Skip to main content

SPLENDOUR OF YOUTH - ආදරය සහ සිඟමන් යැදීම


වරතමානයේ තරුණ තරුණියන් ආදරය යදින්නන් බවට පත්වෙලා, කෙල්ලෙක්ගෙන් හරි කොල්ලෙක්ගෙන් හරි ආදරය කියල තමන් හිතගෙන ඉන්න සිහින ලෝකෙ සැබෑකරගන්න ඇත්තම කිව්වොත් පට්ට chater විදිහට තමයි සමහරු ආදරය යදින්නේ. ඇත්තටම ආදරය ප්‍රකාශ කල යුතුයි..එය ගෞරවන්විතව වරක් දෙවරක් ප්‍රකාශ කර අකමැති නන් ඉවත් විය යුතුයි.. ඒත් අද සමහරු කරන්නේ හිඟන්නෙක් වගේ ආදරය යදිමින් පස්සෙන් යන එක,, කොල්ලො ඉක්මනට ආදරය ප්‍රකාශ කරනවා ඒත් කෙල්ලො ටිකක් ලැජ්ජයි, කොල්ලොන්ගෙන් යාලුවෙන්න අහන කෙල්ලොත් නැතුවම නොවෙයි. මේ කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නන් නෙවෙයි
කොල්ල හරි කෙල්ල හරි යාලුවෙනකන් මාස ගනන් අවුරුදු ගනන් පස්සෙන් යනවා, එක පාරක් දෙකක් නෙමෙයි සෑහෙන සැරයක් අහනවා.. බෑ කිව්වම ආයෙත් ටික දවසකින් අහනවා දිගටම මෙහෙම කරනව.. මොවුන් ආදරය සොයා යන්නන් වෙලා, මෙලෙස ආදරය සිඟා යන තරුණ තරුණියො තමාට මේ වෙන්නේ කුමක්දැයි සොයා බලන්නට උත්සුක වෙන්නේ නෑ, උත්සහ කලොත් මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්, මේ ලිපිය ඔබට උදව්වක් වේ යැයි හිතනවා..

ඇත්තටම තරුණ තරුණියන් මෙලෙස විය යුතුද? තමන් ගොඩනගාගෙන පැමිනෙන තමාගේ පෞර්ෂය පහලට ඇද දමමින් තවත් කෙනෙක් වෙනුවෙන් මෙලෙස හැසිරිය යුතුද?

සමාජයේ තරුණ පිරිස් මෙලෙස හැසිරීමට බොහෝ කරුණු හේතු වන බවක් ඔබ දන්නවාද? බොහෝ පවුල් වල වැඩිමල් දරුවන් මෙලෙස හැසිරෙන බවක් ඔබ දන්නේ නැතුව ඇති..මෙය කුඩා කල දෙමවුපියන්ගේ නොදනුවත්කමින් සිදුවන්නක්.. ආදරය සෙනෙහස රැකවරණය පුන්චි කාලයේ සිටම අපි බලපොරොත්තු වන දෙයක්. ඉතින් පලමු දරුවාට තරම් දෙමවුපියන්ගෙන් ආදරයක් වෙන කිසිම දරුවෙක් ලබන්නේ නෑ,, දෙමවුපියන්ගෙන් අසීමිත සෙනෙහසක් හා ආදරයක් මේ දරුවාට ලැබෙනව,,අවුරුද්දක් දෙකක් තුනක් මේ දරුවා මෙලෙස වැඩෙන අතරේ පවුලේ දෙවන දරුවා ඉපදෙනකොට කලින් ලැබුන ආදරය සෙනෙහස දෙවන දරුව දෙසට නැඹුරු වෙන එක අහම්බයක් නෙමෙයි නේ,, සමහර දරුවන් මේ හේතුව නිසා තම බාල සහෝදර සහොදරියන්ට වෛර කිරීමට පෙලඹෙනවා..නමුත් බොහෝ දෙනෙක් කරන්නේ මේ වෙනස තමාම දරගැනීමයි.. ඉතින් මෙලෙස මේ දරුවන් පරිණත වෙන විට තමාට අහිමි වූ ආදරය සෙනෙහස යොවුන් ආදරයකින් බලපොරොත්තු වෙනවා,, ඉක්මනට කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක යාලුවෙන්න උත්සහ කරනව එකක් බැරි වෙනකොට තව එකක් බලනවා, ආදරය යදිනවා, මේ විදිහට ආදරය කියන දේ ලැබෙනකන්ම හොයන එක තමයි කරන්නෙ,,
මේ අතර ඔබගෙන් මේ දුර්වලතවයෙන් ප්‍රයෝජන ගන්න පිරිසකුත් ඉන්නව,, කොල්ලෙක්/කෙල්ලෙක් යාලුවෙන්න ඇහුවම උඩ ගිහින් එයා තමයි මෙ ලෝකෙ ඉන්න ලස්සනම කොල්ල/කෙල්ල කියල හිතගෙන දුර්වලයෙක්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්නවා, ඉදිමෙන්න අවස්තාවක් කරගන්නව අන්තිමේ හොඳටම කඩේ යවල තමයි පස්ස බලන්නේ

ඔබත් මෙසේ ඉතා සන්වෙදි පුද්ගලයෙක් නම් සිතාගත යුත්තේ..campus එකෙන් out උනාට පස්සෙ ඔබේ උගත් කමට රැකියවක් ලැබෙනව එවිට ඔබට ගැලපෙන ඔබේ requirements වලට, සුදුසු කෙල්ලො/කොල්ලො මේ සමජයේ ඕන තරම් ඇති බවයි, එවිට ඔබට සුදුසු කෙනෙක් ඔබටම තෝරාගත හැකියි, ඔබට සිදුවී ඇති දෙය අවබෝද කරගැනීම තමයි වටින්නේ,, එය අවබෝද උනොත් ඔබව වට්ටන්න කිසිවෙකුට බැරි බවත් මතක තබාගන්න.

අයිතිය: නුවන් මධුෂංක

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද