Skip to main content

බඩුවක් ?



සාමාන්‍ය යෙන් බඩුවක් යන වචනය අපි එදිනෙදා වස්තුන් හදුන්වා දීමට යොදා ගන්නවා නමුදු ඔබ වැඩිහිටියෙක් නම්
මේ වචනය භාවිතා වන්නේ කුමකටද යන්න ඔබ දන්නවා ඇති .ඇත්තටම මේ වචනය අපගේ නුතන අපභාෂාවට එකතු 
වුනේ කෙසේද ? ගැහැණියක් "බඩුවක්" ලෙසින් හැදින්වීමට ඇයි වර්තමාන පිරිමියා පෙළබුනේ ?

ඇත්තටම අතීතයේ අබිසරැ ලියන් හැදීන්වීමට මෙම බඩුව යන පදය භාවිත වනු දැකිය හැකියි . කොසේ හෝ මෙම වචනය එතැන්
සිට වඩා පුළුල් වපසරියක් දක්වා ව්‍යාප්ත වු අතර ඉන්පසුව එක් පිරිමියෙකුට වඩා පතනා ගැහැනිය බඩුව වශයෙන් එතැනින් සිය
එතැනින් සිය එක් ප්‍රේම සම්න්ධයකට වඩා වැඩි ගණනක් පැවැත්තු ගැහැනිය බඩුවක් ලෙසත් හැදීන්වීම ආරම්භ වුණි කෙසේ නමුත්
වර්තමානයේදී ඕනැම සමාජ මට්ටමකට ඕනැම කුලකයකට අයත් කාන්තාව හැදීන්වීම දක්වා පුළුල් අර්ථකථනයකට මෙම පදය පර්යාය වී
තිබේ .

ගැහැනියක් මෙසේ හැදින්වීමට පෙළබෙන පිරිමියාගේ දේශපාලනික වුවමනාකම් සහ මානසික තත්තව සම්බන්ධයෙන් කථාබහ කීරීම වටී.
බෝහෝවිට අභිසාරිකාවක සමගින් පිරිම්යෙක් පවත්වන අතිශයින්ම වාණිජ සේවා මුදල් ගනුදෙනුවක් වන ලිංගික සබඳතාවක් වන ලිංගික සබඳතාවයකඳී
සබඳතාවක දී ගැහැනිය බඩුව ලෙසින් හැදින්වීම ඇරබෙන්නට ඇති ද?

කෙසේ නමුත් ගැහැනියව අත්පත් කරගැනීමට නොහැකිව වීම සමගින් පිරිමියාගේ සිත තුළ ඇතිවන අපේක්ෂා භංගත්වය සහ හීනමානය ද
මෙම සන්දර්භය තුළ කථාබහට බඳුන් විය යුතුයි .උදාහරණයක් ලෙස දක්වන්නේ නමි බොහෝ ව්ට තමන්ට අයත් කරගැනීමට නොහැකි වෙනත් සමාජ
තලයක ජිවත් වන ගැහැනුන්ව බෝහෝ විට තවත් සමාජ තලයක පිරිමියෙකු විසින් බඩුවක් ලෙසින් හැදින්වීම දක්නට ලැබේ . බෝහෝ ව්ට සමාජයේ අන්තර්ජාතික
පාසලක ඉගෙනුම ලබන තරැණීයක නම් බඩුවක් තමයි යනුවෙන් වහරනු ලබන්නේ සමාජයේ සිදුවීමි ආශ්‍රය කොටගනිමින් ම නොවේ .එසේ නම්
බහුලිංගික සබඳතා පැවැත්වීම නගරයේ පමණක් නොව එසේ නම් බහුලිංගික සබඳතා පැවැත්වීම නගරයේ පමණක් නොව ගමේ ද සිදුවන අතර ,
නාගරියෙකු විසින් ගම්බද ගැහැනියක් පොදුවේ බඩුවක් ලෙසින් හැදීන්ව්ම දුර්ලභ කාරණාවක් වෙයි . එහිදී අන්තර්ජාතික පාසලක තරැණියක් හෝ
රාත්‍රී සාදයකට සහභාගී වන යුවතියක් එසේත් නැතිනම් මිනී ගවුමකින් සැරසුණු යුවතියක් බඩුවක් ලෙසින් හැදින්වෙන්නේ එම පිරිමියාගේ " ඇරියස් කවර්
කර ගැනීමක් " සහ අපේක්ෂා භංගත්වය වසා ගැනීමක් ලෙසිනි .

ජනප්‍රිය නිළියක නම් බඩුවක් ලෙසින් හැදින්වීමද එම කතිකාව තුළටම අයත් වුවත් එය මෑත සමාජයේ භාවිතාවක් නොව තෝමස් අල්වා එඩිසන් විසින්
චලන චිත්‍ර ආරම්භ කළ යුගයේ සිට පැවත එන සමාජ මතවාදයක් වෙයි . එහිදී සිදුවන්නේ සරලවම පිරිමියා විසින් ගැහැනියව සිදුවීමී කිහිපයක් අනුසාරයෙන්
තමන්ගේ ඇසින් බලා විනිශ්වයකට බඳුන් කීරීමයි .

මෑත කාලයේදී කාන්තාවක් ටැටු එකක් ගැහැවුවොත් ඇය බඩුවක් යැයි කියන පහත් තත්ත්වයට අද සමාජයේ පිරිමියා වැටී ඇත .
ඇයි කාන්තාවට ඒ තත්ත්වයට වැටී ඇත්තේ ඒ පිරිමි කම නිසා නොවේ ද?

අවසාන වශයෙන් කිව යුතු වන්නේ තමන් හා රොමාන්තික සම්බන්ධයෙන් හෝ ලිංගික සම්බන්ධතාවයක් පවත්වන ගැහැනියකට හෝ තමන්ට
කිසිදු සම්බන්ධයක් නැති ලෝකයේ ජිවත් වන තවත් ගැහැනියකට හෝ ගෞරවයෙන් සැළකීමට අපොහොසත් වන
පිරිමියා තුළ අනිවාර් යෙන්ම පෞරැෂත්ව ගැටලුවක් පවතින බවයි . මේ අනුව කාන්තාවට බඩුවක් කියන පුද්ගලයා අවසානයේ බඩුවක් බවට පත් වනු ඇත
. එසේම ඔබගේ පෙමිවතිය නැතිනම් බිරිද හැර අනිත් කාන්තාවන්ට බඩුවක් කියන පුද්ගලයා තම බිරිදට කිසිදු දිනක ඔබට ගැහැණියක් ලෙස ගෞරව නොකරන බවයි
ඔබ ඔහුගේ සමාජ, මානසික ,කායික පිරිමසන්නීයක් පමණී .

ඔබට ගැහැණියකට ගෞරවයෙන් සැළකීමට නොහැකි නමි ඇය කෙදිනක වත් ඔබට ගෞරවයෙන් සළකන්නේ ද නැත .

ස්තුතියි ඔබට .


උපුටාගැනිමක් එත් ඔබලාගේ දැනුම වෙනුවෙන් ලිවේ විනිවිද ලෝකය

Comments

Post a Comment

Popular posts from this blog

සහෝදර කම ....................

  'මගේ නිසදැස්' - අපේම සිතුවිලි අපටත් හොරා කල එළි දකින අපේම පිටුව.... http://www.facebook.com/magapoems .................................................................

Spider-Man: No Way Home (2021) HDTS 480p & 720p Sinhala subtitles

 Google Translate subtitles suitable for : Spider-Man.No.Way.Home.2021.720p.HDTS.x264 version. Download link subtitles  

A sad story...

"Nimali…" She turned back. I don't say that her beautiful garden under this Hantana site is a sadawat throughout Madala. But I loved her Siddevi look. "Ah...slow.." When she saw me, she laughed and threw a salah on the ground on Galaha Road. The blooming robe rose flowers must have been embarrassed by that smile. I smiled as I looked at the way many students were walking in the university. I remember something she told me one day. "I would like to come to the Peradeniya campus one day... Even if I have another campus in Sri Lanka, I will keep coming and going to the Peradeniya Faculty of Medicine." She loved Peradeniya immensely. I never asked why. After all, I am familiar with the city as I was born within sight of Ambullawawa on Gampola Road. She came to Kandy to do high school. Her life was spent among the concrete buildings of Colombo. After her father, who was a doctor, was appointed to the Kandy hospital, he had taken this lovely motherless daugh...