Skip to main content

පැණී වරකා මදුල.............



ඉතිං අද විනිවිද ලෝකයට සුවිශේෂී අවස්ථාවක් ඒ මන්දයත් මේ පළ වනුයේ විනිවිදලෝකයේ 50 වෙනි ලිපිය වන නිසාය. ඉතිං මෙතරම් ලිපි ඔබලා එක්ක බොදා
හදාගන්න හැකි වීම ගැන සතුටුවෙනවා . මේ ලිපි අතර මගේ නොවන ලිපි ද ඇතුළත් වේ ඉතිං ඒ ලිපි මාත් එක්ක බෙදා හදා ගත්ත මගේ සහෝදරයන්ට මගේ ප්‍රණාමය
පුද කර සිටිනවා .මේ තරම් දුරට ලිපි ලියන්න කොට විටක මගේ යාළුවෝ මට ගල් මුල් ප්‍රහාර එල්ල කලේ සමහ යහළුවෝ අඩුපාඩු කියා දෙමින් පැසසුවේ ය
ඒ කෙසේ වෙතත් ඒ සියලුම අයට මගේ ස්තුතිය පුද කරනවා මොකද හැමදෙකින්ම ඉගෙන ගන්න දෙයක් අැති නිසාවෙනි . විවිධ ඇසනොගැටෙන නොහිතන
පැති වලින් මගේ යාළුවන් ලිපි ගෙන එන්න මම සැමව්ට උත්සාහකරනවා ඒ අතර මගේ අමතක නොවන සුන්දර මතකයන් බෙදාහදාගන්නද මා අමතක නොකරමි.
ඉතිං ඕන්න එහෙනම් අද 50වෙනි ලිපියට මා හා පුරා කියා ලියන්න යන්නේ මේ ලිපිය සැකසෙන්නේ මාගේ අමතක නොවන සිද්ධියක් මුල් කරගනිමිනී.

  මම කැම්පස් ගිහිල්ලා අද වන විට වසරකට පමණ ලංවෙනවා ඉතිං මේ කාල සීමාව තුළ විවිධ ස්වරැපයේ අත්දැකීම් ලැබුනී .ඒ අතර සොදුරැ මෙන්ම හිත රිද්දන
සිදුවීම් තිබුනී කෙසේ වුවත් මේ ලියන්න තවත් සොදුරැ අත්දැකිමක් ගැනයි. සරසවි ගී සිසිල කියලා සාහිත්‍ය ගී වලින් පිරැණු කලා ප්‍රසංග අපේ කැම්පස් එකේ තියෙනවා
ඉතිං මේ පාර එහි වැඩ කටයුතු වලට සම්බන්ධවෙන්න මටද පොඩි චාන්ස් එකක් ලැබුනා මේ උළෙල සංව්ධානය කරනුයේ අපේ හතර ශ්‍රේණියේ සහෝදරයන් විසිනී.
කොහොම හරි කමක් නැ මේ පාර ඕන්න වැඩේ පුවක් ගස් කිහිපයක් අවශ්‍ය විය ඒ සඳහා අපිට යන්න තිබුනේ රාවතා වත්ත පැත්තේ ගෙවල් කිහිපයකටයි.
මම මගේ යාළුවෝ සෙට් එකක් එක් වුනා මේ එක් වුන අය පුවක් ගස් කපන්න තැන් කිහිපයකට විසිරැ හැරියා . ඒ අතර මා මගේ යාළුවන් දෙනා ගියේ වයස මැඩම්
කෙනෙක් ගෙවල් පැත්තේ . ඉතින් මේ ගිය අය නම් ප්‍රසන්න ,අරැණ,පුල්ලා , මංචා,ගිහාන් වේ . අපි සෙට් ඉතිං පොඩි ඇල්ටෝ එකකින් බැස්සේ නැද්ද පුවක් ගස කපන පොට් එකට
දැන් මේ පුවක් ගහ තිබුනේ ට්කක් කපන්න අමාරැ තැනකයි .ඉතිං අනිත් ගස් රැකලා හානිය අඩුවෙන්න ඕනි නිසා වැඩේට දක්ෂයෙක් සෙට් කරගෙන ආවා අයියලා ට්ක
මොකද ඒ ගෙදර හිටියේ විශ්‍රමීක බැංකු කළමණාකාරීකින් පුංච් මිණිබිරියයි, ගෙදර සේවය කරන කාන්තාවයි. ඕන්න ඉතිං වැඩ්ඩ ආවා වැඩ අල්ලන්න
මිනිහා ට්කක් තද යෙක් මිනිහා කැගහනවා "කෝ මහත්තයෝ පොරව "පොරව දුන්නා "මහත්තයා මේකෙන් කපන්න බැ මේක යකඩ වැඩක් නැ "කියනවා  ඉතිං මිනිහා අදෝනා
දෙනවා පොරව අවුල් කියලා කොහොම හරි මිනිහාගේ පොරවෙන් කපන්න කැමති කරගත්තා . දැන් මිනිහා ගහ කපන්න ලැස්ති ගහ අඩි 30 ව්තර උස මගේ හිතේ පුවක් ගහ
පිහිටියේත් තාප්පයක් ලඟයි ඒ ළඟ ඇඔරැල්ලා ගහකුත් තියෙනවා .
එනිසා මිනිහා කිවා "මේ ඇඔරැල්ලා ගහේ එක අත්තක් කපන්න වෙනවා කියලා "
ඉතිං අර ගෙදර ඉන්න වයස මිසුත්
"හා කපන්න අවුලක් නැ කිවා "
ඉතිං මිනිහා නගින්න කලින් ඒ අත්තට වැඩේ දුන්නා . දැන් මිනිහා ගහේ ට්කක් දුර නගිනවා ඕන්න එකපාර කියනවා
" මේ අත්ත කපන්නේ නැතුව නම් කොහොමත් කපන්න බැ කියලා"
 ආ යේ මැඩම් "හා කපන්න කියනවා "ට්කක් වේලා ගියා අයේ කියනවා "මේ අත්ත කපන්න වෙනවා නැත්තම් පුවක් ගහ කපන්න බැ කියලා "ඒ පාර මිනිහා කපන්න ඇඔරැල්ලා අත්තට
කොටලා තමා කියන්නේ කොහොමෙන් හරි මිනිහා අර ගහේ එක අත්ත ඉතිරි වෙන්න සේරම අතු කැපුවා අර මැඩම් කියා ගන්න  දෙයක් නැතුව බලාගෙන හිටියේ මිනිහා කරන දේ දිහා අපි සෙට් එක
හිනාවෙමින් මේ මිනිහා වැඩ ගැන කතා වුනා "මු මාර එකෙක් නේ කියලා " ඕන්න ඉතිං ගහේ මුදුනට වෙන්න ලණු දාලා වැඩ කිට දාලා මිනිහා ගහ කැපුවා කපලා කැලි කරලා දිලා ගියා .
අපි සෙට් එකේ ඒ ගෙදර ඉතිරි වුනේ අරැණ ,පුල්ලායි , ප්‍රසන්නයි මායි තමයි අපිට තිබුනේ අර මිනිහා විනාශ කරපු වත්ත සුද්ධ කරලා දාන්න ඕන්න දැ්න මම ඉදල් කොටයකුත් අරගෙන අතුගානවා
ප්‍රසන්නයා අර කපපු අතු ට්ක පොඩියට කපලා දරට හදනවා . අරැණයි පුල්ලායි රෙදි වැල් ගැටගහනවා. කොහොම නමුත් අපි මාර ගේමක් තමා දුන්නේ සුද්ධ කරන්න මක් නිසායත් කුඕ ඔවුන්ගේ රාජධානිය
හදාගෙන තිබුනේ මේ ඇඔරැල්ලා ගහේ ඒ ගෙවල් කඩපු තරහට වුන් අපිට වැඩේ දෙනවා පන්න පන්න අන්තිමේ මේ රජය අපිත් දින්නා තරඟයෙන් හි හි .
ඕන්න දැන් තමා නියම හරි සෙට් වෙන්නෙ මම ට්කක් වරකා වලට ලොබයි මොකද මගේ පියතම කැම තමා වරකා මට වරක සුවඳ දැනුනා මම පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා නියමයි වරක ගෙඩ්යක් ගහේ
දිදුලනවා දැන් මට මේ ගෙඩ් කන්න මාර ආසාව තිබුනේ අනික මහන්සිනේ යුද්ධ කරලා අපිට . මම ම්ස්ට දැන් ටොක් පාරක් දැන්මා වගතුග පොඩ්ඩක් එහෙම අහලා ලයින් එකට බැස්සා
"මැඩම් අර වරකා ගෙඩිය කැඩුවාට කමක් නැද්ද ? මැඩම් කියලා"  ම්ස්ව මුදුන් අත්තේ තිම්බා වැඩේ හරි ම්ස් හා කිවා  මට සතුට කියා ගන්න බැ දැන් ඊලඟ කෙස් එක ගෙඩ්ය පොළොවට බාගන්න කෙස්එක
මගේ යාළුවෝ නියම වැඩ්ඩෝ ට්කක් අපේ ප්‍රසන්න   නියම ගස් නගින්නෙක් ඉතිං මිනිහාට කිවා මම මිනිහා එක පයින් වැඩේ හා කිවා ඉතිං අපි ට්ක වැඩේට එන්නර් වුනා . හරි වැඩේ ගොඩ වරකා ගෙඩිය පොලොවට
සම්ප්‍රාත්ව වුනා මම හනික අර ගෙදර වැඩ කරන කාන්තාව දුන් පිහිය ගත්තා පුල්ලාට දුන්නා පුල්ලා කැපුවා හි හි අර චුට් නංගි බයිසිකලේන් අපේ වටේ කැරකෙනවා අපි එයාට පොඩි කැල්ලක් දුන්නා මට ගෙඩියෙන් 4න් 2 විතර වැඩේ
දුන්නා සෙට් එක කියනවා මු නිකන් කන්නේ වරකා කාලා නැ වගෙ නේ කියලා එත් ඉතිං මොනවා කරන්න බල්ලා මස් සෙට් වුනා වගේ මට වරකා හොදට කැවා මම ආසාවල් සංසිදෙනකම් .
ඕන්න අපි කාලා බීලා අයියලා එනකොට මොනවත් වුනේ නැ වගේ හිටියා එත් අපේ මංජා ඕක මහ උකුස්සා මු දැන ගත්තා වරකා තියෙනවා ගෙදර කොනකට වෙන්න මු මට එහා ඉල්ලගත්තේ නැද්ද මැඩම් ගෙන් එත් අපේ එක තරම් පැණි පැණී
නැ ඒ වරකා ගෙඩිය හි හි අපි ඌට නොන්ඩි දාදා හිටියා . කොහොම හරි මුන් ට්ක කැම්පස් එකට වරකේ ගෙනා පුවක් ලොරිය එක්ක ම ගෙඩියට මු කැවේ නිකන් මුවෙක්ව කොටි කනවා වගේ අනෙ මන්දා මු නිකන්
වරක් කොටිද මන්දා හි ිහ

ඕන්න ඔහොම තමා අපි පැණි වරකා කාලා පුවක් කැපුවේ .

ස්තුතියි තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමි . මගේ විශ්වව්ද්‍යාල ජිවීතේ පළමු වසර ගැන ඔබලා එක්ක බෙදා ගන්න මම ලඟදීම බලාපොරොත්තුවෙනවා ස්තුතියි ලබන්නා වු අවුරැද්ද සුබ අලුත් අවුරැද්දක්වේවා සැමට.

අයිතිය -චේතිය

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...