Skip to main content

SPLENDOUR OF YOUTH - ආදරය සහ සිඟමන් යැදීම


වරතමානයේ තරුණ තරුණියන් ආදරය යදින්නන් බවට පත්වෙලා, කෙල්ලෙක්ගෙන් හරි කොල්ලෙක්ගෙන් හරි ආදරය කියල තමන් හිතගෙන ඉන්න සිහින ලෝකෙ සැබෑකරගන්න ඇත්තම කිව්වොත් පට්ට chater විදිහට තමයි සමහරු ආදරය යදින්නේ. ඇත්තටම ආදරය ප්‍රකාශ කල යුතුයි..එය ගෞරවන්විතව වරක් දෙවරක් ප්‍රකාශ කර අකමැති නන් ඉවත් විය යුතුයි.. ඒත් අද සමහරු කරන්නේ හිඟන්නෙක් වගේ ආදරය යදිමින් පස්සෙන් යන එක,, කොල්ලො ඉක්මනට ආදරය ප්‍රකාශ කරනවා ඒත් කෙල්ලො ටිකක් ලැජ්ජයි, කොල්ලොන්ගෙන් යාලුවෙන්න අහන කෙල්ලොත් නැතුවම නොවෙයි. මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නන් නෙවෙයි
කොල්ල හරි කෙල්ල හරි යාලුවෙනකන් මාස ගනන් අවුරුදු ගනන් පස්සෙන් යනවා, එක පාරක් දෙකක් නෙමෙයි සෑහෙන සැරයක් අහනවා.. බෑ කිව්වම ආයෙත් ටික දවසකින් අහනවා දිගටම මෙහෙම කරනව.. මොවුන් ආදරය සොයා යන්නන් වෙලා, මෙලෙස ආදරය සිඟා යන තරුණ තරුණියො තමාට මේ වෙන්නේ කුමක්දැයි සොයා බලන්නට උත්සුක වෙන්නේ නෑ, උත්සහ කලොත් මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්, මේ ලිපිය ඔබට උදව්වක් වේ යැයි හිතනවා..

ඇත්තටම තරුණ තරුණියන් මෙලෙස විය යුතුද? තමන් ගොඩනගාගෙන පැමිනෙන තමාගේ පෞර්ෂය පහලට ඇද දමමින් තවත් කෙනෙක් වෙනුවෙන් මෙලෙස හැසිරිය යුතුද?

සමාජයේ තරුණ පිරිස් මෙලෙස හැසිරීමට බොහෝ කරුණු හේතු වන බවක් ඔබ දන්නවාද? බොහෝ පවුල් වල වැඩිමල් දරුවන් මෙලෙස හැසිරෙන බවක් ඔබ දන්නේ නැතුව ඇති..මෙය කුඩා කල දෙමවුපියන්ගේ නොදනුවත්කමින් සිදුවන්නක්.. ආදරය සෙනෙහස රැකවරණය පුන්චි කාලයේ සිටම අපි බලපොරොත්තු වන දෙයක්. ඉතින් පලමු දරුවාට තරම් දෙමවුපියන්ගෙන් ආදරයක් වෙන කිසිම දරුවෙක් ලබන්නේ නෑ,, දෙමවුපියන්ගෙන් අසීමිත සෙනෙහසක් හා ආදරයක් මේ දරුවාට ලැබෙනව,,අවුරුද්දක් දෙකක් තුනක් මේ දරුවා මෙලෙස වැඩෙන අතරේ පවුලේ දෙවන දරුවා ඉපදෙනකොට කලින් ලැබුන ආදරය සෙනෙහස දෙවන දරුව දෙසට නැඹුරු වෙන එක අහම්බයක් නෙමෙයි නේ,, සමහර දරුවන් මේ හේතුව නිසා තම බාල සහෝදර සහොදරියන්ට වෛර කිරීමට පෙලඹෙනවා..නමුත් බොහෝ දෙනෙක් කරන්නේ මේ වෙනස තමාම දරගැනීමයි.. ඉතින් මෙලෙස මේ දරුවන් පරිණත වෙන විට තමාට අහිමි වූ ආදරය සෙනෙහස යොවුන් ආදරයකින් බලපොරොත්තු වෙනවා,, ඉක්මනට කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක යාලුවෙන්න උත්සහ කරනව එකක් බැරි වෙනකොට තව එකක් බලනවා, ආදරය යදිනවා, මේ විදිහට ආදරය කියන දේ ලැබෙනකන්ම හොයන එක තමයි කරන්නෙ,,
මේ අතර ඔබගෙන් මේ දුර්වලතවයෙන් ප්‍රයෝජන ගන්න පිරිසකුත් ඉන්නව,, කොල්ලෙක්/කෙල්ලෙක් යාලුවෙන්න ඇහුවම උඩ ගිහින් එයා තමයි මෙ ලෝකෙ ඉන්න ලස්සනම කොල්ල/කෙල්ල කියල හිතගෙන දුර්වලයෙක්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්නවා, ඉදිමෙන්න අවස්තාවක් කරගන්නව අන්තිමේ හොඳටම කඩේ යවල තමයි පස්ස බලන්නේ

ඔබත් මෙසේ ඉතා සන්වෙදි පුද්ගලයෙක් නම් සිතාගත යුත්තේ..campus එකෙන් out උනාට පස්සෙ ඔබේ උගත් කමට රැකියවක් ලැබෙනව එවිට ඔබට ගැලපෙන ඔබේ requirements වලට, සුදුසු කෙල්ලො/කොල්ලො මේ සමජයේ ඕන තරම් ඇති බවයි, එවිට ඔබට සුදුසු කෙනෙක් ඔබටම තෝරාගත හැකියි, ඔබට සිදුවී ඇති දෙය අවබෝද කරගැනීම තමයි වටින්නේ,, එය අවබෝද උනොත් ඔබව වට්ටන්න කිසිවෙකුට බැරි බවත් මතක තබාගන්න.

අයිතිය: නුවන් මධුෂංක

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...