Skip to main content

Posts

ඇතුළාන්තය..........

මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි... 1. අ ප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ? ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක් දැන්මා නියමයි නේද ? ඔව් දාන්න අදහසක් නමි තියෙනවා කටුබැද්ද පැත්තේ එක්ක පටන් අරන්නේද?  අයියලා දැන් ලබන අවුරැදේ වෙසක් වලට දන්සැලක් දෙනවා කිවා නේද ? අප්පේ කවිද එහෙම දෙන්නේ මේ කඩ සෙටි එකම එකතු වෙලා දෙනවා සරැවත් එකක් . අපෝ ඒ මොකද දෙන්න පලතුරැ බීම දන්සැලක් . අපි එනම් උදව්වට .  මේ ගෙනියන්න බැයි ජුස් ආ !! අපෝ මොකද බැරි මල්ලී මේ තියෙන්නේ ටෙක් එවේ දේවල් ඉතිං අයියේ පොඩි බෝඩ් එක්ක දාන්න එපැයි .  නැ මල්ලී හෙමින් දිගු ගමනක් යන්න පුළුවන් නේ මලයෝ !!.ඔව් එකත් නම් ඇත්ත තමා . එහෙමනම් මම ගියා අයියා සුබ රැයක්!! (මේ ඇතුළාන්තයට කැම්පස් එකේ බැක් එකේ ජුස් කඩේ අයියාගේ ඇතුළාන්තයනේ ස්වල්පයක්) 2. මම මල්ලී මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරැදු 14 ක් විතර වෙනවා . ඉතින් මම හැමදාම උ...

සරසවියෙන් ගොඩ යමු .... හන්තානෙට පායන සඳ.....

 අනේ අපොෆි මදැයි කොලා කිවා නේ ද? පට්ට කාලෙකට පස්සේ ඕන්න එහෙනම් යුනිකෝඩ් වලට අත තියන්න පොඩි ටයිමි එකක් මට සෙට් වුනා . මේ දවස්වල ඉතින් ලොකු වැඩකට සැලැසුම් ගහන නිසා කලබල කාරී මේ කොලාගේ සිත. කොලා කිවේ මගේ සරසවි හදුනා ගැනීමේ නාමය වේ . ඕන්න එහෙනම් අද  ගෙන එන්නේ  විනිවිද ලෝකය තුළින් මම දවසක් පත්තර කැල්ලක් දැක්කාම තිබුන ලිපියක් ඇසුරැ කරගනිම්නී. ඒ ලිපියේ අයිතිකරැ වන තිලීණී කෞශල්‍යා මහත්මියට මතක් කරමින්  ලිපිය ලියන්නයි මේ කොලාගේ සුදානම ඕන්න එහෙනම්.  "හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න " මම හිතනවා කටිටිය මගේ පලමු ආරම්භක ගෝලයෙන්ම අයිඩියා එකක් ගන්න පුළුවන් වුනා කියලා . මේ කියන්න යන්නේ ඔබ මා දන්නා සරසවි ආල කතා ගැනයි . ඉතින් මේ ලිපිය ට්කක් අමුතු ස්වරැපයකින් ඉදිරිපත් කරන්න මම පොඩි කෝන කික් එකකට ට්‍රයි පාරක් දානවා . බලන්නකො කටිටිය ඒක ගෝලයක් වේදැයි කියා. සරසවිය යනු උප සංස්කෘති වලින් සැදුනු සංස්කෘතිකී. ඉතින් මේ උපසංස්කෘතිය තුළ සරසවිය උප සංස්කෘතිය යනු ඒ  සංස්කෘතිය තුළින් ජීවය ලබන සුපිරි සංස්කෘතියකී. මට සරසවිය ආපු දවස්වල අපේ ඉහළ අයියලා කිය...

ගහක මල් පිපිලා............

  ගහක මල් පිපිලා පවුලේ ඉපදෙන්නේ කීවෙනි දරුවාද යන්න මත පුද්ගලයන්ගේ ජීවිත තිරණය වන බවක් ඔබට කිව්වොත් ඔබ පුදුම වනු ඇත.. මන්ද සාමාන්‍යයෙන් පවුලක පලමු දරුවාට දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය නෙමේ පවුලේ බාලයාට ලැබෙන්නෙ, මැද හමුවන දරුවන්ට ලැබෙන ආදරය ඊට වෙනස්.. පලමු දරුවගෙන් පසු දෙවන දරුවා ලැබීමෙදි පලමු දරුවාට ලැබෙන ආදරය රැකවරණය දෙමවුපියන්ට නොදැණීම වෙනස් වෙනවා.. මෙය දරුවාට දැනෙන දෙයක් වුනොත් මේ මානසිකත්වය සමග සමාජයට එන දරුවන්ගේ හැසිරීම් විවිද ස්වරූප ගන්නවා. හැබැයි මේ කියන්න යන්නේ නන් ඊට ලඟින් යන වෙන කතාවක්. ජීවිතයේ කුඩා කල ඇතිවන යම් යම් බලපෑම් මත පුද්ගලයෙකුගේ යොවුන් විය හැසිරීම් තිරණය වන බව ඔබ දන්නවාද.. සැබවින්ම සමලිංගිකත්වය යනු කුමක්ද? පුද්ගලයන් සමලිංගික ඇසුරට යොමු වන්නේ ඇයි කියල මොහොතක් හිතල බැලුවාද? බොහෝ සමලිංගික ඇසුරට යොමු වූවන්ගෙන් ගැහැණු පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම මවගේ ආදරය අහිමි වූවන් වන අතර පිරිමි පාර්ශවයේ නන් කුඩා කාලයේ සිටම පියාගේ ආදරය අහිමි වූවන් බව ඔබ දන්නවාද? හිතන්න ගැහැණු දරුවෙකුට කුඩා කල තම මව අහිමි වුනා කියලා (මිය යෑමෙන් හෝ වෙනත් අයුරකින්) ඇය තරුණ වියට එලඹෙන විට තමාට අහිමි වූ...

ආත්මා නවකතාවේ තුන්වන කොටස............

මෙතෙක් කතාව මෙම කතාව තේමිය නැමති තරුණයා දකින සිහිනයක් වටා බැදී පවතී. ඔහු කුඩා කල සිට එකම සිහිනයක් දැකින අතර මෙය තේමියටත් ඔහුගේ මවටත් ගැටලුවක් බවට පත්වේ. අවසානයේදී තේමියගේ මව අගනුවර හැරදමා ඇගේ මිය ගිය සැමියාගේ නිවස පිහිටා ඇති නුවර ප්‍රදේශයට තම එකම දරුවා සමග පැමිණ ගුරුවරියක් ලෙස සේවය කරයි. කාලයත් සමග ඔහු දකින සිහිනය ටිකෙන් ටික මගහැරී ගොස් සාමාන්‍ය දරුවකු බවට පත්වේ. එහෙත් උසස් පෙළද අවසන් වී සරසවි දිවියට ඇතුලතු වීමට සිටින ඔහු එදින රාත්‍රියේ නැවතත් මෙම සිහිනය දකින අතර එයින් ඔහු කැළඹීමකට පත් වේ. අද එතැන් සිට අගනුවර දෙසට වේගයෙන් ඇදී ගිය මෝටර් රථය විශ්ව විද්‍යාල භූමියට ඇතුලු වන විට වෙලාව දහයට ආසන්න වෙලා තිබුනා. වැඩි කතා බහකින් තොරව ගතවුනු ගමන අවසන් කරල තේමිය කාර් එකෙන් බහින ගමන් තිලක් දිහා බැලුවා. මහත්තයා මම කාර් එක මේ හරියෙන් නවත්තගෙන ඉන්නම්. මහත්තය රෙජිස්ට්‍රේසන් වැඩ කරගෙන එන්න. ඕන උනොත් මට කෝල් එකක් ගන්න. තේමිය සෙමින් සෙමින් ඉදිරියට ගියා. ඇත්තටම මොනතරම් සුන්දර පරිසරයක්ද ඔහුට හිතුනා. එක් පසකින් ‍පේන ක්‍රීඩාංගනය, මග දෙපස තිබුනු ගස් වැල් මොහොතකට ඔහුගෙ හිත පැහැර ගත්තා. අවුරුදු හතර ලස්ස...

ආත්මා නවකතාවේ දෙවන කොටස.....තේමිය උසස් පෙළත් ඉවරලා...

කාල‍යත් ගතවෙලා ගිහින් දැන් තේමිය උසස් පෙළත් ඉවර කරල සරසවියට යන්න ඔන්න මෙන්න කියල හිටියෙ. අද තමා තේමියට කැම්පස් එකේ රෙජිස්ටර් වෙන්න තිබුනු දවස. සරෝජා උදේම ඇහැරුනා ඒ පාන්දර දෙකට විතර. තේමියගෙ කාමරට එබිල බලපු ඇය දැක්කෙ තේමිය තද නින්දේ ඉන්න හැටි. ඉතින් ඇය ටික වෙලාවක් තමන්ගෙ පුතා දිහා බලාගෙන ඉදලා කුස්සියට ගියෙ කල්පනාවෙන් බර වෙලා. ඒ වෙනකොටත් සුනීතා කුස්සියට ඇවිත් හිටියා. සුනීතා දැන්මම ඇහැරුනාද? ඔවු නෝනා මට හරියකට නින්ද ගියෙ නෑ. පුංචි මහත්තයා ඕවගේ දුරක් යනවමනේ. මටත් එහෙම තමා. කො තාත්තා වගේමනෙ කියන දෙයක් අහන ළමයෙක් කියලයෑ. මගේ මනාපයක් නෑ විශ්වවිද්‍යාලෙ යන එක ගැන. මට ප්‍රසාද්ව නැති වෙලා ඉවරයි. මට මගෙ පුතාවත් නැති කර ගන්න බෑනෙ සුනීතා. සුනීතටත් ඇත්තටම බය තිබුනත් තවත් ගිනි ගන්න හිතකට පිදුරු දාන්නෙ මොකටද කියල හිතල ඒත් නෝනා දැන් ඒවගේ කරදර නෑනේ. දැන් හැමදේම හොදයි කියනවනෙ. අනික එහෙ මහේන්ද්‍ර ලොකු මහත්තයත් ඉන්නවනෙ. පොඩි මහත්තයට පන වගේ ආදරේනෙ. එක අතකට බය වෙන්නෙ මොකටද නෝනා. හ්ම්ම්... සුසුමක් පිට කලා මිසක් සරෝජා කිසිම දෙයක් ඒකට කිවුවෙ නෑ. ඇයටත් හිතට හයියක් වුනේ ඇගේ තාත්තා තේමිය ගැන බලයි කියන එක. නෝනා තේ...

Pitbull ft. GRL - Wild Wild Love සිංහල උපසිරැසින් .....

  බාගත කරගන්න සිංහල උපසිරැසි

ආත්මා නවකතාවේ - පළමු කොටස ...........

  ආයෙමත් මම තනි වෙලා. තේමිය තමන්ටම කියා ගත්තා. සේරම ඉවර වෙලා කියල හිතුවත් කිසිම දෙයක් ඉවර වෙලා නෑ කියල ඔහුගෙ හිත කිව්වා. තමන්ගෙම හදවත ගැහෙන හඩ ඔහුටම ඇහෙන්න ගත්තා. පාලු රාත්‍රියෙ නිහඩතාවය බිදිමින් නැගෙන රළ ගැටෙන හඩ ටික‍ වෙලාවක් යනකොට තේමියට පැහැදිලිව ඇහෙන්න ගත්තා. මම.. මම ඇස් තද කරලා පියා ගන්න ඕන.. ඔහු ඔහුටම කියා ගත්තා. විනාඩි දෙක තුනක් ගත වුනා. එ‍් වුනත් දිගටම ඇහුනෙ අර රළ බිදෙන හඩ විතරයි. ආයෙමත් ඇස් ඇරියා. හරි කමක් නෑ. ආයෙමත් මම හුරු පුරුදු හීනෙම අතරමං වෙලා. ඇයි මම බය වෙන්නෙ.. මොනවටද? මම පොඩි ළමෙක් නෙමෙයිනෙ තවත්. අනික මම මොනවටද බය වෙන්නෙ. මේක හීනයක් විතරයි. තව ටිකකින් මාව ඇහැරෙයි. අම්මත් ඉදී. ටික ටික ඔහු හිත හදාගත්ත. පරණ ඒ වුනත් හොදින් උණුසුම තියෙන සයනයක ඔහු හිටියා. තේමියගෙ ඇස් මුලු කාමරය දිහාම විමසිල්ලෙන් යොමු වුනා. මුලින්ම ඔහුගෙ ඇස ගැටුනෙ විශාල අල්මාරියක්. ඊට පස්සෙ දකුණු පැත්තට වෙන්න තිබුනු ජනේලය. පියන් දෙකම වහල තිබුනු ජනේලය දිහා ටික වෙලාවක් ඔහු බලාගෙන හිටියා. තවත් මොහොතක‍ට පස්සෙ ආයෙමත් කාමරය දිහා බලන්න ගත්තා. ඒක මුහුදු වෙරළක ඡායරූපයක්. කාමරයෙ වම් පැත්තට වෙන්...