්.................

සාලයේ සැතපීමට සුදානම් නමි මේ ට්ක කියලා දාන්න යාළුවනේ තම නෝනා මහත්තයාට 1.ගැණු කවද්ද හිතන දේ කිව්වේ කියලා කිව්වට ගැණු අදහස් කලේ මොනවාද කියල හිතන්න තරම් පිරිම්න්ට වැඩ නැත්තේ නැහැ .අනික පිරිමි අන් මනස කියවීමේ හැකියාවක් තියෙන ජාතියක් නෙමෙයි. 2. කරැණාකරලා  කමාන්ඩි සීටි එක භාවිතා කළාට පස්සේ උඩට උස්සන්න වැඩුණු ගැහැනියක් විදිහට තේරැම් ගැනීමේ හැකියාව ඇයට තිබිය යුතුයි. 3.අඩන්න කියන්නේ තනිකරම බ්ලැක්මේල් කිරිල්ලක්. 4.ඕන දේ කෙලින් ඉල්ලන්න . පැහැදිලිව ඉල්ලන්න ඉඟි දීලා වැඩක් නැහැ ඉඟි දුන්නට උවමනා දේ ලැබෙන්නේ නැ. 5. ඔව් නැ බැ කියන්නේ ඇයගේ සියලු ප්‍රශ්නවලට උත්තර විදිහට දෙන්න පුළුවන් නියම වචන තුනක්. 6. පිරිමි මාස 6කට කලින් කියපු දෙයක් පසුකාලීනව රණ්ඩුවකදී භාවිතාකරන එක භාරගන්න බැහැ .කොට්න්ම දවස් 7ක කාලයකට පසුව අපි කියපු සියලු අදහස් ශුන්‍ය වෙනවා . 7. මගේ ඇගේ හැඩය ගැන ඔයා වදවෙන්න එපා .රවුම් කියලා හැඩයකුත් තියෙනවා. 8.ඔයාට දැනටමත් උවමනා තරම් ඇඳුම් තියෙනවා. 9.ඔයාට දැනටමත් උවමනා තරම් සපත්තු තියෙනවා. 10.අපිත් එක්ක දිර්ඝ කතාවකට එනවා නම් ෆිල්ම් ගැන හරි ක්‍රිකට් ගැන හරි විඩියෝ ගේම් ගැන හරි කතාකරන්න ...

කවියාෙග් මළගම..........

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems ...............................................................