Skip to main content

ගැට්ට කඩමුද?



අප්පේ ගොඩකාලයකින් !!!!!!!!!! කට්ටය එක්ක ලිපියකින් හමුවෙන්නේ . ගොඩ ලිපි ලියන්න හැමදාම හිතේ තියාගෙන හිටියාට
කොහෙද මේ වේලාව එත් මම හිතන්නේ මගෙත් වැරැද්දක් තියෙන බව මොකද කියනවා නම් සමහර වේලාවට වේලාව තියෙන කොටත්
නිදාගෙන ඒ වේලාව නාස්ති කරන නිසා , හා හා දැන් ඇති නිදහසට කරැණු කිවා මම අද ඔබ වෙත ගෙන එන්නේ කැම්පස් ජිවිත තුළින් දැක්ක
තවත් මනුෂ්‍ය වර්ගයාගේ හැසීරිමක් සම්බන්ධව වේ . මා සිතන පරිදි මෙය සමාජය තුළ ඔබ මම ඇතුළත්ව ඇති පොදු දෙයක් බවයි.
ඉතින් බලමු මේ දේ මොකද්ද කියා . කැම්පස් එකේ නම් කියන්නේ මේකට ගැට්ට කියලා , මොකද්ද ගැට්ට ? ඇයි ගැට්ටක් හටගන්නේ ? ගැට්ටේ වාසි හා අවාසී
මොනවාද? ඉතින් මේ සේරම ගැටලුව මට හැකි පමණි පිලිතුරැ ලිවීමට මම මේ ලිපිය තුළින් බලාපොරොත්තු වෙනවා .

ගැට්ට ගැට්ට මොකද්ද මේ ගැට්ට කියන්නේ මම කැම්පස් එකට ඇතුළු වුනු දිනවල කැම්පස් එක තුළ මේ වචන හරි හරියට භාවිතාවෙනවා මම ඒ කාලේ දන්නේ නැ
මොකද්ද මේ ගැට්ට කියන්නේ කියන්නේ පස්සේ ට්කක කාලයකට පස්සේ ඕන්න දැන ගත්තේ මොකද්ද මේ ඇත්තටම ගැට්ට කියන්නේ මොකද්ද කියලා ගැට්ට යනුවෙන්
සාමාන්‍ය ව්‍යාහාරයේ අර්ථය වන්නේ යම් කිසි පිරිසක් එකට එක් වීමයි මෙහි ඇති  ව්ශේෂත්වය වන්නේ මොවුන් සියලුම දෙනා හැමව්ටම එකට සිටිමත් කරන කියනදේ සේරම මේ
පිරිස එක මතක සිට කීරීමයි .මේ දේ මා සිතන ව්දිහ ගැට්ටට ආවේණික ලක්ෂණයක් ලෙස ගෙන දැක්විය හැක. බෝහෝ දුරට සමාජයේ පවුල යන්නද ගැට්ටක් ලෙස හැදින් ව්ය හැක එමෙන්ම
රටක් වශයෙන් ගත් කළද රටට තුළ සිට්න පිරිස ද ගැට්ටක් ලෙස දැක්විය හැක. සමාන්‍ය යෙන් ගැට්ටක් හටගන්නේ කෙසේද?
අපි හැමෝම සිතන්නේ පතන්නේ විවිධ ආකාරයට එමනිසා අපිට බෝහෝ විට මුණ ගැසෙන මිනිසුන් සමඟ අප හට ගණුදෙනු කිරීමට මෙන්ම සම්බන්ධතා පවත්වාගෙන යැමට අපහසුතා වලට මුහුණ
දීමට සිදුවේ . ස්වාමීයා සහ බිරිඳක් ලෙස කාන්තාවක් සහ පිරිමියෙක් පත්වන්නේ ඔවුන්නොවුන්ගේ සිතු පැතුම් ගැලපීමත් සමඟයි. එමෙන්ම ඒ දේ නොගැලපීමක් ඇති වු කලක ඔවුන් ගේ ඒ සබඳතාව බිඳ වැටේ.
ඉතින් මේ පරිදි මේ ගැට්ටේ ආරම්භය සිදුවන්නේ මම මේ දේට අපේ කැම්පස් දේ මෙන්ම සමාජයද ගලපමින් ඔබට පැහැදිලි කරලමීට උත්සාහ කරමී.සමානයෙන් කැම්පස් එකට පැමිණි දින වල සිසුන් හට ව්ව්ධ වර්ගයේ
ම්තුරැ මිතුරියන් මුණ ගැසේ ඉතින් මෙසේ මුණ ගැසුන පිරිස් සමඟ කෙට් කාලයක් සම්බන්ධතා පවත්වාගෙන යන විට ඔවුන් අතර ඇති අදහස් වල නොගැලපීම මත ඔවුනොවුන් වෙන් වීමකට යොමුවේ මේ නිසා ඔවුන් වෙන වෙන
මිතුරැ මිතුරියන් සොයා යනු ඇත මේ දේ මට කදිම නිදසුනක් මා මතකයට නැගේ දිනක මා ම්තුරියක් කිවා ඇයට මුලින් හම්බුන අය එයාගේ අදහස්වලට ගැලපෙන්නේ නැ කියලා ඒගොල්ලෝ අනේ හරි වෙනස් අනික එයාල අතරේ විතරයි
විහිළු කරන්නේ කියලා මේ නිසා මම එයාලා එක්ක දැන් එච්චර සම්බන්ධතා නැ කියලා . මෙන් මේ දේ අදහස් ගැට්ට ඇති ව්ශේෂතා මෙන්ම එය හට ගැන්ම ගැන කදිමට පැහැදිලි කෙරෙන බව මට හැඟේ . ඉතින් ඔහුට හෝ ඇයට තම අදහස් ගැලපීම
හා ගැලපීමක් ඇති අය මුණ ගැසුන කළ ඔවුන් ගැට්ටක් බවට පත්වේ .එමෙන්ම තව ගැට්ට හට ගැන්මට බලපාන දෙයක් සිතුවලිවලට අමතරව භෞතික සම්පත් මක් නිසායත් මා මෙය පවසන්නේ අද සමාජයේ පංති ගැටුම හටගෙන ඇත්තේ ද?
මේ දේ නිසා වේ එනම් ස ල්ලී කාරයෝ වෙනම දුප්පතුන් වෙනම යන්නත් ලෙස වදන් ඇතුළත් වී ඇත්තේ මේ නිසානොවේද? සත්‍ය ලෙසම සල්ලි ඇති පිරිස් බොහෝ දුරට මුදල් හිඟ පිරිස් හා පැහිමක් දැකිය හැක්කේ කාලතුරකිනී මන්දයත්
මුදල් මත මිනිසා සිතන පතන අයුරැ වෙනස් වේ මේ දේ නිසාම ධනවතුන් සිතන ආකාරයට කරන කියන දේවල් හා දුප්පතාට යා ව්ය නොහැකි නිසාම සමාජ ගැට්ට හට ගෙන ඇත.
එමෙන්ම ගැට්ට හට ගැන්මට අධ්‍යාපනය , පවුල් /ගම් පළාත් / පාසල පසුබ්ම, ලිංගිකත්ව , ජාතිය , ආගම වැනි කරැණු ද බලපානු ඇත ඒ දේවල් කෙසේද ගැට්ට හා ගැලපෙන්නේද යන්න ඔබට සිත ඉඩදෙන්න මා තීරණය කළා
  අප දැන් මේ ගැට්ට තුළින් ඒ පිරිස් වෙත ලැබෙන දේ ගැන කෙට් විමසුමක යෙදෙමු .ඇත්තට ගැට්ට තුළින් බෝහෝවිට වාසි වැඩිවේ . ඒ ගැට්ට තුළ සිටින කෙනෙක්ට ගැටලුවක් ඇතිවු කළක ඔහු ගැන විමසීමට ඒ ගැට්ට තුළ සිටින පිරිස බෝහෝ දුරට
එකතු වේ ඔහුට ඒ දේ විසදීමට ඒ ඔහු ගැන අනිත් අය නොබැලුවත් ඒ ගැට්ටේ සෙට් එක ඔහු හෝ ඇය සමඟ සිටී .උදාහරණයක් ලෙස ගත් කළ කැම්පස් එකේ ප්‍රබලව බලපාන දෙයක් තමා පැමිණමට සයින් එක ඉතින් මේ ගැට්ට ක් තිබීම මේ දේ
ගොඩක් උපකාර වේ මන්දයත් ඒ මක්නිසායක් ගැට්ටේ එක පුද්ගලයේ පැමීණිම තුලින් ඒ ගැට්ටේ අනිත් සැමටම සයින් එක වදින නිසාවෙනී. එමෙන්ම ගැට්ටේ පුද්ගලයෝ බෝහෝ ව්ට එකට එකතු වී බෝහෝ දේ ගැන සාකච්ජා කරනු ඇත . එමෙන්ම ඔවුන්
කරන කියන දේවල් ඔවුන් අතර පමණක් සිමා වන නිසා ගැට්ටෙන් පිට පුද්ගලයින් දැන ගන්න ලැබෙන්නේ නැ මේ නිසාම ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැකෙනු ඇත. මෙයට කදිම නිදසුනක් මා මතකයට නැගේ මා ම්තුරෙක් ව්නෝදගමනක චාරිකාවක් ජායාරැප
වඟයක් මා නෙතයට මුහුණු පොතෙන් දුටුවා ඔහු මා ගොඩක් ම්තුරෙක් නමුදු මා ඔහුගේ ඒ ගමන පිලිබඳව මා නොදැන සිටියේ නමුදු ඒ ජායාරැපයේ සිටි බෝහෝ පිරිස් එදිනෙදා මා කැම්පස් එක තුළ දකින ගැට්ට පිරිස වී තිබුනු එයින් මට වැටහී ගියේ මා මිතුරාද  ඒ
ගැට්ට තුළ සිටිනා ගැටි පුරැකක් බවයි . ඉතින් එසේය ගැට්ටක ස්වභාවය හා වාසි ,
   නමුදු මා දකින ආකාරය විට ගැට්ටකට පුද්ගලයෙක් සීමා ව්ම තුළින් ඔහුට හෝ ඇයට විවිධ පුද්ගලයින් සිතන පරිදි හදුනා ගැනීමට නොහැකි වනු ඇත.එමෙන්ම ආවාසි ද ඇත ගැට්ටක් නැති පුද්ගලයාට මන්ද මේ දේ මා හොදින් අත ඇති නිසා ය මක්නිසාදයත් මා ලෙක්චර් එකට
පැමිනීමට නොහැකි වු දිනක මා වෙනුවෙන් අත්සන වැදී තිබුනොත් ඒ එකක් හෝ දෙකක් පමණි ඒ මක්නිසායත් මා හට ගැට්ට ක් නොමැති නිසාය . තවද මා මේ හැම ගැට්ටක් එක්කම සිටින නිසා ඒ ගැට් වල සිටින පුද්ගල සිතුවිලි ගැන කදිම පරිදි හැදැරිමත නියලීමට හැකිය.
එමෙන්ම තවත් දෙයක් ඒ ගැටි සියල්ල හා ඇසුරැ කීරීම තුළින් මා අත දුටුවේ බෝහෝ ව්ට මා තනියම ගමනයේ යෙදෙන විට පාලුවක් හෝ තනිකමක් විය හැක නමුදු ඒ තුළ සැඟවුනු වෙනත්ම නිදහස් බවක් හා  පෞද්ගලිකත්වයක් ඇති බවයි . මා තව දුටු දෙයක් වුයේ බෝහෝ ව්ට ගැට්වලට
වැඩිවශයෙන් යොමුවන්නේ කාන්තාව පිරිස බවයි. මා සිතන්නේ කාන්තාවන් බෝහෝ ව්ට වෙනත් මානසිකත්වයක් ඇති නිසාම ඔවුන්ගේ සිතුවිලි ගැලපෙන පිරිස් සමඟම සිටිම කැමැත්තක් දක්වන බවයි. ඉතින් ම‍මද ගැට්ටකට යොමුවන්න ද ?නොවන්න ද ?
 ඇත්ත වශයෙන් ගැට්ටක් යනු හොඳම ව්ශ්වාස යාළුවන්ගෙන් සමන්ව්ත කණ්ඩායමක් ලෙස හැදින්ව්ය හැක. මා හට යාළුවෝ ඇද්ද නැද්ද යන ගැටලුවට මාහට ඒ සමඟ පැන නගී ඒ දේ මාගේ සිතට සිතීමට ඉඩදෙම්න් නවතීමී .
ගැට්ටක් කැම්පස් එක තුළ ගසන ආකරයේ ද යම් නීති ඇත නමුත් මා ඒ දේ මේ ලිපිය තුළ පළ නොකරමී මන්ද යත් මේ දේ සැමට පොදු විය යුතු නිසාවෙනී.
    අවසාන ලෙස ගැට්ට ගැන මාහට හැඟෙන සිතුවිලි එක්ක ඔබට පැහැදිලිකීරීම අවසන් කරම්න් නවතිමී,ඒ  තවත් ලිපියකින් හමුවිමේ බලාපොරොත්තු වෙමිනී.

අයිතිය : චේතිය ප්‍රසංග

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...