Skip to main content

පිරිමියෝ සරනං ගජ්ජාමී හී නොවන්න...



ඔබ පිරිමියෙක් නම් ඒ තුල ඇති සීමාකාරීත්වය නිශ්චිතවම වටහා ගත හැකි පිටත වන්නේ ගැහැණියයි.එහෙත් ගැහැණිය යනු පිරිමියාගේ මනසේ නිර්මාණයක්ය යන රැඩිකල් ස්ත්රීවාදී සොයා ගැනීමට බෙහෙවින් පරස්පරව ඇති යමක් කියන්න ඇත.එය මේ මොහොතේ පවතින ගැහැණියගේ නිරීක්ෂිතයයි.දැන් ගැහැණු යනු කුස්සියට සීමාවු බත් අම්මා කෙනෙක් හො ප්‍රජනන කාර්යයේ නියුතු මැශීමකට වඩා දෙයකි.ඇයගේ බලය එලෙසින්ම වැඩිවී ඇති බව අප අවටින්ම වඩාත් සාධනීය ලෙස නිරීක්ෂණය කල හැක.එහෙත් එම නිරීක්ෂණය මගේ නිරීක්ෂණයට වඩා බෙහෙවින් පරස්පරය.මගේ නිරීක්ෂණයට අනුව නම් අප මෙතෙක් කල් සැඟව සිට්යේ නූතන ස්ත්රීවාදී විචාරක්ෂියේ සංකල්පීය සීමාකමකය.පුරුෂාධිපත්‍ය නමින් සංකල්පගත කරවූ එම සීමාසහිත සංකල්පය ඉහත දක්වූ කුස්සි අම්මාවරුන්ගේ හා ප්‍රජනන මැශීන් වල අදූනා ගැනීමට වඩා දෙයක් බිහි කල බව නම් සැබෑය.එය බැලූ බැල්මට නම් සමාජීය සතුරා පවුල තුලට හකුලුවා එහි ප්‍රතිරෝධය අත ලඟින්ම සොයා ගත හැකි නිමේෂය කරාගෙන යාමේ චින්තනමය භාවිතාවකි.ඒ අනුව පුරුෂාධිපත්‍යයට යටත් වු ගැහැණිය පිරිමියාගෙන් හිංසනයට ලක් වේ.තවද කාන්තාවන් වන අප ඊට එරෙහිව නැගි සිටිය යුතුය යන ආකල්පය එම ව්‍යාපෘතියේ මානසික නිෂ්පාදනයයි.

එහෙත් කාන්තාව තම ප්‍රධාන සතුරා ලෙස පුරුශාධිපත්‍ය දකින්නේ නම් එය තවදුරටත් වලංගු නැත.එනම් ඇගෙ සත්තාව පිරිමියාගේ පුළුල් පියාපත් සෙවන තුලට ඇයට සමාජ ජීවිතයේ කොතරම් බලතල තිබුණත් අනවරත ලෙස ඇදී යාමේ රොමෑන්තිකමය ප්‍රවේශය, පිරිමියාගෙ පුංචි මමත්මය වඩවාලන බලයට ඇති ආශාව වඩා යමක් නොදෙනෙ උපක්‍රමයකි.ඒ සදහා පහත උදාහරණයක් ගමු.

මගේ මිතුරුයක් සිටියා විශ්ව විද්‍යාල සිසුවියක්.ඇයට සිටියා පෙම්වතෙක් පෞද්ගලික ආයතනයක සාමාන්‍ය සේවකයෙක් විදියට සේවය කරන.එක් වනම මොවුන් අතර ප්‍රශ්නයක් උද්ගත වී සිත් තැවුලක් නිසා සතියක් දෙකක් සම්බන්ධතාව ඇන හිටී තිබුණා.ඔය කාලයෙදි දිනක් රෑ බෝවීම නිසා ඇය විශ්ව විද්‍යාලයෙ වැඩ සටහනකට සහභාගී වී නෙවාසිකාගාරයට යන්නට නොහැකිව කර කියා ගත නොහැකිව තම පෙම්වතාට බැරිම තැන දුරකථන ඇමතුමක් දී ඔහුව ගෙන්වා ගන්නට සමත් වුණා.පසුව පෙම්වතා ඇයව නේවාසිකාගාරයට ටැක්සියකින්ම ගෙනත් ඇරලවා ඔහු ද නිවසට ලඟා වුනා.පසුව ඔහු මට මේ සිද්ධිය විස්තර කලේ මෙසේයි.

''මචං..නදිනි කතා කලා බං.මේකී මහ රෑ කම්පස් එක ලඟ ඉදන් කතා කරනවා.මාව එක්කං යන්න කියලා.මං බය වුනා බං මොකක් හරි කරදරයක් ද කියලා.එහෙම උනොත් ඉදලා වැඩක් නැහැ බං මට.ම ගියා ටැකිසියක නැගලා අම්මගෙන් 1000 ක් ඉල්ලගෙන.එකී මාව දක්ක ගමන් දුවගෙන ඇවිත් මාව බදාගෙන ඉඹ ගෙන ඉබ ගෙන ගියා බං.දරා ගන්න බෑ බං මතක් වෙද්දිත්.ඉවසගන්න බැරුව ගියා බං.පව් බං ඒකි.දැං ඔක්කොම හරි.''

මේ සිද්ධිය දෙස බැලුවාම පෙනෙනවා පිරිමියා ගැන ඔහුටම ඇති සහ ගැහැනීයට ඇති වෙනත් අවබෝධමානයක්.ඒ තමයි රාත්රිය කියූ සැණින්ම ගැහැනීයව නඩත්තු කරපු එක්තරා සංස්කෘතික බල රටාවක්.රාත්රියට ඇති බිය මනසේ සදාතනික නිශ්චිතතාවක් කරන්න වග බලාගෙන ඉන්නවා.මේකට ඔවුන්ගෙ වැඩිහිටි දැනුමක් නිශ්චිතවම බලපානවා.හොල්මන් අවතාර දිශ්ටි වැනි මිත්‍යාවන්ගේ සේවය මෙතනදී බලාත්මක කරනවා.ඒත් මේ ලිපියේ අරමුණ එම දෲශ්ටිවාදයන් හරණයට ලක්කිරීම නොවෙයි.මෙහි අරමුණ වන්නේ පුරුශාධිපත්‍ය පිලිබද ස්ත්රීවාදී ව්‍යාපෘතියේ පරස්පරතාව ගැන සාකච්චා කිරීමයි.


ඉහත උදාහරනයේ සිටින ගැහැණියගේ අනෙකත්වය අනිවාර්ය ලෙසම පිරිමියා බවට අත් කර ගන්නට දරන උත්සාහයක් ගැන පැහැදිලි වෙනවා ඇති.සොර සතුරු උවදුරු හොල්මන් අවතාර දිශ්ටි සමග පොර බදින පිරිමි අනෙකෙක් මේ අනුව එම ගැහැණිය බලාපොරොත්තු වෙනවා.එ අනුව පිරිමියාගේ මනස ගැහැනීය විසින් වීරත්වය කරා ඔසවා තබනවා.උද්වෙගකර සිප ගැනිම් එක්ක ප්‍රේමණිය හමුවීමක්. ඔන්න දැන් අපිට තියෙනවා රොමෑන්තිකමය අභිමුඛ වීමක්.

දැන් අපි බලමු ඉහත උදාහරනයේ වර්තමාන තත්වය මගේ මිතුරාගේම ඇමැතුමකින්..

මිතුරා:මචං..අදත් නදිනි රෑ වෙනවා කිව්ව බං.මම යනවා ඒකිව ගන්න.උඹලා පලයං.අවුලක් නෑ.හෙටත් යන්න වෙනවා බං.

මම:අයෙත් වලි නැද්ද?

මිතුරා:වලි බං.වලි..මට එපා වෙලා බං තියෙන්නෙ..

මම:දැනුත් වලි ද බං..මොකද්ද බං ඕක?

මිතුරා:ඒ වුනාට බං,මං මෙකිව බලාගන්න එපැයි මචං.මේකිට මොකක් හරි උනොත් මං ඉදලා වැඩක් නෑ

මම:එහෙනං දැං ඔක්කොම හරි කිව්වෙ කොහොමද බං..

මිතුරා:අනේ මන්දා බං.ඒ වගේ දවසක් අයේත් කවද මගේ ජීවිතේට එයි ද කියලා..

පුරුශාධිපත්‍ය සංකල්පයෙ සීමාසහිත භාවයට මෙවැනි උපයෝගීතාවක් ගැහැණිය විසින් අත්පත් කරගත්තේ කෙසේද යන්න දැන් ප්‍රශ්නයකි.ඉහත උදාහරණය අනුව නම් පිරිමියාගේ ප්‍රේමය මිතුරාගේ දෘශ්ටි කෝණයෙන් සේවාවක් වී ඇති සැටියකි.මිතුරුයගේ දෘශ්ටි කෝණයෙන් නම් පෙම්වතාව මුරුංගත්තේ නංවා මුල කපා දැමිමකි.එහෙත් මගේ දෘශ්ටි කෝණයෙන් නම් ගැහැණු මනසෙ චින්තනමය විචක්ෂණයයි.එය පුරුශාධිත්‍යයේ සංකල්පයට වඩා වෙනස්ව එම සංකල්පයට පෙරත් ඉන් පසුවත් සමාජ භූමිකාවක් වූ ස්ත්රියගේ ශ්‍රමයේ හා චින්තනයෙ උපයෝගීතාවයි.එහෙත් පිරිමි වන අපට අනුව මේ සුක්ෂමතාව අපට නොගැලපෙන්නකි.ඒ නොගැලපීම නොඉවසන අපි දඩයමට කැලයට යන දඩයක්කාරයොන්ය.ඔවුන් නිවාස වලට වී ඒවා තම්බන ආයතනයන්ගේ සීමාසහිත භාවයයි.එහෙත් මා අත්‍යවශ්‍යයෙන්ම කිව යුත්තේ පිරිමි වන අප දන්නේ දඩයම ගැන පමණකි යන්නය.

අයිතිය -  පවුකාර පින්කාරයා

Comments

  1. ඇත්තෙන්ම සංවාදශීලී මාතෘකාවක්. මගේනම් අදහස කාන්තාවන් සම්ප්‍රදායික විදිහට පිරිමින්ගේ රැකවරනය පැතීම මේ කාලයේ අනවශ්‍ය දෙයක් කියන එකයි. අනෙක මොකක් උනත් පුරුෂාධිපත්‍ය කියන එකනම් කාන්තාවන් ගේ නිදහස විතරක් නෙවෙයි ප්‍රගතියත් සීමා කරනවා. ඒකේ කිසිම තර්ක කරන්න දෙයක් නෑ. කාන්තාව පුරුෂාධිපත්‍ය පිටුදැකියයුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමිය අදහසක් දැක්වීමට මා ප්‍රථමයෙන් ස්තුතියි වන්න වෙනවා නමුදු ඔබ තුමිය කියන හඩ 100% නිවැරදි යන්න නැවත වරක් සිතිය යුතුයි .

      Delete
  2. පිරිමියාගේ ප්‍රේමය නූතන කාන්තාවට අත්‍යාවශ්‍ය දෙයක්ද? ඇත්තෙන්ම නැත. එය තේරුම් ගැනීමට බුද්ධියක් කාන්තාවන්ට තිබියයුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවා ඇන්ටි ඔයා තරම් බුඩ්ඩිමත් අය නෑනේ එකනේ වෙලා තියෙන වැඩේ මෙතන

      ජයවේවා!!!!!

      Delete
    2. වෙන්න පුළුවන් එකත් හි හි

      Delete
  3. අනේ ඒ කෙල්ල රෑ වෙච්ච හින්දා බය වෙලා,ඒකයි කොල්ලව ගෙන්න ගෙන තියෙන්නේ.ඔය කැම්පස් එක මොකක්ද දන්නේ නෑ,සමහර එව්වයෙ නම් බැච් එකේ කොල්ලො එනවා හොස්ටල් එකට ඇරලවන්න.මං නම් හිතන්නේ ඕක ඒ කෙල්ලගේ පොඩි සම්‍යක් ප්‍රයෝගයක් වෙන්න ඇති බිඳී ගිය ප්‍රේමය අලුත් කරව ගන්න.ඒවා ඉතින් හරිම ආදරණීයයි,ඔය කාලෙට.

    ReplyDelete
    Replies
    1. හි හි අනිවා ඔව් ඔය සමහර කෙල්ලෝ රැග් කළා කොල්ලන්ට මාර ආදරය පස්සේ බයට් සෙට් වුනාම තමා බලන්න ඕනි දැක්කේ නැ වගේ හි හි ස්තුතියි අදහස් එකතු කිරීමට විනිවිද ලෝකය සමඟ

      Delete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...