Skip to main content

මගේ ඇසින් මෙරට සිනමාව…

මම අද ලිවීමට බලාපොරොත්තු වන්නේ ලාංකීක සිනමාව පිළිබඳව මා දකින්නා වු ඇසින් මට සිතුනා වු දේවල් පිළිබඳව වේ .වර්තමානයේදී ඇත්තටම මෙරටට සිනමා කර්මාන්තයක් ඇතැයි කියා ද විටක මට සිතේ මන්දයත් දැන් බිහිවෙන්නා වු සිනමා නිර්මාණ ප්‍රමාණය හා  ඒවායේ ගුණාත්මක භාවය සැළකීමේදීය . දැන් බිහිවන සිනමා නිර්මාණයන්ගෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකි යම් හෝ වටිනා අදහසක් ප්‍රේක්ෂකයාන්ගේ බුද්ධියට කතාකරනු ඇත්තේ අනෙක් සියලුම නිර්මාණයන් ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකයා කියන ස්ථානයෙන් පහලට ඇද දමනු ඇත .
ඇයි මෙසේ ආසියවේ ආශ්චර්ය වීමට යන්නා වු රටට වන්නේ , මට හැඟෙන පරිදි නමි විටක සංස්කෘතියේ ඇති වැට මායිම් ද ,තාක්ෂණික දැනුමේ හිඟ බව ද ,ප්‍රමිතියකින්තොර රංගන ශිල්පින් මෙම කර්මාන්තයේ සැරිසැරිම ද එහෙමත් නැත්තම් මුදල් හිඟකම වියහැක .නමුත් මා මෙහෙදී සඳහන් නොකළ තවත් විශාල හේතුන් ඔබට මට වඩා සිතෙනු ඇත.ඒ කෙසේ වුවත් අද අපේ රටට උසස් යැයි කිවහැකි සිනමා කර්මාන්තයක් නොපවතී .අද මෙරටට තුළ වැඩි වශයෙන් බිහිවන්නේ විනෝදකාමී වාණිජ පරමාර්ථය ඔස්සේ නිර්මාණයවන සිනමා නිර්මාණවේ .නමුත් මෙම කාණ්ඩයට අයත් නිර්මාණ වලත් තිබ්ය යුතු යම් ලක්ෂණයන් මේවා තුළ තිබේ ද  යන්න ගැටලුවකි. මේ ළඟදී තිරගත වුවා ඉන්දීය නිළියක් රඟදක්වන හා රන්……නම් නළුවා රඟපාන සිනමා නිර්මාණයක් මෙහි ඇත්තටම ඔබ දුටුවොත් ඔබට පෙනේ මෙහි වැඩිවශයෙන් සිදුවන්නේ අර ඉන්දිය නිළියගේ අඟපසඟ ප්‍රේක්ෂකයා පෙන්විමයි ඇත්තටම එමගින් පෙන්වන්නේ ආපේ රටේ ප්‍රේක්ෂකය කොමපණ පහළ ඇද දමා ඇති බවද කියාය .අනික් දේ තමා එම විනෝදකාමී නිර්මාණවල කොපමණ දුරට ප්‍රේක්ෂකයාට අදහස් මනසට ලබා දේද කියාය .
 අනික් දේ අපේ රටේ ඉතා විශිෂ්ට නිර්මාණ බිහිවේ නමුත් එවා බොහෝ දුරට රටේ පවත්නාවු සංස්කෘතික සංකල්පය මත බොහෝ විට වාරණයට ලක්වේ . (උදා: අක්ෂර ) මෙහිදී ඇත්තටම සිදුවන්නේ උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයාට තියෙන අයිතිය උදුරාගෙන ඇති බවයි .කිසි විටකත් උසස් රසවින්දනයක් විදිය හැක්කේ වැඩිහිටියෙකුට වේ මෙහිදී මාහට නම් හැඟෙන්නේ අප රටේ යමි පිරිසක් සිනමා කලාව සමඟ සංස්කෘතිය පටලවාගෙන ඇති බවයි  .මෙම නිසා නිර්මාණයට නළුවෙකුට හෝ නිළියකට එයට ලබා දියහැකි තම දායකත්වය මායිම් විමක් ද සිදු වේ .
අනෙක් දේ වන්නේ අද ලංකාවේ උසස් තාක්ෂණියක් ඇති සිනමාහල් පිහිටුවා ඇත නමුත් කිසිදු එකක අප රටේ නිර්මාණයන් තිරගත වන්නේ කලාතුරකින් වේ බොහෝ විට තිරගත වන්නේවෙනත් රාජ්‍යවල නිර්මාණය වු නිර්මාණයන් වේ ඉතිං මෙමඟින් සිදුවන්නේ අපේ රටේ සිනමාව නැගුම ද නැත්තම් රටේ සිනමාවේ අභාගයට යැමද ? මෙයට එක් අතකින් අප රටේ බිහිවන සිනමා නිර්මාණ පවතීන්නා වු තාක්ෂණයේ පෙහොසත් භාවයේ අඩු බවද බලපානු ඇත .අපේ රටේ තවත් සිනමා නිර්මාණයන් ට භාවිතා කරන්නේ සේයා පට කැමරා වේ නමුත් ලෝකය අද යන්නේ ඩිජිටල් කැමරා ඔස්සේය ඉතිං අප රට කොතන  ද ඇත්තේ ? මේ ළඟඳී අපරටේ ප්‍රථම red කැමරාව යොදා ගෙන කරන නිර්මාණ බිහිවන බවයි එය පොද වැස්සකි මෙරට වේලෙමින් පවතින සිනමා කාන්තාරයට මෙම පොද වැස්ස මහ වැස්සක්වෙන්න යැයි මගේ පැතුමයි .
අතීතයේ අප රටේ බිහිවුනා ඉතා විශිෂ්ට සිනමා කලාකෘතීන් ඒවා එකළ තිබු තාක්ෂණය සමඟ සැසදීමේ දී උසස් නිර්මාණවේ .ජැක්සන් ඇන්තනී ,රීටා ප්‍රනාන්දු ,ජෝ අබේවික්‍රම වැනි රංග ධරයන් මෙරටට්න  බිහි වුනේ ය එකළ, නමුත් දැන් එසේ උසස් රංග ධරයන් යැයි කිවහැකි පිරිසක් සිටින්නේ ඉතා ස්වල්පයකි .අද නිළියන් හො නළුවන් බිහිවන්නේ තම හැකියාව මත නොව තම ගෞරවය කැපකරන ප්‍රමාණය මත වේ ඉතිං මෙසේ පැමිණෙන පිරිස නිළියක් හෝ නළුවෙක් යන පට්ටම මත මුදල් රැස්කීරීම සිදුකරයි, සිනමාවට ? අනික් දේ වන්නේ මෙරටට නිළියන් හෝ නළුවන් බිහි වීමට ක්‍රමවත් පටිපාටියක් නොපැවතීම ද මෙයට එක් හේතුවක් ලෙස මා දකී .
ඇත්තටම අපේ සිනමාවේ කඩා වැටීමට අප හොබවන ප්‍රේක්ෂකයා යන භූමිකාව වඟකිය යුතුයි.මන්ද යත් අප රටේ බොහෝ ප්‍රේක්ෂකයා සිනමා නිර්මාණය වින්දනය කරන ආකාරයේ ද ගැටලුවක් පවතීන බවයි.මෙම නිසාවෙන් ද සිනමා නිර්මාණ බිහිවිමේදී යම් සිමා ඇතිවි ඇති බව මට හැඟේ .
මෙම අදහස් සමහර විට ඒකපාර්ශීක අදහස් විය හැක නමුත් මේවා මම මෙරටට සිනමාව දකිනා අයුරැ වේ.
“80 ගණන්වල මම රූපවාහිනී කලාව හදාරපු අයෙක් කොහොම වුණත් එකළ සිනමාව ඉතා හොඳින් දිවිවා රසවින්දය දන්නා මිනිසුන් හිටියා හරි නම් අපි ඉන්න ඕනි එදාටත් වඩා ඉදිරායෙන් නමුත් අපි එන්න එන්න පහලට වැටිලයි සිට්න්නේ ප්‍රේක්ෂකයන්වත් බාල තැනකට ඇදලා දාලා නිර්මාණයන් බාල තත්වයකට ඇදල දාලා “
මේවා මගේ අදහසක් නොවේ මා ළඟඳී කියවු සඟරායවකට කැලුම් පාලිත මහීරත්න මහතා  ප්‍රකාශ කර තිබු තම අදහස්  වලින් වැකි කිහිපයකි .මෙම අදහස් සමඟ මගේ ලිපිය අවසන් වේ .

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...