Skip to main content

Dolby Digital කියන්නේ මොකද්ද ?

මම අද ලියන්න බලාපොරොත්තු වෙනවා Dolby Digital ගැන තොරතුරු කිහිපයක්. මෙහි ඇති සමහර වචන මම ඒ ආකාරයටම යොදාගෙන හේතුව සමහර වචන, සිංහල වචන වලට පෙරළීමේදී නොගැලපීම් ඇතිවන බැවින් මම පුළුවන් තරම් ඔබට තේරුම් ගැනීමට හැකි වන පරිදි ලිවීමට උත්සාහ කල නිසයි. එහෙනම් පටන් ගමු.
Dolby Digital කියන්නේ  Dolby පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලද ශ්‍රවණ සංකෝචනය කිරීම පිළිබඳ තාක්ෂණයකි. මෙයට පටන් ගැනීමේදී Dolby Stereo Digital යන නම  යොදා ගත්තේය. ඒ 1994 වසර වනතුරු වේ. Dolby Digital තාක්ෂණය මුල් කාලයේ එක් කළේ 35MM සිනමා මුද්‍රණයන්ටය. නමුත් වර්තමානයේ මෙම තාක්ෂණය HDTV (High-definition television) ප්‍රචාරණයටත් DVD, Blu-ray තැටි වලට හා ක්‍රීඩා පාලන පුවරැවලටත් යොදාගනී.
පළමු වරට Dolby Digital තාක්ෂණය සිනමා නිර්මාණයකට යොදා ගත්තේ 1992 දී තිරගතවු Batman Returns නම් සිනමා නිර්මාණයට වේ. අතීතයේ මෙම තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය වු නාද පථ 35MM සිනමා මුද්‍රණයන්ට ඇතුළත් කරන අයුරු ටිකක් තේරුම් ගනිමු. අනුගාමිකව සිදුවන දත්ත කුටිටි ස්ථානගත කරනවා රූප රාමු සහ සිදුරු කරන ලද කුහර තීරු අතර මැද්දට, මේ නිසා නාද පථය ඇත්තේ සිනමා නිර්මාණයට පැත්තකින් වේ. එමෙන්ම Dolby SR නම් තාක්ෂණයෙන් ශබ්දය අඩු කිරීම සිදු කෙරේ. මෙම තාක්ෂණයෙන් යුක්ත නිර්මාණ Dolby SR-D prints ලෙස හදුන්වයි. මෙම තාක්ෂණයේ විවධ වු සංස්කරණයන් ඇත.  

දැන් ඒවා පිළිබඳව මම පහත ලුහුඬින් විස්තර කර ඇත ඒ පොදු සැමට ඒ ඒ සංස්කරණයන් වල  වැදගත් වන කරැණු කිහිපයක්.
Dolby Digital
Dolby Digital  සංස්කරණය සාමානයෙන් සමන්විත වන්නේ වෙන් වෙන්ව පවතින ශබ්ධ නාළිකා 6 කිනි. බෝහෝ දුරට විස්තාරණය කරන ලද ස්වරූපයේ දී යොදා ගන්නේ නාළිකා 5 කි. සාමාන්‍යයෙන් මෙම ස්පීකර්වල සංඛ්‍යාත පරාසය වනුයේ 20 Hz – 20,000 Hz වේ. ඒ නාළිකා 5 හේ පිහිටීම වන්නේ මැද, ඉදිරිපස දකුණ, ඉදිරිපස වම, පසුපස වම, පසුපස  දකුණ වේ. එමෙන්ම එක් නාලිකාවක් 20Hz -120Hz සංඛ්‍යාත පරාසයකින් යුත් වෙන් කරන ලද ශබ්ධයක් සපයයි. මෙය අපි හැමෝම මෙය හඳුන්වන්නේ subwoofer ලෙසයි. මෙමඟින් අඩු සංඛ්‍යාත ථලයන් මෙන්ම ත්‍රිමාන (stereo) සහ එක් නාලිකාවක ස්වරැපයෙන් (Mono - monophonic sound reproduction) ශබ්ධයන් ලබා දීමට උපකාරී වේ. මෙහි දී AC-3 (Dolby Digital ශබ්ධ කේතයකි) මඟින් නියැදි සංඛ්‍යාතය 48 kHz දක්වා උපකාරී වේ.
1998 දී ලේසර් තැටි වලට ගසන ලද  Clear and Present Danger සිනමා නිර්මාණයට Home-theater වල දී පළමු වරට Dolby Digital යොදා ගත්තේය.
මෙම ආකෘතිය හදුන්වන වෙනත් නම්
Dolby Digital
DD (බොහෝ විට නාලිනා සංයුක්තයකට නිදර්ශකයක් ලෙස, DD 2.0, DD 5.1)
AC-3
ATSC A/52 (ප්‍රමිති නමක්)
Dolby Digital EX
මෙම සංස්කරණය මඟින් වැඩි දියුණු කරනවා 5.1 නාලිකා වලින් ලබාදෙන ශබ්ද 6.1 හෝ 7.1 නාලිකා වලින් ලබාදෙන ශබ්දයට සමාන ලෙස. මෙම සංස්කරණය සමානයි  Dolby ආයතනය කලින් වැඩි දියුණු කරන ලද Pro-Logic ආකෘතියට (Pro-Logic බාහිර ශබිද පිළිබඳව Dolby ආයතනයෙන් වැඩි දියුණු කරන ලද  තාක්ෂණයකි.)

Dolby Digital Live
Dolby Digital Surround EX
මෙම තාක්ෂණය දියුණු කරන ලද්දේ  Dolby ආයතනය සහ Lucasfilm THX ආයතන මඟිනි. මෙය පළමු වරට යොදාගත්තේ 1999 මැයි වල දී තිරගත වු Star Wars Episode I: The Phantom Menace නිර්මාණයටයි.
Dolby Digital Live
Dolby Digital Live (DDL) යනු real-time කේතනය කරන ලද තාක්ෂණයකි. මෙය බොහෝ විට විඩියෝ ක්‍රිඩා වලට යොදා ගනී. මෙම තාක්ෂණය බොහෝ නිෂ්පාදකයන් නිර්මාණය කරන Sound card වල පවතී. මෙහි ක්‍රියාවලියට සම්බන්ධව තොරතුරැ බොහෝමයක් පවතී. ඒවා හැකි දිනක තවත් ලිපියකින් ඔබට ලබාදීමට බලාපොරෙත්තු වෙමි.
Dolby Digital Plus
E-AC-3 (Dolby Digital Plus) AC-3 මුලික කර ගනිමින් වැඩි දියුණු කරන ලද කේතන පද්ධතියකි. එමෙන්ම මෙමඟින්  6.144 Mbit/s bitrates දක්වා වැඩි දියුණු කරනවා. තවද මෙමඟින් නාලිකා 13.1 සංඛ්‍යාවකට උපකාරී විය හැක.
Dolby TrueHD
මෙම තාක්ෂණය උපකාරී වෙනවා  HD DVD එමෙන්ම Blu-ray Disc ‍වලට විකල්ප දෘඪංගයක් ලෙස. මෙය Dolby TrueHD 24-bit, 96 kHz සහය දක්වයි. එමෙන්ම 18Mbit/s bitrates  සහ නාලිකා 14 දක්වා සහ දක්වයි. (HD DVD and Blu-ray තැටි වලට සම්මත පවතින්නේ නාලිකා 8 පමණී)
නාළිකා සකස් කළ හැකි ආකාර
Mono (center only)
2-channel stereo (left + right), optionally carrying matrixed Dolby Surround
3-channel stereo (left, center, right)
2-channel stereo with mono surround (left, right, surround)
3-channel stereo with mono surround (left, center, right, surround)
4-channel quadraphonic (left, right, left surround, right surround)
5-channel surround (left, center, right, left surround, right surround)
නමුත් මීට වඩා  සංඛ්‍යාවකට ඉඩ දෙනවා නාලිකා සකස් කර ගැනීමට Dolby Digital විසින්.
මෙයට ආදාල වන Applications
Dolby Digital audio හුදෙක් යොදා ගන්නේ home cinema සහ DVD-video සහ ඩිජිටල් සන්නිවේදන මාධ්‍යයන්ටය. AC-3 කේතවල සමිමත වැඩිම 640 kbit/s, 35MM සිනමා පට වලට ස්ථාවර අගය 320 kbit/s වේ. නමුත් DVD-video වල 448 kbit/s ද HD DVD වල AC-3 448kbit/s Blu-ray Disc, the PlayStation 3 සහ Xbox game console වල පුළුවන් AC-3 සංඥා 640 kbit/s නිෂ්පාදනයක් එළීයට දෙන්න.
Dolby Digital Plus (DD-Plus) සහ TrueHD සහය දක්වනවා HD DVD වලට, පාලනය කරනු ලබන කේත ලෙස, ඒ වගේම Blu-ray තැටි වලට, විකල්ප කේත වශයෙන්.
එහෙනම් මම හිතනවා ඔයාලාට යම් හෝ දැනුමක් Dolby Digital ගැන ලැබුනා කියලා. මම හිතනවා ඔයාලා කොහේ හෝ Dolby Digital ලාංඡනය දැක්කෝත් එහි අර්ථය තරමක් හෝ තේරේවි කියලා.

Comments

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...