Skip to main content

රූපවාහිනි වැඩසටහන් වර්ගීකරණ

වර්තමානයේ අන්තර්ජාලයෙන් රැපවාහිනි වැඩසටහන් නැරඕමට මෙන්ම සැටලයිට් ඔස්සේ විකාශනය වන විදේශිය නාළිකා හා කතාමාලාවන් නැරඕමට අප සැම හුරැවී ඇත. සමහර විට මේ ඔබේ දරැවා ද නැරඹීම සිදුකරනු ඇත. ඉතිං එවැනි වැඩසටහන් තම දරැවාට ගැලපෙනවාද නැද්ද යන වග ඔබ නොදන්නවා ඇති. ඉතිං මම අද ලිපියෙන් බලාපොරොත්තු වෙනවා රැපවාහිනි වැඩසටහන් වර්ගීකරණ පිළිබඳව විස්තරයක් ගෙන ඒමට.

ඔබ කතාමාලාවක් නරඔන විට දැක ඇති ඉහළ කෙළවරේ යම් සංකේතයක් පටන් ගැනීමේදී ප්‍රදර්ශනය කරන බව. මොකද්ද මේකෙන් කියන්නේ,

[Y7] —- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහන සුදුසු ප්‍රේක්ෂක කොට්ඪාශය.
[FV] —- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහනේ ලිංගිකත්වය, වැඩිහිට් වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි දෑ වලින් කුමන කොටස් අඩංගු වේ ද යනවග.

මෙම පහල ලේබලයේ අඩංගු විය හැකි අක්ෂර වලින් අර්ථවත් කරන්න දේ..

[D] – කාමුකත්වය ඇතිවන දෙබස් (බොහෝ විට ලිංගිකත්වය පිළිබඳව) දෑ අඩංගු බව.
[L] – අශීක්ෂීත පරුෂ භාෂාව අඩංගු බව.
[S] – ලිංගික හැසිරීම් අඩංගු බව.
[V] – ප්‍රචණ්ඩත්වය අඩංගු බව.
[FV] – Fantasy ප්‍රචණ්ඩත්වය (මෙය ළමුන් සඳහා පමණක් වෙන්වු වැඩසටහන් වල පමණක් අඩංගු වේ).
දැන් බලමු එම සංකේතවලින් අදහස වන දේ…
 සියලුම දරැවන්ට.
මෙම වර්ගයේ කතාමාලාවන් ඕනැම වයස් කාණ්ඩයක ළමුන් සඳහා යෝග්‍ය වේ. විශේෂයෙන් වයස අවු: 2-6 ළමුන්ට වේ. නමුත් මෙම යටතේ ඇති වැඩසටහන් වලින් ළමුන් බියගැන්වීම බලාපොරොත්තු නොවේ.
සෘජුවම සුදුසු වන්නේ වැඩිහිටි ළමුන්ට.
මෙම යටතේ වැඩසටහන් සුදුසු වන්නේ වැඩිහිටි ළමුන්ටයි. එනම් වයස අවු: 7 ට වැඩි ළමුන්ටයි. එමෙන්ම මේවායේ මධ්‍යම ප්‍රචණ්ඩත්වයක් ඇති දර්ශන අඩංගු වේ. සමහර විට වයස අවු: 7 ට අඩු දරැවන් බියට පත්විය හැක. එබැවින් තෝරාගත යුතුයි මෙය තම දරැවාට සුදුසු ද නැද්ද යන වග.
සෘජුවම සුදුසු වන්නේ වැඩිහිටි ළමුන්ට – Fantasy ප්‍රචණ්ඩත්වය.
තරමක් ප්‍රචණ්ඩත්වය වැඩි දර්ශන අඩංගු විය හැක.
සාමාන්‍ය ප්‍රේක්ෂකයාට යෝජිතයි.
මෙවැනි වැඩසටහන් ඕනැම වයස් කාණ්ඩයනට ගැලපේ. නමුත් මේවා විශේෂයෙන් වර්ග කර නොමැත දරැවන්ට පමණක් වෙන් වු බව, එබැවින් දෙමාපියන්ට යෝග්‍ය වේ. එමෙන්ම මේවායේ ස්වල්ප වශයෙන් ප්‍රවණ්ඩත්වය දර්ශන තිබිය හැක. නමුත් ලිංගිකත්වය, අශීක්ෂීත පරැෂ භාෂාව අඩංගු නොවේ.
දෙමාපියන්ගේ මඟපෙන්වීම අවශ්‍යයි.
මෙම කාණ්ඩයේ ඇති වැඩසටහන් වල අඩංගු සමහර දර්ශන තරැණ දරැවන්ට යෝග්‍ය නුසුදුසු නොවේ .එබැවින් මේවා නැරබීමේදී දෙමාපියන් තම දරැවන් සමඟ නැරබිම සුදුසුයි. මෙවැනි වැඩසටහන් වල මෙවැනි දර්ශන අඩංගු විය හැක. ඒවා නම් ලිංගිකත්වය ප්‍රචණ්ඩත්වය ආදියයි.
අනිවාර්යෙන්ම දෙමාපියන්ගේ මඟපෙන්වීම අවශ්‍යයි.
මෙම කාණ්ඩයේ ඇති වැඩසටහන් සමහර විට වයස අවු: 14 ට අඩු දරුවන්ට සුදුසු නොවේ. එබැවින් තම දරුවා වයස අවු: 14 ට අඩුනම් මේවැනි වැඩසටහන් නැරඹීමේ දී දෙමාපිය සැළකිල්ල අවශ්‍ය වේ. මෙවැනි වැඩසටහන් වල ඉහළ දැක්වු [V], [D], [L], [S] දර්ශණ අඩංගුවේ.
මුහුකුරා ගිය ප්‍රේක්ෂකයාට යෝජිතයි.
වයස අවුරැදු 17 න් පහළ දරැවන්ට කිසිසෙත් සුදුසු නොවේ. මේවායේ [V], [D], [L], [S] දර්ශණ අඩංගුවේ.
{විශේෂයෙන් තම වයසට නොගැලපෙන දේ නැරඹීම තුළින් ඔහුගේ හෝ ඇයගේ මනස ව්‍යාකුල විම නිසා මානසික ආතතින්ට භාජනය වේ. එබැවින් ඔබත් යෝග්‍ය වැඩසටහන් තෝරාගන්න පෙළඹෙන්න. }
මම හිතනවා හැමෝටම මෙය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියා.
නැවත හමුවෙමු. ස්තුතියි !

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................