Skip to main content

Posts

කාල සරන්නී ලගදීම

 

wachana.lk

  ජීවිතය විදින මිනිසුන් එකතු කරනු ලැබෙයි ක්ෂණික දියුණුව සමග අන්තර්ජාල භාවිතය    ක්‍රමයෙන් ලාංකේය පුද්ගල ජීවිත තුළ වැඩි ඉඩක් ලබාගෙන ඇත. බොහෝමයක් දෙනා අත ස්මාට් පෝන් ය. පේස්බුක් ගිණුම් ය. බ්ලොග් ය. වෙබ් ය. නේක විද සමාජ මාධ්‍ය භාවිතාවන් ය. ගෝලීයකරණය සමග ලෝකය විශ්ව ගම්මානයක් වෙද්දි තව දුරටත් දූපත් වාසීන් ව කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබද තීරණයකට මිනිසුන් පැමිණිය යුතු දවස උදා වූයේ මීට කාලයකට පෙර ය. එහෙත් බවුතික ය දියුණු වුවද මනසින් නොදියුණු ව වසන තාක් ඒ් දූපත් මානසිකත්වය නම් නොබිදෙනු ඇත. ඉතින් අප ඉන් මිදෙන්නට කුමක් කළ යුතු ද? දියුණු මනසක් නිර්මාණය වන්නට නම් සාහිත්‍ය කලා ආදියෙන් පෝෂිත වීම අත්‍යවශ්‍ය ය. සාහිත්‍ය නිර්මාණ, සිනමා, නාට්‍ය, ආදි නේක විද  කලාවන් රසවින්දනය මෙන් ම ජීවිතය විදිනු උදෙසා පරිසරයට ළෙංගතුවීම ද අත්‍යවශය යැයි අප පමණක් නොව ලොව බොහෝ දෙනා දන්නා කරුණකි. එපමණක් නොව ලෝකය පිළිබද අවබෝධය ද ඒ් අතරෙහි වැදගත් වෙයි. ඉතින් මේ සියල්ල අප කොයින්    ලබන්න ද? නේක විධ සාහිත්‍ය කලාවන්ගේ තොරතුරු ද නින්දා ප්‍රශංසා වෙනුවට මධ්‍යස්ත විමසුම් ද අවැසි කාල වකවානුවක ත්‍රස්තවාදී ...

අපි අයෙත් ලියනවෝ ..

සරසවි ජිවිතයට අහවර කර අලුත් ජිවීත  දෙකක් අැරඔුමට මුල් ගල තබන්න සිහින මවන වේලේ ... ඉතින් විනිවිද ලෝකය නැවත වින්දන කීරීමට කොලා නොහොත් මම පටන් ගනු ඇත...

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා කෙටිකතාව - http://cyberpanhinda.com/

බෙනී මිලර් සහ අගුටුම්ට්ටා ඒකමත් එක කාලෙක පිටිසර ගමක් තිබුනා කැළයකින් වටවෙලා.මේ කැලය තමයි පිලිප් රජතුමාගේ ප්‍රියතම දඩබිම වුනේ.මේ කැලය හරිම ගූප්තයි.එහි බෝහෝම බලවත් මායාකාරයින් ඉන්නවා කියලා ගැමියෝ විශ්වාස කරා. මේ කියන ගමේ තිබුනේ එකම එක තිරිගු මෝලක් විතරයි. ඒක අයිතිකාර හැරල්ඩ් මීලර් ආඩම්බරකාරයෙක් පුරසාරම්කාරයෙක්. කැලේ මැද ඉදලා ගලා ගෙන ලස්සන දොල පාර අසල තමයි ඔහුගේ තිරිගු මෝලයි ලෑලි වලින් හදපු පුංචි නිවසයි හදාගෙන හිටියේ.මුලු ගමටම ඉන්න රූමත්ම තරුණිය තමයි ‍බෙනී මිලර්. එයා තමයි හැරල්ඩ ් මිලර්ගේ එකම දියනිය.එයා හරිම අවංක ළමයෙක් වගේම නුවනක්කාරයි. සුපුරුදු පරිදි වෙස්වලාගෙන කැලයේ මුව දඩයමේ ගිය රජතුමා වෙහස නිවාගන්න හැරල්ඩ්ගේ තිරිගු මෝලට ආවා.හැරල්ඩ් බොහොම සතුටෙන් තිරිගු මෝලේ වැඩ කරනවා දැකලා මෙහෙම ඇහුවා මේච්චර අසීරු වැඩක් මහන්සි නැතිව සතුටෙන් කරන කෙනෙක් දැක්කේ අදයි,යාලුවා ඔයාගේ රහස මට දැනගන්න පුලුවන්ද මගේ දුව නිසා තමයි මං සතුටෙන් කාලය ගෙවෙන්නේ.මට සල්ලි වලින් දුකක් නැහැ, මගේ දුව ලගින් ඉන්නකම්.සැබෑ තාත්තා කෙනෙක් විදිහට හැරල්ඩ් කියාගෙන කියාගෙන ගියා. යාලුවා,මගේ දුව තමයි මේ ගමටම ඉන්න...

Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට----- ගීත විචාරය

Ajith Kawsike Wijenaike , Sanath Nandasiri- නවාතැනින් ඇය යනවා - වරමි ලබා සරසවියට----- ගීත විචාරය ලොව පවතින්නේ යාමි ඊමි මතය.. මහැදුරැ සරචිචන්ද්‍රයන් සිය මළවුන් ගේ අවුරැදු දා නවකතාවෙහි ඒ බව දක්වා ඇත්තේ මෙපරිද්දෙනි. '' තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකට ද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්.. යාම හොදය ගොස් ඊම ද හොද ය. ලොව ඇත්තේ යාම් ඊම ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. ( මළවුන් ගේ අවරැදු දා පිටු අංක - 137‍/ 138 ) මේ වෙන්වීමක සැබැ යථාර්ථයයි.. නමුත් අප මෙවැනි වෙන්වීම් කොපමණකට නම් සංසාරය පුරාවට කදුලු සලා ඇත් ද, කොපමණ නම් වේදනාවෙන් උමතු වී ඇත් ද? මානව ජීවිතයේ ඇති කටුකම අත් දැකීම වෙන් වීම යැයි හැගෙන්නේ එවැනි විටකය. වරක් බුදුන් වහන්සේ අප සංසාරය පුරාවට ප්‍රියයන් අහිමි වීම හේතුවෙන් හඩා ඇති කදුලු සතර මහ මුහුදේ පැන් වලටත් වඩා වැඩි බැව් ප්‍රකාශ කර අනමතග්ගපරියාය සුත්‍රය මගින් දේශනා කර ඇත්තේ මෙපරිද්දෙනි... චතුසු සමුද්දේසු ජලං පරිත්තකං තතෝ බහුං අස්සුජලං අනප්පකං දුක්ඛේන ඵුට්ටස්ස නරස්ස සෝචනා කිං කාරණා සම්ම තුවං පමජ්ජසි සැබෑවකි ලොව සෑ...

දැසට කදුළුක් එන මැටිටි කෙටිකතාව

“මැට්ටි අද එන්නේ නැද්ද ...” පවන් මහ හයියෙන් කෑ ගහනවා.මේ උදේ පාන්දර මොන මල වදයක්ද මන්දා.මේ මෝඩයට යන මගුලක මං නැතුව යන්න බැයිද දන්නෑ.හිතින් බැන බැනම මම ඇහැරියා. “ඉන්නවා මං එන්නම්.මං එනකන් කන්නේ එහෙම නෑ හරිද පෙරේතයා...” “හුහු මං කනවා.ඔහේ එනකන් මං මොකට ඉන්නද....” “එහෙනම් කා ගන්නවා බුරුවා ...” මේ උදේ පාන්දර මගෙ ඇගේ ලේ පුච්චනවට මේ බුරුවගේ දත් ටිකම හැලියන්.... දඩි බිඩි ගාලා ලැහැස්ති වෙලා මං campus එකට දිව්වෙ හොදටම පරක්කු වෙලා හින්දා...මං faculty එක පැත්තට යනකොට ඒක ඉස්සරහ බෙන්ච් එකට වෙලා පවන් මග බලන් ඉන්නවා...මට ඒ වෙලාවෙ නම් පව් කියලත් හිතුනා. “මෝඩි....”කෑම එකත් දික් කරන් පවන් හිනා වෙවී ඉන්නවා... “ඔයා කෑවද....????” “නෑ මැට්ටි..ඔයා කාලා මටත් බාගයක් දෙනවා ” ඇත්තටම මට පවන් ගැන ගොඩක් දුක හිතුනා.මං පවන්ගේ කෙල්ලත් නොවී එයා මං වෙනුවෙන් කරන දේවල්....හොදම යාළුවෝ කියන්නෙ ඒක තමා. අපි දෙන්නම ලෙක්චර් hall එකට ගිහින් ඒකෙ පිටි පස්සෙම කොනකින් වාඩි උනා.ලෙක්චර්ස් තියෙන වෙලාවට නම් පවන් ගේ කට වැහිලා...ඒ වෙලාවට මං කථා කලොත් මටත් ටොක්කක් ඇනලා අහන් ඉන්න කියනවා.. ඇත්තම කිව්වොත් පවන් ලස්සන කොල්...