Skip to main content

හුදෙකලා අසරැවා



අද මගේ ජීවතේ අමතක නොවන මතකයන් ගොන්න තවත් එක් මතකයක් එක් විය එමෙන්ම මට එය ඉතාමත් විශේෂ
දිනයක් ද විය . ඒ මක් නිසා ද යත් මා අ. පො ස උසස් පෙළ විභාගය අවසන් වී මාගේ කුඩා කාලයේ සිට තිබුණු අරමුණක්
වු පංති කීරිමේ ආසාව නිසා මා සංයුක්ත ගණිතය පංති කීරීම මීට පෙර වසරේ ජනවාර් මස ටික ඇරබුණි ඉතින් ඒ 
පන්ති කලාවේ මගේ පළමු ගෝලයන් අතරින් එක් ගෝලයෙක් වු එමෙන්ම වර්තමානයේ මාගේ හිතවත් මල්ලී
කෙනෙක් වන මහේන්ද්‍ර තෙන්නකොන් මල්ලීගේ ඔහුගේ කුළුදුල් නවකතා ග්‍රන්ථයේ එළිදැක්වීමේ උත්සවය 2013 -
03-13 වන අද දින යෙදී තිබුනි එයට මා හට අද සහභාගී වීමට මට හැකි වීමයි .මා හිතනවා ඒක ඇත්තටම මගේ
ජිවිතයේ අමතක නොවන ඉතාමත් හැඟිබර මෙන්ම වචන වලින් කිව නොහැකි අවස්ථාවකි . මක් නිසාද යත් මා මීට
පෙර කිසිදු දිනක පොතක් එළි දැක්වීමකට සහභාගී වී නොතිබිමයි අනික එබදු අවස්ථාවකට ආරාධනා කළ විට මට
අදහා ගන්න බැරි වුනා මා මගේ හොදම යාළුවා වන අම්මාගෙන් ඇහැව්වා මා මොකද කරන්නේ කියලා අම්මේ කියලා
අම්මා මට උපදෙස් කිහිපයක් දුන්නා නමුත් මා එයින් මට හැකි පරිදි ඒවා පිළිපැද්දා .

මෙම උත්සවය පැවැත්වුනේ අපගේ පාසලේ ප්‍රධාන උත්සව ශාලාවේය එම අවස්ථාවට අප පාසලේ සියලුම විදුහල්පති වරැ
උසස් පෙළ අංශයේ ගුරැ භවතුන් මෙන්ම ඔහුගේ පංතියේ සිසුන් සහභාගී විය . මා අපේ යාළුවෝ හොදින් දන්නා අපේ
ගුරැ වන වර්තමානයේ උසස් පෙළ විද්‍යා අංශ ප්‍රධාන විජේකොන් ගුරැ පියාණන් මේ අවස්ථාවට සහභාගී වි තිබුනි .
එතුමා අද දින ඉතා සතුටින් හැසිරෙන බවක් මා දුටුවා ඔහුගේ කතා බහින් මෙන්ම හැසිරිමෙන් ම මක්නිසාදා යත් මා
එසේ පවසන්නේ එතුමා ගැන දන්නා අය දනී ඒ ගැන මා ඒ පිළිබඳ විස්තර නොකරමි .

මීට අමතරව මල්ලීගේ පවුලේ සියලුම දෙනාම හිතවතුන් කිහිපදෙනක් ද සහභාගී වී තිබුනා . මෙහි ප්‍රධාන ආරාධිත
අමුත්තන් වුයේ මෙරට ප්‍රකට ලේඛිකාවක් වන යමුනා මාලනී පෙරේරා මැතිණීය මොරටුව විශ්වද්‍යාලයේ කතිකාචාර්වරයෙක්
තුමා අයෙකුත් සහභාගී විය . මෙය ආරම්භ කිරීම හරියටම 3 පමණ සිදුවිය . අපේ පාසලේ මාධ්‍ය අංශයේ සිසුන් දෙදෙනෙක්
මේ වටිනා අවස්ථාවේ නිවේදන කටයුතු භාරව කටයුතු කලා . පසු ලේඛකයා වන මහෙන්ද්‍ර මල්ලි තම නවකතා ව
පිළිබදව ව්ස්තරයක් ගෙන එන ළදී. ඔහු එහිදී තමා විපුල දැනුමේ ස්වභාවය රැදි සිටි අපට ඔහුගේ කතාවෙන් විදහා පැවේය.
ඇත්ත වශයෙන් ඔහු කතා කරන අවස්ථාවේ මා ගේ දෙනෙතට කදුළු අවේ මගේ සිතේ ඇති සතුට නිසාදෝ කියා මට නොතෙරේ.
ඇත්තමට මටත් මගේ සිතටත් ආඩමිබරයක් ආවා ඇත්තමට මම හොද වාසනාවන් අයෙකු නිසා වෙනි ඒ මෙතරම් කුඩා කාලයේකේදී
තමාම උගන්වපු සිසුවෙකුගේ ජයග්‍රහණයක් මෙන්ම මෙතරම් විශිෂ්ට හැකියාවක් දැක ගැනීමට හැකි වු නිසා වෙනි
මට එමෙන්ම තේරැනා ගුරැවරැන් කොතරම් සතුටුවෙනවා ඇත්ත ද කියා තම ගෝලයන් ගේ හැකියාවන් දුටු විට කියා .

ඔහුගේ කතාවට පසු ව පාසලේ ගුරැතුමාත් ඊට පසුව ප්‍රධාන ආරාධිතය වු යමුනා මාලනී මහත්මිය වේදිකාවේ තම
දේශන ආරම්භ කලේය ඇත්තටම මම මීට පෙර මෙවැනි විශ්ෂ්ට ලේඛිකාවගේ කතාවකට ඇහැමි කම් දී නොතිබුනි
ඇත්තටම මට එය ඉතා වැදගත් අවස්ථාවක් ද විය . ඇත්තටම විද්වතුන්ගේ දේශනයක් ඇසිම වර්තමානයේ මුසා දෙඩනා
පුද්ගලයන්ගේ කතා ඇසිමට වඩා කොතරම් ද වැදගත් කියා ඔබත් එවැනි අවස්ථාවකට සහභාගි වු වා නම් දැනේ
බුද්ධිය ඇති පුද්ගලයා කොතරම් සමාජයේ වැජබේ ද කියා ඇයගෙන් මා හට පෙනුනී .

අවසාන වශයෙන් මා මෙන්ම සියලු මලියදේව සිසුන් හැමෝම සතුටු වුවා අපේ මලියදේව මැණියන්ගේ පුතෙකුගේ
හැකියාව දැකීම තුලින් . මලියදේව යනු සැමදා ලොව ඇති අනර්ඝ විද්‍යාලයක් බව පැහැදිලි කරලිමට අවශ්‍ය නොවේ ම සිතන්නේ

මා මහෙන්ද්‍ර මල්ලීට ඔහුගේ උසස්පෙළ විභාගයට සුභ පතන අතර ඔහුගේ මේ විශ්ෂ්ට හැකියාවට සුභ පතන අතර තව තවත්
නිර්මාණ බිහි කරන්න හැකියාව ලැබේවා ඇයි මා ප්‍රර්ථනා කරමි . එමෙන්ම ඔහුගේ සියලුම පවුලේ සමාජිකයන් ස්තුති වන්ත වෙනවා
මට මෙවැනි විශිෂ්ට අවස්ථාවකට ආරාධනා කීරිම වෙනුවෙන් .

මේ ග්‍රන්ථයේ නාමය වනුයේ = හුදෙකලා අසරැවා මෙහි ලේඛකයා වන මහේන්‍ ද්‍ර මල්ලීගේ විද්‍යුත් ලිපිනය ඔබට මේ ගැන
දැන ගැනීමට අවශ්‍ය නමි mahendrathennakoon@gmail.com මා සිතන පරිදි තාම මෙය වෙළඳ පොළ නිකුත් කර නැතුව ඇති
නමුත් ළඟදීම නිකුත් කරනු ඇත .

මා හට කීමට වචන නැත ඔබ ගැන
නමුදු දිනක වේවා ඔබ විශිෂ්ට ලේඛකයෙකු
එයයි මා පැතුම .

සම්පුර්ණ අයිතිය :චේතියගේ 

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...