Skip to main content

SPLENDOUR OF YOUTH-ආදරය සහ බිදවැටීම්




අපේ තරුණ ජීවිත ගැන කල්පනා කරල බලද්දි යොවුන් ආදරය කියන topic එක මාර වැදගත් නේ,, ඉතින් මේ පාර ලිපිය ඒ ගැන ලියන්න හිතුනා.. ආදරය සම්පුර්නයෙන්ම ගොඩනැගෙනේ සිහින ලෝක මත කියල 1 සහ 2 ලිපි වලින් අපි කතාකරා මතක ඇති.. අද ජීවත් වන සමහරු ආදර සම්බන්දයක් බිද වැටීම හෝ සිතේ ඇති කෙනා නොලැබීම යන කාරණා වලදී හැසිරෙන ආකරයන් විවිද ස්වරූප ගන්නව.. එක එක්කෙනාගේ මනසේ ස්වභාවය ඔවුන් ගෙ හසිරීම් වලින් පිලිඹිබු වෙනවා. ඒ පිලිබද සාකච්චාවට හා දැනගැනීමට ඔබ කැමති ඇති..

සාමන්යෙන් පුද්ගලයන් විවිදාකරයි.. ආදරය කියන අතිමහත් සන්වේදී හැගීම හා ඒ පිලිඹ්දව වූ සිහින ලෝක බිදවැටීම් දරගැනීම, පුද්ගලයගෙන් පුද්ගලයා අනුගමනය කරන ක්‍රම වෙනස් වෙනවා,, එත් එවගෙන් මේ පීඩනය අඩු වෙනවද කියන එක නන් විශේෂයෙන් හොයන්න ඕනෙ දෙයක්,, සමහරු කරන්නේ හොදටම බොන්න පටන් ගන්න එක.. විනාසය ආරම්භ වෙන්නෙ මත්ද්‍රව්‍ය මූලික උනාම.. ඇත්තම කියනව නන් මෙවගෙන් මුකුත් සහනයක් ලැබෙන්නෙ නෑ.. දෙවෙනුවට තමන්ගේ වැදගත්ම අරමුණු වලට තමන් විසින්ම පහර ගහගන්නව.. ඉගෙනගන්න කෙනෙක් නන් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන කුසලතා අඩාල කරගන්නව.. ඉදිරියට එමින් සිටින තරුණ ජීවිතය අවුරුද්දකින් දෙකකින් අඩාල වෙනව.. ක්‍රීඩකයෙක් නන් ක්‍රීඩාව, රැකියාවක් කරන කෙනෙක් නන් රැකියාව, මේ තමාගෙ ප්‍රධාන අරමුණු පහලට වැටෙනවා. හිතෙන්නේ මේ කිසි දෙයක් වැඩක් නැති ගානට ,, මෙ වගේ දෙයක් උන ගමන් සමහර පුද්ගලයන් සම්පූර්ණයෙන් backward වෙනවා..ඉහත සදහන් කල පුද්ගලයන් කාලයක් මේ වගේ සිටියත් කාලයත් සමගම සාමන්‍ය තත්වයට ලගාවෙනවා.. එත් එතකොට ජීවිතේ වසර ගානක් පස්සට ගිහින් තියෙන්න පුලුවන් ,,

තවත් පිරිසක් ඉන්නව කවදාවත් කෙනෙක් ගැන ගොඩනගපු සිහින ලෝකය බිදවට්ටගන්නෙ නැ.. අහිමි වීම් දැන දැනත් ඒ සිහින ලෝකෙම ජීවත් වෙනව,, ඔවුන් තමාගේ අධ්‍යපනය හෝ තමාගේ ප්‍රධාන ඉලක්ක අඩාල කරගන්නෙ නෑ.. ඔවුන් අහිමි වූ සිහින ලොකේ මනසින් ජීවත් වෙනව.. ලස්සනට ආදරය කරන දෙන්නෙක් දිහ බලල ඒව තමාගේ සිහින ලෝකෙට ආදේශ කරගෙන ඒකෙන් මානසිකව ව්‍යාජ සතුටක් ලබනව.. මේ වගෙ මානසිකත්ව තියෙන තරුණ තරුණියො නිවැරදි මග පෙන්වීමක් නොලැබුනොත්,, අර මුලින් පැවසූ අහිමි උනු තමා ආදරය කල කෙන නැවත තමාගෙ සිහින ලොකෙට ගන්න හිතන්, ඒක පන මෙන් ආරක්ශා කරනවා.. භයානක තත්වය උදාවෙන්නෙ මින් පසුවයි මන්ද යත් ඒ ලබාගැනීම සදහා ජීවිතයක් නැතිකරන්න උනත් මින් සමහරු සූදනම්.. නැත්තන් කරන්නේ ජීව්ත කාලෙම තකඩව ඉන්න උත්සහ කරන එකයි.. ඉන් ඔහුට හෝ ඇයට සිදුවන්නේ, සිදුකරගන්නේ අසාධාරණයක්,, එ ගැන කලින් ලිපියක සදහන් කරා..

අනිත් කට්ටිය නන් මෝඩ තකතීරු විදියට සිය දිවි නසා ගන්නවා.. ජීවිත්ය කියන්නේ කවදාවත් විදවිය යුතු දෙයක් නොව ලස්සනට විදිය යුතු දෙයක්.. හැල හැප්පිම් භාදක නැත්තන් මේකෙ කිසි ආතල් එකක් නෑ.. පස්සට මතක් කරල හිනවෙන්න තියෙන්නෙ තමා කරපු හොද වැඩයි මේ වගෙ විවිදාකරව එකතු වූ අද්දැකීම් ටිකයි විතරයි..ආදරය සම්බන්ද ගොඩක් පරණ අද්දැකීම් ඇත්නම් ඒව මතක් කර බලන්න.. ඔබට බඩපැලෙන්න හිනා යාවි,, ඉතින් මුලින් සදහන් කට්ටියට කියන්න තියෙන්නෙ ආදරය බිදවැටීම යනු අවසානය නොවේ,, සිදුවීම වූ කාලය පහු වූ පසු එය මතක් වෙද්දි ඔබට මාර ආතල් එකක් දැනෙයි, අන්තිමට කියන්න තියෙන්නෙ ඊලග කෑල්ල තවත් රසවත් කියල තමයි..

තවත් ලිපියකින් හමුවෙමු.



අයිතිය  :- නුවන් ( බාවා )

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...