Skip to main content

Posts

මායාවී - 2වන කොටස

2 වන කොටස.. තාත්තගෙන් ගලවපු රුපියල් සීය මාරු කරගත්තොත් ඉතුරු සල්ලිත් මාරු වෙලාම යන ලෝබ කමට බස් එකේ එල්ලෙනවා වෙනුවට කකුල් වලට වැඳගෙන හංදිය කරා පයින්ම යන ගමනට බැස්ස. මේ වෙලාවට කාක්කෝ ඇරෙන්න මිනිස්සු එච්චරම නැත්තේ සේරෝමල ජිවිත සටනට බැහැල නිසා වෙන්න ඇති.. " මට තමයි බරපතලක් නැත්තේ" මංම හිතුව. ඒත් ඉතින් මට වඩා රස්තියාදුකාරයෝ කොච්චරද.. "ඒත් ඒ රස්තියාදුකාරයෝ මිස රස්තියදුකාරියෝ නෙවේනේ" ඕන් ඉතින් යටි හිතට පණ ඇවිත්... කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හා සමාන ජිවිතයක් ගෙව්වට ඒක වැරදි කියන එක මං කරන කියන දේවල් වැරදි කියන එක මට නොතේරෙනවා නෙවේ. ඒත් මේ සම්මතයි කියන කොටුවෙන් ටිකක් පැනලා ගිහින් ජිවිතේ විඳලා බලන්න මට මාර ආසාවක් තියෙන්නේ... අනං මනං ලදරන් හිත හිතා හන්දියටම ඇවිත් මං පොලාට මෙසේජ් එකක් දැම්මා. විනාඩි දහයක් විතර ගෙවෙද්දී ඔන්න පොලා එනවා ගාට ගාට... අනේ හැබෑට මුනුත් කොල්ලොනේ.. ඉබ්බෙක් උනත් ඔයිට වඩා හයියෙන් එයි... "මායා මචී... යන්ද තැඹිලි ගෙඩියක් ගහන්න" "ඇයි මොකෝ උඹට? "නෑ බං ඊයේ දාපු ඩ්‍රින්ක් එකට ඔළුව බරයි වගේ බං තාම" "ඉඳක...

මායාවී නවකතාවක් ... පළමු කොටස ..

   01 - කොටස "මායා, නැගිටිනවකෝ ළමයෝ... එකොළහත් පහුවෙලා... තවමත් නිදි... තාත්තල දුවල සේරෝම එකයි...." "අනේ අපොයි උදේම පටන්ගත්තනේ මෙයාගේ ටකේ... " කටින් කියන්න බැරි තැන හිතින් එහෙම හිත හිතම ඔලුවේ හිටන් පොරවන් හිටපු රෙද්ද අයින් කළා මම. ඇස් දෙක ගිණිකන වැටෙන ගානට වැටුණු ඉර එළියටත් හිතින් බැන බැන මං නාන කාමරේ පැත්තට ගියේ සිගරට් එකත් අරගෙනමයි. ගෙදරට හොරෙන් සිගරට් බොන්න පටන් අරන් කාලයක් ගතවෙලා තිබුන. ඒත් දැන් ඒ තරම් ගෙදරට බයවෙන්න හේතුවක් මට පෙන්නේ නැහැ. "මොකද්ද ළමයෝ ඔය නාන කාමරෙන් එන සිගරට් ගඳ? තාත්තත් ගෙදර නෑ. ඔය ළමය සිගරට් බොනවද? " නෑ මං කුඩු ගහනවා... ඇයි අවුල්ද? ඔයා මගේ අම්ම නෙවෙයි... කුඩම්මනේ? ඒනිසා හැමේකටම ඇඟිලි ගහන්න එපා හරි? " හරි හොඳයිනේ යකෝ ගෑණු ළමයෙක්ගේ කතාවයි වැඩ කරන විධියයි..." "අනේ මේ..." කියාගෙන මං කාමරේට ආවා. ඔව් ... ඒ මගේ කුඩම්මා... මගේම අම්ම මාව දාල යද්දී මට අවුරුදු හතරයි. මාව හදාගත්තේ ආච්චි. ආච්චිගේ මරණෙන් පස්සේ මං තාත්තයි කුඩම්මයි ලඟට ඇවිත් තවම සති කීපයයි. මං හැදුනේ කාගේවත් යටතේ නෙවෙයි.. ඒ නිසා සමාජයේ ස...

කදිම අවස්ථාවක්....

අරමුණු අමතක කළ ආදරයක් ... - කෙටිකතාවක් (සයිබර් පන්හිදෙන්)

හැකි නම් අදහසක් පළ කර යන්න එය කර්තෘ වෙනුවෙන් ධෛර්යක් වේ.   අරමුණු අමතක කළ ආදරයක් ... මල් සුවඳක් දැනුන නිසා මම ඉක්මනට ඇස් ඇරලා බැලුවා. මම සූදානම් උනේ ඉක්මනට එතනට යන්නයි.ඒත් මට දැනුනෙ ලොකු අප්‍රානික බවක්. ඒ නිසා මම එහෙමම වැතිරිලා ටිකක් වෙලා කල්පනා කලා. ටිකක් වෙලා යද්දි මට මතක් උනා පසු උන දේ ගැන. මම බැලුවා එයා ඉඳගෙන හිටිය තැන. එයා එතන නැහැ.ඒ වෙලාවෙ එයාගෙ අතේ තිබුන පොඩි පොතෙන් ඉරී වැටුන කොළයක් විතරක් එතන තිබුනා. මට නිකමට වගේ හිතෙනවා අර කවිය ඒ කොළේ ඇති කියලා. මට මතක් වෙනවා මම එයා ළඟට ඇදිලා ගිය විදිය. * * * * * * * * * * * * * දවසක් මම රොන් හොයන්න පියඹාගෙන යද්දි මම දැක්කා එයා මෙතන පොතක් කියවනවා. මම ආවෙ වෙන දෙයකට උනත් මම එයා ළඟට ගිහින් කතා කලා. එයා හරි අහිංසක විදියට මාත් එක්කලා කතා කලා. "ඔයා මොනාද මෙතන කරන්නේ...?" "මම පාඩම් කරනවා මී මැස්සෝ..." මට හිනා ගියේ ඉබේට...

අනේ අපි නම් නැ ඕවාට ............

  "නුගතුන් අතර ඉතාමත්ම නරක නුගතා වන්නේ දේශපාලනිකව නුගත් මිනිසායි. ඔහුට කිසිත් නොඇසෙයි . ඔහු කිසිත් නොපවසයි . ඔහු කිසිදු දේශපාලනික සන්දර්භයක කොටස් කරැවෙකු නොවෙයි . බෝංචි ඇටයක මිලත් , මාළුවෙකුගේ මිලත් .. සියල්ලේ මිල තීරණය වන්නේ දේශපාලනික තීන්දු තීරණ මතම වන බව ඔහු නොදනියි. දේශපාලනික නුගත් මිනිසා කෙනෙක් මුග්ධ වේද කියන්නේ නම් , මට දේශපාලනේ පෙන්නන්න බැ කියයි . ආඩම්බරයෙන් යුතුව."   කාලයකට පසු නිවසේ නිසංසල පරිසරය තුළ රෝගී සිරුරත් ගැන සිතමින් මෙවර ගෝ සඟරාවේ පිටු අතර මගේ ඇස් යවන කල ඇස් ගැටුනේය . මේ දේ දුටු විට මටම මාගේ මුග්ධ බව පසක් විය . මා වටා කවිරැවත් නොසිටී නිසා මට බාහිර සිනහවක් නො ඇසුනේ නමුත් බුද්ධිය මට හිනා වන බව මට වැටහුනේය. මගේ ලිපි විනිවිද ලෝකයට යන එන මිතුරන්  වෙනුවෙන් පොඩි ලිපියක් නැවත ගෙන ඒමට මා සිතුවා එමෙන්ම මාගේ ජිවිතේ සතුටු අවස්ථාවන් කිහිපයක් මේ ගෙවී ගිය නැවත ගත නොහැකි කාලය තුළ සිදුවුනී. ඒ ගැන පසුවට කතා කරන්න ඉතිරි කරමින් මා අද ලිවිමට බලාපොරොත්තුවන ලිපියට හැරෙමි. මා මුලින් ගත් ආරම්භ වාක්‍යයට මේ ලිපිය ගැලපේද නොවේද යන වග තවම මා ගලපමින් සිටි නමුත් එහි ...

ඇතුළාන්තය..........

මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි... 1. අ ප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ? ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක් දැන්මා නියමයි නේද ? ඔව් දාන්න අදහසක් නමි තියෙනවා කටුබැද්ද පැත්තේ එක්ක පටන් අරන්නේද?  අයියලා දැන් ලබන අවුරැදේ වෙසක් වලට දන්සැලක් දෙනවා කිවා නේද ? අප්පේ කවිද එහෙම දෙන්නේ මේ කඩ සෙටි එකම එකතු වෙලා දෙනවා සරැවත් එකක් . අපෝ ඒ මොකද දෙන්න පලතුරැ බීම දන්සැලක් . අපි එනම් උදව්වට .  මේ ගෙනියන්න බැයි ජුස් ආ !! අපෝ මොකද බැරි මල්ලී මේ තියෙන්නේ ටෙක් එවේ දේවල් ඉතිං අයියේ පොඩි බෝඩ් එක්ක දාන්න එපැයි .  නැ මල්ලී හෙමින් දිගු ගමනක් යන්න පුළුවන් නේ මලයෝ !!.ඔව් එකත් නම් ඇත්ත තමා . එහෙමනම් මම ගියා අයියා සුබ රැයක්!! (මේ ඇතුළාන්තයට කැම්පස් එකේ බැක් එකේ ජුස් කඩේ අයියාගේ ඇතුළාන්තයනේ ස්වල්පයක්) 2. මම මල්ලී මේ බිස්නස් එක පටන් අරන් දැනට අවුරැදු 14 ක් විතර වෙනවා . ඉතින් මම හැමදාම උ...

සරසවියෙන් ගොඩ යමු .... හන්තානෙට පායන සඳ.....

 අනේ අපොෆි මදැයි කොලා කිවා නේ ද? පට්ට කාලෙකට පස්සේ ඕන්න එහෙනම් යුනිකෝඩ් වලට අත තියන්න පොඩි ටයිමි එකක් මට සෙට් වුනා . මේ දවස්වල ඉතින් ලොකු වැඩකට සැලැසුම් ගහන නිසා කලබල කාරී මේ කොලාගේ සිත. කොලා කිවේ මගේ සරසවි හදුනා ගැනීමේ නාමය වේ . ඕන්න එහෙනම් අද  ගෙන එන්නේ  විනිවිද ලෝකය තුළින් මම දවසක් පත්තර කැල්ලක් දැක්කාම තිබුන ලිපියක් ඇසුරැ කරගනිම්නී. ඒ ලිපියේ අයිතිකරැ වන තිලීණී කෞශල්‍යා මහත්මියට මතක් කරමින්  ලිපිය ලියන්නයි මේ කොලාගේ සුදානම ඕන්න එහෙනම්.  "හන්තානෙට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න " මම හිතනවා කටිටිය මගේ පලමු ආරම්භක ගෝලයෙන්ම අයිඩියා එකක් ගන්න පුළුවන් වුනා කියලා . මේ කියන්න යන්නේ ඔබ මා දන්නා සරසවි ආල කතා ගැනයි . ඉතින් මේ ලිපිය ට්කක් අමුතු ස්වරැපයකින් ඉදිරිපත් කරන්න මම පොඩි කෝන කික් එකකට ට්‍රයි පාරක් දානවා . බලන්නකො කටිටිය ඒක ගෝලයක් වේදැයි කියා. සරසවිය යනු උප සංස්කෘති වලින් සැදුනු සංස්කෘතිකී. ඉතින් මේ උපසංස්කෘතිය තුළ සරසවිය උප සංස්කෘතිය යනු ඒ  සංස්කෘතිය තුළින් ජීවය ලබන සුපිරි සංස්කෘතියකී. මට සරසවිය ආපු දවස්වල අපේ ඉහළ අයියලා කිය...