Skip to main content

කොණ්ඩේ කපන්න...................

ගොඩකාලයකින් මට යාළුවෝ එකක් මගේ පොඩි රස කතාවක් රසද දන්නේ නැ කොහොම හරි මේකත් මට වුනු සිරා සිද්ධියක්
මේක වුනේ මගේ පාසල් කාලේ ... එහෙනම් කියමුකෝ බලන්න මගේ කතාව.
ඕන්න මම දෙවැනි පාර එලෙවල් කරන්න කියලා ඇඩ්ම්ෂන් ගන්න කියලා ඉස්කෝලේට එන්න කියලා තිබුනා.අපි ඉතින් ඉගෙන ගන්න මිනිස්සු යැ
 ඉතින් ඕන්න ඒ කාලේ පන්ති ගානේ ගාට පු නිසා කොණ්ඩේ ගැන එහෙම කිසිම සැළකිල්ල තිබුනේ නැ අනික ඉතින් සුදුවට හිටිය මම අන්තිමේ පන්ති යන්න
ගත්තයින් පස්සේ අවසානයේ කළුත් වුනා . ඉතින් දැන් කොණ්ඩේත් වවාගෙන නිකන් king- කොන්වගේ මම පාසලේ සිකුරිට් අයියා කිවා ඇතුළට ගන්න බැ
මල්ලී කොණ්ඩේ කපාගෙන එන්න කියලා අනේ මන්දා ඉතින් අපෙ පාසලේ තියෙන්නේ මේ රටේ නීති වගෙ නීතීනේ ඉතින් මම බලු කුක්කා වගේ
කියලා ආපහු හැරැනා . මම ට්කක් එකතැන කින් තමා හැමදාම කොණ්ඩේ කපන්නේ ඒ මේ වේලේ එතැන යන්න විදිහකුත් නැනේ ඉතින් මම පාසල පැත්තේ පොඩ්ඩක් වට
පිට බැලුවා කොණ්ඩේ කපන්න පෙලෙස් එකක් තියෙනවා ද කියලා ඕන්න එතකොට දැක්කා පොඩි අස්සක තියෙන සැලුන් එකක් , හැබැයි ඉතින් මේක සැලුන් එකම්ද කියලා
මට සැකයක් ආවා ඇතුළට ආපුවාම මොකද හෙන නාකි ඩයල් තමා එන්නේ මස් ගෙන්වා තව ට්කක් විකුණ ඩයල් ඉන්නේ දැන් ඉතින් වැඩේ කරගන්නත් එපා යැ මම එතන කොණඩේ
කපන නාකි අංකල් කිවා පොඩ්ඩක් අංකල් කොණ්ඩේ කපා ගන්න කියලා . ආ හරි පුතා ඉඳ ගන්න කිවා  ඉතින් මම ඉඳගත්තා මනුස්සයා කොණ්ඩේ කපන්නේ කතුරෙන් අර මැෂින් මොනවත්
නැ මිනිහා ගොඩක් පළ පුරැදු ඩයල් එක වගේ පෙනුනා කොණ්ඩේ කපන විළාශයෙන් මට ඇල්ලුවේ නැත්තේ මිනිහා ට්කක් කපනවා අයේ මස් මල්ලක් ගෙනාපු මිනිහා එක්ක කයිය ගහනවා
අයේ එනවා කොණ්ඩේ කපනවා . කොහොම හරි කමක් නැ මිනිහා ඔන්න කොණ්ඩේ කපලා ඉවර කළා මම ගාණ අහපුවාම ඉතා සුළු මුදල් අනිත් බාබර්ලා ගන්න ගාණට වඩා අඩුවෙන්
ගත්තේ මම ෆුල් හැපි එකේ ගැම්මේ න් ගියා මොකද ලස්සන කැපුවා නේ මිනිහා කොණ්ඩේ අනික වේගෙන් .

   මම දැන් ඕන්න ඉඳගත්තා අපේ ඇඩ්මිෂන් දෙන පන්ති කාමරේ මගේ බුවාලා ට්ක දැන් ඕන්න මට නොණ්ඩිය දානවා මොකද බන් ඔය ඔහොම කොණ්ඩේ කැපුවේ , අලුත් ස්ටයිල් එකකද්, අ
අපේ චේතිය හැඩ බලහන්කෝ කියලා . මට දැන් මුන් එන පොට අල්ලන්නේ නැ මගේ යාළු කසුනගෙන් ඇහුවා මොකද්ද බන් කොණ්ඩේ අවුල කියලා මම හිතුවා පාසලේ නිතීවලට පිටින් ගිහින්ද කියලා
ඌ කිවා පොඩ්ඩක් පිටිපස්ස අතගාලා බලහන් කෝ කියලා , මම ඉතින් අද ගැවා යකෝ බලනකොට තේරැනේ කොණ්ඩේ එක  තැන ක වලක් කපලා අර නාකියා ... මට ඉතින් xxxxx  කියන්න හිතුනා
මු ඒක තමා අඩුවෙන් අරන් හරි පුතා කිවේ අනේ මුන් නම් ....

ඉතින් ඕන්න යාළුවනේ ඕක තමා සිරා කතා ව තවත් රස කතාවකින් සෙට් වෙමුකෝ විනිවිද ලෝකය තුළින්

අයිතිය - චේතිය
කොණ්ඩේ කපන්න

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

සුභ අලුත් අවුරැද්දක් වේවා ......

'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................