Skip to main content

මං ඇත්තටම බේබද්දෙක්.......... ආශිකී රඟපැවෙත් හොඳටම බීලා..... අහෝ දුකක් අපි ගැන

ඉතිං මේ දවස් වල කැම්පස් එකේ නිවාඩු නිසා පොඩ්ඩක් ගෙදරට වේලා විවේකීව වුන්නා
.ඒ වගේම කටිටියට ලැබුවා වු අලුත් අවුරැද්ද කිරි පැණි ඉතිරැනු අලුත් අවුරැද්දක් වේවා කියලා
ප්‍රාර්ථනා කරනවා විනිවිද ලෝකය තුළින් . ඒ වුනාට මට නම් මහ හොද අවුරැද්දක් නැති වුනා මේ පාර
මොකද හිතුවේ නැති විදිහට අසනීපයක් කඩා පාත් වුනානේ ලෙඩ ඇදට වැටෙන විදිහට ඉතින් ඒ නිසා
සැළසුම් ගොඩක් වතුරට ගහගෙන ගියා . එහෙනම් අද ලිපිය දෙසට අපි හැරෙමුකෝ අද මගේ ලිපිය
සබැඳි වන්නේ ඉරිදා පත්තර කැල්ලකට වේ .මම මේ ඉරිදා පත්තර කැල්ලක් මෙසේ උඩ තියෙනවා දැක්කා
මම එච්චර පත්තර කියවීමට ප්‍රිය නොකරන කෙනෙක් සමාන්‍යයෙන් සඟරා කීය විමට තමා මගේ ඇල්ම තියෙන්නේ
ඒ මන්දැ මා නොදනී. කෙසේ හෝ මේ පත්තර කැල්ල දුටුවා මගේ හිතට අවේ කෙන්තියක් ඒ මේ ලිපිය ලියපු කෙනා
ගැන මෙන්ම මේ රටේ මාධ්‍යයට වෙලා තියෙන දේ ගැන යි.

                                  මං ඇත්තටම බේබද්දෙක්
                          ආශිකී රඟපැවෙත් හොඳටම බීලා.....

මෙන්න පත්තර කැල්ලේ හෙඩින් එක සමහර විට මෙක පත්තර ලිපි මාකටින් කරන්න නියම වෙන්න පුළුවන් .
නමුත් මේ දේ තුළින් ගම්‍ය වන දේ මා හට මා නිරසයක් මෙන්ම මෙරට සමාජය ගැන දුකක් ඇති වේ. අද තාරැණ්‍ය  බෝහෝ දුරට මතට යොමු වී ඇත ඒ දේ අද ඉතා ග්‍රීඝ ලෙස වර්ධනය වේ. මේ නිසා නැති නාස්තිවෙන්නේ මෙරට ජවය නේද යන වග රටට පාලකයින් නොදැනෙනවා නැත්තම් ඔවුන්ගේ ඉන්‍දයන් අඩ පන වී ඇද්ද යන මා හට ගැටලුවකී. බීමත් කම ගැන මට ගොඩක් වැට හුනා  විශ්වවිද්‍යාල තුළ තියෙන පරිසර දැක්කාම . බීමත් කම මෙරටින් තුරන් කරන්න නම් මතට තිත කියන දේවල් යථාර්ථයක් විය යුතුයි අද මෙරට මතය තිත තිතට මත වී ඇති බව නියමාකාරව පෙනී යයි. දැන් මම මේ ලිපිය හේ ඩින් එකට යමුකෝ  අඩෝ ඒ නළුවාත් බොනවා අපිත් බීපුවාම මොකද බන් මෙන්න අද තරැණ කොල්ලෝ හිතන්නේ මේ වගේ දෙයක් දුටුවා මාධ්‍ය දේ නොදන්නවා නොවේ .ආශිකී රඟපැවෙත් හොදටම බීලා එහෙනම් උඔලාත් බිපල්ලා කියන්නා වගේ පත්තර කාරයා ගම්‍ය කරන්නේ ලිපියෙන්.මම ඉතින් තවත් ඒ ලිපියේ දුටුවා ඔහු පවසා තියෙනවා ම විනෝද වෙනවා බීමෙන් අනේ ඇත්තට මේ පත්තරකාරයෝ ලිපි දාන්නේ වඟකීමකින් යන්න මට ගැටලුවක් ඉරිදා පත්තරය යන්නේ ලක්ෂ ගාණක් ජනයා කියවන පත්තරයක්මිනිස්සු කැමති ඔප දුප කියවන්න ඒ දේට මගේ විරැද්ධත්වය නොවේ මාධ්‍යයක් සමාජය හදන්න උපකාර වනා මිස එය වළට දැමීමද කල යුත්තේ යන්න ගැටලුවකී . මේ වගේ බේබදු චරිත ලොකු කරගෙන නටන මාධ්‍යයක් පාසල් යන සිසුවෙක් මේ ලිපිය කියවනවා අඩෝ බීපුවා විනෝදයක් ඇති වෙනවා ලු බන් කියන සිතුවිල්ල මොළයට යන්නේ නැද්ද
ඒ දේ ඔස්සේ ඔහු පිය නඟන්නේ නැද්ද පරීක්ෂා කීරීමටත් මේ දේ එවැනි අවධානමක් මේ දේ තුළින් මා දකිනවා .
  එමනිසා වෙන් ලිපියක් පළ කීරීමේදී මීට වඩා මාධ්‍ය වගකීමක් දැරිය යුතුයි යන්න මගේ මතය. අනික් දේ මෙරට රේඩියෝ කලාවක් තිබේ නමුදු හුදු වාණිය පසු පස හඔාය මින් සමාජයට මොලෝ වර්ධනයක නොකරන මොට සමාජයක් බිහිකීරීමට කියාපු  මාධ්‍යයකී .ඉංගීසී සිංහල කලවම් ලෝකය සිංදුවක් ඇහුවොත් අදෝනාම කැගසනවා ගායකයන් යාචකයෝ වගේ මුදල් නිසා අර්ථවත් ගීත කලාව නාස්තී වී ගොස් .නිවේදිකාවන් ගහෙන් කඩා පත්වේලා වගේ මෙලෝ දැනුමක් තියෙනවා ද යන්න ගැටලුවක් ඔවුන් මාධ්‍ය ඔස්සේ කතා කරන කොට කටට එන හැම සල්ලාපය දොඩනවා කිසිම වගකීමක් නැති ව ඇයිද මෙසේ මාධ්‍ය කටයුතු කරන්නේ ? ඔබත් මෙරට මාධ්‍ය ගැන දරන්නේ මෙවන් අදහසක් ද ?
ඔවුන් නිවැරදි ද මා වැරදී මෙයයි මගේ මතය.

මම ලිපිය අවසානයක් නැතිව නවත්තනවා ඒ ද මෙරට මාධ්‍ය වගේ ..

සටහන චේතිය ප්‍රසංග


Comments

  1. මේ ගැන කියන්න දෙයක් නෑ මං නම් කාටවත් බොන්න කියන්නෙත් නෑ දෙන්නෙත් නෑ ,මගේ පාඩුවේ බොනවා

    ReplyDelete
    Replies
    1. ඒ දෙ හොදයි යාළුවා නමුත් මම නම් තරයේ විරැද්ධයි බොන දේට අදහසක් එක් කීරීමට ස්තුතියි යාළුවා

      Delete

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

කැම්පස් එකේ ආදර කතාව

ඕන්න එහෙනම් යාළුවනේ ගොඩකාලෙකින් මම වේලාවක් හොයා ගත්තා මගේ කැම්පස් ලයිෆ් ලිපි පෙළේ අලුත්ම අප්ඩේට් එක ලියන්න . එහෙනම් ඉතින් පටන් ගමු නේද ? ඇත්තටම මම මේ ලිපිය ලියන්න කාලේ හොයාගත්තේ ද තරම් අපහසුවෙනි මන්දයත් ඒ තරමට ඕලුව ගිනිගන්න තරමට වැඩ නිසා කොස් වක් , ප්‍රසන්ටේෂන් ,විභාග ඇතිවෙන්න දෙනවා මම මේ ලිපිය ලියන කාලේ ඉතින් මම පොඩි විවේකයක් ගන්න කියලා මම බෝඩිමේ නැවතුනා නැත්තම් මම මැරෙනවා ඒ වැඩ අහලා හි හි ඇත්තටම යාළුවනේ වේලාවකය හිතෙනවා කැම්පස් යටවාට වඩා හොදයි ගෙදර හිටියා නම් කියලා ඒක විහිළුවට කිවේ හරිද නැත්තම් කැම්පස් යන්න ඉන්න මල්ලී නංගිලා වැරදි අදහස් ඕලුවට දාගත්තෝ කියලා දන්නේ නැද්ද දැන් ඉන්න අපේ නව පරම්පරාව ඇත්තම කිවොත් කැම්පස් ජිවිතයට යන්න ලැබිමත් ජීවීතයේ ලබා ගත යුතු පරිජේදයකි එම නිසා මම කියන්න කැම්පස් යන්න සැම මල්ලියෙක් නංගියෙක්ම උත්සාහකරන්න කියලා . හා හා තව පොඩ්ඩෙන් ලියන්න ආපු එකනෙමේ නේ මම ලියන්නේ නේද ? මේ බහු බුත දේවල් නේද සිරාවට කිවොත් මමත් වැඩිය ඔය සිරා කතා අල්ලන්නේ නැනේ ජීවිතය කියන්නේ සතුටින් විනෝදයෙන් ගත කළයුතු කාලයක් නිසා වෙනි .ආයේ පැන්නා ට්‍රැක් එකෙන් අනේ මන්දා මොකද කියලා මේ අද ...

රූපවාහිනි වැඩසටහන් වර්ගීකරණ

වර්තමානයේ අන්තර්ජාලයෙන් රැපවාහිනි වැඩසටහන් නැරඕමට මෙන්ම සැටලයිට් ඔස්සේ විකාශනය වන විදේශිය නාළිකා හා කතාමාලාවන් නැරඕමට අප සැම හුරැවී ඇත. සමහර විට මේ ඔබේ දරැවා ද නැරඹීම සිදුකරනු ඇත. ඉතිං එවැනි වැඩසටහන් තම දරැවාට ගැලපෙනවාද නැද්ද යන වග ඔබ නොදන්නවා ඇති. ඉතිං මම අද ලිපියෙන් බලාපොරොත්තු වෙනවා රැපවාහිනි වැඩසටහන් වර්ගීකරණ පිළිබඳව විස්තරයක් ගෙන ඒමට. ඔබ කතාමාලාවක් නරඔන විට දැක ඇති ඉහළ කෙළවරේ යම් සංකේතයක් පටන් ගැනීමේදී ප්‍රදර්ශනය කරන බව. මොකද්ද මේකෙන් කියන්නේ, [Y7]  —- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහන සුදුසු ප්‍රේක්ෂක කොට්ඪාශය. [FV]  —- මෙමඟින් හඟවන්නේ මෙම වැඩසටහනේ ලිංගිකත්වය, වැඩිහිට් වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි දෑ වලින් කුමන කොටස් අඩංගු වේ ද යනවග. මෙම පහල ලේබලයේ අඩංගු විය හැකි අක්ෂර වලින් අර්ථවත් කරන්න දේ.. [D]  – කාමුකත්වය ඇතිවන දෙබස් (බොහෝ විට ලිංගිකත්වය පිළිබඳව) දෑ අඩංගු බව. [L]  – අශීක්ෂීත පරුෂ භාෂාව අඩංගු බව. [S]  – ලිංගික හැසිරීම් අඩංගු බව. [V]  – ප්‍රචණ්ඩත්වය අඩංගු බව. [FV]  – Fantasy ප්‍රචණ්ඩත්වය (මෙය ළමුන් සඳහා පමණක් වෙන්වු වැඩසටහන් ...